theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

5 අවම කියවීම
සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාවසීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

දරුවා සාමාන්‍ය ‌ලෙස උපත් මාර්ගයෙන් බිහි වුවද සීසේරියන් සැත්කමකින් බිහිවුවද තමන්ගේ ‌‌ලෙයට ඇති දරු දුක සමානයිි.

සීසේරියන් සැත්කමකට මුහුණ දුන් ආදරණීය අම්මේ,

ඔබත් සාමාන්‍ය දරු ප්‍රසුතියකට මුහුණ නොදුන් නිසා දුකින් පසුවෙන අම්මා කෙනෙක්ද? පැය ගානක් තිස්සේ විලිරුදා විදිමින් සියළු වේදනා දරා ගනිමින් කදුලු අතරින් හිනාවෙන්න බැරි වු නිසා ඔබත් පසුතැවෙනවාද?

ඔබට එවැනි හැගීමක් දැනීම ගැන මම කණගාටු වෙනවා. ඔබ දරුවා මෙලොවට බිහි කලේ මම මගේ දරුවා බිහි කල ආකාරයට නොවන බව ඇත්තයි.

ඔබේ සියුමැලි කුසයේ මස් තට්ටු එකින් එකේ කපා ඒ අතරින් ඔබේ ආදරණිය පැටියා එළියට ආවා නේද? ඒක ඒ තරම් පහසු හමුවීමක් නොවෙයි.

මතක් කරන්න හිතාගන්න බැරි ලොකු ඉදිකටුවක් ඔබේ කොන්ද අසලින් සුෂුම්නාව සොයා ගිලා බසිද්දි ඔබේ පැටියාට සුවසේ ඉපදෙන්න ඉඩ ලබා දෙන්න ඔබේ සිරුරේන් වැඩි කොටසක් අඩපණ වුනා නේද? නැතිනම් ඔබේ පුංචි පැටියාගේ රුධිරයෙන් හා ඉටි  වලින් වැසුන තුනී හම ඇගිලි තුඩු වලින් ස්පර්ශ කරන්න අවදියෙන් අඩපණව හිටියා වෙන්න පුළුවන්.

ඔබේ පුංචි පැටියා තුරුළු කරගෙන ඔබේ ලේ කිරි කරලා පොවන්න පුළුවන් වුනේ ඔබ ඒ කැපුම් වල වේදනාව ඉවසගෙන හිටිය නිසා නේද? ඔබේ ආදරයේ බලය වේදනාව ඉක්මවා ගියා. ඒ ආදරය කොච්චර දැඩිද කියනවා නම් වේදනාව එය තුලම ගුලිකර ගත්තා.

ඔබ හරිම නිර්භීතයි කියලා මම කියන්නේ අන්න ඒ නිසයි.

සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

තියුණු පිහි තුඩු වලින් කුසය කපද්දී

ඔබේ දරුවාට උපත දෙන්න ඔබ විශාල සැත්කමකට මුහුණ දුන්නා. ඔබ බොහෝ විට මේ ගැන විවිධ මති මතාන්දර වලට ලක්වෙනවා. මේ සිදුවෙන අසාධාරණය ගැන මට කණගාටුයි.

සීසේරියන් සැත්කමත් අසීරු ගමනක්

අනෙක් සෑම අම්මා කෙනෙක් වගේම ඔබටත් අවැසි වුනේ ඔබේ පුංචි දරුවාට උපත දෙන්නයි. අවසානයේදී ඔබ ඒක කළා.

අනෙක් සෑම අම්මා කෙනෙක් වගේම අනෙක් සෑම මනුෂයෙක් වගේම ඔබ ගන්නා සෑම තීරණයක්ම ගැඹුරින් සිතා බලා ලෝකයම දොස් කියන වැරිදි එහි ඇතිදැයි වද වෙන්න ඔබට අවශ්‍ය නැහැ.

ඔබට අවැසි මවක් වෙන්නයි. ඔබට අවැසි ඔබේ දරුවා ආරක්ෂිතව ඔබේ තුරුලට ගන්නයි. 

ඕනෑම මවක් මෙන්, ඕනෑම මිනිසෙකු මෙන්, ඔබ ගන්නා සෑම තීරණයක්ම ‌දෝෂ දර්ශනයට ලක් කරමින්, කෑගසන ‌ලොකයේ  උපකල්පිත හරි වැරදි පිළිබඳව සෝදිසි කර බැලීමට ඔබට අවශ්‍ය නැහැ.

ඔබට ඕන අම්මෙක් වෙන්න. ඔබට අවශ්‍ය වන්නේ ඔබේ දරුවා ආරක්ෂිතව ඔබේ අත්වල තබා ගැනීමයි.

ඔබ දරුවා බිහි කරන ආකාරය වරදකාරිත්වයකින් ඔබව පෙළා දමන බරක් බවට පත් නොකළ යුතුය. සමහර විට ඔබට  සීසේරියන් සැත්කම තෝරා ගන්න ඇති. නැතිනම් එය හදිසි සීසේරියන් සැත්කමක් වෙන්නත් පුළුවන්. කෙසේ හෝ වේවා, එය ඔබගේ සහ ඔබේ දරුවාගේ යහපැවැත්ම වෙනුවෙන් හදවත්න්ම ගත් තීරණයක්. එහි ඇති වරද කුමක්ද?

පැය ගානක් තිස්සේ විලිරුදා විදිමින් සියළු වේදනා දරා ගනිමින් කදුලු අතරින් හිනාවෙන්න බැරි වු නිසා ඔබත් පසුතැවෙනවාද?

මෙය බොහෝ විට ඔබේ පැත්තට නගන චෝදනාවක් නේද?

සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

නොසෑහෙන තරම් ‌ඔබේ ‌ලේ වගුරමින් ‌මෙලොව උපත ලබන ඔබේ උතුම් සම්පත

මෙය එසේ වන්නේ ඇයි කියලා මට තේරූම් ගන්න බැහැ, මා මෙන් ඔබත් උපත දුන් කුඩා ජීවිතය ආදරයෙන් රැකබලා ගන්නවා. ඔබ දරුවාට මව්කිරි ලබා දෙනවා. එයාව නාවනවා. ඇදුම් අන්දවනවා. ඔබ දරුවාට කතා කරනවා. සිංදු කියනවා. ඔබ දරුවාව සිප වැළද ගන්නවා.  ඔබ දරුවාව ආරක්ෂා කරනවා. 

ඔබ දරුවාට ආදරෙයි.

වැදගත් වන්නේ මෙයයි. අපි මව්වරුන් ලෙස එක සමානයි.

මාතෘත්වය ගැන දැන  ඕන තරම් මති මතාන්දර තියෙනවා.  අපි විවේචනය කිරීමට ඉක්මන් වුනත්  සහාය දීමට ප්‍රමාදයි නේද? අන්න ඒ ක්‍රමය වෙනස් වෙන්න අවශ්‍ය වෙනවා. .

මම කවදාවත් ඔබ දරු ප්‍රසුතියට මුහුණ දුන් ආකාරය විනිශ්චය නොකරන බව ඔබට පවසන්න මට අවශ්‍යයි. තමන්ගේ සිරුරට කළ යුතු දේ තීරණය කිරීමට අයිතියක් ඇති, තමන්ගේම ශරීරයේ හිමිකාරිත්වයක් ඇති කාන්තාවක් ලෙස මම ඔබට සැමවිටම ගරු කරනවා. ආදරයෙන් හා ගෞරවයෙන් තම දරුවා මෙලොවට බිහි කළ මවක් ලෙස මම ඔබට සැමවිටම ගරු කරනවා.

ඔබ ඔබේ දරුවා බිහි කළ ආකාරය නිසා ඔබට මවක්  ලෙස අඩු වටිනාකමක් ලැබෙන්නේ නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මම මගේ දරුවාට උපත දුන්නා, ඔබ ඔබේ දරුවාට උපත ලබා දුන්නා. මම මගේ දරුවාට ආදරෙයි, ඔබ ඔබේ දරුවාට ආදරෙයි. මම මේහි කිසි වෙනසක් දකින්නේ නැහැ.

ඔබත් එහෙම නේද?

මීට වසර ගණනකට ‌පෙර සම්පුර්ණයෙන්ම නිර්විදනය කර සීසේරියන් සැතකම් වලට මුහුණ ‌දෙන්න වු යුගයක වුව එහි වු දරුණු බව පසෙකලා ඒ තුලින් වු ජීවිත අවදානම ‌නොතකා සමහර අම්මලා දරුවන්ට ජීවිතය දුන්නා. තාක්ෂණය දියුණු ‌වෙද්දි එහි අවදානම ‌බොහොම අඩු වු අතර ඒ සදහා ‌ඉහළ ‌පෙළඹීමක් දක්නට ලැබෙනවා. දරුවා සාමාන්‍ය ‌ලෙස උපත් මාර්ගයෙන් බිහි වුවද සීසේරියන් සැත්කමකින් බිහිවුවද තමන්ගේ ‌‌ලෙයට ඇති දරු දුක සමානයි ‌නේද? දරුවා බිහි කරන ‌මේ ක්‍රම ‌දෙක එකිනෙකට හාත්පසින්ම ‌වෙනස් වුවද ලබන්නා වු මාතෘත්වය එකක් නිසා මින් එක ක්‍රමයක් ‌හෝ අවතක්සේරුවට පත් කිරීම අසාධාරණයි.

සීසේරියන් සැත්කමට මුහුණ දුන් අම්මා ‌කෙනෙක්ගේ දරුවා බිහිවෙන විට ඇතිවෙන සීතල මරණය , දුක , ‌වේදනාව කැටි වු  හැගීම් මම කලකට ‌පෙර ‌මෙලෙස කවි පංතියක් කලා මතකයි. ‌මේ ඒ කවි පංතිය ඔබටයි.

සීසෙරියන් සැත්කමකට මුහුණ දුන් මවක් කියයි

සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

අන්දනා විට සුදු පැහැ සලු ගතට මගේ
දැනුනා මරණයේ සිසිලස එකවරම වගේ
කැන්දා යන විටදි රෝහල් පාලු මගේ
සිතුනා මේ අවසන් මගද මගේ

සැත්කම් කාමරයේ සිසිලස මකා එකවරම
දුන්නා එන්නතක් කොන්දට රිදුනි මට
මහ හිරියක් දැනුනත් කොනදෙන් පහලට
සැත්කම් පිහියේ මුවහත දැනුනයි කුසට

දග කරනා විටදී කුස මත පිහිතල එක සීරූ
දැනුනේ සිසිලස පමණයි ගත හට නෑ වාරූ
හිමියනේ ඔබේ උණුසුම් කදුලක් දෑසින් බේරූ
වැටුනයි නලලතට සිත හට දෙමින් වාරූ

සැත්කම් සයනයේ හොවා බාගෙට මැරුණුගත
කවුරුන් ගනිනවාද වැටෙනා රුධිර කැට
වෙදදුරු මව් පුතු බැදුම බිදින කොට
හැරුනයි ඉතිරි ලෙය කිරට

ඇහුනද ඒ අප පුතුගේ පලමු හඩ
ඔබ දැන් රජෙකි හිමියනේ පුතෙකු ලද
හිමිකර දී ඔබට මේ හැම සතුට
මිය ගියත් කම් නෑ දැන් මට

නදීශා ලක්මිණි

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව
බෙදාගන්න :
  • සිසේරියන් සැත්කම ගැන අහලා ඇතිවෙච්ච කතා 3 ක්

    සිසේරියන් සැත්කම ගැන අහලා ඇතිවෙච්ච කතා 3 ක්

  • Mother Shares Horrifying Experience After Anaesthesia Wears Off During C-Section

    Mother Shares Horrifying Experience After Anaesthesia Wears Off During C-Section

  • සිසේරියන් සැත්කම ගැන අහලා ඇතිවෙච්ච කතා 3 ක්

    සිසේරියන් සැත්කම ගැන අහලා ඇතිවෙච්ච කතා 3 ක්

  • Mother Shares Horrifying Experience After Anaesthesia Wears Off During C-Section

    Mother Shares Horrifying Experience After Anaesthesia Wears Off During C-Section

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it