පුංචි ඇලෙක්ස් මරු තුරුලට ගත් කිරි ‌බෝතලය

පුංචි ඇලෙක්ස් මරු තුරුලට ගත් කිරි ‌බෝතලය

බෝතලෙන් කිරි දීමේ අවදානම පසක් කරමින් පුංචි ඇලෙක්ස් න‌ොඑන ගමන් ගියා.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

පුංචි  ඇලෙක්ස් බබාගේ  මරණය බෝතලෙන් කිරි පෙවීමේ අවදානම යලිත් අපිට මතක් කරනවා. 

දැනගන්න  කියවන්න.

ඔබේ දරුවාගේ බෝතලය ඔහුගේ මුවේ රදවා කිරි ලබා දීම අප කීදෙනෙක් කරනවාද? 

ඒත් මෙසේ සිදු කිරීමෙන් දරුවාට දැඩි අවදානමක් තියෙනවා. 

එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ හදිසි මරණ පරීක්ෂක ස්ටුවර්ට් ෆිෂර් විසින්  බෝතලයෙන් කිරි ලබාදීමේ අවදානම ගැන නව දෙමව්පියන්ට අනතුරු අඟවනවා.  

රැකබලා ගන්නන් විශේෂයෙන් ළදරුවන්ගේ මුඛයේ බෝතල් රඳවා කිරි පෙවීම ගැන සැලකිලිමත් විය යුතු බව ඔහු පෙන්වා දෙනවා.

2015 ඔක්තෝබර් 3 වන දින එක්සත් රාජධානියේදී මාස හතරක් වයසැති පුංචි  ඇලෙක්ස් මාස්ටර්ස් මියගොස් වසර දෙකකට පසුව ඔහුගේ තීන්දුව ඉදිරිපත් වුනා. 

ඇලෙක්ස් බබාගේ ඛේදජනක මරණය  බෝතලයකින් කිරි ලබාදීමේ අවදානමේ ප්‍රතිඵලයකි.

කුඩා ඇලෙක්ස්ගේ කැපකරු මව වු ක්ලෙයාර් සොයර් අසල සෝෆා මත  නිදා සිටි අතර කිරි ලබා දී තිබු දරුවා හුස්ම හිරවීමෙන් මියගිය බව වාර්තා වෙනවා.  

ආරම්භ කරන ලද විමසුමකදී, ඇලෙක්ස්ගේ මව වන ක්ලෝයි විසින්  මරණය පිළිබඳ කම්පා සහගත තොරතුරු කිහිපයක් අනාවරණය කලා.

සෝයර් විසින් දරුවා ඔහුගේ කාර් සීට් එක මත තබා තිබුනා. 

පසුව ඇය දරුවාට පෙවීමට බ්ලැන්කට්ටුවක රදවා කිරි බෝතලයක් මුවෙහි රැදවුවා. 

ඉන්පසු සෝයර් නින්දට වැටී තිබුණා.

ඇය අවදිවෙන විට, තොල් නිල් පැහැ වී තිබු දරුවා අසල පිහිටි රෝහල වෙත ගෙන ගිය බව වාර්තා වෙනවා. නමුත් ඒ පුංචි  දරුවාට ජීවත් වෙන්න වාසනාව තිබුනේ නැහැ.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව ඔහුගේ පෙණහලුවලින් කිරි පිරී තිබුනා.

මරණ පරීක්ෂණය අනුව ෆිෂරගේ් නිගමනය වූයේ කිසිම විටකදී දරුවාගේ මුවේ කිරි බෝතලය රඳවා දරුවා තනිකර නොයා යුතු බවයි. 

බෝතලයෙන් කිරි පෙවීමේ ලොකුම අවදානම එයයි.

දෙමව්පියන් ළදරුවන්ව කිරි බෝතල් මුවේ රඳවා තැබීමෙන් වළකින්න

"දෙමාපියන් හෝ රැකබලා ගන්නන් ළදරුවෙකුට  කිරි බෝතලය මුවට ලබා දෙන්නේ නම් ඔවුන් එයින් ඇස් ඉවතට නොගත යුතුයි,”  ෆිෂර් උපදෙස් දුන්නා. 

ළදරුවෙකු රැකබලා ගන්නා අතරතුර නිදාගැනීමේ අන්තරායන් ද ඔහු පෙන්වා දුන්නා.

මේ ළදරුවාගේ ශෝකයට පත් මවද කිරි බෝතලය මුවේ තැබීමේ අන්තරායන් ගැන කතා කළා.

“කිසිම විටෙක කිසිම හේතුවක් නිසා බෝතලය මුවේ තබන්න එපා."

පොප්සුගර් වාර්තා කළ පරිදි ක්ලෝයි ලින්කන්ෂයර් ලයිව් වෙත පැවසුවා.

 “ඔබේ දරුවාත් මේ තත්වයට පත් වෙන්න  පුළුවන් . 

මමත් මෙය සිදු කළා. ඒත් කිසි විටෙකත් මෙවැනි දෙයක් සිදු වේවි කියා සිතුවේ නැහැ.  

මම අධීක්ෂණය කරමින් සිටියා. නමුත් මිනිස්සුන්ට අවධානය නැතිවෙන්න පුළුවන්"

බෝතලයෙන් කිරි ලබාදීමේ විශාල  අවදානමක් නම්: මුවේ රඳවන කිරි බෝතල්

ඔබ ඔබේ දරුවා බෝතලයකින් කිරි ලබාදෙන විට බොහෝ අවදානම් ඇති බව සත්‍යයකි. 

කිරි බෝතලය මුවේ තබා කිරි පෙවීම ඉන් එක අනතුරකි.

කිරි බෝතලයක් මුවේ ටිකක් ආනතව තබා  එය බ්ලැන්කට්ටුවක්, සෙල්ලම් බඩුවක් හෝ කොට්ටයක් වැනි ඕනෑම දෙයක් රදවනවා. 

බොහෝ විට, එය  පුංචි ඇලෙක්ස්ට වුනා වගේ  මාරාන්තික හුස්ම හිරවීමේ අනතුරක් වෙන්නත් පුළුවන්.

එය පහසු යැයි පෙනෙන්නට තිබුණත් මෙසේ කිරි බෝතලය මුවේ තැබීමෙන් විශාල  අවදානමකට හේතු වෙනවා. 

ඒ මෙන්න මෙහෙමයි. 

alex

1.බෝතලෙන් කිරි ප‌ෙවී‌මේදී ඔබේ දරුවාට හුස්ම හිරවීමම

ඔබ ඔබේ දරුවාගේ මුවේ බෝතලය රැද වු විට,  කෙතරම් ඉක්මනින් හෝ සෙමින් පානය කළ හැකිද යන්න පිළිබඳ වු පාලනය ඔහුට නැති වෙනවා. 

මව්කිරි හෝ පිටිකිරි එකදිගටම ගලා යෑම  හුස්ම හිරවීමට හේතු වෙන්න පුළුවන්. 

විශේෂයෙන් ඔබේ දරුවාට පානය  කළ හැකි ප්‍රමාණයට වඩා වේගයෙන් පහලට  ගලා එන විට එය සිදුවෙනවා.

ඔබේ දරුවා හුස්ම ගන්නා විට වේගයෙන් ගලා යන දියර ඔබේ දරුවගේ නාස් මාර්ගය සහ  පෙණහලු අවහිර කිරීමට ඉඩ තියෙනවා.

2.පෙනහළු ගැටළු ඇතිවීම

 ළදරුවෙකු බෝතලයක් සමඟ ඇඳේ සිටී නම් (විශේෂයෙන් ඔහු නිදාගෙන සිටී නම්)  පෙණහලුවලට යන මාර්ගය වාතය ගමන් කිරීම සඳහා සම්පූර්ණයෙන්ම විවෘත වෙනවා.

 කුඩා ද්‍රව ප්‍රමාණයන් වායු මාර්ගය දිගේ පෙණහලුවල ගමන් කර එහි තැම්පත් වෙනවා.

මේ නිසා ඔබේ දරුවාට නියුමෝනියාව සහ අනෙකුත් පෙනහළු ගැටළු ඇති වෙන්න  පුළුවන් .

3.බෝතලෙන් කිරි ප‌ෙවී‌මේදී හුස්ම හිරවීම සහ හුස්ම ගැනීම  සීමා වීම

ඔබ බෝතලය මුවේ රැඳවීමට රුකුල් දීම භාවිතා කරන දේ මත පදනම්ව හුස්ම හිරවීමේ අවදානම වැඩි කරනවා.

 ඔබ මෘදු ඇඳ ඇතිරිලි, කොට්ට සහ මෘදු සෙල්ලම් බඩු හෝ බ්ලැන්කට් තොටිල්ල තුළ තැබුවහොත්,  SIDS ඇතිවීමේ අවදානම මෙන්ම හුස්ම හිරවීමද වැඩි කරනවා.

මෙම සියලු වස්තූන් එකිනෙකා හා මෙන්ම  දරුවා සමඟ පැටලීමේ අවස්ථා තියෙනවා.

4.මුල් අවධියේ දත් දිරායාම

කිරි බෝතලය මුවේ රඳවා තැබීම දත් දිරායාමට මුල් වෙන්න  පුළුවන් . 

ඇමරිකානු දන්ත වෛද්‍ය සංගමය පවසන පරිදි , “කිරි දත් වැඩිහිටි දත් සඳහා හකු තුළ ඉඩක් තබා ගන්නවා.” ඒ නිසා දත් දිරායාම හේතුවෙන් කිරි දතක් කලින් හැලුනොත්, ඒ අසල ඇති දත් හිස් අවකාශයකට තල්ලු වෙන්න  පුළුවන්. 

5.බෝතලෙන් කිරි ප‌ෙවී‌මේදී ඇති ‌ව‌ෙන කණ් ආසාදන

ඔබේ දරුවා උඩුකුරුව සමතලාව වැතිර සිටින විට, ඔහුගේ මුඛයේ පිටුපස දියර ප්‍රමාණයක්  එකතු වෙනවා. මෙම ද්‍රව දිගු කලක් එකතු වී පවතිනවා නම්, එය යුස්ටැචියානු නලවලද එකතු වෙනවා . 

මෙය කණ් ආසාදනය වීමට හේතු වෙන්න පුළුවන් . 

ඔබේ දරුවාගේ මුවේ කිරි බෝතලය රඳවා නින්දට යවන්න එපා යැයි ඕනෑම වෛද්‍යවරයෙක් ඔබට උපදෙස් දේවි.

 වරදින්න පුළුවන් බොහෝ දේ තියෙනවා. 

ඒ නිසා, ඔබේ දරුවා ආරක්ෂිතව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා එවැනි පුරුදු වලින් වැළකී සිටීම වඩාත් සුදුසුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.