theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සීසේරියන් තුවාල කැලල : ලොව පුරා ගිය අසීමිත කැපකිරීමක ආදරණීය සලකුණ

5 අවම කියවීම
සීසේරියන් තුවාල කැලල : ලොව පුරා ගිය අසීමිත කැපකිරීමක ආදරණීය සලකුණසීසේරියන් තුවාල කැලල : ලොව පුරා ගිය අසීමිත කැපකිරීමක ආදරණීය සලකුණ

මෙම සීසේරියන් තුවාල කැලල සහිත  ඡායාරූපය ලොව වටා මව්වරුන්ගේ නිර්භීතකම සදහා සාක්ෂියක් වේ. ඇයි කියා කියවන්න.

අම්මාගේ කලවා මත සුවබර   නින්දක්  ලබන මේ ආදරණීය අලුත උපන්  දරුවා දෙස බලන්න. මේ අම්මාගේ කුස  හරහා ගිය සිසේරියන් තුවාල කැලල ඔබ දුටුවාද?

එය හරිම සංවේද ජනක දසුනක් කියලා අපි දන්නවා.  නමුත් සුවහසක් අම්මලා මෙම කැළල කුස දරා අභිමානවත් මාතෘත්වයේ ගමනක යෙදෙනවා.

සාමාන්‍ය දරු උපතක් සිදුවීම හා සමානවම සිය කුස දෙබෑ කර දරුවන්ට මෙලොවට පැමිණීමට උදව් කරන අම්මලාද වේදනාවක් විදිනවා.

සීසේරියන් තුවාල කැලල : ලොව පුරා ගිය අසීමිත කැපකිරීමක ආදරණීය සලකුණ

උපත් මාර්ගයෙන් බිහිවීම හෝ සීසේරියන් සැත්කමකින් බිහිවීම අම්මා කෙනෙක්ගේ ගුණ බාල නොකරන බව මතක තබා ගන්න.

බිහි වීමේ ආකාරය කුමක් වුවත් ඇයයි දරුවා කුස තුල තබා දස මසක් හදන්නී.  ලයේ ලේ කිරි කර මාස හයක් පෝෂණය කරන්නී. සියලු දුක් විද දරුවන් ලොකු මහත් කරන්නී.

ඒ නිසා මාතෘත්වය දරුවා බිහිවන ආකාරයෙන් පමණක් මනින්න එපා.

සාමාන්‍ය දරු උපතක් සේම සීසේරියන් සැත්කමද අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන මහගු කැපකිරීමකි.

දරු උපතින් පසු අම්මාගේ කුස මත මරණය තෙක් ඉතිරි වෙන ආදරය සලකුණ ගැන කථාවයි මේ.

නමුත් මෙය කැළලක් විතරක්ම  නෙවෙයි

සීසේරියන් තුවාල කැලල : ලොව පුරා ගිය අසීමිත කැපකිරීමක ආදරණීය සලකුණ

එය කිහිප ආකාරයකින් ජීවිතයේ ප්‍රබල සලකුණක් වන අතර එය අම්මාගේ ජීවිතයද සුරකිමින් මේ ලොවට අලුත් ජීවිතයක් ගෙන ඒමට විවර වී යලිත් වැසුනු දොරටුවයි.

නම නොදන්නා මවක් සහ ඇගේ දරුවාගේ සිත් ඇදගන්නාසුළු මේ කලු හා සුදු  ඡායාරූපය   ඡායාරූප ශිල්පී හෙලන් කාමිනා විසින්  ගෙන ඇත.

 

කාමිනා ඇගේ ෆේස්බුක් පිටුවෙහි ලොව පුරා ගිය මෙම අලංකාර ඡායාරූපයේ පිටුපස කතාව කියා තිබෙනවා:

"ටික කාලෙකට පෙර මම මේ අම්මාගේ ගර්භණීත්වය ඡායාරූප ගත කලා.

"සීසේරියන් සැත්කමකට මුණදෙන්න වේ යැයි ඇය කොතරම් බය දැයි මට කිව්වා.

පසුගිය සතියේ ඇයගේ දරු ප්‍රසුතිය සිදු වු අතර  එය සංකූලතා ඇතිවීම නිසා සිදුකෙරුනු හදිසි සීසේරියන් සැත්කමක් වුනා."

"ඇයගේ සහ ඇයගේ දරු පැටියාගේ ජීවිතය සුරකිමින් ඇයගේ භයානක සිහිනය ඉටු වී ඇති නිසා  අද උදෑසන මට  පැමිණ මෙම විශේෂිත ඡායාරූපයට ගන්නා ලෙස ඇය ඉල්ලා සිටියා."

සිසේරියන් තුවාල කැලල එපාද?

තමන්ගේ  තුවාල කැලල්, ගැටිති හා ප්‍රසිද්ධියේ මව්කිරි දෙන ඡායාරූප  සමාජ මාධ්‍ය තුල පල කිරීමට නැඹුරුතාවක්  තියෙන මාපියන්ගේ ලෝකය තුළ සීසේරියන් සලකුණ තවමත් සංවේදී මාතෘකාවක් ලෙස පිළිගැනීමට ලක් වී ඇත.

දරුවා බිහිකිරීමට කාන්තාවකගේ කුස හා ගර්භාෂය හරහා සීසේරියන් කැපුම යොදනු ලබනවා.

සමහර කාන්තාවන්  සීසේරියන්  සැත්කම තෝරා ගත්තත් මවට හෝ දරුවාට සාමාන්‍ය උපත් මාර්ගය හරහා කරන ප්‍රසුතිය අවදානමක් දරනවා නම් පමණක් මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබනවා.

ඡායාරූපයේ  සිටින අම්මා වැනි බොහෝ කාන්තාවන් ගර්භනී අවධියේදී මෙම ක්‍රියාවලියට බෙහෙවින් බිය වන අතර අනෙක් අය සිසේරියන් තුවාල කැලල ගැන බියක් දක්වනවා .

දරුවා උපත් මාර්ගයෙන් උපත නොලබන්නේ නම් ඒ ගැන අසාධාරණ හේතු දැක්වීමක් සමඟ මෙම කැලල සාමාන්‍යයෙන් සම්බන්ධතාවයක් තියෙනවා.

එනම්, සීසේරියන් සැත්කම යනු දරුවා ශල්‍යකර්මයකින්  ඉවත් කිරීම පමණක් නිසා එය සැබෑ උපතක් නොවේ යන්නයි.

සිසේරියන් සැත්කමකින් ඔබ දරුවා බිහිකිරිමෙන්  ඔබ උපත් මාර්ගය හරහා සාමාන්‍ය දරු උපතක් සිදුකල කාන්තාවකට වඩා ඔබ මාතෘත්වයෙන් පහල වැටීමක් සිදු වෙන්නේ නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

සිසේරියන් තුවාල කැලල ගැන කාමිනාගේ ඡායාරූපය ඉදිරිපත් කරන ලද ප්‍රබල පණිවිඩය

ඒ මගින් එක් මවක් ඇයගේ ජීවිතය සුරකිමින් එක් ලෝකයකින් තවත් ලොවකට දරු උපතක් සිදු කල කැලල (ඇත්ත වශයෙන්ම උපත් දොරටුව) ආඩම්බරයෙන් පෙන්නුම් කරනවා.

ඒ මගින් දරුණු භීතියට මුහුන දී ජයගත් මවක් පෙන්වනවා.

සීසේරියන් තුවාල කැලල : ලොව පුරා ගිය අසීමිත කැපකිරීමක ආදරණීය සලකුණ

 

ඔබට මවගේ මුහුණ දැකිය නොහැකි වුවද, පුංචි පැටියා සුවසේ නිදාසිටින්නේ ආදරයෙන් පිරි පරිසරයක් අවට ඇති නිසා  බව මවක් වශයෙන් ඔබ දන්නවා.

කාන්තාවක් දරු උපත සිදු කරන්නේ සීසේරියන් සැත්කමකින් වුවද උපත් මාර්ගය හරහා සාමාන්‍ය දරු උපතක් ලෙස වුවද දරුවා කෙරෙහි ඇයගේ ආදරය වෙනස් නොවන බව මෙම ඡායාරූපය අපට මතක් කරදෙනවා.

ඒ මගින් ඇය ඇත්ත වශයෙන්ම දරු උපත ලබා දී නැති බව  අදහස් නොකෙරෙන අතර  නිසැකව ම ඇය මවකගේ හෝ කාන්තාවගේ තත්වයෙන් පහත වැටීමක් සිදුනොවේ.

සීසේරියන් සැත්කමකට වටිනා ජීවිත බේරාගැනීමට හැකියාව ඇති බවත් අපි මතක් කරනවා.

සීසේරියන් සැත්කමකට මුහුණ දෙන මව්වරු නිර්භීත මෙන්ම බලවත් වන අතර ඔවුන්ගේ සීසේරියන් තුවාල කැලල ඒ සඳහා සාඩම්බර සාක්ෂියක් බව අපිට වැටහෙනවා.

මෙම කැළැල් සැමරීම කල යුතුය. මෙය ලැජ්ජාවක් නොවේ.

කාමිනාගේ ඡායාරූපය  වැනි කණගාටුව දනවන ප්‍රබල ඡායාරූපයත් සමග, අපට සීසේරියන් සැත්කම ගැන  පැතිර යන ඍනාත්මක මතයන් ඉවත් කළ හැකිය.

මේ ගැන මම කලකට කලින් අකුරු කල සංවේදි කවි පෙළක් මම අවසානයට එකතු කරනවා. එය ඔබත් රස විද බලන්න.

ලොවක බුහුමන් ලද එකම කැළල

 

රන්වන් සුසිනිදු හැඩ වැටි මා කුසයේ
කිසි කහටක් නැතුවයි පුත මා නුඹ හැදුවේ
හැඩ අඩු වී කුස මෝරන විට රහසේ
ආදරයෙනි ආ මල් ගෝමර මං පිළිගත්තේ

 

දස මස ගෙවෙනා හැමදා දින ගැන්නේ
නුඹ දැක ගන්නයි පුතුනි කාටත් මත්තේ
නුඹ එනදා මා හැදි සුදු සළු පිළි අස්සේ
ඇහුනා මගේ හදවත ගැහෙනා සද්දේ

 

යුහුසුළු වු වෙදහෙද සැලකුම් මැද්දේ
අම්මිගේ කුසයයි විවරව ඇත්තේ
පුතුනි නුඹේ බිහිදොර ඉස්මත්තේ
නුඹ පිළිගන්නයි මං ලේ පාවඩ ඇද්දේ

 

මසනා විටදී මස් වැටි බැද කුසයේ
ඉවසා වුන්නා පුතුනි මා රහසේ
කළු පැහැ සලකුණක් ඇදි මා කුස මත්තේ
කැළලකි පුත මට අද ඉතිරිව ඇත්තේ

 

ලොව අවමන් විදිනා සියලුම කැළල් මැද්දේ
ගරු බුහුමන් ලද එකම කැළලයි මා ලද්දේ

අම්මා නමිනි මා නුඹේ ලොව රජ වී ඇත්තේ
කිරුළයි පුත කුස මත මේ සලකුණු ලද්දේ

කැලලක්   යනු අවමානයක්  සේ සලකන ලෝකයක අභිමානයක් වන  සීසේරියන් තුවාල කැලලට the Asianparent Sri Lanka අපි හිස නවා ආචාර දක්වනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • සීසේරියන් තුවාල කැලල : ලොව පුරා ගිය අසීමිත කැපකිරීමක ආදරණීය සලකුණ
බෙදාගන්න :
  • කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

    කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

    ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

  • කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

    කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

  • ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

    ගර්භණී මව්වරුන් නිකරුනේ බය නොවිය යුතු කාරණා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it