theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මගේ බබාගේ කකුල් බකල් වගේ, මම ‌මොකද කරන්නේ?

5 අවම කියවීම
මගේ බබාගේ කකුල් බකල් වගේ, මම ‌මොකද කරන්නේ?මගේ බබාගේ කකුල් බකල් වගේ, මම ‌මොකද කරන්නේ?

බබාගේ කකුල බකල් වු පමණින් කලබල ‌වෙන්න එපා.

බබාගේ බකල් කකුල් අලුත් දෙමව්පියන් තුල ඇති කරන්නේ ලොකු කනස්සල්ලක්. නමුත් එය ඔබ හිතන තරම් නරක දෙයක් නොවෙයි. අපි එයට හේතුව බලමු.

මගේ දුවගේ වයස අවුරුදු පහහමාරයි. ඇය හරිම දගකාරයි. ඇය සෑම විටම මම දැක ඇති අනෙක් ළදරුවන්ට වඩා දැඩි ලෙස පයින් ගැසුවා. 

ඇයට මාස පහක් තරම් කුඩා වයසකදි පහසුවෙන් හැරෙන්න පුළුවන් වුනා.  ඇයට සහය ඇතුව සිටගෙන ඉන්න අවශ්‍ය වුනා.

මේ අපේ පළමු දරුවා වීම නිසා ඇයගේ උත්සාහයෙන් අපි බෙහෙවින් විනෝද වුනා. ඒ වගේම ඇයට අවශ්‍ය දේවල් කරන්න අපි ඇයට ඉඩදුන්නා.

නමුත්, ඇයගේ කකුල් බකල් වෙන බව අපි දුටුවා. මම මීට පෙර දරුවන්ගේ ‌මෙම තත්වය දැක තිබුනත්, අපි තරමක් කනස්සල්ලට පත්වුනා.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ වෙත දරුවා ඊලග වර ගෙන ගිය විට අපි එය පෙන්නුවා. වෛද්‍යවරයා අපිව තේරූම් ගත් අතර මෙම තත්වය ළදරුවන් තුළ බහුලව දක්නට ලැබෙන බව අපට පැහැදිලි කළා.

ළමුන් තුළ කකුල් බකල් ‌වීමට වඩාත් පොදු හේතුව වන්නේ ඔවුන් වර්ධනය වන ගර්භාෂයේ තද, සීමිත ඉඩකඩයි.

මගේ බබාගේ කකුල් බකල් වගේ, මම ‌මොකද කරන්නේ?

බබාට බකල් කකුල් ඇතිවීමට හේතුව 

මේ අම්මාගේ කතාවත් ඔබේ කතාවමද? සමහරවිට ඔබත් දරුවන්ගේ බකල් කකුල් ගැන කරදර වෙනවා ඇති නේද?

ඔබගේ කනස්සල්ල දුරු කිරීමට ‌මෙම තත්වය ඇතිවීමට හේතුව හා  ඒ සදහා කළ හැකි දේවල් අපට කීමට අවශ්‍ය වන්නේ අන්න ඒ නිසයි.

ගර්භාෂය තුල ළදරුවන් වැඩෙන විට, ඔවුන්ගේ කකුල් නැමී තියෙනවා. ඔවුන් උපත ලැබූ විට පවා මව්කුස සිටි අයුරින් සිටීමට කැමැත්තක් දක්වනවා. ඔවුන් ඔතා තබනවාට ප්‍රිය කරන්නේ එබැවිනි.

සංවර්ධනයේ ආරම්භක මාස කිහිපය තුළ, සිරුරේ බර දරා ගැනීම කකුල් නොකරන නිසා ‌මෙම තත්වය පැහැදිලිව දකින්න ලැබෙන්නේ නැහැ. අස්ථි වර්ධනය වෙමින් පවතින නමුත් ඒවා වැඩිහිටි අස්ථි වලට වඩා බෙහෙවින් වෙනස් වෙනවා.

වැඩිහිටි අස්ථි  වල කැල්සියම් තැන්පත් වෙනවා. මෙම ක්‍රියාවලිය  “ඔසීකරණය” ලෙස  වෛද්‍යවරු හදුන්වනු ලබනවා. වැඩෙන දරුවෙකුගේ අස්ථි සම්පූර්ණයෙන්ම ඒ තත්වයට පත් වී නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා වැඩිහිටියෙකුගේ අස්ථි තරම් දෘඩ නැහැ.

ඒ නිසා නිරන්තර පීඩනය හේතුවෙන් ඒවා බකල් වෙන්න පුළුවන්. නමුත් ඒවා යථා තත්වයට නැමෙන්න පුළුවන් බව ඔබ දන්නවාද?

ඒ නිසා දරුවා සිටන්නා විට, ඇවිදීන විට හා දුවන විට  හා එහි ප්‍රතිඵලයක් ලෙස බකල් කකුල් ඇතිවෙනවා. 

සාමාන්‍ය බකල් කකුල් තත්වය

  • කකුල් දෙකම බකල්- දණහිස් දෙකම සමාන
  • එක් කකුලක් අනෙක් කකුලට වඩා කෙටි ලෙස නොපෙනෙනවා
  • වයස අවුරුදු තුනෙන් පසු එය නැති වී යයි.

අනුගමනය කළ හැකි දේවල් 

මගේ බබාගේ කකුල් බකල් වගේ, මම ‌මොකද කරන්නේ?

වයස අවුරුදු තුනෙන් පසු කකුල්වල අස්ථි නිවැරදි වීමට පටන් ගන්නවා. එහිදි ‌මෙම තත්වය නැතිවී යනවා. ඒ වගේම එය දණ හිස් අනෙක් අතට වක්වෙන දණ එකට ගැටෙන තත්වද ‌මෙසේ ‌වෙයි.

මෙය වයස අවුරුදු තුනත් පහත් අතර බහුලව දක්නට ලැබෙනවා. මෙයත් කායික විද්‍යාත්මක වර්ධනයේ සාමන්‍ය තත්වයක් වෙනවා. දණ එකට ගැටෙන තත්වය වෛද්‍ය විද්‍යාත්මකව  genu valgum ලෙස හැඳින්වෙනවා. වයස අවුරුදු අට වන විට මෙම තත්වය නැතිවී යයි.

බකල් කකුල් සාමාන්‍ය නොවන අවස්ථා

බොහෝ අවස්ථාවන්හීදී, ළමුන් තුළ බකල් කකුල් ඇතිවීම  භෞතික විද්‍යාත්මක වන නමුත් සමහර අවස්ථා වල යම්කිසි සැගවුන ශාරිරික තත්වයක් නිසාත් මෙය ඇතිවෙන්න පුළුවන්.

ළමුන් තුළ බකල් කකුල් ඇති කරන වඩාත් හේතුවන රෝග තත්වයන් වන්නේ රිකට්ස් සහ බ්ලූන්ට් රෝගයයි.

බ්ලූන්ට් රෝගය (Blount’s Disease)

shin (tibia) අස්ථි තහඩුවේ  වර්ධන අසාමාන්‍යතාවයක් හේතුවෙන් මෙය ඇතිවෙනවා. හේතුව හදුනාගෙන නොමැති අතර එයට ජානමය හේතු කිහිපයක් තියෙන්න පුළුවන්.

එයට ළමා තරබාරුකම හා කලින් ඇවිදීම සමඟ සම්බන්ධයත් තියෙනවා. එය එක් පාදයක හෝ පාද දෙකෙහිම ඇතිවිය හැකි අතර එය පාරම්පරිකව පැමිණිය හැකි වෙනවා.

වයස අවුරුදු තුනට පෙර, සාමාන්‍ය ජානමය බකල් කකුල් සහ බ්ලවුන්ට් රෝගය අතර වෙනස හඳුනාගන්න අසීරුයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

එබැවින් වයස අවුරුදු තුන හතරකට පසුව බකල් කකුල්  දිගටම පවතින්නේ නම්, ඔබ අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

රිකට්(Rickets)

විටමින් D ඌණතාවය  නිසා රිකේට් ඇතිවෙනවා. අප දිනකට අවශ්‍ය විටමින් D ප්‍රමාණය  ලබා ගන්නේ හිරු එළියට ප්‍රමාණවත් ලෙස නිරාවරණය වීමෙනි.

කැල්සියම් පරිවෘත්තීය ක්‍රියාවලියට විටමින් D අත්‍යවශ්‍ය වන අතර එය අස්ථි හා දත් වල කැල්සියම් තැන්පත් කිරීමට උපකාරී වෙනවා.

එබැවින් කැල්සියම් තැම්පත් වීම  හොද මට්ටමක නොමැති නම් අස්ථි නැවෙන්න පුළුවන් බව දැන් ඔබට වටහා ගන්න පුළුවන් නේද?

රිකේට් සඳහා විවිධ හේතු ඇති අතර, එය මව්කිරි බොන ළදරුවන් තුළ බහුලව දක්නට ලැබෙනවා. 

ඒ වගේම එය පහත ලක්ෂණ ඇති ළමුන් තුලත් දකින්න පුළුවන්.

  • අඳුරු සමක් ඇති
  • සූර්යාලෝකයට අඩුවෙන් නිරාවරණය වෙන
  • විටමින් ඩී නිෂ්පාදනයට බලපාන ජානමය හේතු ඇති
  • විටමින් ඩී පරිවෘත්තීය ක්‍රියාවලියට බාධා කරන සෙලියාක් රෝග වැළදි ඇති

රිකට්ස් හා සම්බන්ධ එකම රෝග ලක්ෂණය මෙය නොවන අතර බකල් කකුල්  ඇතිවන්නේ රිකට් නිසා නම් එය කාලයත් සමග හදුනාගන්න පුළුවන්. 

බකල් කකුල්  සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවස්ථා

මගේ බබාගේ කකුල් බකල් වගේ, මම ‌මොකද කරන්නේ?

ඔබේ දරුවාගේ අක්‍රමවත් දෙයක් ඇතී නම් එය අලුත් දෙමාපියෙකු තුල බිය උපදවයි. බකල් කකුල් ඇතිවීම තරමක් තැතිගන්වන සුළු වෙන්න පුළුවන්. ඔබේ දරුවා වැඩෙන විට කකුල් බකල් ‌නොවීම  සදහා, ඔබ ඔබේ දරුවා ඉක්මනින් ඇවිද්දවීමට උත්සහ කරන්න එපා. මීට අමතරව පහත කරුණු ගැන සැලකිලිමත් වෙන්න. 

  • දරුවාට ප්‍රමාණවත් විටමින් D ලබා දීමට එළිමහන් කාලය සහ හොඳ ආහාර වේලක් ලබා දෙන්න.
  • විශේෂයෙන් ඔබ නාගරිකව ජීවත් වන්නේ නම් පෝෂණ අතිරේක ලබා දෙන්න.
  • බර වැඩි දරුවන්ට දණහිසේ ගැටලු ඇති විය හැකි බැවින් ඔහුට වැඩිපුර ව්‍යායාම ලබා දෙන්න.
  • සැලකිලිමත් විය යුතු ලක්ෂණ ගැන කල්පනාකාරි  වෙන්න. (පහතින් දක්වා ඇත)
  • සාමන්‍ය බකල් කකුල් සදහා ඔබේ දරුවාට විශේෂ පාවහන් හෝ වෙනත් විශේෂ සත්කාර අවශ්‍ය නොවේ.

සැලකිලිමත් විය යුතු ලක්ෂණ

  • බකල් බව තරමක් වැඩි නම් සහ එය ඇවිදීමට බාධා කරයි නම්
  • එය වයස අවුරුදු තුනට පසුත් පවතියි නම්
  • දරුවාට ඇවිදිමට අපහසු නම් හෝ  වේදනාවෙන් සිටී නම්
  • බලපෑමට ලක්ව ඇත්තේ එක් කකුලක් පමණක් නම්
  • දරුවා ඔහුගේ වයසට ඉතා කුඩා ලෙස පෙනේ නම්

ඔබ මෙම සැලකිලිමත් විය යුතු ලක්ෂණ නිරීක්ෂණය නොකරන්නේ නම්, ඔබේ දරුවා බකල් කකුල් සමගම වර්ධනය වී එය දිගටම  පවතියි. ඔබ සැලකිලිමත් වන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • මගේ බබාගේ කකුල් බකල් වගේ, මම ‌මොකද කරන්නේ?
බෙදාගන්න :
  • හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

    හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

  • බබාගේ කක්කි වල පාට කියන දේවල්

    බබාගේ කක්කි වල පාට කියන දේවල්

  • හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

    හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

  • බබාගේ කක්කි වල පාට කියන දේවල්

    බබාගේ කක්කි වල පාට කියන දේවල්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it