theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණි කාලය තුළදී මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතු කාරණා

4 අවම කියවීම
ගර්භණි කාලය තුළදී මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතු කාරණාගර්භණි කාලය තුළදී මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතු කාරණා

ඔබ දරුවෙකුට මව්කිරි දෙන අතරතුර ඔබ ගැබ් ගැනීමක් වුනොත් මව්කිරි දීම නැවැත්විය යුතුද?

පළමු මාස කිහිපයෙන් පසු මව්කිරි දීමට ඔබත් පැටියාත් ඉතා ආදරණීය ලෙස පුරුදු වෙනවා. ඒත් මේ කාලය තුළ ඔබ නැවතත් මව් පදවිය ලබන්නට සුදුසුකම් ලබා ඇතැයි දැනගත්තොත් ඔබට ගැටළු ගණනාවක් ඇතිවෙන්න පුළුවන්. ගර්භණි කාලය තුළ මව්කිරි දීම හොඳද? කිරි දීම දිගටම කරගෙන ගොස් නවත්තන්නද? එය කිරි බොන බබාට හොඳයිද? නැතිනම් වැඩෙන පැටියාට හානියක් වෙයිද?

හුඟක් දෙනා කියන්නේ එය නරකයි කියලා. ඉතින් අවාසනාවකට නොදැනුවත්කම නිසා අම්මලා හිතාමතාම කිරි දෙන එක නවත්තනවා. නමුත් එය අවධානම් සහිත නැහැ.

ගර්භණි කාලය තුළ මව්කිරි දීම: ආරක්ෂා සහිත වන්නේ කෙසේද?

මේ මගින් සැලකිය යුතු හානියක් කිසිදු පර්ශවයකට වන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ ගැන දැනගත යුතු තවත් කාරණා ගණනාවක් තිබෙනවා.

ඉපදෙන්නට සිටින පැටියාට

ඉන් කුසේ ඉන්න දරුවා නිසා පෝෂණයක් නොලැබෙන බව බොහෝ දෙනෙක් කියනවා. නමුත් හොඳ පෝෂණීය ආහාර වේලක් ලබා ගැනීමෙන් ගැටළු මතු වන්නේ නැහැ. මාස 3-6 දක්වා කාලය තුළ අමතර කැලරි 350-450 ප්‍රමාණයක් ලබාගැනීම වැදගත්. නමුත් මේ අතර ඔබ කිරි දෙන මවක් නම් එය කැලරි 500-650 වීම වැදගත්. එසේම අවශ්‍ය ප්‍රෝටීන් සහ කැල්සියම් ලබාගන්නත් අමතක කරන්න එපා.  වීදුරු 8-12 දක්වා ද්‍රවමය ආහාර ලබාගැනීමත් වැදගත්.

ගර්භාෂය සංකෝචනය

මව්කිරි දෙන මව්වරුන්ගේ ගර්භාෂ සංකෝචනය වැඩි නිසා නොමේරූ උපත් ඇතිවීමට ඉඩක් තියෙනවා. මෙහි විද්‍යාත්මක පදනම නම් මව්කිරි දීමකදී ඔක්සිටොක්සින් නිකුත්වීමත් එය ප්‍රසූතියේදීත් සිදුවීමයි. ඒත් ගර්භණි වීම සමග මව්කිරි දෙන මවකට ඔක්සිටොක්සින් නිකුත් වීම අඩුයි. ඒ නිසා අවධානම් නැහැ. බිය විය යුතු වන්නේ නැහැ.

ගබ්සා වීම්

මව් කිරි දෙන අතර තුර ගබ්සා වීම් ඇතිවන බවට සැක කළත් ඊට විද්‍යාත්මක පදනමක් නැහැ. ගබ්සා වීම් ඇතිවීමට වෙනත් බොහෝ හේතු ඇතත් මව්කිරි දීම එයට බලපෑමක් වන්නේ නැහැ.

දරුවාට ලැබෙන කිරි වල ගුණයේ අඩුවක් තිබෙනවද ?

ගර්භණි සමයේ වන හෝර්මෝන වෙනස්කම් මව්කිරි වලට එකතු වුනත් ඉන් කිරි වලට බලපෑමක් වන්නේ නැහැ. දරුවා මේ කාලයේ මව්කිරි බීම නතර කළ හොත් ඉන් ඔබ බිය විය යුතු නැහැ. මොකද මව්කිරි වල රසයේ වෙනසක් ඇතිවීම නිසා එය වන්නට පුළුවන්. නමුත් මේ කාලය තුළ එරෙන කිරි දරුවාට අහිතකර වන්නේ නැහැ.

කිරි වැරිය යුත්තේ මොන කාලයේද?

  • ගර්භණි සමයේ සංකූලතා.
  • නිවුන් හෝ තුන් නිවුන් දරුවන් ගැබ්ගෙන ඇත්නම්.
  • රුධිර වහනය වීම හා ගර්භාෂ වේදනා.
  • කළලය හොඳින් නොවැඩෙනවා නම්.
  • ලිංගික එක්වීම් නොකළ යුතු යැයි උපදෙස් ලැබී ඇත්නම්.

ඔබ වෛද්‍ය හේතු මත කිරි වැරීම සිදු නොකළ යුතු අතර මේ කරුණු ගැන සිතන්නට පුළුවන්. 

කිරි එරෙන ප්‍රමාණය

අනික් කාල වල මෙන් නොව ගර්භණි කාලය තුළදී කිරි එරෙන ප්‍රමාණය අඩුවෙනවා. හුඟක් අම්මලාට  ගැබ්ගෙන විශේෂයෙන් 16-22 කාලය තුළ එය සිදුවෙන්න පුළුවන්. එවිට තමන් ගැබ්ගෙන ඇති බව සමහර අම්මලා දැනගන්නවා.  

එය කොලොස්ට්‍රම් නිෂ්පාදනයට ශරීරය සූදානම් බව කරන ඉඟියක්ද වෙනවා. එමෙන්ම ගර්භණි සමයත් වෙහෙසකර වෙනවා. ඒ නිසා එහි වාර ගණන අඩු කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන් දරුවා ඝන ආහාර වලට පුරුදුව ඇත්නම් ඒ ගැන වැඩි අවධානයක් ලබා දෙන්න.  නමුත් ඔබ දුකට පත්විය යුතු නොවන්නේ ඔබ හැකි උපරිමය ඉටු කර ඇති නිසයි.

අම්මගේ සෞක්‍ය

හුඟක් අම්මලාට ගර්භණි කාලයේ සංකූලතා ඇති  නොවුනත් ඔක්කාරය, වමනය, තෙහෙට්ටුව වැනි දේවල් ඇතිවෙන්න පුළුවන්. ඔබේ ශරීරයට දැනෙන ආකාරය අනුව මව් කිරි දීම ගැන ඔබට තීරණය කරන්න පුළුවන්. දරුවන් ගැන වගේම ඔබේ සෞක්‍ය ගැනත් සිටීම ඉතා වැදගත්.

සංවේදී තනපුඩු

මේ කාලයේ තනපුඩු ඉතා සංවේදී වන නිසා හුඟක් අම්මලා කිරි දෙන විට වේදනාකාරී වන බව පවසනවා. සිංගප්පුරුවේ මවක් තම බ්ලොග් සටහනක කියා තිබුනේ මේ හේතුව නිසාම ඇය මව්කිරි දීමේ කාලය කෙටිකළ බවයි.

සමහර මව්වරුන් මේ නිසා මව්කිරි දීම අත්හැරියත් එය දරුවා කිරි උරන මොහොතට පමණක් දැනෙන නිසා ඇතැම් මව්වරු එය දිගටම ලබා දෙනවා.

ජෙසිකා ඈන් ගෙදර ඉඳන් වැඩ කරන අම්මා කෙනෙක්. “මගේ අවුරුදු දෙකක් වයස බබා ගර්භණි කාලය තුළ මව්කිරි උරන විටත් මට ඒ අත්දැකීම තිබුණා. ඒත් මගේ පුතා මට එතරම් රිදෙව්වේ නැහැ”.

ලිංගික උත්තේජනය

මව්කිරි දෙන අතර තුර මවක ලිංගික උත්තේජනයක් ලැබීම සාමාන්‍ය දෙයක් ලෙස සලකන අතර ඉන් දරුවාට හානියක් හෝ බලපෑමක් නොවන එය සාමාන්‍ය තත්වයක්.

වැඩිමහල් දරුවාට දැනෙන හැඟීම්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ගර්භණි කාලය තුළ වැඩිමහල් දරුවාට මව්කිරි දුන්නත් දෙවන දරුවා ඉපදුන පසු කුමක් කළ යුතු දැයි ඔබ සිතන්න පුළුවන්. ඒ නිසා ක්‍රමයෙන් එය අඩු කිරීම ඔබට කරන්න පුළුවන්. නැත්නම් අලුත් බබාට කිරිදෙන විට ඔහුට මානසිකව එය පීඩාකාරී වන්නට පුළුවන්. සමහර විට වැඩිමහල් දරුවාට හිමිහිට අවබෝධ කර දෙන්න උත්සාහ කරන්න.

හුඟක් වෙලාවට මේ අවධානම ඔහුගේ හිතේ ඊර්ෂියාවක් දුකක් ඇතිවිය හැකි නිසා ඔහුගේ සිත නොතැලෙන ලෙස ක්‍රියාකිරීම වැදගත්.  ඒ වගේම පළවෙනි දරුවාට මව්කිරි දීමේ අත්දැකීම හැකිතරම් කල් ලබාගැනීම ඔබටත් දරුවාටත් ලැබෙන සීමාව අඩු නිසා ඒ ගැන සිතන්න.

මේ ගැන ජෙසිකා නමැති මවත් එලෙසම කල්ගත කරමින් වැඩිමහල් දරුවාට අවසානය දක්වා කිරි දීම කළ බව කියනවා.

දැන් ඔබට ඔබේ හිතේ තිබූ සැක සංකා දුරුවී ඇතැයි අපි විශ්වාස කරනවා. කවදත් අපි කියන මව්කිරි දීම නමැති ආශ්චර්යමත් ක්‍රියාවලියේ තවත් පැතිකඩක් theAsianparent Sri Lanka ඔබට ගෙන එන්නට සිතුවේ දරුවන්ට ඇති ආදරය නිසාමයි.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • ගර්භණි කාලය තුළදී මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතු කාරණා
බෙදාගන්න :
  • මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

    මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

  • මව්කිරි වල ලේ මිශ්‍ර වී තිබේ නම් ඔබ මේ දේවල් කරන්න

    මව්කිරි වල ලේ මිශ්‍ර වී තිබේ නම් ඔබ මේ දේවල් කරන්න

  • මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

    මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

  • මව්කිරි වල ලේ මිශ්‍ර වී තිබේ නම් ඔබ මේ දේවල් කරන්න

    මව්කිරි වල ලේ මිශ්‍ර වී තිබේ නම් ඔබ මේ දේවල් කරන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it