සෑම රටකටම ලකුණු 100 න් ලබා දී තියෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව ලකුණු 91ක් ලබා ගනිමින් අනෙක් රටවල් අභිබවා ඉදිරියටම පැමිණ තියෙනවා.
මව්කිරි අපේ දරුවානේ පෝෂණය කරන ප්‍රධානතම ආහාරයයි. එයට අමතරව මව්කිරි වලින් ප්‍රයෝජන ගොඩාක් ලැබෙනවා.
මේ ඒ හා සම්බන්ධ අපගේ පෙර ලිපියකින් උපුටා ගත් කරුණු කිහිපයක්.
කිරිකැටියන්ට ලොව අනර්ඝතම ආහාරය මව්කිරි වන්නාසේම ඉන් ඇති තවත් ප්‍රයෝජන රැසක් ගැන ඔබ දන්නවද?
හිසේ ඇතිවන කබල
උපතේ පටන් වයස අවුරුද්දක් විතර වෙනකන් දරුවන්ගේ හිස්කබලේ මේ කබල දකින්න පුළුවන්.
විශේෂඥ මතයට අනුව මෙය සාමාන්‍ය තත්වයක් වගේම ඉන් කිසිදු හානියක් දරුවාට වෙන්නේ නැහැ.
නමුත් මේකට හොඳම විසඳුම මව්කිරි බව ඔබ දන්නවද?
ඔබට කරන්න තියෙන්නේ මේ තැන්වල මව් කිරි ගල්වලා ඒ තැන් බුරුල් වූ පසු මෘදු පනාවකින් පීරා හරින්නයි.
ඩයපර් රෑෂ් / නැපි රෑෂ්
මව්කිරි ආසාදන වලට එරෙහිව ක්‍රියාකරන, ස්වභාවික මිලක් වැය නොවන සත්කාරයක්.
පුංචි පැටියාගේ ඉකිලිය දෙපස රතුවීමක්, සමහර විට වණ වීමත් නිසා වන අපහසුතාවයන්ට මව් කිරි අනර්ඝයි.
දිගටම ආලේප කිරීමෙන් පුරුදු සුමුදු හම නැවතත් දරුවාට ලැබෙනවා.
මව්කිරි ආලේප කළපසු මද පවනේ වේලෙන්නට හරින්න අමතක කරන්න එපා.
ඒත් අම්මලා මතක තියාගන්න ඕනේ දින දෙක තුනකිනුත් පැටියාට ඉන් සහනයක් නැත්නම් දරුවා වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
පැපොල රෝගයෙන් සහනයට
මව්කිරි වල ඇති නිවෙන සුළු ගුණයට පැපොල මගින් ඇතිවන බිබිලි වල කැසීම හා දැවිල්ල මගහරවන්න පුළුවන්.
ඒ වගේම සමේ ඇතිවන තද පල්ලම් නැති කරන්නත් මව්කිරි වලට පුළුවන්.
ඒත් පැටියාට පැපොල වැළඳී ඇතැයි සිතනවා නම් පළමුව වෛද්‍යවරයා වෙත ගෙන යාම කළ යුතුයි.
සෙම, හතිය, පීනස ගතිය, ඇස් හා කන් වල අසාදන
සෙම ගතිය හා නාසයේ සිරවීම් වලට මව්කිරි බිඳිති දෙක තුනක් දමන්න.
එකවරම ඔබට අමුතු බවක් දැනුනත් නාසයට විතරක් නෙමෙයි ඇස් හා කන් වල අසාදන වලටත් මේ දිව ඔසුවෙන් බිඳිති කිහිපයක් දමන්න.
නමුත් දරුවාගේ ඇස් රෝස පැහැ ගැන්වී ඇත්නම් වෛද්‍යවරයෙකුට පෙන්වීම කළයුතු වෙනවා.
කෘමින් සපා කෑවිට, සිරීම් හා පිළිස්සුම් වලට
කෘමින් කෑ විට සිරීම් හා පිළිස්සුම් තුවාල වලටත් මව්කිරි වලින් සුවය ලබාගන්න පුළුවන්.
එහි ඇති බැක්ටීරියා නාශක ගුණය නිසා අසාදන අසාත්මිකතා සුව කරන්න මව් කිරි වලට පුළුවන්.
රූපලාවන්‍ය හා මේකප් ඉවත් කිරීමට
මේකප් රිමුවර් ඉවර වෙලාද? මුහුණේ ඇති තද මේකප් තට්ටු ඉවත් කරන්න මව් කිරි යොදාගන්න පුළුවන්. එය සම වියළි නොකර මෘදු සුමුදු බවක් එක්කරනවා.
සෙම්ගෙඩි
පෙර කතා කළ බැක්ටීරියා නාශක ගුණය නිසා සෙම් ගෙඩි වලටත් මව්කිරි ප්‍රතිකාරකයක් ලෙස යොදාගන්න පුළුවන්.
දරුවාට සෙම්ගෙඩි වැළඳී ඇත්නම් හැකිතරම් මව්කිරි ලබාදීම ඉතා හොඳයි.
වැඩුණු දරුවන් හා වැඩිහිටියන්ට දොවාගත් කිරි වලින් උගුර සේදීම කළහැකි නම් එය එකම සත්කාරයයි.
ඉදිමුණු හා රතු වූ ඇස්
පුංචි පැටියා තාමත් රෑ පුරා විටින් විට නැගිටිනවා නම් ඔබේ විඩාබර ඇස් ගැන කතා කරන්න දෙයක් නැහැ.
රතු වූ ඉදිමුණු ඔබේ ඇස් මත මව්කිරි පෙඟවූ පුළුන් කැබලි දෙකක් තබාගෙන ඉන්න.
ශීතකළ මව්කිරි වුනත් හොඳයි. ඉතින් අයි බාම් මොකටද?
තොල් හම යාම
තොල්වල වියළි බව නිසා හම ගැලවෙන විට මව්කිරි බිඳිති කිහිපයක් ගල්වා බලන්න. ක්ෂණික සහනයක් ලැබේවි.
අත්යට දුගඳ
ඔබ විශ්වාස කළත් නැතත් අත්යට ඇතිවන දුගඳ නැති කරන්න මව්කිරි ගලවන බොහෝ දෙනෙක් ඉන්නවා. වියළි අත්යට මව් කිරි ගල්වා වියළෙන්නට හරින්න. ඔබට හොඳ ප්‍රතිඵල නිසැකවම ලැබේවි.
කිරි වලින් නාවන්න
සමහර අම්මලට හුඟක් කිරි එරෙනවා. ශීතකරණයේ තැම්පත් කළත් ඔබට ඉන් ප්‍රයෝජනයක් නැතිනම් කාමර උෂ්ණත්වය තෙක් සිසිල් කර අවශ්‍ය උෂ්ණත්වයට උණුවතුර කලවම් කර පැටියාට කිරි ස්නානයක් ලබාදෙන්න පුළුවන්. මෘදු සුමුදු සමක් ලැබේවි.
මව් කිරි වල අනන්ත ගුණ මෙතෙකැයි කියන්න බැහැ. ඔබ කැමතිනම් දරුවන් වෙනුවෙන් හදාගන්න කෑම වලට මව්කිරි එක් කරන්න පුළුවන්. කප් කේක්, ජූස් වර්ග, කුකීස් ආදියට වුනත් මව්කිරි එක් කරන්න පුළුවන්.
දරුවන්ට මව්කිරි දීම අම්මාට උදව් කරන්නේ මෙහෙමයි

ගර්භණී සමයේදී අම්මටත් බබාටත් අවශ්‍ය රුධිර සැපයුම දෙන්න ඔබේ හදවතට ගොඩාක් ක්‍රියා කරන්න වෙනවා.
ඔබේ දරුවා පෝෂණය කිරීමට මේද ඔබේ රුධිරයේ වර්ධනය වීම පටන් ගැන්මත් සමග මෙය හෘද රෝග අවදානම වැඩිකරයි.
ඔබේ ගර්භණිත්වය අවසානයේදී සිදුවන මව්කිරි දීම සදහා කිරි නිෂ්පාදනයේදී රුධිරයේ ඇති මේද අඩු වී ධමනි ශිරා අවහිර වීම වළක්වයි.
මව්කිරි දීම පසුකාලීන ජීවිතයේ ඇතිවිය හැකි රුධිර වාහිනී වල අවදානම අඩු කරන අතර එය ඔබේ ධමනි ශිරා වලට එහි නිරෝගී භාවය පවත්වා ගැනීමට උදව් කරයි.
එය කැලරි වැඩිපුර වැය කරයි.
මව්කිරි දීම මවකට දිනකට වැඩිපුර ඇති කැලරි 200-500 දක්වා ප්‍රමාණයක් වැය කිරීමට උදව් කරනවා.
මේ අතර එය ඔබේ පරිවෘත්තිය ක්‍රියා, රුධිර මේද හා පීඩනය ස්ථාවර කරන නිසා දරු ප්‍රසුතියට පෙර තිබු සිරුර පහසුවෙන් ලබාගන්න පුළුවන්.
එය ඔබේ මානසික ආතතිය අවම කරනවා
අලුත් දරුවෙක් නිවසේ සිටින විට හැමවිටම මානසික පීඩනය තියෙනවා.
හොද ආරංචිය වන්නේ මව්කිරි දීමෙන් අම්මා ගෙයි බබාගෙයි දෙන්නාගේම මානසික පීඩනය අඩුවෙනවා.
ඔබ මව්කිරි දෙන විට ඔබේ සිරුර නිෂ්පාදනය කරන ස්නේහයේ හෝමෝනය ඔබේ මනසට සංසුන් වීමේ සංනිවේදනයක් ලබාදෙනවා.
මුලාශ්‍ර - ලංකාදීප
මව්කිරි වල ප්‍රයෝජන
මව්කිරි
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරි යහැකිය.