theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තරහ ගිය ළමයෙකුගේ හැසිරීම හා කටයුතු කිරීමට විශිෂ්ඨ ක්‍රම දහයක්

5 අවම කියවීම
තරහ ගිය ළමයෙකුගේ හැසිරීම හා කටයුතු කිරීමට  විශිෂ්ඨ ක්‍රම දහයක්තරහ ගිය ළමයෙකුගේ හැසිරීම හා කටයුතු කිරීමට  විශිෂ්ඨ ක්‍රම දහයක්

ඔබගේ පුංචි පැටියා නරක ළමයා ලෙස හැසිරෙනවා. අපි කතා කරපු සමහර මව්වරුන් ඔවුන්ගේ  නරක  ළමයින් හා කටයුතු කලේ මෙන්න මෙහෙමයි.

පොදුවේ ළමයින් බොහෝ විට ප්‍රීතිමත් වෙනවා. හැබැයි සමරහ වෙලාවට ඔවුන්ගේ හැසිරීම නිසා අපි නරක ළමයා කියා බනිනවා. මේ "නරක ළමයා" දිගින් දිගටම මෙහෙම හැසිරෙනවද? නැහැ.

අපේ දරුවන් වඩා වැඩිහිටි වීම නිසා, ඔවුන්ගේ නරක හැසිරීම අඩුවීම නිසා මව්වරුන්ට විවේකය ලැබේ. මෙය මූලික වශයෙන් ඔවුන් වර්ධනය වන විට, ඔවුන්ගේ හැඟීම් සන්නිවේදනය කිරීමේ හැකියාව වැඩි දියුණු වන නිසා.

කුඩා දරුවන් නරක හැසිරීමට වැඩිපුරම පෙළඹී ඇත්තේ ඔවුන්ගේ අවශ්‍යතාවය හා ඔවුන්ට දැනෙන  හැඟීම දෙමව්පියන්ට දැන්වීමට තරම් ඔවුන්ගේ  සන්නිවේදන හැකියාවන් නොමැති වීමයි.

මෙය ඇත්තෙන්ම ඔවුන් කලකිරීමට පත් කරන අතර, සාමාන්‍යයෙන් ඒය "නරක ළමයා" හැසිරීමක්  ලෙස ඉදිරිපත් වීමට  ඉඩ තිබේ.

මගේම දරුවන් සමඟ මගේ පුද්ගලික අත්දැකීම් තුළින්, දරුවන්ට වෙනත් හේතු නිසාත් නරක ලෙස හැසිරෙන බව මම සොයා ගත්තා. ඔවුන්ට වෙහෙසට පත්වීම, නිදිමත හෝ බඩගින්න නිසා සිදුවිය  හැකිය.

නැවතත්, එය ඔවුන්ගේ හැඟීම් සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි නොදැන සිටීම වේ.

මේක ළමයින්ට විතරක් නොවීම හාස්‍යට කරුණකි. ඔබ ඒ ගැන සිතන්නේ නම්, වැඩිහිටි අපි පවා වෙහෙසට පත්වන විට අප ටිකක් රලු විය හැකිය.

තවද, ඔබට යමක් අවශ්‍ය විට ඔබට වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි නම්, සිතින් මවා ගන්න. ගොඩක් කලකිරෙනවා නේද?

"නරක" දරුවෙකු සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අදහස් වලින් තොර වු අවස්ථා අපිට තිබෙන බව කියන්න අවශ්‍ය නැහැ.

එහෙනම් මෙතන අනෙක් මව්වරුන් අදහස් දක්වනවා. ඔවුන්ගේ දරුවන් නරකට හැසිරෙද්දී කරන්නේ මොනවද කියලා කියන ලෙස අප ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

මෙන්න ඔබට ප්‍රයෝජනවත් බව දැනෙන හොඳ අදහස් කිහිපයක් මෙහි දැක්වේ.

නරක ළමයා

ඔබේ 'නරක ළමයා' හොඳ ළමයෙක් කරන්නේ කෙසේද ?

1. ඔබ සමඟ කතා කරන ලෙස  ඔහුට  කියන්න

"මගේ හතර හැවිරිදි පුංචි  පුංචි පුතා නරකට හැසිරෙන විට මම ඔහු සමඟ වාඩි වී සිටින අතර ගැටලුව කුමක්ද කියා ඔහුගෙන් අසා දැනගැනීමට  මා උත්සාහ කරනවා. ඔහු එය මට පැවසු විට ඔහුගේ හැගීම හොද අතට හැරෙනවා. "- නාලීකා

සමහර අවස්ථාවලදී, ඔබේ පැටියාට ඔහුගේ හැගීම් ගැන  කතා කිරීමට  ඉඩ දීමෙන් ඔහුට අවැසි දේ ඔබට තේරුම්ගත හැකියි.

සම්පූර්ණ දරු වාක්‍යයන් හෝ වාක්‍ය කොටස් සන්නිවේදනය කිරීමට ඔබේ දරුවා කුඩා වැඩි නම්, "ඔබ දුකින්ද?" හෝ "ඔබට බඩගිනිද?" වැනි ප්‍රශ්න ඇසීමට උත්සාහ කරන්න.

එවිට, ඔහුගේ හිස  "නැත" ලෙස සෙලවීමට හෝ  "ඔව්"  ලෙස ඉහල පහල සෙලවීමට ඔහුට හැකි නම් ඔහුගේ නරක හැසිරීමට හේතු වෙන කාරණා පාලනයට මෙය උදව් වනු ඇත.

ගෘහ සේවිකාව

2. ඔබ කරන දේ නවත්වන්න, ඔබේ දරුවා විනාඩියකට පූර්ණ අවධානයක් දෙන්න.

"මට සහයකයෙක් නැති නිසා වැඩිපුරම ගෙදර වැඩ මා විසින්ම කරන්නෙමි. සාමාන්‍යයෙන් මම හොඳින් සැලසුම්  කර තිබුණත් සෑම විටම කාර්යබහුලයි.

"ඉතින් මගේ අවුරුදු දෙකක් වු දරුවා හැම දෙයක් දෙයකටම හැඩීමට  පටන් ගන්නා අවස්ථා තියෙනවා "

"මම විශේෂයෙන්ම අවධානයෙන්  වැඩක් කරන විට ඇයගේ හැඩීමට මම හුඟක් කේන්ති ගන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් මම කරන  දේවල් නවත්වා ඇයට මගේ පූර්ණ අවධානය දීමට මම අත්දැකීම් තුළින් ඉගෙනගත්තා.

"මම වැඩ කටයුතු මදකට නතර කර ඇය සමඟ ටික වේලාවක් ගත කිරීම අවැසි බව එය මට මතක් කල අතර, ඒ ඇයට අවශ්‍ය වන්නේ මම සෑමවිටම ඇය වටා සිටීම වීමත් , ඒ මගින් ඇයගේ නරක හැසිරීම  චේතනාව ඉවත් වීමත් සිදුවෙන නිසයි ." - ආනන්දි

3. වැලදගැනීම් හා සිපගැනීම් උත්සාහ කරන්න!

" එය දරුවාගේ වයස අනුව රදා පවතිනවා. මට දරුවන් තුන්දෙනෙකු ඉන්නවා. මගේ වයස අවුරුදු 8 ක් වන පුතුත් සමග මම ඒ ගැන කතා කරන්න උත්සාහ කලෙමි. ඔහුට එසේ හැඟෙන්නේ කොහොමද යන්නත්  එසේ හැඟෙන්නේ ඇයිදැයි යන්නත් මම විමසුවෙමි.

"මගේ අවුරුදු 5 ක් වු දරුවාටද එසේ කලෙමි. එකම දෙයකි. මගේ වයස අවුරුදු 1  වු  දරුවා සමඟ මම  කතා කරන්න උත්සාහ කරනවා. නමුත් ඇයට නිදිමතද, කුසගින්නෙන්ද බැලීමට උත්සාහ කරනවා."

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

"තුන්දෙනා වෙනුවෙන්  නරක ගතිගුණ ඉවත් කිරීමට සමත්  වැලදගැනීම්  හා සිපගැනීම්  ලබා දීමට  මතක තබාගන්නවා." - ටීනා

පුංචි හාදුවකට මෙපමණ දෙයක් කලහැකි වීම පුදුමයට කරුණකි. මෙම ඉගිය මම  නියත වශයෙන්ම උත්සාහ කරන අතර ඔබද එසේ කල යුතුය.

තරහ ගිය ළමයෙකුගේ හැසිරීම හා කටයුතු කිරීමට  විශිෂ්ඨ ක්‍රම දහයක්

4. අවධානය වෙනස් කිරීම ඔබේ රහස් අවිය විය හැකිය.

එක් මවක් පවසන අන්දමට සෙල්ලම් බඩුවක් කතන්දරයක් හෝ ගීතයක් මගින් ඇගේ නරකට හැසිරෙන දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීම පුදුමාකාර විදියට ක්‍රියාත්මක වෙනවා.

මෙම ක්‍රමය ඇත්ත වශයෙන්ම වචන භාවිතා කරමින් ඔවුන්ගේ හැඟීම් සන්නිවේදනය කිරීම නොහැකි  කුඩා දරුවන්ට ක්‍රියාත්මක වේ.

5. ඔවුන්ට යම් ඉඩක් ලබා දෙන්න.

එක් මවක් වන දානා  ඔබට තරමක් වැඩුණු  ළමයෙකුට භාවිතා කළ හැකි හොද  උපක්‍රමයක් බෙදා ගන්නවා.

ඇය මෙසේ පැවසුවාය. "මම හිතන්නේ  එයාලා නරකට හැසිරෙන්නේ ඇයි කියන එක මත එය රදා පවතිනවා. ඔවුන් මහන්සිය හෝ බඩගිනිනම් නම්, අපි මුලින්ම ගැටලුව විසඳීමට උත්සාහ කල යුත්තේ එය ඇත්තෙන්ම වැදගත් වෙන තේරුම් ගැනීම තුලිනි.

"නමුත්  අපි සියල්ලන්ටම සිදු වන සේ  ඔවුන් නරක හැසිරීම අවදි  කරයි නම්  මම ඔවුන් වැඩි ඉඩක් ලබා දීමට, මද නිහඩ කාලයක් ලබාදීමට සහ එම අවස්ථාවේ දී ඔවුන් ගෙන් අඩු ඉල්ලීම් ප්‍රමාණයක්  කිරීමට උත්සාහ කරමි.

"සාමාන්‍යයෙන් ඔවුන්  ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත් වෙනවා."

6. හාස්‍ය උපදවන දේ භාවිතා කරන්න.

සමහර විට, සියළුම ළමයින්ගේ නරක හැසිරීම ඉක්මවා යෑමට හොද සිනාහවක් අවශ්‍යයි.

මගේ වයස පහක් වු දරුවාගේ නරක හැසිරීම් සහිත දින වලදී මෙය පුදුම ලෙස ක්‍රියා කලා. ඇයගේ නරක හැසිරීම්  තත්වයක් ඇති වු විට

මම ඇයට  විහිළු කථා කීම හෝ අපි විසුළු මුහුණ සැදීමේ ක්‍රීඩාව  කිරීම  තුලින්  අප දෙදෙනා පළමුව සිනාසෙන්නා දෙස බලමින් විස්මිත ලෙසම විහිළුවූ මුහුණු සෑදීම කරනවා.

එය උත්සාහ කරන්න, එය සැබවින්ම ක්‍රියා  කරනවා.

7. ස්නානය කිරීම

සමහර මවුවරුන් කියා සිටියේ ඔවුන්ගේ දරුවන් ස්නානය කිරීම තුලින්   පුදුමය ප්‍රතිඵල අත්වෙන  බවයි.

8. ව්‍යායාම තුලින් නරක හැසිරීම පලවා හරින්න.

"මගේ වයස තුනක් වු  පිරිමි දරුවා නරකට හැසිරෙන  දවසක් වුණාම මම ඔහුව ක්‍රීඩා පිට්ටනියට යවා ඔහුටම එය දරාගන්න දෙනවා."

"මෙය ඔහුව වෙහෙසට පත් කළත්, දර්ශන වෙනස් කිරීම, අනිත් දරුවන් හා ක්‍රියාකාරකම් ඇත්තටම ඔහුගේ සිතුවිලි  වෙනස් කරනවා ." - ජෝයි

9. ළමයින්ට සෙල්ලම් කරන්නත් හැඩි කරන්නත් ඉඩදෙන්න

"අපේ ගෙදර නරකට හැසිරෙන දින බොහොම අඩුයි.අපේ දුව බොහෝ සෙයින් සතුටින් සිටින අවුරුදු දෙකහමාරක් වයසැති දරුවෙක් වෙනවා.  ඇය නරකට හැසිරේ නම් බොහෝ විට එයට  පාදක වූ හේතුවක් තිබේ

"කෙසේවෙතත්, කලාතුරකින් අපට මුහුණ දෙන්න වෙන මේ නරක හැසිරීම සදහා ඇයට හැඩි කරන්න ඉඩදීමෙන් ඇය සතුටට පත්වෙන බව අප දන්නවා."

"අපි සාමාන්යයෙන් ඇයට ජලය සමග  සෙල්ලම් කරන්න ඉඩ දෙනවා. එය පුදුම ලෙස ක්‍රියා කරනවා ." - ඇනා

10. බුබුළු සමග විනෝද වීමට ඉඩ දීමෙන් නරක සිතුවිලි පලවා හරින්න.

කුඩා ළමයින් නරක ලෙස හැසිරීමට හේතුව (පොදුවේ ගත් කල බඩගිනිවන, වෙහෙසට හෝ නිදිමත ගතිය යන ප්‍රධාන හේතු හැරුනු විට)  ඔවුන්ට කම්මැලිකම දැනීම වේ.

බුබුළු වලට ඕනෑම කුඩා දරුවෙකු විනෝද කළ හැකි අතර බුබුළු පසුපස ලුහුබැඳ යෑම තුලින්  ඉක්මනින් ඔවුන් යථා තත්වයට පත්වීම පුදුම සහගතයි.

ඔබේ පුංචි පැටියාගේ නරක හැසිරීම් හසුරවන්න මේ අම්මලාගේ අදහස් ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • හැසිරීම් රටාව
  • /
  • තරහ ගිය ළමයෙකුගේ හැසිරීම හා කටයුතු කිරීමට විශිෂ්ඨ ක්‍රම දහයක්
බෙදාගන්න :
  • නරකට හැසිරෙන දරුවන් යහමගට ගන්න සතියක අභ්‍යාසයක්

    නරකට හැසිරෙන දරුවන් යහමගට ගන්න සතියක අභ්‍යාසයක්

  • යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

    යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

  • නරකට හැසිරෙන දරුවන් යහමගට ගන්න සතියක අභ්‍යාසයක්

    නරකට හැසිරෙන දරුවන් යහමගට ගන්න සතියක අභ්‍යාසයක්

  • යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

    යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it