කට සැරට කෑම කන කිරි දෙන මව්වරුන්ගේ දරුවන්ට පහසුවෙන්ම කෑම කවාගන්න පුළුවන්

කට සැරට කෑම කන කිරි දෙන මව්වරුන්ගේ දරුවන්ට පහසුවෙන්ම කෑම කවාගන්න පුළුවන්

කාන්තා සෞඛ්‍ය  පරීක්ෂණ පිළිබඳ වෛද්‍ය  උපදේශක ආචාර්ය ජෙනිෆර් වයිඩර් පවසන්නේ සැර කෑම වලින් මව්කිරි දීම  සදහා අහිතකර බලපෑමක් ඇති බවට හොඳ විද්‍යාත්මක සාක්ෂියක්  නොමැති බවයි.

සමහර ලිපිවල මව්කිරි දීම අතරතුර සැර කෑම නොගත යුතු බව සදහන්  වුවත්  සමහර විද්වතුන් විවිධ මතිමතාන්තර දැරුවත්, මව්කිරි දෙන මව්වරුන්ට  කුළුබඩු යෙදු ආහාර ගත හැකිදැයි ඔබ කල්පනා කලා නම්, තවදුරටත් පුදුම  වෙන්න එපා.මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම

කාන්තා සෞඛ්‍ය පරීක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදේශක ආචාර්ය  ජෙනිෆර් වයිඩර් පවසන්නේ සැර කෑම වලින් මව්කිරි දීම  සදහා  අහිතකර බලපෑමක් ඇති බවට හොඳ විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවයි.

සැර කෑම

සැර කෑම වලින් ළදරුවන්ගේ රසාංකුර  වැඩිදියුණු කරනවා

ඒ වෙනුවට ඇය පවසන්නේ මව්කිරි දෙන මවුවරුන් ආහාර වේල  ඔවුන් කුමන ආකාරයේ ආහාර ගන්නන් බවට පත්වේදැයි තීරණය කිරීමට දායක වන බවයි. කුළු බඩු ඇතුළු විවිධාකාර රසයෙන් යුත් ආහාර ගන්නා මව්වරුන් තම ළදරුවන්ගේ රසාංකුර  වර්ධනය කරගැනීමට උදව් වේ.

මව්වරුන් ආහාර ජීරණය පද්ධතියෙන් මව්කිරි නිපදවීමක් නොවන  බවත්  "මවගේ රුධිරය"  මගින් සෘජුවම මව්කිරි  නිපදවන බව පොදු පුළුල් මතක් කිරීමක් කරනවා.

එසේ නම්, [කිරි දෙන මවක්] ගෝවා  අනුභව කරන විට, උදාහරණයක් ලෙස පෝෂ්‍ය පදාර්ථ මව්කිරිවලට එකතු වන නමුත්  වාතය අඩංගු  සංයෝග දරුවාට බලපාන්නේ නැහැ . 

දියවැඩියාව සහ ගර්භණී හා වකුගඩු රෝග පිළිබඳ ජාතික ආයතනය ප්‍රකාශ කළේ මව්වරුන්ට සාමාන්‍යයෙන්  මව්කිරි නිෂ්පාදනය  සඳහා පැය හතරක් හා හයක් ගත වන බවයි. මවගේ ශරීරයේ රසායනය පැයක් තරම් වේගවත්ව  මෙන්ම පැය 24 ක් තරම් අවම වේගයට පත්විය  කළ හැකිය.

තනපුඩු පිරිසිදු කිරීම

කුළුබඩු යෙදු ආහාර පිලිබඳ මත බිද හෙලීම 

මවගේ ආහාරයෙන් ප්‍රෝටීන්, මේද, කාබෝහයිඩ්රේට්, ඛනිජ සහ ජලය බිඳ හෙලුනු පසු මේ සංයෝග වලින් සමහරක් වෙනත් තැනකට හරවා යවනවා. පසුව ශරීරයේ රුධිර සංසරණ  පද්ධතිය මෙම පෝෂ්‍ය පදාර්ථ ක්ෂීර  ග්‍රන්ථි වලට රසය සහ සුවඳ  සහිත අණු ලෙස ප්‍රවාහනය කරනවා.

ගර්භනී සමයේදිද මෙවැනිම වු පෝෂ්‍ය  පදාර්ථයද මාරු වීමක් සිදුවෙනු ලබනවා. ළදරුවන් මවගේ ගර්භාෂය තුළ සිටියදී, මවගේ රුධිරය හා ඇම්නියොටික් තරලය හරහා මව ආහාරයට ගන්නා දේ අවශෝෂණය කරනවා .

එමනිසා, මවගේ ගර්භණී සමයේදී කුළුබඩු සහිත ආහාර ලබා ගත්තේ නම්, දරුවා ප්‍රබල රසකාරකවලට පුරුදුවී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව රුෂ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය  පෝලා මීයර් පවසනවා.

කට සැරට කෑම කන කිරි දෙන මව්වරුන්ගේ දරුවන්ට පහසුවෙන්ම කෑම කවාගන්න පුළුවන්

විවිධ රසයන් අත්විඳින්න

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ  පර්යේෂක ලුසී කුක්, මෙම සොයා ගැනීම සඳහා සහාය දක්වනවා.

"තම පළමු ජීවිතයේ පළමු අදියරේදී විවිධ රසයන්  අත්විද ඇති නිසා මව්කිරි බොන දරුවන්ට පසුකාලීනව ආහාර ලබාදීම පහසු වෙන අතර කිරිපිටි බොන දරුවන්ට එකම රසයක් අත්විදින්නට ලැබේ," කුක් පැවසුවා.

ආහාර ගැනිමේදී මතක තබා ගත යුතු එක් ප්‍රධාන දෙයක් ඇති බව කුක් පවසනවා . මව්කිරි දීම අතරතුර, මව්වරුන්ට  කළමණාකරණය කළ හැකි පරිදි විවිධාකාර රසයෙන් යුත් ආහාර  වර්ග රාශියයක් ඔවුන් ආහාරයට ගත යුතුය.

මව්කිරි දෙන අම්මලාට කටට සැරට කෑම ආහාරයට ගන්න පුළුවන් බව මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී