theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සතියකට වරක් මේ ආහාරය ගැනීමෙන් දරුවා බුද්ධිමත් වේ

3 අවම කියවීම
සතියකට වරක් මේ ආහාරය ගැනීමෙන් දරුවා බුද්ධිමත් වේසතියකට වරක් මේ ආහාරය ගැනීමෙන් දරුවා බුද්ධිමත් වේ

දරුවාගේ මොළය වර්ධනය කරන මේ අරුම පුදුම ආහාරය අඩුම තරමින් සතියකට වරක් දරුවන්ට ලබා දුන්නොත්  ඔවුන් බුද්ධිමත් වන අතර හොද නින්දක් ලැබෙන  බව අධ්‍යයනයක් පෙන්වා දෙයි.

ඔබ සතිපතා ගේදොර  බඩු ලැයිස්තුව සකස් කිරීමට සූදානම් වන විට ඔබට මස් මිලදී ගැනීම අඩු කර දරුවාගේ මොළය වර්ධනය වැඩි කරන මෙම අරුම පුදුම  ආහාරය වැඩි වශයෙන් මිලදී ගැනීමට අවශ්‍ය වනු ඇත.

Scientific Reports සඟරාවේ ප්‍රකාශයට පත් වුන නව අධ්‍යයනයකින් කියවෙන්නේ  සතියකට වරක්වත් මාළු අනුභව කරන ළමයින්ට ඉහළ බුද්ධියක් ඇති බවයි.

දරුවාගේ උස

දරුවාගේ මොළය වර්ධනය ට මාළු දෙන්න!

චීනයේ දරුවන් 500 කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කර පර්යේෂකයන් පෙන්වා දුන්නේ මාළු ආහාරයට ගැනීමෙන් දරුවන්ගේ බුද්ධිය වැඩි වෙනවා පමණක් නොව, ඔවුන්ට සුව නින්දක් ලැබීමට උපකාරී වන බවයි.

දරුවන්ගේ දෙමාපියන් සමඟ සම්මුඛ සාකච්ඡා පදනම් කරගෙන වයස අවුරුදු 9 ත් 11 ත්  අතර වයසේ ළමයින්ගේ නින්ද පිලිබඳ ගැටළු අඩු වුයේ කෙසේද යන්න ඔවුන් සටහන් කර ගන්නා ලදී.

මෙම දරුවන්ට වයස අවුරුදු 12 වන විට විට IQ ලකුණු ඉහළ මට්ටමක් ලබා ගන්නා ලදී . සෑමවිටම මාළු ආහාරයට ගත් බව පැවසුවන් සමහර විට මාළු  ආහාරයට ගත් බව කියන්නන්ට වඩා 4.8 වඩා වැඩියෙන් ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා ලදී.

මාළු දිගු කලක් තිස්සේ මොළය වර්ධනය කරන ආහාරයක් ලෙස ප්‍රකට අතර  මෙම අධ්‍යයනය තවදුරටත් මෙම ප්‍රකාශය සවිමත් කර  තිබේ.

කෙසේ වෙතත්,  ළමයාගේ බුද්ධිය  සදහා අනෙක් සාධක සැලකීමේදී එය එතරම් වැදගත් නැහැ . මේ සඳහා දරුවන් රැකබලා ගැනීමේ රටාව, නිවසේ පරිසරය, පාසැල් ක්‍රියාකාරකම්  සහ සමස්ත ආහාර වේල ඇතුළත් වේ.

මාළු ආහාරයට ගැනීමෙන් මොළයේ ප්‍රතිලාභ වැඩිදියුණු කිරීම ගැන  වැඩිදුර පර්යේෂණ අවශ්‍ය  වුවද, මව්වරුන්ට  සහ පියවරුන්ට  සිය දරුවාගේ බුද්ධිය වැඩිදියුණු කිරීමට බලය ඇති බව දැනගැනීමත් දිරිගන්වනවා.

සතියකට වරක් මේ ආහාරය ගැනීමෙන් දරුවා බුද්ධිමත් වේ

දරුවාගේ මොළය වර්ධනය සදහා ආහාර: දෙමාපියන් සඳහා මාර්ගෝපදේශ

මාළු ප්‍රෝටීන් හා "සෞඛ්ය සම්පන්න" මේද සහිත ආහාරයකි.

කුඩා දරුවන්ට මාළු තෝරා ගැනීමේදී, මෙයත්  මතක තබා ගන්න. සමහර  මාළු වල ඔමෙගා 3 ඉහළ මට්ටමක තිබුනා වුනත්, අනෙක් මාළු වල අධි රසදිය අන්තර්ගත විය හැකිය. ඒ මගින් කුඩා දරුවන්ගේ මොළයට හා ස්නායු වලට හානි සිදු විය හැකිය.

අධික රසදිය අඩංගු මාළු වර්ග ලබාදීම පිලිබඳ  එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) අනතුරු අඟවයි.

කිරි මාළු

ආහාර වට්ටෝරු

ඔබේ දරුවාට වයස මාස හයක පමණ වන විට, ඔවුන්ට ඝන ආහාර හදුන්වා දිය හැකිය.

එයට පොඩි කර ගත් මාළු ඇතුලත් කරන්න.  එහෙත්, ඔබ මුලින්ම සමහර මාළු ඔවුන්ට අසාත්මිකතාවයක් නොමැති බවට වග බලා ගන්න.

ඒ වගේම සිර වීමට ඉඩ ඇති බැවින් මාළුන්ගේ ඇටකටු පරිස්සමෙන් පරික්ෂා කරන්න.

ඔබට මාළු රසවත්ව හැදිය හැකි ක්‍රම

කිරි මාළු

මාළු ඇඹුල් තියල්

මාළු ඩෙවල්

මාළු බැදලා

මාළු කට්ලට්

මාළු රෝල්ස්

මාළු සැන්විච්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබත් දන්නා මාළු ආහාර වට්ටෝරු තිබේ නම් පහලින් සටහනක් යොදන්න.

මොළය වඩන මේ ආහාර ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ the Asianparent Sri Lanka විසිනි.

කියවන්න: මේ කෑම වර්ග ඔබේ දරුවාගේ මොළය දුර්වල කරයි

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • සතියකට වරක් මේ ආහාරය ගැනීමෙන් දරුවා බුද්ධිමත් වේ
බෙදාගන්න :
  • මොළයේ නිරෝගී වර්ධනය සඳහා ජිවිතයේ පළමු දින 1000 තුල ලැබෙන පෝෂණය වැදගත්

    මොළයේ නිරෝගී වර්ධනය සඳහා ජිවිතයේ පළමු දින 1000 තුල ලැබෙන පෝෂණය වැදගත්

  • කුස තුල සිටින දරුවාගේ මොලයේ වර්ධනය සදහා අම්මාට කල හැකි දේ

    කුස තුල සිටින දරුවාගේ මොලයේ වර්ධනය සදහා අම්මාට කල හැකි දේ

  • මොළයේ නිරෝගී වර්ධනය සඳහා ජිවිතයේ පළමු දින 1000 තුල ලැබෙන පෝෂණය වැදගත්

    මොළයේ නිරෝගී වර්ධනය සඳහා ජිවිතයේ පළමු දින 1000 තුල ලැබෙන පෝෂණය වැදගත්

  • කුස තුල සිටින දරුවාගේ මොලයේ වර්ධනය සදහා අම්මාට කල හැකි දේ

    කුස තුල සිටින දරුවාගේ මොලයේ වර්ධනය සදහා අම්මාට කල හැකි දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it