හුඟක් අම්මලා දන්නවා දරුවන්ගේ කායික මානසික වර්ධනයට මව්කිරි ඉතාම වැදගත් කියලා. ඒ වගේම නව පර්යේෂණ වලට අනුව මොළයේ වර්ධනය එමගින් වඩාත් වැඩි කරන බව සොයාගෙන තිබෙනවා. ළදරු මොළය වර්ධනයට මව්කිරි වල උපකාරීත්වය මෙතෙකයි කියන්න බැහැ.

පීඩියට්‍රික්ස් (Pediatrics) නමැති ජර්නලයේ ප්‍රසිද්ධ කරන ලද වාර්තාවක් අනුව අඩුවෙන් මව් කිරි ලබාගත් දරුවන්ට වඩා පළමු දින 28 තුළ මව් කිරි ලද දරුවන්ගේ මොළයේ වර්ධනය අවුරුදු හත වන විට වෙනසක් දැකිය හැකි බව පැවසෙනවා.
මෙම තත්වය ස්නායු හා සම්බන්ධ වන වර්ධනයේ වෙනස්කම් නිසා ඇති වෙන්නක්.
නව බිළිඳුන්ගේ සිට වයස 7 දක්වා දරුවන් 180 කගෙ මොලයේ කරන ලද ස්කෑන් පරීක්ෂණ මීට අදාල කරගෙන තිබෙනවා. මේ දරුවන්ට දැඩිසත්කාර ඒකකයන් තුළ හැකි තරම් මව් කිරි ලබාදීමෙන් පසු (නමුත් සමාන ප්‍රමාණයන් නොවෙයි) මෙම පරීක්ෂණය සිදුකර තියෙනවා.
සාමාන්‍ය දැනීම පරීක්ෂාවන් වලදී අවුරුදු 7 දරුවන්ගෙන් ඔවුන්ගෙන් මුල් කාලයේ මව් කිරි වැඩියෙන් බීපු දරුවන් වැඩි දක්ෂතා දක්වා තිබුණු අතර ඔවුනට ගණිතය, මෝටර් කාර්මික ඥානයද වැඩි බව පෙනුනා.
බොස්ටන්හි බ්‍රිග්හැම් හා කාන්තා රෝහලේ සර්වාංග වෛද්‍ය පර්යේෂක මැන්සි බ්‍රවුන් බෙල්ෆර්ට් Science Daily වෙත අදහස් දක්වමින් මෙය දරුවාටත් අම්මාටත් විතරක් වැදගත් කාරණයක් විතරක් නෙමෙයි යහළුවන්, නෑදෑයින් සියලු දෙනාම මේ අවස්ථාවේ අම්මට මව්කිරි හොඳින් ලබා දීමට ඇයව පීඩනයෙන් මුදවා ගන්න උදවු කරන්න පුළුවන්.
මෙම වර්තමානයේ කරන ලද පර්යේෂණයෙන් ළදරුවන්ට මව් කිරි ලබාදීමේ මහඟු ප්‍රයෝජන හෙළිදරව් කර තිබෙනවා.
ළදරු මොළය වර්ධනයට මව්කිරි උදවු වන්නේ කොහොමද?

2010 එළි දක්වන ලද පර්යේෂණ අනුව මව්කිරි බොන දරුවන්ගේ සාමාන්‍ය දැනීම වැඩි අතර මව්කිරි බොන පිරිමි ළමයින්ගේ මොලය අන් අවයවයන්ට වඩා ලොකු බවත් පැවසෙනවා.
මේ පරීක්ෂණ වලින් මව් කිරි මගින් මොලයේ ප්‍රමාණයෙන් ලොකු වීමට වඩා නුවණ වර්ධනයට උදවු වෙන බව පැවසෙනවා. නියුරෝඉමේජ් 2013 මගින් පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවකට අනුව වසර දෙකේදී දරුවන් මව් කිරි බීමෙන් අනෙක් දරුවන්ගේ මොලයට වඩා 20% - 30% දක්වා දැනුමෙන් සිටින බව පැවසෙනවා.
මව්කිරි වලින් කෙතරම් විශ්මිත ප්‍රතිඵල ලබාදෙනවා දැයි ඔබට දැන් සිතේවි. දැන් වෙනදාට වඩා අම්මලාට තම දරුවන්ට මව්කිරි දීමට උනන්දු කරවන්නේ ඒ නිසයි. මෙය දරුවාගේ පෝෂණයටත් ස්නායු වල වර්ධනයටත් අතිශය වැදගත්.

මව් කිරි වල තවත් ආශ්චර්යමත් ගුණයක් theAsianparent Sri Lanka අපි ඔබට ගෙන ආවේ එහි ඇති අසම සම බව නැවතත් ඔබේ මතකයට නගමිනුයි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.