theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අතපසුවීමෙන් හිස කැපීම නිසා අළුත උපන් බිලිඳා මිය යයි

3 අවම කියවීම
අතපසුවීමෙන් හිස කැපීම නිසා අළුත උපන් බිලිඳා මිය යයිඅතපසුවීමෙන් හිස කැපීම නිසා අළුත උපන් බිලිඳා මිය යයි

සාමාන්‍ය ප්‍රසූතිය සිදු කිරීමට යම් අවධානම් තත්ත්ව පවතින මව්වරුන් සිසේරියන් සිසේරියන් සැත්කම් වල අවධානම් ඇතත් ඊට යොමු කෙරෙනවා.

තම දරුවා නැති වූ වියෝවෙන් වසර පහකට ආසන්න කාලයක් පීඩා විඳි මවට සිසේරියන් සැත්කම් වල අවධානම් තත්වයක් සහ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මිස, බිලිඳාගේ මිය යාමට තමාගේ අතේ කිසිඳු වරදක් නැති  බවට තහවුරු වූයේ ඇයට යම් අස්වැසිල්ලක් ලබා දෙමින්.

දරුවා අහිමි වීම මදිවට මට දරුවාගේ ජීවිතය රැකගන්නට තිබුනා යන චෝදනාවට එරෙහිව මෙපමණ කාලයක් මට සත්‍යය වෙනුවෙන් සටන් කරන්නට වුනා.

එක්සත් රාජධානියේ නොටිංහැම් රෝහල 2013 දී ක්ලෙයාර්ගේ බිලිඳාව සීසර් සැත්කමකදී තම නොසැලකිල්ල නිසා මරුමුවට පත් වුනු නිසා සමාව ඉල්ලා ඇත.

මගේ පැටියා කාර්සන් ඇලන්, හිස් කබලේ හදිසි කපනක් හේතුවෙන් හදිසි සිසේරියන් සැත්කමකින් ප්‍රසුත කර පසු පැය තුනකට පසුව මිය ගියේය. ඉන්පසු අඟල් දෙකක් පමණ දිග කැපුමෙන් විශාල ලේ වහනයක් සිදු වුනා.

දරුවාගේ මව ක්ලෙයාර් ස්මිත් තම දරුවා ඉවදිමෙන් පැය තුනකට පසු මිය යාමේ අත්දැකීම තම ජිවිතයේ දුක්බරම සෝචනියම අත්දැකීම බව පවසනවා.

"මගේ පවුලේ අයගේ සිත් වලින් මේ මතකය කවදාවත් තුරන් වේයැයි මා හිතන්නේ නැහැ.

ක්ලෙයාර්ගේ ළදරුවා ප්‍රසුත කිරීමේදී සිදු වූ "අඩුලුහුඬුකම්" වෙනුවෙන් රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ ප්රධානී වෛද්ය ආචාර්ය ලුසි කීන් සමාව අයැද සිටියා.

සිසේරියන් සැත්කම් වල අවධානම්

"ඔබේ පවුලට නැති වූ දෙය සහ සිදු වූ හානිය වචන හෝ මුදල් වලන් පියවන්නට බැරි බව අප හොඳ හැටි දනිමු.” යයි ආචාර්ය කීන් පැවසීය.

සිසේරියන් සැත්කම් වල අවධානම්...

ඔබ දරු ප්‍රසුතිය සිදු කරන්නට අදහස් කරන්නේ සාමාන්‍ය ආකාරයට වුවත්, සිසේරියයන් සැත්කමක් තුලින් වුවත් පොඩිත්තාගේ පැමිණීම ඔබ නොඉවසිල්ලෙන් බලාපොරොත්තුවෙන් සිටින බවට සැකයක් නැහැ.

මෙම අපේක්ෂාව බොහෝ විට කනස්සල්ලක් නැතහොත් තැති ගැනීමක් බවට පත්වන අවස්ථා නැතුවා නොවේ.   මේ නිසා ඔබ ප්‍රසුතිය සිදු කරන ආකාර පිළිබඳව යම් හෝ පුර්ව අවබෝධයක් ඇතිකර ගැනීම තුලින් මෙම තැති ගැනීම තුරන් කරගත හැකිය.

සාමාන්‍ය ප්‍රසූතිය සිදු කිරීමට යම් අවධානම් තත්ත්ව පවතින මව්වරුන් සිසේරියන් සැත්කමකට යොමු කිරීමට බොහෝ වෛද්‍යවරුන් වැඩි කැමැත්තක් දක්වනවා.

ඒ ප්‍රධාන වශයෙන් අස්ථි ගැටළු, හෘද තත්වයන් හෝ වෙනත් ජීවිත තර්ජන සහ විෂමතා සහිත මව්වරුන් සඳහායි.

ඉතින් කාර්සන් ඇලන් වැනි හදිසි සිසේරියන් සැත්කම් වෙත යොමු කෙරෙන අනෙකුත් මව්වරුන් සඳහා මේ දැනුවත් කිරීම බොහෝ වැදගත් වේවි. නමුත් සිසේරියන් සැත්කම් තුලින් ඉතා කලාතුරකින් මෙවැනි තුවාල සිදුවිය හැකිය.

අහම්බෙන් සිදුවිය හැකි අක්‍රමිකතා හැරුණු විට, සිසේරියන් සැත්කම් වල අවධානම්:

1. දරුවන් තුළ හුස්ම ගැනීමේ අපහසුතා

කලින් සැලසුම් කල සිසේරියන් සැත්කම් වල වැඩිපුර දක්නට ලැබෙන මෙම තත්වය දරුවාගේ පෙනහලු සම්පූර්ණයෙන්ම වර්ධනය නොවූ හෙයින් වේගවත්ව හුස්ම ගැනීම වැනි ගැටළු වේ.

2. ගර්භාෂයේ ප්‍රදාහය හා ආසාදනය

එන්ඩොමෙට්රික්ටිස් ලෙස හැඳින්වෙන, ගර්භාෂයේ ප්‍රදාහය සහ ආසාධනය හේතුවෙන් උණ, ගර්භාෂ වේදනාව හා දුගඳ ශ්‍රාවයක් නිකුත් වීම ආදිය ඇති විය හැක.

3. බරපතල් රුධිර වහනය

සිසේරියන් සැත්කමකදී මව්වරුන් බහුල රුධිර වාහනයකට ලක් වීම නිසා සාමාන්‍ය ප්‍රසූතියට වඩා වැඩි රුධිරය අහිමි වීමක් සිදුවිය හැක.

4. නිර්වින්දනය කෙරෙහි අහිතකර ප්‍රතිචාර

ඉතා දුර්ලභ අවස්ථාවලදී නිර්වින්දනයට යොදාගන්නා එපිදියුරල් වැනි ඖෂධ කෙරෙහි ඉතා අහිතකර ලෙස ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවනතාවක් ඇත.

5. රුධිරය කැටි ගැසීම

සිසේරියන් සැත්කමෙන් පසු දෙපා වල සහ ශ්‍රෝණිය හා සම්බන්ධ ඉන්ද්‍රියයන්ගේ රුධිර කැටි ගැසීමක් ඇතිවිය හැක. මෙම කැටිති පෙනහළු වලට ගමන් කිරීම ඉතා අනතුරුදායක වන අත‍ර ජීවිත තර්ජනයක්ද විය හැක. මෙම  තත්වය pulmonary embolism ලෙස හැඳින්වේ.

ශල්‍යකර්මයෙන් පසු ඇවිදීම හා කම්පනය දිරිගැන්වීමට හේතුව මෙයයි.

6. කැපුමේ ආසාදනය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

සිසේරියන් සැත්කමේදී සිදුකල කැපුමේ පිටින් හෝ ගර්භාෂය ඇතුළේ ආසාදන සිදුවීමේ වැඩි ප්‍රවනතාවක් ඇත.

7. ශල්‍ය තුවාල

දරුවාගේ සම මත සිදුවිය හැකි කැපුම් වලට අමතරව මුත්‍රාශය වැනි දරුවාගේ සමට ආසන්නව පිහිටි ඉන්ද්‍රියයන්ද කැපීමකට ලක් විය හැකිය.

කෙසේ වෙතත්, සිසේරියන් සැත්කමකින් පසුව සාමාන්‍ය දැරූ ප්‍රසුතියක් සිදු කිරීම අපහසුම කාර්යයක් නොවේ. දරුවාටත් මවටත් වඩාත්ම උචිත ප්‍රසූත ක්‍රමය ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර නිගමනයකට එළඹීම ඉතාම වැදගත්ය.

ඉතින් ඔබ කුමන උපත් ක්‍රමයක් තෝරාගත්තත් රැකවරණයක් සහ ආරක්ෂාවක් තුළ දරුවා ප්‍රසූත කරන්නට ලැබෙන ලෙස අපි හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • අතපසුවීමෙන් හිස කැපීම නිසා අළුත උපන් බිලිඳා මිය යයි
බෙදාගන්න :
  • සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

    සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

  • සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

    සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

  • සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

    සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

  • සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

    සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it