කිරිදෙන අම්මලා මේ රූපලාවන්‍ය සත්කාර ලබාගන්නවා නම් දෙවරක් සිතන්න

lead image

හැම රූපලාවන්‍ය සත්කාරයක්ම කිරිදෙන අම්මලාට හොඳ නැද්ද? නැහැ. එහෙම නැහැ. එහෙම නුසුදුසු දේවල් ගැන දැනුවත් වෙමු.

හුඟක් වෙලාවට දරුවෙකු කුසේ වැඩෙන කොට අම්මලා කන කෑම බීම වලට අමතරව අඳින පළඳින දේවල් වගේම ආලේපන, සුවඳ විලවුන් හා රූපලාවන්‍ය සත්කාර ගැනත් හුඟක් හිතනවා. ඒ ගැන තොරතුරු හුඟක් ලැබෙනවා.

නමුත් දරු ප්‍රසුතියෙන් පසු මව්කිරි වලට මේ දේවල් බලපාන හැටි ගැන හුඟක් දෙනා දැනුවත් නැහැ. නමුත් කිරිදෙන අම්මලා ඒ ගැන දැනුවත් වීම ඉතා වැදගත් වන්නේ ඒවායේ බලපෑම මව්කිරි වලට ඇති නිසයි.

මන්ද මව විසින් ආලේප කරන ආලේපන ඉතා අංශුවක ප්‍රමාණය වුනත් රුධිර සංසරණයට එක්වීම හා ඒවා මව්කිරි වලට ඇතුල්වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ ගැන දැනුවත් වීම ඉතා වැදගත්.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/02/acne featured.jpg කිරිදෙන අම්මලා මේ රූපලාවන්‍ය සත්කාර ලබාගන්නවා නම් දෙවරක් සිතන්න

කිරිදෙන අම්මලා මේ රූපලාවන්‍ය සත්කාර ලබාගන්නවා නම් දෙවරක් සිතන්න

කුරුලෑ ප්‍රතිකර්ම

වෙළඳපළේ ඕනෑතරම් කුරුලෑ සඳහා ගල්වන ආලේපන ඇති නිසා කුමක් තෝරා ගතයුතු දැයි සිතීම පවා අපහසුයි.

නමුත් වාසනාවකට වෙළඳපළේ ඇති බොහොමයක් කුරුලෑ සඳහා වන ප්‍රතිකාර වල කිරිදෙන මව්වරුන් සඳහා සුදුසු බව සඳහන් වෙනවා. මෙම බොහෝ ආලේපන සඳහා එකම අමුද්‍රව්‍ය යොදාගැනෙන අතර නිෂ්පාදන තෝරා ගැනීමේදී මව්කිරි දෙන මව්වරුන්ට ඉතාම ආරක්‍ෂිත නිෂ්පාදනයක් තෝරා ගැනීම ඉතා වැදගත්.

මේ සඳහා බහුලව හාවිතා කරන අමුද්‍රව්‍ය හතරක් ගැන ළදරු අවධානම් මධ්‍යස්ථානයේ ටෙක්සාස් ටෙක් සරසවියේ සෞක්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ වෛද්‍ය ජේම්ස් අබේ එම අමුද්‍රව්‍ය ගැන අදහස් දක්වන අතර ඒ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්.

බෙන්සොයිල් පෙරෝක්සයිඩ් (benzoyl peroxide)

මෙය අසාදන රතුවීම් වළකන බෙහෙත් වර්ගයක්. බොහෝ කුරුලෑ නාශක ප්‍රතිකාර වල අන්තර්ගත වෙන නිසා කුරුලෑ සඳහා මෙය ප්‍රතිකාරයක් වෙනවා. ඒ වගේම මේවා දරුණු කුරුලෑ තත්ව නිර්දේශ කරනවා.

මේ පිළිබඳ කළ අධ්‍යන සීමිත වුවත් වෛද්‍ය අබේ ඒවායේ ඇති සියුම් පටක වල ඇති එන්සයිම මගින් පෙරොක්සයිඩ් කොටස් කඩා දමන අතර සමට උරාගන්නා ක්‍රමයන් විනාශකර දමන බව පවසනවා. මෙම අමුද්‍රව්‍ය කිරිදෙන මව්වරුන්ට දිය හැකි ආරක්ෂිතම ක්‍රමයක් බව සඳහන් වෙනවා.

සැලිසිලික් ඇසිඩ් (0.5 සිට 2%) (salicylic acid)

වෛද්‍ය ප්‍රතිකාර හා මව්කිරි අතර සම්බන්ධය ගැන එතරම් පර්යේෂණ සිදුවී නැතත් පර්යේෂණ වලට අනුව 25% ක් පමණ ඖෂධ ශරීරයේ ලේ වලට උරා ගන්නා බව පැවසෙනවා. ඒ වගේම ඊට සමාන අනෙකුත් බෙහෙත් වර්ග මගින්ද මව්කිරි වලට සම්බන්ධ විය හැකි බව පැවසෙනවා. එම නිසා මව් කිරි දෙනවා නම් සැලිසිලික් අඩංගු ඖෂධ හෝ ආලේපන ලබා නොගැනීම හිතකර වෙනවා.

ලැක්ටික් ඇසිඩ් සහ ග්ලයිකොලින් ඇසිඩ් (lactic acid, glycolic acid)

සමේ ඇති වන කැළැල් මකා දැමීමට මෙම ද්‍රව්‍ය රූපලාවන්‍ය ආලේපන සඳහා යොදාගන්නා මෙම සංඝටක දෙකම 50% ක් පමණ ශරීරයට උරා ගන්නා බව අබේ පවසනවා. නමුත් මෙම සංඝටකයන් ශරීරයට ඇතුල්වීම හානිකර නොවන බවත් එවැනි සංඝටක මිශ්‍රිත ආලේප ආලේපනයෙන් පසු මව්කිරි දීම හානිකර නොවන බවද ඔහු පවසනවා. මෙම සංඝටක ඇතුලත් නිෂ්පාදන සම ඉවත්වන රූපලාවන්‍ය ආලේපන ලෙස නම්කර තිබෙනවා.

ටී ට්‍රි ඔයිල් (tea tree oil)

මෙය ස්වභාවික අමුද්‍රව්‍යයක් වන අතර තේ ගසේ පත්‍ර වලින් ලබා ගැනෙනවා. කිසිදු පර්යේෂණයක ටී ට්‍රි ඔයිල් අඩංගු නිෂ්පාදන නුසුදුසු යැයි වාර්තා වී නැතත් සමහර පරීක්ෂණ වලින් ළදරුවන්ගේ ශරීරයේ මේ ටී ට්‍රි ඔයිල් හි අඩංගු ටෝක්සින් ගුණයන් ඇතුල්වී තිබුණු බව පර්යේෂණ මගින් පහදා තියෙනවා.

src=https://sg.theasianparent.com/wp content/uploads/2015/12/nail polish featured.jpg කිරිදෙන අම්මලා මේ රූපලාවන්‍ය සත්කාර ලබාගන්නවා නම් දෙවරක් සිතන්න

නිය රැක ගැනීම

නැවතත් මේ පිළිබඳව තහවුරු වූ විද්‍යාත්මක ප්‍රතිඵල නැතත් මව් කිරි දෙන මව්වරුන් අත් වල නිය හා දෙපා වල නිය සත්කාර කිරීමේ වරදක් නොවන බව වෛද්‍ය අබේ පවසනවා. නමුත් අපි ආරක්ෂාව පිණිස නිය ආලේපන තෝරා ගැනීමේදී ෆෝමල්ඩිහයිඩ්, කැම්පර්, ඩිබියුට්ලි පැලේට් (DBP-dibutyl phthalate), ටෝලියුන් හා ෆෝමල්ඩිහයිඩ් රෙසින් (formaldehyde resin) වල මෙක්සින් ඇතුලත් වීම නිසා ඒවා ඔබේ රුධිරයට ඉතා අල්ප වශයෙන් ඇතුල්වීමට ඉඩ ඇති නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.

ඒ වගේම ඇක්රලික්, ජෙලිෂ් වැනි ක්‍රම ගැන පර්යේෂණ සිදුවී නැති බැවින් ඒ ගැන ප්‍රකාශ කළ  නොහැකි බැවින් මෙවැනි රූපලාවන්‍ය ක්‍රම කරන විට හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනකදී සිදු කිරීමට වගබලා ගන්න.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2016/11/hair shampoo.jpg කිරිදෙන අම්මලා මේ රූපලාවන්‍ය සත්කාර ලබාගන්නවා නම් දෙවරක් සිතන්න

හිසකෙස් සත්කාර

හිසකෙස් ඩයි කිරීම, රිලැක්ස් කිරීම, පර්ම් කිරීම වැනි දේවල් නිසා මව්කිරි දීමට එය බලපෑමක් ඇතිවේ යැයි සිතුවත් එය එසේ නොවන බව ලා ලෙචේ ලීග් ඉන්ටර්නැෂනල් (LLLI) පවසනවා. මන්ද එවැනි සිදුවීම් වාර්තා වී නැති බව පැවසෙනවා.

LLLI පවසන ආකාරයට හිසකෙස් සඳහා වන නිෂ්පාදන වල සමහර සංඝටක සමට උරා ගන්නා නමුත් සමේ ඇතුලතට හෝ අසාදන නැතිනම් සමට උරා ගැනීමක් සිදු නොවන බව පැවසෙනවා.

ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ මව්කිරි දීමේ සංගමය හුවා දක්වන්නේ මව්කිරි වලට මෙම සංඝටකය ඇතුල්වීම සිදුවිය හැකි බව සිතීම අපහසු වුවත් සමට ඉන් ඇතුල් වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවත් සඳහන් කරනවා.

src=https://sg.theasianparent.com/wp content/uploads/2016/06/Fotolia 66849673 Subscription Monthly M.jpg කිරිදෙන අම්මලා මේ රූපලාවන්‍ය සත්කාර ලබාගන්නවා නම් දෙවරක් සිතන්න

බ්ලීචින් කිරීම හා සම සුදු කිරීම

හයිඩ්‍රොකුයිනඉන්වන් මෙම නිෂ්පාදන වල අඩංගු වන සුලබ සංඝටකයක් වන අතර කෙලී බොනියටා (kellymom.com) පවසන ආකාරයට සම තුළට අවශෝෂණය කර ගැනීම ඉතා අවම බව පැවසෙනවා. මව්කිරි දෙන මවක් බ්ලීචින් හෝ සම සුදු කරන සත්කාරයන් කිරීම අනතුරුදායක නොවන බව පවසනවා.

src=https://sg.theasianparent.com/wp content/uploads/2016/06/laser1.jpg කිරිදෙන අම්මලා මේ රූපලාවන්‍ය සත්කාර ලබාගන්නවා නම් දෙවරක් සිතන්න

අනවශ්‍ය රෝම ඉවත් කිරීම

ක්‍රීම් එකක් මගින් අනවශ්‍ය රෝම ඉවත් කරන්නේ නම් එය කිරිදෙන මවකට බලපෑමක් නොවන බව ඕස්ට්‍රේලියානු මව්කිරි දීමේ සංගමය පවසන අතර ලේසර්, ඉලෙක්ට්‍රොලයිසින් ක්‍රමයට රෝම ඉවත් කිරීමද හානිකර නොවන බව පැවසෙනවා.

src=https://sg.theasianparent.com/wp content/uploads/2011/03/tattoos 489062 640.jpg කිරිදෙන අම්මලා මේ රූපලාවන්‍ය සත්කාර ලබාගන්නවා නම් දෙවරක් සිතන්න

පච්ච (ටැටූ)

මෙම ක්‍රියාවලියේදී භාවිත කරන ඉඳිකටු ආදිය ජීවානුහරණය කර නැත්නම් ඉන් විවිධ ආසාදන ඇතිවිය හැකි අතර විශේෂයෙන් හෙපටයිටිස් B/C හෝ HIV වැනි රෝග ඇතිවීමට හේතුවන බව පැවසෙනවා.

ඕස්ට්‍රේලියානු මව්කිරි දීමේ සංගමය පවසන ආකාරයට බැක්ටීරියා ආසාදනයන්ද මේ හරහා ශරීරගත විය හැකි බව පවසනවා. නමුත් ආරක්‍ෂිත ලෙස පිළිගත් ස්ථානයකින් එය සිදුකර ගන්නේ නම් මේ අවධානම් අඩුකර ගත හැකි බව පැවසෙනවා. නමුත් කිරිදෙන මවක් මේ ගැන දෙපාරක් සිතීම වැදගත් වෙනවා.

මුහුණට ලබාදෙන රූපලාවන්‍ය එන්නත්

වෛද්‍ය රොනල්ඩ් ෂෙල්ඩන් ට අනුව මුහුණට ලබාදෙන බොටොක්ස් වැනි එන්නත් අහිතකර බවත් මයික්‍රෝඩර්මබ්‍රැසියන්, V- බීම් ලේසර් වැනි සත්කාර ආරක්‍ෂිත බව පැවසෙනවා.

src=https://sg.theasianparent.com/wp content/uploads/2016/06/breastfeeding and beauty treatments cream 1.jpg කිරිදෙන අම්මලා මේ රූපලාවන්‍ය සත්කාර ලබාගන්නවා නම් දෙවරක් සිතන්න

ක්‍රීම් හා ලෝෂන්

තනපුඩු අවට හැරෙන්න අනෙකුත් ප්‍රදේශ වල ක්‍රීම් හා ලෝෂන් ගැල්වීම ආරක්‍ෂිත බව පිළිගැනෙනවා. නමුත් සමේ රැළි සඳහා භාවිත කරන රෙටිනොයිඩ්ස් අඩංගු නිෂ්පාදනයන් මව්කිරි දීමේදී මෙන්ම ගර්භණි සමයේදීද ලබාගැනීම නුසුදුසු බව පැවසෙනවා.

රෙටිනොයිඩ්ස් - Retin-A, differin, tazorac, retinol හෝ retinyl වශයෙන්ද ඇතුලත් වන නිසා ක්‍රීම් මිලදී ගන්නා විට සුපරික්ෂාකාරී වීම වැදගත්.

මීට අමතරව කිරි දෙන අම්මලා රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගන්නා විට පහත සඳහන් මූලද්‍රව්‍ය අඩංගු දැයි සැලකිලිමත් වීම වැදගත් බව ප්‍රවිණයන් පවසනවා.

  • පෙට්‍රෝලියම් - පෙට්‍රෝලියම් අඩංගු ක්‍රීම් දරුවන්ගේ මෘදු සමට අහිතකර වෙනවා. Propylene glycol, mineral oil, paraffin, petrolatum සහ isopropy alcohol වැනි අමුද්‍රව්‍ය ඇත්නම් ඒවා පෙට්‍රෝලියම් අඩංගු නිෂ්පාදන ලෙස ඔබට දැනගන්න පුළුවන්.
  • ෆොර්මල්ඩිහයිඩ් - මෙම සංඝටකය ඛාරකයක් ලෙස හුඟක් රූපලාවන්‍ය නිෂ්පාදන වල යොදාගන්න අතර එය දරුවා අසාත්මික තත්වයට ගෙන එන්නට හේතු වෙන්නට පුළුවන්. මෙම සංඝටකය මෙම නම් වලින්ද අතුලත්ව තිබෙන්නට පුළුවන්. hydroxymethylglycinate, DMDM-hydantoin හා methenesmine.
  • පැරබන් - මේවා හුඟක් රූපලාවන්‍ය ක්‍රීම් හා නිෂ්පාදන වල අඩංගු අතර සම තුළට උරා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ සම තුළට උරා ගැනෙන එහි සාරයන්ට සංවේදී ළදරුවන්ට අසාත්මිකතා ගෙන එන්නට පුළුවන්. LiveStrong පවසනවා. පැරබන් වලට isopropylparaben හෝ methylparaben මෙම යෙදුම්ද යොදා ගැනෙනවා.       

නිතර විමසිලිමත් බව හා තොරතුරු වලින් සන්නද්ධ වීම ඔබටත් පවුලේ හැමටත් නිරෝගී සුවය ගෙන එනවා. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය ඔබට ගෙන ආවා.

කියවන්න: දීර්ඝ කාලයක් මව් කිරි දීමේ ප්‍රයෝජන (extended breastfeeding)

To read in English: Breastfeeding and beauty treatments: What’s safe and what’s not

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ