බබා හැරිලා නැත්නම් ප්‍රසුතිය වෙන්නේ මෙහෙමයි

බබා හැරිලා නැත්නම් ප්‍රසුතිය වෙන්නේ මෙහෙමයි

ඩොක්ටර් කිව්වා බබා හැරිලා නැහැ කියලා. දැන් මම ‌මොකද කරන්නේ? කියවන්න. දැනුවත් ‌වෙන්න.

නියමිත කාලය තුලදී බබා හැරීම සිදුවුනේ නැතිනම් ඔබට ටිකක් සංකීරණ ප්‍රසුතියකට මුහුණ දෙන්න වෙනවා.

එතකොට ඔබේ බබා හිස පහලට සිටින ඉරියව්වෙන් සිටින්නේ නැහැ.

ඔහු බොහෝ විට හිස ඉහලට හා තට්ටම් හා කකුල් ගැබ් ගෙල දෙසට හරවා ගෙන සිටිනවා.  

ගර්භනී අවධියේ මුල් මාස වල බබා හැරී නොතිබීම එතරම් ගැටළුවක් නොවේ.

බොහොමයක් දරුවන් ඒ කාලය තුලදී හිස ඉහලට සිටින ඉරියව්වක සිටිනවා.  

නමුත් තුන්වන ත්‍රෛමාසිකය ගෙවි යද්දි ප්‍රසුතියට දින ලංවෙදද්දි  ළදරුවන්ගෙන් සියයට 97 ක්ම හිස ගැබ් ගෙල දෙසට සිටින සේ හැරෙනවා.

ඒ වගේම ළදරුවන්ගෙන් සියයට තුනක් හෝ හතරක් ඒ වන විටත් එලෙස හැරී නොසිටින්න පුළුවන්.

බබා හැරිලා නැත්නම් ප්‍රසුතිය වෙන්නේ මෙහෙමයි

බබා හැරීම හරියට නොවන අවස්ථාවන්

බබා හරියට හැරිලා නැහැ කියලා අපි කියන්නේ බබා පහත සදහන් ඉරියව් වල ඉන්නවා නම්:

  • Frank breech - මෙම ඉරියව්වේදි  ළදරුවාගේ පතුල යෝනි මාර්ගය අසල ඇති අතර  පපුවට එරෙහිව කලවා තබාගෙන සිටියා. දරුවාගේ කකුල් ඉහළට යොමු වී ඇති අතර   පතුල්  කන් වලට වඩා ඉහලින් තබා ගනියි. වඩාත් සුලභ ඉරියව්ව මෙයයි.
  • Complete breech- මෙම ඉරියව්වේදි, දරුවාගේ උකුල සහ දණහිස් නම්‍යශීලී වෙනවා. කකුල් පහල පතුල් පාදවලින් නැවී තියෙනවා.
  • Footling breech - දරුවා හිස ඔසවා ඇති අතර පාද එකක් හෝ දෙකම පහළට යොමු වී තියෙනවා. යෝනි මාර්ගයෙන් දරු ප්‍රසූතියක් සිදු වුවහොත් දරුවාගේ පාද පළමුව පැමිණෙනවා.
  • Kneeling breech මෙවන් උපතකදී දණහිස් දෙකම පළමුව පැමිණීමට සූදානම්ය. දරුවාගේ  පාද කලවා පිටුපස නැවී තියෙනවා.

බබා හැරීම සිදු නොවීමට හේතු සහ අවදානම් සාධක

බබා හැරීම සිදු නොවීමට හේතුවක් සෑම විටම කියන්න අමාරුයි. සමහර විට බබා නියමිත දින වන විට හැරීමට උත්සහ නොකිරීම හේතුව වෙන්න පුළුවන්.

  • නොමේරූ දරු ප්‍රසූතියකදි නම් දරුවාට හිස හරවා ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුනා වෙන්න පුළුවන්..
  • කෙසේ වෙතත් බබා හැරීම සිදු වී නැතිනම් එයට හේතුවිය හැකි කාරණා කිහිපයක් තියෙනවා. අපි ඒ ගැන බලමු.
  • අසාමාන්‍ය හැඩැති ගර්භාෂය -  මෙය මවගේ උපතේ සිටම පැවතෙන තත්වයක් වෙන්න පුළුවන්. එසේ නැතහොත් සීසේරියන් සැත්කමක්, දරුණු ගර්භාෂ ආසාදනයක් හෝ ෆයිබ්‍රොයිඩ් වැනි අසාමාන්‍ය වර්ධනයක් සහිත ගර්භාෂයක් නිසා වෙන්නත් පුළුවන්.
  • පහත් වැදෑමහ -  මෙම තත්වය නිසා දරුවාට නිවැරදිව හැරීමට  ප්‍රමාණවත් ඉඩක් නොලැබෙන්න පුළුවන්.
  • තරල අසමතුලිතතාවය-  ඇම්නියොටික් දියර කුඩා ප්‍රමාණයක් දරුවාට ඕනෑවට වඩා පෙරළීමට ඉඩ ලබාදෙනවා. ඇම්නියොටික් දියර විශාල ප්‍රමාණයක් ඇතිවිට  දරුවාට "පිහිනීම" දුෂ්කර වෙනවා.
  • ඩවුන් සින්ඩ්‍රෝමය හෝ වෙනත් ආබාධිත තත්වයක් - සමහර දුර්ලභ අවස්ථාවන්හිදී, ළදරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මාංශ පේශි හෝ මධ්‍යම ස්නායු පද්ධතිය සමඟ ශාරීරික ආබාධයකින් පෙළෙනවා. එවන් දරුවන් නිසි ලෙස  හැරීම නොකරන්න පුළුවන්. 
  • එකවර කලල කිහිපයක් ගැබ් ගැනීම් - එහා මෙහා යෑමට අඩු ඉඩක් ඇති බැවින් එහිදි ළදරුවන්ට හිස පහත් තත්වයට හැරවීමට නොහැකි විවෙන්න පුළුවන්
  • පෙකණි වැල කෙටි වීම -  මෙය දරුවා වටා එතීමෙන් ඔහුගේ චලනය සීමා කරන්න පුළුවන්.
  • නොමේරූ දරු ප්‍රසූති කලින් සිදු වී තිබීම - එවිට නොමේරූ දරු උපතකට හේතු විය හැකි අතර එමඟින් දරුවාට හිසට පහළට හැරවීමට  ප්‍රමාණවත් කාලයක් නොලැබෙන්න පුළුවන්.
  • සමහර පළමු වරට ගැබ් ගත් මව්වරුනගේ දැඩි උදරය නිසා මෙම තත්වය අත්විඳීමට වැඩි ඉඩක් ඇති බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා.
  • ඒ හා සමානව, පස් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් දරු ප්‍රසුත්න් සිදු කල මව්වරුන්ට ලිහිල් ගර්භාෂයක් ඇතිවීමට වැඩි ඉඩක් ඇති අතර එහිදිද බබාගේ හැරීමට ගැටළු ඇතිවෙන්න පුළුවන්.

වඩා සැලකිලිමත් විය යුතු අවස්ථා

සාමාන්‍යයෙන්, ගැබ්ගැනීමෙන් සති 34 ක් පමණ වන විට බොහෝ උපත සදහා සුදානම් හිස පහලට සිටින ඉරියව්වට හැරෙනවා. 

නමුත් බබා හැරිලා නැතිනම් කලබල වෙන්න එපා බොහෝවිට ඔහු නිරෝගිව උපත ලබනවා. 

කෙසේ වෙතත්, ඉහත සඳහන් කර ඇති අවදානම් සාධක තිබේ නම්, ඔබේ බබා නියමිත ඉරියව්වට හැරෙන්නේ නැති වෙන්න පුළුවන්. 

මෙය ඔබේ දරුවාගේ උපත් ආබාධ සඳහා තරමක් ඉහළ අවදානමක් ඇති කරනවා.

දරු ප්‍රසූතියට පෙර ඔබේ දරුවා හිස පහත් ඉරියව්වකට යාමට  අපොහොසත් වීම උපත් දෝෂයක් නිසා වෙන්න පුළුවන්.

ඔබේ දරු ප්‍රසූතියට පෙර බොහෝ විට ඔබේ වෛද්‍යවරයා විසින් මෙවන්  අඩුපාඩුකම් හඳුනාගනු ලබනවා.

බබා හැරීම සදහා නිවසේදි කළ හැකි පිළියම්

37 වන සතිය වන විට ඔබේ දරුවා ස්වභාවිකවම හැරීම සිදුනොවන්නේ  නම්, ඔබ ඔහුව ඒ ඉරියව්වට ගෙන ඒමට  උත්සාහ කරන්න පුළුවන්.

 * අනිවාර්‍යයෙන්ම මේවා සදහා පළමුව ඔබේ වෛද්‍යවරයාගේ අනුමැතිය ලබාගන්න.

ඉන්පසු මෙම ස්වාභාවික ශිල්පීය ක්‍රම කිහිපයක් අත්හදා බලන්න.

  • ඔබේ උදරීය මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා ශ්‍රෝණි ඇලවීම - කොන්ද බිමට සිටින සේ  බිම වැතිරී, දණහිසට නැමන්න. ඔබේ ශ්‍රෝණිය පොළවෙන්  අඟල් 10-12 ක් පමණ ඉහළට ඔසවා තත්පර 10-15 ක් තබා ගන්න. ඔබේ ශරීරයේ යම් පීඩනයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නම් කොට්ටයක් භාවිතයෙන් ඔබේ ඉණට ආධාර සපයන්න.
  • යෝගා ඉරියව්- සුනඛ ඉරියව්ව වැනි ඔබේ දණහිසට නැමීම කරන යෝගා ව්‍යායාමයක් කරන්න පුළුවන්.  ඔබේ අත්වල වැලමිටට පහල කොටස ඔබ ඉදිරිපිට බිම තබන්න. තට්ටම් ඔබේ හිසට ඉහලින් තබා ගන්න.  පසුපස සිට ඉදිරියට පෙරළන්න.
  • සංගීතය වාදනය කිරීම-  සංගීතය, පටිගත කිරීම් හෝ ඔබේ සහකරුගේ හඩ  ඔබේ උදරයේ පහල ප්‍රදේශයට සමීපව ඇසීමට සැලැස්වීමෙන්  ඔබේ දරුවා ශබ්දය දෙසට ගමන් කිරීම උත්තේජනය කරන්න පුළුවන්.
  • සැහැල්ලුවීමේ ක්‍රම - භාවනා කිරීම සහ හොඳ ඉරියව්වක් පවත්වා ගැනීම (ව්‍යායාම බෝලයක් මත කෙළින් වාඩි වී සිටීම) වැනි සැහැල්ලු කිරීමේ ක්‍රම ශ්‍රෝණි ප්‍රදේශය විවෘත කරනවා. මෙය ඔබේ දරුවාට එහා මෙහා යාම පහසු කරයි.
  • උදරය ඉහල ප්‍රදේශයට සීතල සම්පීඩක යෙදීම- සමහර මව්වරුන් පවසන  පරිදි, උදරයේ ඉහලට ඇති සීතල සම්පීඩනය යෙදීමෙන් දරුවා අපහසුතාවයට පත් වෙනවා.  එම සංවේදනය දරුවා පහළට යවන්න පුළුවන්.
  • මොක්සිබස්ෂන්- මෙය පුරාණ චීන තාක්‍ෂණයකි.  ප්‍රධාන කටු චිකිත්සක ස්ථාන උත්තේජනය කිරීම සඳහා ඖෂධ භාවිතා කිරීමක් කරනු ලබනවා.
  • මෝහනය - මෙහිදි මවකගේ ගර්භනී සති 37 සිට 40 දක්වා කාලය තුළ ගැඹුරු සැහැල්ලු තත්වයක් ඇති කරනු ලබයි . මෙය ගර්භාෂය ලිහිල් කරන අතර දරුවා පහලට හරවනු ලබනවා.

*සැලකිය යුතුයි - මේවා ඵලදායීද යන්න ඔප්පු කර නැත. අම්මලාගේ අත්දැකීම් ඇසුරිනි.

ප්‍රතිකාර සහ ඖෂධ

බබා හැරිලා නැත්නම් ප්‍රසුතිය වෙන්නේ මෙහෙමයි

  • External cephalic version (ECV)

වෛද්‍ය විද්‍යාත්මකව, ඔබේ දරුවා හිස පහතට හැරවීමට ඇති එකම තහවුරු කල ක්‍රමය වන්නේ  ECV එකක් කිරීමයි.

මෙය ශල්‍ය කරමයක් නොවේ.

එහිදී වෛද්‍යවරයා  දෑතින් ඔබේ උදරයට තදින් නමුත් මෘදු ලෙස පීඩනය යෙදීමෙන් දරුවා හිස පහළට තල්ලු කිරීමට උත්සාහ කරනු ලබනවා.

මෙය ගර්භනී සති 37 ක් අවසානයේදී සිදු කෙරෙනවා.

සාර්ථක ECV එකකින් පසුව වුවද ළදරුවාට නැවත හිස ඉහළට සිටින ඉරියව්වට මාරුවිය හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තියෙනවා.

ECV නිර්දේශ ‌නොකරන අය

  • යෝනි මාර්ගයෙන් ලේ ගැලීම
  • පහත් වැදෑමහ
  • ඇම්නියොටික් තරල අඩු මට්ටම්ප
  • ටලවල නොමේරූ බිදියෑම
  • අසාමාන්‍ය කලලරූපී හෘද ස්පන්දන වේගය ඇති දරුවෙකු ඇති අය
  •  නිවුන් දරුවන් හෝ බහු ගැබ්ගැනීම් ඇති අය සදහා 

ECV එකක් කිරීම 

  • ECV එකක් කිරීමට පෙර රාත්‍රියෙන් පසුව කිසිවක් කන්න හෝ බොන්න එපා කියා ඔබට උපදෙස් දෙනු ලබනවා. ඔබට ශල්‍යකර්මයක් අවශ්‍ය වුවහොත් මෙය පූර්වාරක්ෂාවකි.
  • ඊටපෙර  දරුවාගේ පිහිටීම තහවුරු කිරීමට ඔබට අල්ට්‍රා සවුන්ඩ් එකක්  කරනු ලබනවා.
  • ECV අවසන් වෙන තුරු, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් හරහා දරුවාගේ හෘද ස්පන්දනය සහ පිහිටීම සමීපව නිරීක්ෂණය කරනු ලබනවා. 
  • වෛද්‍යවරයා දරුවාගේ හිස සොයාගත් පසු, දරුවා මෘදු ලෙස හිස පහලට සිටින ඉරියව්වට හැරවීමට මෘදු පීඩනයක් යොදනු ලබනවා. මෙය සාර්ථක නම් වෛද්‍යවරයා ඔබ හා කුස සිටින දරුවාගේ තත්වය පරික්ෂා කර ඔබට නිවසට යාමට අවසර දෙනු ලබනවා.
  • ක්රියා පටිපාටිය අසාර්ථක නම්, ඔබේ දරු පුසුතිය සිදු කල යුතු ආකාරය පිළිබඳව ඔබේ වෛද්‍යාවරයා ඔබට උපදෙස් දෙනු ලබනවා. නැතිනම් ECV එකක් නැතිනම් නැවත උත්සාහ කිරීමට යෝජනා කරනවා.

බබා හැරීම සදහා කරනු ලබන ECV අවදානම

ඉහළ සාර්ථකත්ව අනුපාතයක් ඇතැයි සලකනු ලැබුවද, ECV වලද අවදානමක් තියෙනවා. සමහර කාන්තාවන්ට මෙම ක්‍රියාවලිය අපහසුතාවයක් දනවන්න පුළුවන්. සංකූලතා ඇතිවීමේ අවදානම අවම වුවද , මෙහිදි  කලින් සිදුවෙන ප්‍රසුතිය ,  පටලවල නොමේරූ බිදියෑම,  ළදරුවාට හෝ මවට රුධිරය අඩුවීමට ඉඩ තිබීම හෝ වැදෑමහ ගර්භාෂ බිත්තියෙන් වෙන්වීමට හේතු වෙන්න පුළුවන්.  එහිදි භ්‍රෑණයට පීඩා ඇතිවීම  හා හදිසි සිසේරියන් සැත්කමකට යාමට සිදුවෙන්න පුළුවන්. 

ඒ නිසා වෛද්‍යවරයා සියලුම පහසුකම් ඇති රෝහල් පමණක් මෙය සිදු කරනු ලබනවා.

Webster breech

මෙම තාක්‍ෂණය තුළින්, මවගේ ශ්‍රෝණිය තුළ සමබරතාවය තහවුරු කර ගැනීමටත්, ඇගේ ගර්භාෂයට අනවශ්‍ය ආතතිය අඩු කිරීමටත්, බන්ධන සඳහා ආධාර කිරීමටත් සිදු කරනු ලබනවා.

මෙවන් අවස්ථා වල යොදාගන්නා ප්‍රසුති ක්‍රම 

1. යෝනි මාර්ගයෙන් දරු උපත සිදුකිරීම

යෝනි උපත් සදහා යොමු වෙන අවස්ථා

  • ළදරුවා කාලය සම්පුර්ණ කර ඇති  විට, දරුවා එතරම් විශාල නොවන විට , ගැටලුවක් නොමැති ගර්භණී තත්වයේ සිටින විට
  • මවගේ ශ්‍රෝණිය සඳහා ප්‍රමාණවත් ඉඩක් ඇති අතර, දරු ප්‍රසූතියේදී ගැබ්ගෙල පුළුල් වීමත් සමඟ දරු ප්‍රසූතියේ ක්‍රියාවලිය සුමට හා ස්ථාවර සිදුවෙන විට, මීට පෙර යොනි මාර්ග ප්‍රසූත කළ කාන්තාවන්ට
  • දරුවාට ගැටළුවක් නොමැති විට (ඔහුගේ හෘද ස්පන්දන වේගය සමීපව නිරීක්ෂණය කරනු ලැබේ)
  • ගර්භණී සංකූලතා නොමැති විට (ගර්භණී දියවැඩියාව හෝ පූර්ව එක්ලම්ප්සියාව ඇතුළුව)
  • නිවුන් දරුවන් ගැබ්ගෙන සිටින විට සහ පළමු දරුවාගේ හිස පහත් කර ඇති අතර අනෙක් දරුවා හැරී නොමැති විට  (පළමු ළදරුවාගේ හිස ගැබ්ගෙල විවෘත කරන එතර එය හැරී නොමැති දරුවා ප්‍රසුත කිරීමට තරම් ප්‍රමාණවත් වු විට)
  • ඔබේ වෛද්‍යවරයා මෙවන් දරු උපත් සදහා පුහුණුව ලබා ඇතිනම් හා  එවන්උපත් පිළිබඳ අත්දැකීම් ඇති විට මෙන්ම රෝහලේ මේ සදහා පහසුකම් ඇතිවිට  

කෙසේ වෙතත් හැරී නොමැති  ළදරුවන් සඳහා යෝනි ප්‍රසුතිය සිදු කිරීමේදි පහත අවදානම් සහිතයි.

  • දරුවාගේ හිස් කබල, මොළය හෝ අත් පා වලට තුවාල වෙන්න පුළුවන්. 
  • යෝනී මාර්ගයේ  සිරවීම
  • දරුවාගේ පෙකණි වැල සිර වී ඔක්සිජන් හා රුධිර සැපයුම අඩුවීම
  • පෙරනියම ඉරිම හෝ කැපීම් යෙදීමට සිදුවීම 
  • දිගු හා දුෂ්කර ප්‍රසුති සමයක් හිමිවීම

2. සීසේරියන් සැත්කම සිදුකිරීම

බබා හැරිලා නැත්නම් ප්‍රසුතිය වෙන්නේ මෙහෙමයි

  • බොහෝ වෛද්‍යවරු පහත සඳහන් අවස්ථා වලදී සීසේරියන් සැත්කම නිර්දේශ කරනු ලබනවා
  • ඔබේ දරුවා footling හෝ  kneeling යන පිහිටීම තුල සිටී නම් හෝ හිස එළියට ඒමට අපහසු වෙනත් ඉරියව්වක දරුවා සිටින විට
  • ඔබ නිවුන් දරුවන් අපේක්ෂා කරන විට
  • ඔබට පූර්ව එක්ලම්ප්සියාව හෝ ඔබ හෝ ඔබේ දරුවාගේ සෞඛ්‍යය අවදානමට ලක්විය හැකි වෙනත් තත්වයක් තිබේ නම්
  • ළදරුවා ඉතා විශාල වූ විට (4kg / 8lb 13oz ට වඩා වැඩි) හෝ ඉතා කුඩා වූ විට (2kg / 4lb 6oz ට අඩු)
  • ඔබට මීට පෙර සීසේරියන් සැත්කමක් කර  තිබේ නම්
  • ඔබට පටු ශ්‍රෝණියක් හෝ පහත් වැදෑමහක් තිබේ නම්

බබා හැරී නැති විට බොහොමයක් දරු ප්‍රසූතිය සිදු කරනු ලබන්නේ සීසේරියන් සැත්කමකිනි.

නමුත් සමහර අවස්ථාවලදී යෝනි ප්‍රසූතියක් කිරීමට වෛද්‍යවරයකු යොමු වෙන්නත් පුළුවන්.

මෙම උපත් ක්‍රම වල අවදානම් සහ ප්‍රතිලාභ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න.

වෛද්‍යවරයා හමුවීම

ඔබේ දරුවා හැරී නොමැති නම් පහත කාරණා 2 ගැන සැලකිලිමත් වෙන්න

ඔබේ දරුවාගේ පිටුපස ක්‍රියාකාරී වීමට පෙර ඔබේ වතුර බෑගය කැඩි දරු ප්‍රසූතිය සිදුවීමට  ගියහොත්, ඔබේ දරුවාගේ පෙකණි වැල ඔබේ යෝනි මාර්ගයට ඇදී යාමේ අවදානමක් ඇත.

එවැනි තත්වයක් තුළ වහාම ඔබේ වෛද්‍යවරයා අමතන්න.

ගිලන් රථය එනතෙක් බලා සිටින අතරතුර, ඔබේ අත් සහ දණහිස් ඉහලින් තබා ඔබේ හිස පහළට පසුපස කොටස ඉහළට ඔසවන්න.

මේ  මගින් ඔබේ දරුවාගේ බර පෙකණි වැලෙන් ඉවතට ගෙන යාමට උපකාරී වන අතර  වැදෑමහ හරහා ඔක්සිජන් ගමන් කිරීමට ඉඩ ලැබෙනවා.

සති 36 ට පෙර දරු ප්‍රසූතියේදී හෝ සති 36 ක් හෝ ඊට පසුව හිස පහළට හැරී නැති ළදරුවන්ට උපතේ සිට සති හයක් ඇතුළත උකුලේ වර්ධනීය ඩිස්ප්ලාසියාව පරීක්ෂා කිරීම සඳහා අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් කළ යුතුය.

බබා හැරී ‌නොමැති නම් බහු ගර්භනී අවධියේ ළදරුවන් සඳහා මෙය ද අදාළ වෙනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

මුල් රචනය: Ruchi Chopra

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය