theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබා ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නැද්ද?

5 අවම කියවීම
බබා ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නැද්ද?බබා ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නැද්ද?

ඔබත් ගැබිනි සමයේ නිවසක් ඉදි කරන්න බලාපොරොත්තු වෙනවාද?

ගැබිනි සමයේ ගෙවල් හැදීම ගැන විවිද මතිමතාන්දර තියෙන අපේ මිනිසුන් අතර තියෙනවා.

ඒ නිසාම ගැබිනි මවක් සිටින නිවසක නිවැසියන් සිටින නිවාසය අලුත් වැඩියාවක් කිරීමේදි හෝ නව නිවසක් ඉදි කිරීමේදි මේ ගැන චකිතයට පත් වෙනවා.

සතුන් තම පැටව් හෝ බිත්තර බිහි කිරීමට පෙර කූඩුවක් නැතිනම් වාසස්ථානයක් තනනු ලබනවා. එහි ප්‍රධාන අරමුණ තර බිත්තර නැත්තම් පැටවුන්ට ආරක්ෂාව ලබා දීමයි.

ගැබිනි සමයේ ගෙවල් හැදීම හොදද?

වාස්තු රහස්

ගැබිනියක් සිටින  විට නිවසක් ඉදිකිරීම ගැබිනියට අසුබද? නැතිනම් නිවසට අසුබද? කියලා බොහෝ දෙනා නිතර විමසනවා.

දරුවෙකු පිළිසිද ගැනීම සුභ කටයුත්තකි. නිවාසයක් ගොඩ නැගීමද සුභ කටයුත්තකි.

මෙවන් සුභ කටයුතු දෙකක් එකිනෙකට අසුභ වන්නේ කෙසේද?

මේ පිළිබද මදක් විමසා බැලීමේදි ඒ පිළිබද විවිධ අදහස් අපිට දකින්නට ලැබුනා.

බිරිද ගැබ් ගෙන ඇති නම් ගෙයක් සැදීම අසුභයි යන්න පුරාණයේ පැවත එන්නක්.

පුරාතණයේ නිවාස ඉදි කරගත්තේ සැමියා බිරිද විසිනි. සැමියා මැටි බිත්ති බදිද්දි බිරිද මැටි අනා සැමියාට ගෙනවිත් දුන්නාය.

නමුත් ඇය ගැබ් ගත් විට එවන් බර වැඩ ඇයට නුසුදුසු වෙනවා. ඒ නිසාම එවන් මත වාදයක් වුවා නැගුනා වන්නට පුළුවන්.

ගැබිනි මවක් නිවසක  සිටියදි එම ඉඩමේම වෙනත් ඉදි කිරීමක් කිරීම හෝ වෙනත් ඉඩමක ඉදි කිරීමක් කිරීම අසුභ නැහැ.

ඒ මගින් මවට, ගැබ තුල සිටින දරුවාට හෝ නිවසට දෝෂයක් හට ගන්නේ නැහැ.

නමුත් ගැබිනි මව පදිංචිව සිටින නිවසේම ඉදිකිරීමක් කරන විට ගැබිනි මවට පහත අවදානම් ඇති වෙන්න පුළුවන්.

පදිංචිව සිටින නිවසේම ඉදිකිරීමක් කරන විට ගැබිනි මවට ඇති අවදානම්

බබා ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නැද්ද?

1. අපිරීසිදු වාතය

නිවාස ඉදි කරන පරිසරයක නිතරම දුවිලි තියෙනවා. ඒ වගේම වෙනත් රසායනික ද්‍රව්‍ය වල ඩස්ට් එකත් තියෙන්න පුළුවන්.

තව රසායනික ද්‍රව්‍ය වල සැර ගන්ධයන් පවා වාතයේ තියෙනවා.

එවන් පරිසරයක ගැබිනි මවක් සිටින විට ඇයට නිතරම මේ  දේවල් ආඝ්‍රානය කිරීමට සිදුවෙනවා.

එය ඇයගේ නිරෝගී බව සදහා හානි පමුනුවනවා.

නිරෝගී දරුවෙක් බිහි කිරීමට මවත් නිරෝගීව සිටීම අත්‍යාවශ්‍ය වෙනවා.

ඒ නිසාම ගැබිනි මවකට ඉදිකිරීමක් සිදුවෙන පරිසරයක ජිවත් වීම සුදුසු නැති බව ඔබටත් තේරෙනවා නේද?

2. අනතුරුදායක පරිසරය

ඒ වගේම නිවසක් සාදන තැන් වල සෑම තැනම උපකරණ තියෙනවා.

ඒ වගේම සිමෙන්ති, ගල්, ගඩොල්, යකඩ, වීදුරු වගේ දේවල් තැන තියෙනවා.

මේවාගේ දේවල් අතරින් ගැබිනි මවක් ඇවිද ගියොත් විට ඇය පැටලී වැටෙන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඒ වගේම කුඩා ඇන වගේ දේවල් පෑගි තුවාල වෙන්න පුළුවන්. උඩ වැඩ කරන විට උඩින් පහලට යම් දේවල් වැටෙන්නත් පුළුවන්.

ඒ නිසා ගැබිනිය සිටින නිවස තුල අලුත් වැඩියා කටයුතු කිරීම අනතුරුදායක වෙන්න පුළුවන්.

3. අධික ශබ්දය

නිවසක් සදන තැනක යන්ත්‍ර මගින් ශබ්ද පිටවෙනවා.

ඒ වගේම බිත්ති කැඩීම, වහල වලට ඇණ ගැසීම් වැනි නිවස සකස් කිරීමේ ක්‍රියාවන් නිසාද ටිකක් වැඩි පුර ශබ්ද පිටවෙනවා.

මෙවන් ශබ්ද ගැබිනියකට කරදරයක්  වෙන්න පුළුවන්. ඇයට දවල්ට  සුව නින්දක් ලබමින් වෙහෙස නිවාගන්න නොහැකි වෙනවා.

කුස තුල සිටින දරුවා පවා මෙවන් නිතර ඇසෙන කරදරකාරී ශබ්ද නිසා නොසංසුන් වෙන්න පුළුවන්.

සමහර විට ගැබිනියට වැඩිපුර දරුවාගේ දැගලීම් පවා දැනෙන්න පුළුවන්.

ගර්භනී සෞඛ්‍යය

නිවස ඉදිකිරීම හා බිරිද ගැබ් ගැනීම තුල ඔබට ඇතිවිය හැකි අපහසුකම්

  • ඒ වගේම ඔබ නිවාස ණයක් ලබා ගෙන නිවස ඉදිකිරීම් කරනවා නම් බිරිද ගැබ්ගැනීම නිසා ඇතිවෙන අමතර වියදම් සදහා එම මුදල් වියදම් වෙන්න ඉඩ තියෙනවා.
  • ඒ වගේම ඔබ නිවසට මුදල් වැය කර අපහසුවෙන් යුතු කාලයක් ගත කරනවා නම් බිරිදකගේ වෛද්‍ය පහසුකම් හා ඖෂධ සදහා වෙන වියදම් ඔබට දරා ගත නොහැකි වෙන්න පුළුවන්.
  • තවද නිවස සෑදිමේ කටයුතුත් එක්ක කාර්ය බහුල වෙන ඔබ ගෙන් ගැබිනි බිරිද ගැන වු අවධානය ගිලිහෙන්න පුළුවන්.
  • ඒ වගේම නිවාස සැදීම හා බිරිදගේ ගැබිනි බව යන ප්‍රධාන කාරණා දෙකකට එකවර අවධාන යොමු කිරීමෙන් සැමියාද මානසික පීඩනයට ලක් වෙන්න පුළුවන්.

පුංචි අත්දැකීමක්

ඇත්තටම මම මේ ලිපියට මගේ පෞද්ගලික අත්දැකීමක් එක් කරන්න හිතුවා.

අපි අපටම නිවසක් ඉදිකිරීමට සියලු කටයුතු කරමින් සිටියදි මා මගේ පළමු දරු උපත සදහා සුදානම් වුනා.

නිවාස ණයක් යටතේ ඉදිකිරීම් පටන් ගත් නිසා එය නතර කිරීමට හැකියාවක් එදා අපට තිබුනේ නැහැ.

නමුත් මා ඒ වෙනවිටත් සිටියේ ඉදිවෙන නව නිවසට කිලෝමීටර් ගණනක් ඈතින් වු මවගේ නිවසේයි.

මම නිවස ඉදිකිරීම් කටයුතු හෝ ඒ සදහා වු පුජා සදහා සහභාගී වුයේ නැහැ.

මා හට එම කාලය තුල හානිදායක දෙයක් සිදු වුවෙත් නැහැ.

නමුත් ඒ සමයේම මා සිටි නිවසේ වහලයේ පුංචි අලුත් වැඩියාවක් වුනා.

එදා දිනයේ නම් ඒ නැගුන ශබ්ද එක්ක අපහසුතාවයට ලක් වුනේ මං විතරක් නොවේ.

මගේ පුංචි පැටියා ඒ ශබ්ද වලට වේගයෙන් චලනය වෙනවා මට දැනුනා.

එය පුංචි කටයුත්තක් වු අතර ඉකිමනින්ම අවසන් වු නිසා මා දැඩි අපහසුතාවයට ලක් වුනේ නැහැ.

මේ අතරම අපගේ අලුත් නිවස සාර්ථක ඉදි වු අතර මා සාර්ථකව දරු ප්‍රසුතියට මුහුණ දුන්නා.

එක් සුන්දර දවසක අලුත් දරු පැටියා එක්කම අපි අපේම ගෙදරට ගෙවදුනේ් හරිම සතුටින්.

ගැබිනි සමයේ ගෙවල් හැදීම ඇත්තටම හොදද?

මේ ගැන වාස්තු විද්‍යාව, ජෝතිෂ්‍ය විද්‍යව තුල විවිධ අදහස් තියෙන්න පුළුවන්.

ගැබිනි බිරිදක් ඇති නම් නිවාස ඉදි කරන්න එපා යැයි ඒ දෙක තුලම සදහන් අවස්ථාවක් අපිට නිරික්ෂණය නොවුනි.

ඔබට මෙවන් කාරණා ගැන ගැටලුවක් ඇතිනම් පළපුරුදු ජොතිර්වේදියකුගෙන් හා වාස්තු විද්‍යාඥයෙකු ගෙන්  උපදෙස් ලබාගන්න.

ඒ වගේම ඔබේ ගැබිනි බිරිද ඉදිකිරිම් ස්ථාන වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානයක රදවන්න.

මේ මාතෘකාව කවුරුත් දැනගන්න කැමති එකක් නිසා ඔන්න අපි විවෘත කතාබහක් ඇරඹුවා. මේ ලිපියට ඔබේ වටිනා අදහස්ද එකතු කරන්න.

මුලාශ්‍ර - www.kaladasava.com

www.divaina.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • බබා ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නැද්ද?
බෙදාගන්න :
  • ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

    ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

  • ඔබ මගහරින පිරිසිදු කිරීම් 8 ක් නිසා ඔබේ නිවාස හුඟක් අපිරිසිදු වෙන්න පුළුවන්

    ඔබ මගහරින පිරිසිදු කිරීම් 8 ක් නිසා ඔබේ නිවාස හුඟක් අපිරිසිදු වෙන්න පුළුවන්

  • ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

    ගර්භණී මව්වරුණි, ඔබත් හැමදාම තේ කෝපි බොනවාද?

  • ඔබ මගහරින පිරිසිදු කිරීම් 8 ක් නිසා ඔබේ නිවාස හුඟක් අපිරිසිදු වෙන්න පුළුවන්

    ඔබ මගහරින පිරිසිදු කිරීම් 8 ක් නිසා ඔබේ නිවාස හුඟක් අපිරිසිදු වෙන්න පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it