කැමරාවක ෆ්ලෑෂ් එළියෙන් දරුවන්ගේ ඇස් පෙනීම නැතිවී අන්ධභාවය ඇතිවිය හැකිද?

කැමරාවක ෆ්ලෑෂ් එළියෙන් දරුවන්ගේ ඇස් පෙනීම නැතිවී අන්ධභාවය ඇතිවිය හැකිද?

"කැමරාවක ෆ්ලෑෂ් එළියෙන්, දරුවෙකු අන්ධ විය හැකිද?": මෙය සත්‍යක්ද? ඔබේ දරුවාගේ අක්ෂි සෞඛ්‍යය ගැන ඔබ සැලකිලිමත් විය යුත්තේ කෙසේද? මෙම ලිපියෙන් සොයා ගන්න...

“කැමරාවේ ෆ්ලෑෂ් එළියෙන් දරුවන්ගේ ඇස් අන්ධවීම”: සත්‍යද අසත්‍යද? කෙසේ වෙතත්, ඔබේ කුඩා දරුවාගේ ඇස් වල සෞඛ්‍යය ගැන ඔබ සැලකිලිමත් විය යුත්තේ කෙසේද? මෙම ලිපියෙන් සොයා ගන්න …

එක් ඇසක අන්ධභාවයෙන් හා අනෙක් ඇසෙහි අර්ධ අන්ධභාවයෙන් පෙළෙන ළදරුවෙකු පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා ඇතැම් විට ඔබ කියවා ඇති.

theAsianparentහි අපට අවශ්‍ය වුනේ “කැමරා ෆ්ලෑෂ් අන්ධභාවය” ඇත්ත වශයෙන්ම සැබෑ වෛද්‍ය තත්වයක්ද යන්න සොයා බැලීමයි.

ඇත්තෙන්ම, අපි හැමෝම අපේ ළමයින්ගේ දස් කම් විස්කම් මෙන්ම විශේෂ අවස්ථා වල ඡයාරූප ගන්නට ඉතා කැමතියි.

මේ නිසා ඔවුන්ගේ ලස්සන ඡයාරූපගත කර්න්නේ ඔවුනට කිසිඳු හානියක් සිදුකිරීමේ අරමුණින් නොවෙයි.

ඉතින් අපි මේ මාතෘකාව ගැන අපේම පර්යේෂණයක් කළා. ළමා අක්ෂි හා ENT මධ්‍යස්ථානයේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සේනා ලිම් සමඟ ද අපි මේ කරුණු පිළිබඳ විශේෂඥ මතය විමසා සිටියා.

දරුවන්ගේ ඇස්

කැමරාවක ෆ්ලෑෂ් එළියෙන් දරුවන්ගේ ඇස් අන්ධ වීම

මිත්‍යාව ඉවත් කිරීම

“ඉඳහිට කැමරාවක ෆ්ලෑෂ් එළියක් / දීප්තිමත් ආලෝකයක් මගින් ළදරුවෙකුගේ ඇස්වලට හෝ ඇස් පෙනීමට හානි කළ හැකිය යන මිථ්‍යාව දුරු කිරීමට මම කැමතියි” යැයි වෛද්‍ය සේනා පැවසුවා.

ඇත්තවශයෙන්ම කියතොත්, අක්ෂි වෛද්‍යවරුන් විසින් අක්ෂි උපදේශන හෝ පරීක්ෂණ සඳහා භාවිතා කරනු ලබන “චක්ෂුරීක්ෂය” ඇය උදාහරණයක් ලෙස භාවිතා කරනවා.

දෘෂ්ටි විතානය පරීක්ෂා කිරීම සඳහා ඇසට දීප්තිමත් ආලෝකයක් යොමු කිරීමට චක්ෂුරීක්ෂය භාවිතා කරනවා. මේ සඳහා ඉන් නිකුත් කරන ආලෝකය ඉතා දීප්තිමත් වනවා.

කෙසේ වෙතත්, බහුවිධ පරීක්ෂණ සමඟ වුවද (අක්ෂි ආබාධයක් සඳහා අවශ්‍ය නම්) මෙම දීප්තිමත් ආලෝකය ළදරුවාගේ දෘෂ්ටි විතානයට හෝ ඇස් පෙනීමට හානි කරන්නේ නැහැ…

ඒ වගේම ඉඳහිට නිකුත් වන කැමරාවේ ආලෝකයෙන්ද එලෙසෙ හානියක් ඇසට අතිවන්නේ නැහැ.

දරුවාගේ ඇස් පෙනීම හා දෘෂ්ටි විතානයට හානිදායක වන්නේ ඇතැම් තරංග ආයාමයන් සහිත දීප්තිමත් ආලෝක ධාරාවන් බව වෛද්‍ය සීනා අනතුරු අඟවයි.

ඉතින් එම ආයාමයන් වලට අයත් ලේසර් ආලෝක කිරණ ඔබ නිසැකවම ඔබේ දරුවා අසල කොතැනකවත් භාවිතා නොකළ යුතුය.

camera flash blindness

කුඩා ටේලර්ගේ වම් ඇසේ දීප්තිය බලන්න? එය අක්ෂි පිළිකා රෝගයක ලක්ෂණයක් වන අතර එය කුඩා පිරිමි ළමයාගේ නැන්දනිය විසින්, ඔහුගේ ඡායාරූපයක් බැලීමේදී දිස්වනු දැක ඇත. ඔහු දැන් එම පිළිකාව සඳහා ප්‍රතිකාර ලබයි. ඡායාරූපය: ටීනා ට්‍රෙඩ්වෙල්ගේ ෆේස්බුක් පිටුවෙන්

කැමරාවක ෆ්ලෑෂ් එළිය යොදා ගත් ඡායාරූපයකින් හෙළි කළ හැකි දේ

ෆ්ලෑෂ් එළිය සමඟ ගත් ඡායාරූපවල ඔබේ දරුවාගේ එක් ඇසක සුදු හෝ කහ පැහැයක් දිස් වේනම්, එය ඇසේ සුද වැනි අක්ෂි රෝග ලක්‍ෂණයක් විය හැකියි.

බ්‍රිතාන්‍යයේ කුඩා දරුවෙකු වන ටේලර් ට්‍රෙඩ්වෙල්ගේ තත්වයට සමානව, සමහර අවස්ථාවල දක්නට ලැබෙන දීප්තිය ළමා අක්ෂි පිළිකා පිළිබඳ ඇඟවීමක් විය හැකියි.

ඔබේ දරුවාගේ ඇස්වල ඡායාරූපවල (හෝ වෙනත් ආකාරයකින්) අසාමාන්‍ය දෙයක් ඔබ දුටුවහොත්, කරුණාකර අක්ෂි වෛද්‍යවරයෙකුගෙන් ඒ ගැන විමසන්න.

ඔබගේ වැඩිහිටි දරුවාගේ ඡායාරූපයක්, ෆ්ලෑෂ් ඔන් කර ගත් විට “රතු ඇස” “red-eye” effect එකක් එක් ඇසක දක්නට ලැබේනම්, ඒ ඔහුගේ ඇස් නිසි ලෙස පෙලගැසී නැතිබව කියා පෑ හැකි ඉඟියක් බව පර්යේෂණවලින් පෙනී යයි.

සාමාන්‍යයෙන් “රතු-ඇස” විකල්පය යෙදූ විට, ඇස් දෙකම ඡායාරූපවල රතු පැහැයෙන් දිදුලයි.

නමුත් ඔබේ දරුවාගේ එක් ඇස් පමණක් රතු පැහැයෙන් දිස් වේ නම්, එයින් ඇඟවෙන්නේ ඔහු වැරදි ලෙස පෙළගැසුණු  සකස් කර ඇති ඇස් හෝ වපර බවක් (strabismus) ඇති බවයි.

ඔබේ අලුත උපන් බිළිඳාගේ දෑස් වල විටින් විට වපර ස්වභාවයක් දිස්වේ නම් ඒ ගැන තැති ගන්නට එපා.

විශේෂඥයන් පවසන්නේ මෙය සම්පුර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් වන අතර එය සැලකිලිමත් වීමට හේතුවක් නොවන බවයි.

ඔබ වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගත යුත්තේ මෙම අස්ථානගතවීම ස්ථාවරව තිබුනහොත් නම් පමණයි.

දරුවන්ගේ ඇස්

ළදරුවෙකුගේ වයස මාසයක් හෝ ඊට වැඩි වන තුරු ඔහුගේ ඇස් ආලෝකයට එතරම් සංවේදී නැහැ.

දරුවාගේ ඇස් සහ ආලෝකයට ඇති සංවේදීතාව

ඔබට අලුත උපන් දරුවෙකු සිටී නම්, ඔහුගේ ඇස් ආලෝකයට කෙතරම් සංවේදීද යන්න ගැන ඔබ කල්පනා කරනවා විය හැකියි.

ඇත්තවශයෙන්ම ඔවුන්ගේ ඇස් මේ අවදියේ ආලෝකයට වඑතරම් සංවේදී නැහැ. විශේෂයෙන්ම, දරුවාගේ පළමු මාසය තුළ එම සංවේදීතාව ඉතා අඩුය.

ඇත්ත වශයෙන්ම, “මාස 1 ක් වයසැති ළදරුවෙකුගේ පෙනීම සඳහා අවශ්‍ය වන ආලෝක ප්‍රමාණය වැඩිහිටියෙකුට වඩා 50 ගුණයකින් වැඩියි.”

ආචාර්ය සීනා තවදුරටත් විස්තර කරමින් පැවසුවේ, “සෑම පුද්ගලයෙකුටම පෙනීමට අවශ්‍ය ආලෝක දීප්තියේ ප්‍රමාණය එකිනෙකාගෙන් වෙනස් වුවත්, දීප්තිමත් ආලෝකයට වෙනස් පෞද්ගලික පර්‍යන්තයක් ඇත.

එයින් අදහස් කරන්නේ යම් මට්ටමක ආලෝකයක් තිබෙන විට, ඇතැම් පුද්ගලයින්ට මට්ටම ඉවසා දරා ගත හැකි අතර අනෙක් අයට එම ආලෝකය ඉතා දීප්තිමත් වන අතර ප්‍රකාෂ සංවේදීතාවක් (photosensitivity) අත්විඳිය හැකි” බවයි. ළදරුවන් සඳහාද මෙය සත්‍යයක්.

කෙසේ වෙතත්, වෛරස් කොන්ජන්ටිවිටිස්, අක්ෂි ආසාත්මිකතා, අක්ෂි සීරීම් සහ ඇස් දැවිල්ල වැනි ඇතැම් අක්ෂි තත්වයන්, කුඩා දරුවෙකුව තාවකාලිකව හෝ ආලෝකයට වඩාත් සංවේදී කළ හැකිය.

ෆොටෝෆෝබියා ලෙස හැඳින්වෙන තත්වය, ආලෝකයට අධික සංවේදීතාවයක් ඇති කරයි. දරුවෙකුට මෙම තත්වය තිබේ නම්, ඕනෑම ආකාරයක ආලෝක ප්‍රභවයක් (හිරු එළිය, ප්‍රතිදීප්ත ආලෝකය, තාපදීප්ත ආලෝකය) අසහනය ඇති කළ හැකියි.

ඒ අතර, සාමාන්‍යයෙන් දරුවා ඇස් පියාගෙන හෝ වසා දමයි.

විශේෂඥයන් පවසන්නේ හිසරදය සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ බොහෝ විට ෆොටෝෆෝබියා සමඟ සම්බන්ධ නමුත් දීප්තිමත් ආලෝකය සමඟ මෙම රෝග ලක්ෂණ වඩාත් දරුණු විය හැකි බවයි.

camera flash blindness

ඇසේ රතු පැහැය කොන්ජන්ටිවිටිස් රෝගයේ ඇඟවුමක් විය හැකිය.

ඔබේ කුඩා දරුවාගේ ඇස් පෙනීම සම්බන්ධ ගැටළු වල සංඥා

තම දරුවාගේ ඇස් පෙනීමේ ගැටලුවක් පෙන්නුම් කළ හැකි සලකුණු මොනවාදැයි දැන ගැනීම දෙමාපියන්ට සැමවිටම උපකාරයක් වේ.

ආචාර්ය සීනා පවසන පරිදි අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් මෙන්න:

  • මාස තුනකට පසු දරුවාට චලනයන් අනුගමනය කිරීමට සහ වස්තූන් දෙස හොඳින් බැලීමට නොහැකි වීම.
  • අක්ෂි අස්ථානගතවීම (“වපරය”):  එහිදී එක් ඇසක් නාභිගත වී ඇති අතර අනෙක් ඇස අභ්‍යන්තරයෙන්, පිටතින් හෝ සමහර විට ඉහළට අපගමනය වේ. මෙය සාමාන්‍යයෙන් මාස තුනෙන් පසුව සිදු වේ.
  • උපතේදී හෝ උපතින් පසු අක්ෂි චලනයන්.
  • වැඩිහිටි දරුවෙකු තුළ, දේවල් සොයාගැනීමට අපහසු වීම සහ/හෝ වස්තූන් පෙරළාගෙන යාම.
  • ඇස් අධික ලෙස ඉරීමෙන් හානි වීම, අවහිර වූ කඳුළු නල පෙන්නුම් කරයි.
  • අක්ෂි ආසාදනයක සංඥාවක් විය හැකි රතු හෝ කබොල සහිත ඇහි පිය.
  • “ඇස් ඉබාගාතේ යාම”, දුර්වල පෙනීම හෝ අක්ෂි මාංශ පේශි පාලනය කිරීමේ ගැටලුවක් සංඥා කරයි.
  • ඇසේ පීඩනය ඉහළ යාම හෝ ළමා ග්ලුකෝමා තත්වයක් පෙන්නුම් කළ හැකි ආලෝකයට අධික සංවේදීතාව.
camera flash blindness

ඔබේ දරුවාට මයෝපියාව තිබේ නම් සහ ඔබ ඔහුට ඇට්‍රොපින් අක්ෂි බින්දු සමඟ ප්‍රතිකාර කරන්නේ නම්, ඔහුගේ ඇස් හිරු එළියට නිරාවරණය වීමෙන් ආරක්ෂා කර ගැනීමට ඔහුට ෆොටෝක්‍රොමික් කාච අවශ්‍ය විය හැකිය.

ළමයින් සඳහා ඇති අක්ෂි සත්කාර පිළිබඳව දෙමාපියන් උපදෙස්

ඉඳහිට දීප්තිමත් විදුලි පහන් ඔබේ දරුවාගේ ඇස්වලට හානිකර නොවන බව ඔබ දැන් දන්නවා. කෙසේ වෙතත්, මයෝපියාව වැනි වෙනත් තත්ව තිබේද?

එසේ නම් ඔබේ දරුවාගේ ඇස්වලට ආලෝකයෙන්, විශේෂයෙන් හිරු එළියට නිරාවරණය වීමෙන් ආරක්ෂාව අවශ්‍ය වේ.

ඇට්‍රොපින් අක්ෂි බිංදු සමඟ ප්‍රතිකාර කිරීම නිසා ඔබේ දරුවාට මයෝපියාව ඇති අතර ඔහුගේ අහි බෝල නිරන්තරයෙන් අබලන් වී ඇත්ද?

එසේ නම් බොහෝ විට ඔහුට ෆොටෝක්‍රොමික් කාච අවශ්‍ය වනු ඇති බව වෛද්‍ය සේනා පෙන්වා දෙයි (එනම් හිරු එළියට නිරාවරණය වන විට අඳුරු හෝ සැහැල්ලු වන කාච).

“මෙම කාච මගින් පාරජම්බුල විකිරණවලින් ඔබේ දරුවාගේ ඇස් ආරක්ෂා වන අතර විවිධ ආලෝක තත්ත්වයන් සඳහා නිවැරදි ආරක්ෂාවක් ලබා දෙනු ඇත” යනුවෙන් වෛද්‍ය සේනා පවසයි.

ඔබේ දරුවා එළිමහනේ වැඩි කාලයක් ගත කරන්නේ නම්, ඔබ ඔහුට අව් කණ්ණාඩි පාරජම්බුල කිරණවලින් ලබා ගැනීම ගැන සලකා බැලිය යුතුය.

මෙය ඇසේ සුද ඉවත් කිරීම හා වයසට සම්බන්ධ අක්ෂි පරිහානියට සම්බන්ධ වී ඇති පාරජම්බුල කිරණවලට දිගු කාලීනව නිරාවරණය වීමෙන් ආරක්ෂාව සපයයි.

තවද, මෙම ඩිජිටල් යුගයේ දී වඩ වඩාත් සුලභ වී ඇති ඩිජිටල් අක්ෂි වික්‍රියා ලෙස හැඳින්වෙන තත්වයක් ඇති විය හැකි බැවින් ඔබේ දරුවා දිනපතා විද්‍යුත් උපාංගවලට නිරාවරණය වීම සීමා කිරීමට උත්සාහ කරන්න.

ළදරුවන් සහ ඔවුන්ගේ අක්ෂි සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත් කල, වෛද්‍ය සේනා මෙම උපදෙස් බෙදා ගනී:

  • නොමේරූ ළදරුවන්ට නොමේරූභාවයේ රෙටිනෝපති (retinopathy) ලෙස හැඳින්වෙන තත්වයක් ඇතිවිය හැකි අතර, මේ නිසා නිතිපතා හා පසු විපරම් අක්ෂි පරීක්ෂණ අවශ්‍ය වේ.
  • සැලකිය යුතු හෝ පාරම්පරික අක්ෂි රෝග පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇති ළදරුවන් ද නිරන්තර අක්ෂි පරීක්ෂාවන් සඳහා ගත යුතුය.ඔබේ දරුවාගේ පෙනීම උත්තේජනය කිරීම සඳහා ඉහළ ප්‍රතිවිරුද්ධ රටා හොඳ යැයි බොහෝ දෙනා විශ්වාස කරන අතරම, ළදරුවන්ට අළු සහ වෙනත් වර්ණවල සියුම් වර්ණ වෙන්කර හඳුනාගත හැකිය.

එබැවින් කළු, රතු සහ සුදු සෙල්ලම් බඩු නොමැති සාමාන්‍ය දෘශ්‍ය පරිසරයක් පොහොසත් හා උත්තේජනය කළ හැකිය. ඉතින්, අම්මේ, ඔබේ කුඩා දරුවාගේ කාමරය අලංකාර කිරීමේදී අලංකාර පැස්ටල් සෙවන සලකා බැලීමට පසුබට නොවන්න!

මාපියවරුණි, මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේ යැයි අපි බලාපොරොත්තු වෙමු. ඔබේ කුඩා දරුවන්ගේ ඒ සුන්දර දර්ශන දිගටම ඡායාරූපගත කරගෙන යන්න – ඔවුන් ඔය වයසේ සිටිනේ ඉතාම කුඩා කාලයක් පමණයි!

නමුත් ඔබේ කුඩා දරුවාගේ ඇස් හෝ ඇස් පෙනීම පිළිබඳ ගැටලුවක් ඇතැයි ඔබ සිතන්නේ නම්, වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට පසුබට නොවන්න.

ඔබේ දරුවා දෘෂ්ටි කෝණයෙන් හෝ වෙනත් අක්ෂි රෝගවලින් පෙළෙනවාද? පහත දැක්වෙන අදහස් දැක්වීමෙන් ඔබ මුලින්ම තත්වය දුටුවේ කෙසේදැයි අපට කියන්න.

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.