theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

3 අවම කියවීම
සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටිසිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

සීසේරියන් සැත්කම තුල ඇති අවදානම ස‌ොයා බලමු

සිසේරියන් සැත්කම අවදානම් බව පිරිසක් කියද්දි තවත් පිරිසක් එසේ නොවන බව පවසනවා. ඒ ගැන කියන හෙලේන්ගේ කතාවයි මේ.

සීසේරියන් යනු යනු ලොව පුරා බහුලව සිදු කරනු ලබන සැත්කම් වලින් එකකි. මේ මඟින් සෑම දිනකම ලොව පුරා මිලියන ගණනක් ළදරුවන් සුරක්ෂිතව උපත ලබයි.

සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

සියලු සැත්කම් වලදී මෙන් අවදානමක්ද මෙහි තියෙනවා. එක් මවක් මෑතකදී ඒ ගැන ඉගෙන ගත්තා.

දරු ප්‍රසූතියේදී නාරි හා ප්‍රසව විශේෂඥ  වෛද්‍යවරයා අතින් ඇගේ අලුත උපන් බිළිඳියට සිදු වු සීසේරියන් සැත්කම නිසා ඇති වු තුවාල නිසා ඇය භීතියට පත් වූනා.

ඇගේ දරුවාට සීසේරියන් සැත්කමේදී තුවාල සිදුවීමෙන් පසු මේ අම්මා කෝපයට පත් වුනා.

රහස්‍යතාවය ආරක්ෂා කිරීම සදහා ඇයව ඇගේ මුල් නමෙන් පමණක් හඳුන්වනවා.  හෙලේන් ප්‍රංශ ජාතික තිදරු මවකි. මෑතකදී, ඇය සැලසුම් කළ සීසේරියන් සැත්කමකින් සිය තෙවැනි දියණිය බිහිකළා. කෙසේ වෙතත්,  මේ උපත ඇයට බියකරු සිහිනයක් වගේ වුනා.

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා අතින්  බිළිදියගේ සවිමත් නොවු හිස්කබල කැපී තිබුනා. ඒ නිසා ඇයට මැහුම් හයක් යොදන්න සිදුවුනා.

"වාසනාවකට එය ඇගේ මුහුණ කැපුනේ නැහැ ,” හෙලේන් පැවසුවා.

සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

එම බිහිසුණු අත්දැකීමට අමතරව, රෝහල මෙම සිද්ධියට ප්‍රතිකාර කළ ආකාරය ගැන මව මවිතයට පත් වුනා. ළදරුවාට තුවාල කළ නාරි හා ප්‍රසව විශේෂඥ  වෛද්‍යවරයා එය එතරම් නරක නොවන බවත් කැපී ඇත්තේ “ඇයගේ කොණ්ඩය පමණක්” බවත් පැවසුවා.

නිර්වින්දන වෛද්‍යවරිය තමාට නිර්වින්දන ඖෂධ  නියම මාත්‍රාව ලබා නොදුන් බවත්, ඒ නිසා ඇය “දැඩි වේදනාවෙන්” සිටි බවත් ඇය පවසනවා.

නමුත් රෝහල් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින්  කියා සිටියේ එය දුර්ලභ සිදුවීමක් බවයි. 

තවද අම්මා සහ දරුවා මුළු කාලය පුරාම කිසි විටෙකත් අනතුරකට ලක් නොවූ බව අවධාරනය කරනවා. හෙලේන්ගේ බිළිදිය එම තුවාල වලින් සුවය ලබා සිටීම සතුටට කරුණකි. 

ඇයට දැමු මැහුම් හය ද වෛද්‍යවරු ඉවත් කලා. කුඩා කැළලක් හැරුණු විට තුවාලයේ වෙනත් බලපෑම් ඇති නොවන බව ඔවුන් පවසනවා. හෙලේන් රෝහලට නඩු පැවරීම ගැන සිතමින් සිටිනවා.

සීසේරියන් තුවාල සාමාන්‍යද?

සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

මායෝ සායනයට (Mayo Clinic) අනුව, සීසේරියන් සැත්කම සාමාන්‍යයෙන් ආරක්ෂිතයි. යෝනි උපතක් මවට හෝ දරුවාට අවදානමක් තිබේ නම් එය නිර්දේශ කරනවා. 

නමුත් අනෙක් ශල්‍යකර්ම වල වාගේ මෙහිද යම් අවදානම් තියෙනවා. අහම්බෙන් සිදුවෙන තුවාල හැරුණු විට, අවධානයෙන් සිටිය යුතු වෙනත් සිසේරියන් සැත්කම් වල අවදානම් බලමු.

  1. සිසේරියන් සැත්කම අවදානම්: ළදරුවන්ගේ  හුස්ම ගැනීමේ ගැටළු

මෙහිදී  ළදරුවාගේ පෙනහළු සම්පූර්ණයෙන් වර්ධනය වී නැතිනම්  හුස්ම ගැනීම වේගවත් වීම වැනි ගැටළු ඇතිවෙන්න පුළුවන්.

  1. සිසේරියන් සැත්කම අවදානම්: ගර්භාෂයේ දැවිල්ල හා ආසාදනය

එන්ඩොමෙට්‍රිටිස් ලෙසද මේ තත්වය  හැඳින්වෙනවා. ගර්භාෂයේ දැවිල්ල හා ආසාදනය නිසා අධික උණ, ගර්භාෂ වේදනාව සහ යෝනි ශ්‍රාව දුර්ගන්ධයෙන් යුක්ත වීම වෙන්න පුළුවන්.

  1. සිසේරියන් සැත්කම අවදානම්: අධික ලේ වහනය

සීසේරියන් සැත්කමකින් දරුවා ප්‍රසුත කරන විට යෝනි මාර්ග උපතකට සාපේක්ෂව විශාල ලෙස රුධිරය වහනය වෙනවා.

  1.  නිර්වින්දනය නිසා ඇතිවෙන අහිතකර ප්‍රතික්‍රියා 

මෙය දුර්ලභ වුවද, සමහර අම්මලා spinal block සහ epidural-spinal anaesthesia වැනි පොදු නිර්වින්දන අහිතකර ප්‍රතික්‍රියා අත්විඳිනවා.

  1. සිසේරියන් සැත්කම අවදානම්: රුධිර කැටි ගැසීම

මෙහිදී  කකුල් වල හෝ ශ්‍රෝණි අවයවවල නහර වල  රුධිර කැටි ගැසීම් ඇතිවෙන්න පුළුවන්.

මෙම රුධිර කැටි ගැසීම් පෙනහළු වලට ගමන් කල විට භයානක වන අතර  ජීවිතයට තර්ජනයක්ද වෙනවා. එය pulmonary embolism ලෙස හැඳින්වෙනවා.

ශල්‍යකර්මයෙන් පසු ඇවිදීමට හා සංසරණය වීමට වෛද්‍යවරුන් දිරිමත් කිරීමට හේතුව මෙයයි.

  1.  තුවාල ආසාදනය වීම

සීසේරියන් සැත්කමේ තුවාල ආසාදන වීම් සාමාන්‍යයෙන් සිදුවන්නේ කැපීම කල ස්ථානයේ හෝ ගර්භාෂය තුළ යි.

  1. සිසේරියන් සැත්කම අවදානම්: ශල්‍ය තුවාල

ළදරුවාගේ සමේ කැපීම්  හැරුණු විට, මුත්‍රාශයේ වැනි ආසන්න අවයව වලට හානි වීමේ අවදානමක් ද තියෙනවා.

මේ සියල්ලටම වඩා සීසේරියන් සැත්කම් නිසා අනාගත ගැබ් ගැනීම් සදහා අවදානමක් ඇතිවෙන්න  පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

සීසේරියන් සැත්කමකට පසු, මවකට වැදෑමහ ගැටළු ඇතිවීමට සහ ගර්භාෂය පුපුරා යාමට  ඇති අවදානම වැඩි වෙනවා. 

ඔබ සහ ඔබේ දරුවා සඳහා නිවැරදි ප්‍රසුති කිරීමේ ක්‍රමයක් තෝරාගැනීමට ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා ගෙන් උපදෙස් ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි
බෙදාගන්න :
  • අතපසුවීමෙන් හිස කැපීම නිසා අළුත උපන් බිලිඳා මිය යයි

    අතපසුවීමෙන් හිස කැපීම නිසා අළුත උපන් බිලිඳා මිය යයි

  • සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?

    සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?

  • අතපසුවීමෙන් හිස කැපීම නිසා අළුත උපන් බිලිඳා මිය යයි

    අතපසුවීමෙන් හිස කැපීම නිසා අළුත උපන් බිලිඳා මිය යයි

  • සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?

    සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it