theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?

2 අවම කියවීම
මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?

මිනිස් අම්මලා සත්ව පැටවුන්ට කිරි දෙනවා ඔබ අහලා තිබුනද? එය සුලබ කතාවක්.

මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? ඔබට දෙපාරක් මේ පින්තූරය දෙස බලන්න හිතෙයි. ඇත්තටම මමත් එහෙම කළා. එහි තායි අම්මා කෙනෙක් පුංචි බලු පැටවෙකුට එයාගේ දරුවා බලාගෙන ඉන්නකොට කිරි දෙනවා දකින්න තියෙනවා.

මේ පින්තූරය පිළිබඳ කතාව අන්තර්ජාලයේ හුවමාරු වීමෙන් පසු මේ පුංචි බලු පැටියාගේ අම්මා අනතුරකින් මරණයට පත්වී ඇති බව සැලවුණා. ඉන් පස්සේ මේ පින්තූරයේ ඉන්න කාන්තාව පැටියාට කිරි දෙන්න තීරණය කළා.

පුදුමයටත් අනුකම්පාවටත් පත් හුඟක් අය මේ ගැන සතුට ආදරය ප්‍රකාශ කර තිබුණා.

මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?

ආසියාවේ විතරක් නෙමෙයි ලෝකයේ අනෙක් රටවල් වල අම්මලා සත්ව පැටවුන්ට කිරි දෙන හැටි අසන්නට තිබෙනවා. හරියට ස්වීඩනයේ කාන්තාවන් දෙන්නෙක් දරුවන් වගේ පූස් පැටවුන් දෙන්නෙක් ඇති දැඩි කළ ආකාරය අසන්නට තියෙනවා. එක් අයෙක් කිරි උරන්නට පූස් පැටියාට දී තිබුණා. නමුත් මේ කාන්තාවන් දෙන්නා තායි අම්මා වගේ අසරණ පැටියෙකු තෝරාගෙන තිබුණේ නැහැ.

වාර්තාවන්ට අනුව මේ පූස් පැටවුන්ට ස්ට්‍රොලරයක ගමන් කරන්න, කෑම කන ළදරු මේස වල ඉඳගෙන හැන්දෙන් කැවීම වැනි දේවල් ඔවුන් කරලා තිබුණා. ඔවුන් සූප්පු ඉරිමත් කරලා තිබුණා.

ස්වීඩනයේ සත්ව ආරක්ෂක නිලධාරීන් පූස් පැටවු ඔවුන් භාරයෙන් අරගෙන ඔවුන්ට සුරතලුන් ඇතිකිරීම තහනම් කර තිබුණා.

මව් කිරි සතුන්ට දීම ආරක්ෂිතද?

මෙය මානුෂිකත්වයේ තවත් පැතිකඩක් වෙන්නට පුළුවන්. නමුත් අපි කතා කරන්නේ සත්වයන් ගැනයි. ඉතින් එහි සීමාව කුමක්ද?

තායි කාන්තාවගේ කතාව බලු පැටියා ඉතාම අසරණ තත්වයට පත්වූ නිසා ඇගේ කිරි ලබාදීම කරන්නට ඇති. නමුත් ස්වීඩනයේ කාන්තාවන්ගේ කතා ඊට වඩා හුඟක් වෙනස්.

අනෙක් අතට මෙලෙස මව්කිරි පෙවීම අම්මට වගේම සත්වයාටත් හානිකර වෙන්න පුළුවන්

සත්වෝද්‍යාන විශේෂඥයෙකු මව් කිරි දෙන මවක් සත්ව පැටියෙකුට කිරි දීම සෞක්‍යමය අතින් සුදුසු යැයි අනුමත නොකළ හැකි බව පවසනවා. ඉන් රෝගඛාරක හා විෂබීජ ශරීරයට ඇතුල්වීමේ අවධානමක් පවතිනවා. ඒ වගේම මිනිසුන්ගේ කිරි සතුන්ගේ පෝෂණයට සුදුසු නැහැ. ඉතාම සුළු කාලයකට එය කළ හැකි වුනත් එය දිගටම කිරීම අනුමත කරන්න බැහැ.

ඔබේ අදහසුත් අපිට කියන්න. ලෝකයේ මාතෘත්වය ඉස්මතුවෙන මෙවැනි අවස්ථාවන්ගේ සීමාවන් අපි දැන සිටීම වැදගත් නිසා මේ පණිවිඩය theAsianparent Sri Lanka ඔබට ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?
බෙදාගන්න :
  • මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

    මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

  • කට සැරට කෑම කන කිරි දෙන මව්වරුන්ගේ දරුවන්ට පහසුවෙන්ම කෑම කවාගන්න පුළුවන්

    කට සැරට කෑම කන කිරි දෙන මව්වරුන්ගේ දරුවන්ට පහසුවෙන්ම කෑම කවාගන්න පුළුවන්

  • මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

    මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

  • කට සැරට කෑම කන කිරි දෙන මව්වරුන්ගේ දරුවන්ට පහසුවෙන්ම කෑම කවාගන්න පුළුවන්

    කට සැරට කෑම කන කිරි දෙන මව්වරුන්ගේ දරුවන්ට පහසුවෙන්ම කෑම කවාගන්න පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it