ඇඳිරි නීතිය මැද ගෑස් ඉවර වුනොත් බය වෙන්න එපා

ඇඳිරි නීතිය මැද ගෑස් ඉවර වුනොත් බය වෙන්න එපා

ඇඳිරි නීතිය මැද ගෑස් ඉවර වුනොත් බයවෙන්න එපා. ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසදුමක් ‌දෙන්න සුදානම්.

ඇඳිරි නීතිය මැද ගෑස්  ඉවර වුනොත් කියලා බයෙන් ඉන්න අයට මෙන්න සුභ ආරංචියක්. ඇඳිරි නීතිය මැද ගෑස් ඔබේ නිවසටම ගෙන එන්න  සියල්ල සුදානම්.

කොවිඩ් 19 ශ්‍රී ලාංකික අපිව ටිකින් ටිකම නිවසට කොටු කරලා හමාරයි.

2020.03.13 දින සියලුම පාසැල් වසා දැමීමත් සමග 2020.03.16 දින රජයේ නිවාඩු දිනයක් කරනු ලැබුවා.

ඉන්පසු එම නිවාඩුව 2020.03.19 දින දක්වා දීර්ඝ කරනු ලැබු අතර 2020.03.20 දින සවස පැනවු ඇඳිරි නීතිය දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

වරින් වර අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රදේශයෙන් ප්‍රදේශය ඇඳිරි නීතිය මද වේලාවකට ඉවත් කරනු ලබන අතර ඒය යලිත් පනවනු ලබනවා.

ඇඳිරි නීතිය මැද ගෑස් ඉවර වුනොත් බය වෙන්න එපා

ඇඳිරි නීතිය මැද ගෑස් සදහා විසදුමක්

ඇඳිරි නීතිය මැද ගෑස් ඉවර වුනොත් බය වෙන්න එපා

 

සියල්ල කොවිඩ් 19 ට එරෙහිව අපි රැකගැනීම පිණිසයි. ඒත් අනෙක් දේවල් වගේ ගොඩාක් අයට ගෑස් ගබඩා කරලා තියාගන්න බැහැ.

සමහර අයට නම් සිලින්ඩර් දෙකක් ගෙදර තියෙන නිසා ඒ ප්‍රශ්නය නැති වෙන්න පුළුවන්. නමුත් බහුතරයක් දෙනාට ගෙදර ඇත්තේ එක් සිලින්ඩරයක් පමණයි.

එය ඉවර වෙන වේලාව අපි කාටවත් කියන්න බැහැ.

දිවයින පුරා නිවසට ගෑස් ගෙනවිත් දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට  ආරක්ෂක අංශ සමග සාකච්ඡා කොට එය ආරම්භ කිරීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම සුදානමින් පසුවෙන්නේ අන්න ඒ නිසයි.

ඒ අනුව රට පුරා බෙදාහැරීමේ මධ්‍යස්ථාන 9000 හරහා මේ සේවාව ලබා දෙන්න ඔවුන් බලාපොරොත්තු වෙනවාලු.

ප්‍රථමයෙන්ම මේ පහසුකම බස්නාහිර පළාතේ සියළුම පාරිභෝගික සඳහා ලබා දීමට මේ ආයතන බලාපොරොත්තු වෙනවා. 

ඇඳිරි නීතිය මැද ගෑස් ඉවර වුනොත් බය වෙන්න එපා

Photo Credit lankacnews.com

ලිට්රෝ ගෑස් ලංකා සමාගම තමන් සතුව අවශ්‍ය ප්‍රමාණයට ගෑස් තොග පවතින බවට දන්වා සිටිනවා. 

ඒ අනුව කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම් කටයුතු සිදු කරන බවත් ඔවුන්ගේ සියලුම නියෝජිතයින් වෙත එම තොග මුදාහරින බවත් ඔවුන් වැඩිදුරටත් දන්වා සිටිනවා.

වැඩිදුර තොරතුරු සඳහා ඔබට පහත අංක හා සම්බන්ධ වෙන්න.

 ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පාරිභෝගික අංශය – 0112505808 

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පළාත් අළවි කළමනාකරුවන් මධ්‍යම සහ බස්නාහිර පළාත –  කුමාර ජයවර්ධන 0777775658

දකුණු පලාත –  නඳුන් 0763488452

උතුරු පළාත –  රාජ් කුමාර් 0770495501

නැගෙනහිර පළාත –  සර්ජුන් 0773705631

ඇඳිරි නීතිය මැද ගෑස් 

ඇඳිරි නීතිය මැද ගෑස් ඉවර වුනොත් බය වෙන්න එපා

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

මූලාශ්‍ර: primenews.lk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.