මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

මව් කිරි බොන පැටියා අම්මාගේ පියයුරු පිළිකාව හඳුනාගත් හැටි

පැටියා එක් පියයුරකින් කිරි බීම ප්‍රතික්ෂේප කරන කොට, ශක්ති, මේ පැටියාගේ අම්මා තරමක් ඒ ගැන කල්පනා කළා. ඊට හේතුව සොයා බලමු.

ශක්ති දලාල් නමැති ටෙක්සාස්හි මව ඇගේ පුංචි දියණිය ලයිලා ට මව් කිරි දෙන විට යම් ආගන්තුක සිදුවීමකට මුහුණ දුන්නා. ලයිලා එයාගේ අම්මගේ එක පියයුරුවකින් කිරි බොන එක ප්‍රතික්ෂේප කළා. වාර්තාවන්ට අනුව ශක්ති හිතලා තිබුනේ අවධානය ගැනීම පිණිස ඇය නිකරුනේ මේ දෙය කරනවා කියලයි. නමුත් එය ඇත්තටම පියයුරු පිළිකාව ක පෙර නිමිත්තක් විය.

පියයුරු පිළිකාව... සෙවනැලි මතුවුණා

ඇය තවත් මේ හේතුවට මූලික වුනේ කුමක්ද කියලා හොයන්න ගත්තා. ඇයට හොඳින් කිරි තිබුණා. නමුත් ඇගේ අත යට කුඩා ගෙඩියක් තියෙනවා දිනෙක ඇයට දකින්න ලැබුණා. මේක කිරි දීම අතර සම්බන්ධයක් ඇතැයි සිතන්නට හේතු නැතත් ඇය කෝකටත් වෛද්‍යවරයෙකුට එය පෙන්නුවා.

එහිදී ඇයට තුන්වන මට්ටම දක්වා ව්‍යාප්ත වුණු පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව දැනගත්තා. එය පියයුරු වල පැතිරී තිබුණා. පුංචි ලයිලාට කිරි වල වෙනසක් දැනිලා තිබුණා. මොකද පියයුරු පිළිකාව ඛාරක වලට කිරි වල තිත්ත රසයක් ඇති කරන්න පුළුවන්.

ඇගේ පවුලේ කිසිවෙකුට පිළිකා වැළඳී තිබුණේ නැහැ. අනෙක් අතට ඇය නිර්මාංශිකයි. කිසිදු අවධානම් සහගත දෙයක් මම ගත්තේ නැහැ. මේ තිදරු මව විස්තර කළා. ඒත් මගේ පුංචි පැටියාට එය තේරුණා. ඇයට මගේ පිළිකාව ගැන ඉව වැටිලා තිබුණා. ඇය දැන් රේඩියේෂන් තෙරපි හා කිමෝ තෙරපි ඇතුළු නියමිත වෛද්‍ය සත්කාර ලබමින් සුව තත්වයෙන් පසු වෙනවා.

පවුලක බැඳීම තවත් මේ නිසා ශක්තිමත් වුණා වගේම දැන් ශක්ති හැම මොහොතකම එයාගේ පැටව් තුන්දෙනා එක්ක කාලය ගෙවන්න උත්සාහ කරනවා.

පියයුරු පිළිකාව: ලක්‍ෂණ
  1. පියයුරු ආශ්‍රිත සම ඝන වීම
  2. සම මතුපිට වළ ගැසීම
  3. තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
  4. තන පුඩුවෙන් දියරයක් ගැලීම
  5. අසීරුවක් හෝ වේදනාවක් දැනීම
  6. තන පුඩුව ඇතුළට ගිලී යාම
  7. නහර මතු වීම
  8. ඉදිමීම
  9. සැරව සහිත තුවාල ඇතිවීම
  10. සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
  11. පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
  12. තද ගැටිති

ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් දිස් වේ නම් වහාම වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගත යුතුයි.

පියයුරුවල ගැටිති ඇති වීම, පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්‍ෂණයක් වුවද පියයුරුවල ඇති වන ගැටිති බොහොමයක් පිළිකා නොවන බව ජාතික පිළිකා ආයතනය පවසනවා.

මේ අතර කාන්තාවන් පමණක් නොව පුරුෂයන්ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි බව ශ්‍රී ලංකාවේ බහුතරයක් නොමැති බවද ජාතික පිළිකා ආයතනය පවසයි.

මේ සංවේදී කතාව theAsianparent Sri Lanka ඔබට කිව්වේ ඔබේ නිරෝගී සම්පත සඳහායි.

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ