theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව්කිරි දොවා ගැනීමේදී හා අසුරා තිබීමේදී සිදු වන අත්වැරදි

4 අවම කියවීම
මව්කිරි දොවා ගැනීමේදී හා අසුරා තිබීමේදී සිදු වන අත්වැරදිමව්කිරි දොවා ගැනීමේදී හා අසුරා තිබීමේදී සිදු වන අත්වැරදි

මව්කිරි දොවා අසුරා තැබීමේදී අනුගමනය කරන වැරදි පිළිවෙත් නිසා කිරි නරක වී දරුවාට බොහෝ අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව ඔබ දැන සිටියාද? ඔබ නොදැනුවත්වම දරුවා අනතුරට පත් විය හැකි ආකාර ගැන දැනගැනීම සඳහා කියවන්න.

රන් වටිනා මව්කිරි දරුවෙකුට කෙතරම් ගුණදායකදැයි කියාත් දරුවකුට එය කෙතරම් වටිනවාද කියාත් අපි දන්නවා. අප නොදන්නා කාරණය වන්නේ මව්කිරි දොවා ගැනීම හා තැන්පත් කිරීමේදී නොදැනුවත්වම සිදු කරන අත්වැරදි නිසා එම මව්කිරි නරක් වී දරුවාගේ සෞඛ්‍යයට විශාල හානියක් ඇති වීමට පුළුවන්.

දරුවා ඔබෙන් මව්කිරි උරා බොනවා නම් මෙසේ නරක් වීමක් කිසි සේත්ම සිදුවන්නේ නැහැ. නමුත් අද කාලයේ කාර්යබහුලතාවය නිසා මව්වරුන් බොහොමයක්, විශේෂයෙන්ම රැකියාවක් කරන මව්වරුන්, දරුවාට මව්කිරි දොවා ගැනීම කෙරෙහි පෙළඹෙනවා. එය බොහෝ විට ශීතකරණයේ කොට දවස පුරා දරුවට පෙවීමට සැලසුම් කරනවා.

කෙසේ වෙතත්, ඔබ කෙතරම් කාර්යබහුල වුවත් ඉතාමත්ම සුපරික්ෂාකාරීව, කෙටි ක්‍රම නැතිව කළ යුතු දෙයක් තමා දොවාගත් මව් කිරි නිසි ආකාරයෙන් තැන්පත් කිරීම. එසේ නොකළහොත් මව්කිරි වලට ඇතුළු විය හැකි ක්ෂුද්‍රජිවින් නිසා බිලිඳාගේ සෞක්‍යයට ඉතාමත්ම අහිතකර බලපෑම් ඇති වන්නට පුළුවන්.

ඉතින් මව්කිරි දොවා ගැනීම හා තැන්පත් කිරීමේදී ඔබ දැනගත යුතු කරුණු මොනවාද?

1. තෙතමනය

අහාර ද්‍රව්‍ය ක්ෂුද්‍රජීවී ප්‍රහාර වලට ප්‍රධානතම හේතුවක් වන්නේ තෙතමනයයි. අප බොහෝ විට වාතයේ ඇති ක්ෂුද්‍රජිවින් පීබංදව දැනුවත් වුවත්, සැලකිලිමත් වුවත්, භාජනය ඇතුලත සිටිය හැකි ක්ෂිද්‍ර ජීවින් පිළිබඳව එතරම් දැනුවත් නැහැ.

යන්තම් හෝ තෙතමනයක්  ඇති ස්ථාන ක්ෂුද්‍රජීවී වර්ධනයට බෙහෙවින් රුකුල් දෙන බව අප සිහි තබාගත යුතුයි. බොහෝ විට මව්කිරි තැන්පත් කරන භාජන ඉතාම හොඳින් සෝදා ගන්නා මුත් ඒවා සම්පුර්ණයෙන්ම වියලා ගැනීම මග හැරෙනවා. භාජනයක් මැනවින් සෝදාගත් පමණින් එය හොඳින් පිරිසිඳු වන බවට ආකල්පයක් පවතින නිසාය.

සේදූ බඳුනක් තෙත නම්, බඳුනේ ඉතිරිව ඇති ජලයේ බැක්ටීරියා ක්‍රියාකාරිත්වයක් සිදු විය හැකි අතර එය මව්කිරි නරක වීමට හේතුකාරක විය හැක.

ඉතින්, මවිකිරි පුරවන බඳුන් පිරිසිඳු කිරීමේදී ඔබ අනුගමනය කල යුතු පියවර දෙක නම්,

1) උණුසුම් ජලයෙන් සබන් දමා බඳුන සෝදන්න.

2) අති පිරිසිඳු තුවායක් හෝ කඩදාසි නැප්කින් එකක් ආධාරයෙන් භාජනය ඉතා හොඳින් පිසදා වියළා ගන්න.

ඔබ සිහිතබා ගත යුතු කරුණක් නම් බඳුනක් සෝදා ටැප් එක අසල වියලෙන්නට හරින්නට එපා. අවට ඇති බඳුන් හෝ කෙනෙක් අත සේදීමේදී විසි වන වතුර නිසා ආදිය මෙයට ක්ෂුද්‍රජිවින් ඇතුළු විය හැකි බැවිනි.

කිසි විටෙකත් මව්කිරි පුරවන බඳුන් වතුරේ පෙඟෙන්නට තබන්න එපා!

2. මව්කිරි දොවා ගැනීම: ප්ලාස්ටික් බෑග් ඉරෙන්නට පුළුවන්

රැකියාවට යන මව්වරුන් බොහොමයක් ප්ලාස්ටික් සීල් බෑග් තුළ කිරි අසිරිමටද හුරු වී සිටිනවා. මෙවායේ පාවිච්චිය පහසු වුවද, පහසුවෙන් ඉරෙන්නට, හිල් වන්නට පුඋවන් නිසා බැක්ටීරියා ඇතුළු වීමේ වැඩි අවධානමක් තිබෙනවා.

මෙම බෑග් පාවිච්චි කරන්නේ නම්, මව්කිරි බහාලීමට පමණක් නිපදවූ බෑග් පාවිච්චි කිරීම වැදගත්. මේවා BPA සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය වලින් තොරව නිපදවා ඇති නිසා දරුවාගේ සෞඛ්‍යයට අහිතකර නැහැ. මේවා අවට පිහි කතුරු වැනි මුවහත් උපාංග නැති බවට වග බලා ගැනීම ඉතාමත්ම වැදගත්.

මේවාට ආදේශකයක් වන්නේ හොඳින් වාසිය හැකි වීදුරු බහාලුම්. අධිශිතකරණයට සුදුසු උෂ්ණත්ව විපර්යාස වලට ඔරොත්තු දෙන වර්ගයේ විදුරු භාජන වෙළඳපලේ ඇති අතර වීදුරු බඳුන් ප්ලාස්ටික් බඳුන් වලට වඩා ආරක්ෂාකාරී බව ඔබ දැන සිටියේ නැහැ නේද?

3. අමු අහාර

ඔබ කෙතරම් කාර්යබහුලද කියා අපි හොඳ හැටි දනිමු. ලහි ලහියේ කිරි දොවා හනික ශීතකරණයේ අසුරන්නේ එම බඳුන අසල ඇත්තේ මොනවාදැයි නිනව්වක් නැතිව.

කොයි ලෙසකින් හෝ මෙම මව්කිරි අමු අහාර හෝ අමු මස් වර්ගයක් ආසන්නයේ තැබුවහොත් විෂකර බැක්ටීරියා ඇතුල්  වීමේ අවධානම ඉහ්ටමත්ම වැඩි බව ඔබේ දැනුවත් විය යුතුයි.

මේ නිසා ඔබ කෙතරම් කාර්යබහුල වුවත් මව්කිරි බඳුන ඇසක් හෝ උඩින් අමු අහාර නොමැත බවට වග බලාගන්න. මෙයට යම් කාලයක් වය විය හැකි මුත් ජිවිතයක් රක ගැනීමට ඉවහල් වන කරුණක් නිසා කල්පනාකාරී වන්න.

4. අත් සෝදන්න

ඔබේ පරිඝනක අකුරු පුවරුවේ, කාර්යාල මේසයේ ආදිය ඇති බැක්ටීරියා ප්‍රමාණය කෙතරම්ද යයි කියන්නට මට වචන නැහැ. මේ නිසා ඔබේ දෑත් ඉතා හොඳින් සේදීම හැම විටම  අතිශයින්ම වැදගත්.

5. මව්කිරි දොවා ගැනීම: මව්කිරි අධිශීත කොට මව්කිරි අයිස් කැට සෑදීම

මව්වරුන් ඇතැම් විට උවමනාවටත් වඩා නිර්මාණශීලි වනවා. ඔව් අයි මව්කිරි අයිස් කැට සදා අවශ්‍ය විට දියකර ගැනීම කෙතරම් අගනේදැයි ඔබට හිතෙන්නට පුළුවන්.

නමුත් අධි ශීතකරණය යනු අමු මස් බහුලම ස්ථානයයි. එමෙන්ම අධි ශීතකරණය කිරීමේදී මව්කිරි වල ඇති ප්‍රතිදේහ විනාශ විය හැකි අතර ඇතැම් විටමින් වර්ග වල ක්‍රියාකාරිත්වයත් අඩපන වනවා. මේ නිසා නිරාවරනය වූ අයිස් බන්දේසි වල මව්කිරි අයිස් කට සැදීම කිසි සේත්ම සුදුසු ක්‍රියාවක් නොවේ.

ඉහත ක්‍රියාකාරකම් නිසා මව්කිරි පහසුවෙන් බැක්ටීරියා අසාදන වලට ලක් විය හැකි ආකාර ගැන  දැන් ඔබට පැහැදිලි යයි විශ්වාස කරනවා.

මේ අතර මව්කිරි දිගු කාලීනව තැන්පත් කර තැබීම කිසි සේත්ම නොකළ යුත්තේ එයින් පැය 24ක් යද්දී පවා මව්කිරි වල C විටමින් ඌන වන අතර දරුවාගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වන සෛල ප්‍රමාණයද අඩු වන බැවිනි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මව්කිරි දෙවීම හා ගබඩාව
  • /
  • මව්කිරි දොවා ගැනීමේදී හා අසුරා තිබීමේදී සිදු වන අත්වැරදි
බෙදාගන්න :
  • මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

    මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

  • මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?

    මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?

  • මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

    මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

  • මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?

    මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it