theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • COVID-19
  • Parent
    • Pregnancy
    • Pregnancy
    • Childbirth
    • Breastfeeding
  • Child's age and milestones
    • Infancy (under 12 months)
    • Early Childhood (between 1 and 3 years)
    • Preschool years (3 to 5 years)
    • Early Childhood (between 5 and 12 years)
    • Adolescence (between 12 and 19 years)
  • Parent Knowledge
    • Marriage and family life
    • Sexual knowledge
    • Advice to Parents
  • Health
    • Vaccination
    • Local medicine
    • Diseases and allergies
    • Accident and First Aid
    • Mental problems
    • Exercise
    • Wellness
  • Lifestyle
    • Meal Planning
    • Healthy eating habits
    • Recipes
  • Education
    • Preschool
    • Year 5
    • Secondary education
  • Food and nutrition

ෆෑන් පාවිච්චිය නිසා දරුවෙකුට නියුමෝනියාව වැළඳිය හැකිද?

7 min read
ෆෑන් පාවිච්චිය නිසා දරුවෙකුට නියුමෝනියාව වැළඳිය හැකිද?ෆෑන් පාවිච්චිය නිසා දරුවෙකුට නියුමෝනියාව වැළඳිය හැකිද?

Is it possible for a fan to cause pneumonia in toddlers?

වැඩිහිටි අප කුඩා අවදියේ නොයෙක් රෝග වලට හේතුකාරක විය හැකි යම් යම් දේ පිළිබඳව අපගේ දෙමාපියනට නොයෙකුත් විශ්වාස තිබුනා. නියුමෝනියාවට ප්‍රතිකාර

එවැනි අදහස් කිහිපයක් නම් “ෆෑන් එක ළග නිදා ගත්තොත් ලෙඩ වෙනවා”, “තෙත කොණ්ඩෙ පිටින් එළියට යන්න එපා”, “වැස්සට තෙමෙන්න හොඳ නැහැ, උණ ගන්නවා”, වැනි විශ්වාසයන්. ඉතින් මෙම විශ්වාසයන් වල සත්‍යතාවයක් තිබෙනවාද? අප දැන් කතා කරන්නට යන සිද්දියට අදාල මවක් නම් මේවා විශ්වාස කරනවා.

නිර්නාමිකව සිටීමට කැමති මේ මව, තම බිහිසුණු අත්දැකීම  ආසියානු මව් තායිලන්තය theAsianparent Thailand සමඟ බෙදා ගත්තා.

ඇය පවසන්නේ තම සිඟිති දරුවා  විදුලි පංකාවක් යට නිදාගෙන සිටි බවත්, ඉන් ඇයට නියුමෝනියාව වැළඳී ඇති බවත්ය.

මේ ඇගේ කතාවයි.

ෆෑන් එක යට නිදාගැනීම නිසා දරුවෙකුට නියුමෝනියාව වැළඳිය හැකිද? නියුමෝනියාවට ප්‍රතිකාර

තායිලන්තයේ වෙසෙන මේ අම්මා විශ්වාස කරන්නේ විදුලි පංකාවක් යට නිදාගැනීම ඇගේ දරුවාට පෙනහළු වල ප්‍රදාහයක් ඇතිවූ බවත් එය නියුමෝනියාවට හැරෙන්නට ඇති බවත්ය.

ඇය පවසන පරිදි, ඇගේ දරුවා සාමාන්‍යයෙන් ඉතා නිරෝගී ය. ඇගේ කුඩා දරුවාට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු පසු විදුලි පංකාවක් යට නිදා ගැනීම “ප්‍රසාරණය වූ පෙනහළු” නිසා නියුමෝනියාව වැළඳී ඇති බව අම්මා තරයේ විශ්වාස කරයි.

ඇයගේ කතාවට අනුව, පුංචි දරුවා දින තුනක් රෝහල් ගත කර සිට ඇති අතර, එහිදී රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා දරුවාගෙ ඛේටය එකතු කරන ලදී. වෛද්‍යවරයාගේ රෝග විනිශ්චය නියුමෝනියාව වූ බව මෙම අම්මා පවසනවා.

අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් පසු, දරුවාගේ රෝග ලක්ෂණ හොඳ අතට හැරෙමින් තිබුණා. කෙසේ වෙතත්, මෙම මවට තම දරුවාව හැකි තරම් විවේකයෙන් තබන ලෙසත්, වෛද්‍යවරයා විසින් උපදෙස් දුන්නා.

එමෙන්ම දරුවන්ට ශරීරය නිරාවරණය වන ලෙස, එනම් ඇඳුම් නොමැතිව නිදා ගැනීමට ඉඩ නොදෙන ලෙසත්, විදුලි පංකාව අධික ලෙස ක්‍රියාත්මක කරනවා වෙනුවට අඩු වේගයකින් ක්‍රියාත්මක කරන ලෙසත් වෛද්‍යවරයා දෙමාපියන්ට උපදෙස් දී තිබුනා.

දරුවෙකු ෆෑන් එක යට සිටීමෙන් නියුමෝනියාව වැනි රෝගයක් වැළදිය හැකිද යන්න පිළිබඳව ඔබටත් සැක පහළ වී තිබෙන්නට පුළුවන්.

අපටත් ඒ ගැන ගැටළු සහහත තත්වයක් තිබුනා. මේ නිසා මේ ගැන ගැඹුරු සමීක්ෂණයක් කර්න්නටත්, ඒ අනුව මිත්‍යා මත  ගැන විග්‍රහයක් කරන්නටත් අපි තීරණය කළා.

නියුමෝනියාවට ප්‍රතිකාර බැලීමට කලින් මුලින්ම බලමු මොකද්ද මේ නියුමෝනියාව කියල ?

infant pneumonia treatment

ඔබේ දරුවා කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි නියුමෝනියාවේ පොදු රෝග ලක්ෂණ පෙන්වන්නේ නම්, ළදරු නියුමෝනියා ප්‍රතිකාර අවශ්‍ය වනු ඇත. | ඡායාරූප මූලාශ්‍රය: Stock Photo

නියුමෝනියාව යනු කුමක්ද?නියුමෝනියාවට ප්‍රතිකාරනියුමෝනියාවට ප්‍රතිකාර

නියුමෝනියාව යනු පෙණහලු වල ඇතිවන ආසාදනයක්. ළමුන් තුළ පෙන්වන නියුමෝනියා රෝග ලක්ෂණ ඇති කරන ප්‍රධාන හේතුකාරකයක් වන්නේ පෙනහළු වල කෝෂ සැරවෙන් පිරී යාමයි.: උණ, වෙහෙස මහන්සි වී හුස්ම ගැනීම සහ සීතල දැනීම. ළමුන් තුළ මෙම රෝගය බහුලව දක්නට ලැබුණත් වැඩිහිටියන්ට නියොමෝනියාව වැළඳීමෙන් දරුණු ප්‍රතිවිපාක අත්දකින්නට පුළුවන්.

බොහෝ විෂබීජ – බැක්ටීරියා, දිලීර, වෛරස් (පරපෝෂිතයන් ඇතුළුව) මගින් නියුමෝනියාව ඇති වන්නට පුළුවන්.

ඕනෑම පුද්ගලයෙකු මේ රෝගය නිසා පීඩා විඳින්නට පුළුවන් – මහලු හා වැඩිමහල් අය පමණක් නොවෙයි.

කෙසේවෙතත්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහ අතිරේක සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින්ට ශ්වසන අපහසුතා, සෙප්සිස් සහ මරණය පවා ඇතිකල හැකි දරුණු සංකූලතා ඇති විය හැකියි.

මෙම තත්වය විවිධ රෝග ලක්ෂණ සහිතව ඉදිරිපත් කළ හැකිය:

  • හුස්ම ගැනීමේ අපහසුතා
  • 38.5 C හෝ ඊට අඩු උණ
  • ශරීරයට දැනෙන අපහසුතාව, උදාසීනකම
  • උගුරේ අමාරුව, සෙම්ප්‍රතිශ්‍යාව ගතිය, වෙව්ලීම, හිසරදය වැනි උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ
  • අඛණ්ඩ වියළි කැස්සක් (සමහර විට ශ්ලේෂ්මල සමඟ)
  • හුස්ම හිරවන ශබ්ද සමඟ වේගයෙන් හුස්ම ගැනීම
  • ආමාශයේ සහ පපුවේ වේදනාව දැනේ
  • වමනය
  • තරමක් කොළ පැහැති විය හැකි, ලේ හෝ මලකඩ රසැති ශ්ලේෂ්මල
  • දුර්වල පෝෂණය (ළදරුවන් තුළ) සහ ආහාර රුචිය අඩු වීම (වැඩිහිටි දරුවන් තුළ)

පෙනහළු වල කුමන කොටස ආසාදනය වී ඇත්ද යන්න මත පදනම්ව නියුමෝනියාව වැළඳුනු දරුවන්ගේ රෝග ලක්ෂණ වෙනස් වේ.

පෙනහළු වල මැද හෝ ඉහළ ආසාදනයක් වී නම්, ශ්වසන අපහසුතාවට නැතහොත් හුස්ම ගැනීම අපහසු වීමටද හේතු විය හැක; පහළ කොටසෙහි ආසාදනයක් ඇති වුවහොත් වමනය, ඔක්කාරය හෝ බඩේ අමාරුව ඇති විය හැක.

ඉතින්, ලොකුම ප්‍රශ්ණයට තවම පිළිතුරු සයාගහත්තේ නැහැ. විදුලි පංකාවක් යට නිදාගැනීම නිසා ඇත්ත වශයෙන්ම නියුමෝනියාව ඇති වන්නට පුළුවන්ද? සෙම්ප්‍රතිශ්‍යාව ගැන කුමක් කිව හැකිද? මෙන්න, අපි විද්‍යාව භාවිතා කරමින් ප්‍රබන්ධයෙන් සත්‍යය වෙන් කරමු.

ෆෑන් භාවිතය නිසා ඇත්තෙන්ම නියුමෝනියාව හැදෙනවාද?  නියුමෝනියාවට ප්‍රතිකාර මොනවාද?

බොහෝ දෙමව්පියන් පොදුවේ විශ්වාස කරන්නේ විදුලි පංකාවක් යට නිදා ගැනීමෙන් උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිය හැකි බවයි.

වෛද්‍ය අනේ භලේරාඕ (Dr. Anay Bhalerao), මෙම මිථ්‍යාව දුරු කරමින් කියා සිටියේ විදුලි පංකාවක් යට නිදා සිටියදී ශ්වසන මාර්ගයේ තදබදය, නාසය අවහිර වීම, හෝ නාසයෙන් හොටුදියර ගැලීම පවා ඇතිවිය හැකියි. නමුත් එය සෙම්ප්‍රතිශ්‍යාවක් ඇති නොකරයි.

සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන්නේ වාතයේ ඇති වෛරස් මගිනි. එමෙන්ම, නාසයෙන්  හොටුදියර ගැලීමත් සැමවිටම දරුවෙකුට සෙම්ප්‍රතිශ්‍යාව ඇති බවට ඇඟවීමක් නොවේ.

ඇත්ත වශයෙන්ම, නාසයෙන් හොටු ගැලීම, විදුලි පංකාවෙන් හෝ කාමරයේ දූවිලි පිපිරීමට ඇති අසාත්මිකතා නිසාද ඇතිවිය හැකි බව ඔහු පවසයි.

මේ නිසා විදුලි පංකාවක් යට නිදා ගැනීම මගින් ඔබේ කුඩා දරුවාට නියුමෝනියාව හැදීම අපහසු බව වෛද්‍ය අනේ පැහැදිලි කරනවා.

විදුලි පංකාවක් යට නිදා ගැනීම මගින් ඔබේ කුඩා දරුවාට නියුමෝනියාව වැළඳීමට හැකියාවක් නොමැති බව වෛද්‍ය අනේ පැහැදිලි කරයි:

වාතයේ ගුණාත්මකභාවයේ ඇති දුර්වල බව, තදබදය හෝ දූවිලි පවා නිසා දරුවාගේ නාසයෙන් හොටු ගැලීම සිදුවනවා. විදුලි පංකාවකින් වාතය සංසරණය වීමෙන් තත්වය තවත් උග්‍ර විය හැකි නමුත් නියුමෝනියාව ඇති නොවේ. නියුමෝනියාව සහ උණ වැනි තත්වයන් ඇති වන්නේ රෝග කාරක නිසා ය. මෙම රෝග කාරක සමීප සම්බන්ධතා ඇති පුද්ගලයින් අතර පැතිරෙයි. දරුවා මෙම රෝග කාරක සමඟ සම්බන්ධ වී අඩු ප්‍රතිශක්තියක් නොමැති නම්, ඔහුට උණ හෝ නියුමෝනියාව ඇති නොවනු ඇත.

තම දරුවාගේ නාසයෙන් හොටු දියර ගලන්නේ නම්, දෙමාපියන් කළ යුත්තක් වන්නේ, දරුවාගේ කාමරය පිරිසිදු කිරීම, හොඳින් වාතාශ්‍රය ඇති බව සහතික කිරීම සහ දරුවා හැසිරවීමට පෙර සහ පසු අත් සේදීම වැනි මූලික සනීපාරක්ෂාව අනුගමනය කළ යුතු බව  වෛද්‍ය අනේ නිර්දේශ කරයි. දරුවෙකු උණ ලක්ෂණ පෙන්වන්නේ නම් එය වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ඉඟි කිරීමකි. 

infant pneumonia treatment

ළදරු නියුමෝනියා ප්‍රතිකාරය: පංකා මගින් ළදරු නියුමෝනියාව ඇති කළ හැකිද? පෙනෙන විදිහට නම් එහෙම නැහැ. |ඡායාරූප: Stock Photo

ළදරු නියුමෝනියාවෙන් වැළකීම සහ ඉන් ආර්ක්ෂා වීම හා නියුමෝනියාවට ප්‍රතිකාර

ආරක්ෂා වීම

  1. නිතර නිතර හා නිවැරදිව අත් සෝදන්න (තත්පර 20 රීතිය අනුගමනය කරමින්)
  2. අසනීප දරුවෙකු සමඟ එකම කෝප්ප, තහඩු හෝ උපකරණ භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුය
  3. වෙනත් ආසාදන වැලැක්වීම සඳහා යාවත්කාලීන ප්‍රතිශක්තිකරණ තිබිය යුතුය
  4. ප්‍රමාණවත් නින්දක්, ප්‍රමාණවත් ව්‍යායාමයක් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට දරුවාට ඉඩ දීමෙන් දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න
  5. කිවිසුම් යන විට හෝ කහින විට ලේන්සුවකින් කට වසාගන්නට  ඔබේ දරුවා දිරිමත් කර ඉන්පසු අත් සෝදන්න.
  6. සෙම්ප්‍රතිශ්‍යාව හෝ කැස්ස සමඟ සිටින විට ශල්‍ය වෙස්මුහුණක්  (Face mask) පළඳින්න
  7. ජීවිතයේ මුල් මාස හය තුළ පමණක් මව්කිරි දීම දරුවෙකුගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට උපකාරී වේ.

ඔබේ දරුවා උණ, කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ වලින් පෙළෙනවා නම් කරුණාකර ප්‍රමාද නොවී වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

ඔවුන්ට නිවැරදි රෝග විනිශ්චයක් ලබා දීමට සහ ඵලදායී ප්‍රතිකාර ලබා දීමට හැකි වනු ඇත.

නියුමෝනියාව සාමාන්‍යයෙන් රෝග කාරක නිසා ඇති වන බැවින් එය වළක්වා ගත හැකි හොඳම ක්‍රමය ඔබේ දරුවාට එන්නත ලබා දීමයි.

උණ නියුමෝනියාවට හේතු විය හැකි බැවින් දෙමාපියන් තම දරුවාට සෘතුමය උණ එන්නතක් ලබා ගැනීම පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් නියුමොකොකල් එන්නත ලබා ගැනීම පිළිබඳව ද සලකා බැලිය යුතුය.

ප්‍රතිකාර

නියුමෝනියාව ඇති කරන වෛරසයේ විශේෂිත බැක්ටීරියා මත පදනම්ව ඔබේ වෛද්‍යවරයා ඖෂධ නියම කරනු ඇත. පොදුවේ, නමුත්:

  • බැක්ටීරියා ආසාදනයක් යහපත් වීමට ප්‍රතිජීවක අවශ්‍ය වේ.
    • සාමාන්‍යයෙන් ප්‍රතිකාර සඳහා දින  7 සිට 10 දක්වා කාලයක් ගත වේ.
    • මෙම ප්‍රතිජීවක ඖෂධ, වෛද්‍යවරයා විසින් නියම කළ පරිදි අවසන් කළ යුතු බව සලකන්න. ප්‍රතිජීවක ඖෂධ අසම්පූර්ණ ලෙස ගැනීම මගින් දරුවා සුවය ලැබීමට ගත  වන කාලය දීර්ඝ විය හැකි අතර එමඟින් දරුවාගේ අසහනයද වැඩිවී වී ඔහුගේ දෛනික ක්‍රියාකාරකම් කෙරෙහිද එය බලපානු ඇත. 
  • වෛරස් ආසාදනයක් සඳහා ප්‍රතිවෛරස් ඖෂධ අවශ්‍ය වන්නේ වෛරස් ආසාදන වලට ප්‍රතිජීවක ඖෂධ මගින් සුවයක් ලබාගත නොහැකි නිසයි. 
    • වෛරස් ආසාදනය දරුණු තත්වයක නොවේ නම්, පූර්ණ විවේකය, සමබර ආහාර හා තරල බහුලව ගැනීම මගින් රෝග තත්වය සමනය කිරීමට එය උපකාරී වේ.
    • ව්‍යායාම කිරීමෙන් වැළකී වෙනත් දරුවන් සමඟ සම්බන්ධතා අවම කිරීම සහ ක්‍රීඩා හෝ සමාජ ක්‍රීඩා වැනි ගෘහස්ථ හෝ එළිමහන් ක්‍රියාකාරකම් අවම කිරීම කළ යුතුයි.

නිවසේදී ඔබේ දරුවාගේ සුවය වේගවත් කිරීම සඳහා පහත ආකාරයට ඔබට උදව් කළ හැකියි:

  • දරුවාට හැකි තරම් පලතුරු යුෂ, හෝ මී පැණි, සුප් හෝ කැඳ වැනිදියර වර්ග වැනි දියර වර්ග ලබා දීම.
  • ඔබේ දරුවාට පපුවේ වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති වුවහොත් පපුවේ ප්‍රදේශය මත උණුසුම් රෙදි කෑල්ලකින් තවන්න.
  • නියමිත කාලසටහනට අනුව දරුවා නියමිත ඖෂධ ලබා ගැනීමට වග බලා ගන්න. එවිට බැක්ටීරියා සම්පූර්ණයෙන්ම තුරන් වේ.
  • ඔබේ දරුවාට උණ වැළඳී ඇත්නම් ඔහුගේ නළල සිසිල් රෙදි කඩමල්ලකින් තවන්න. යම් සුවපහසුවක් සහ සහනයක් ලබා දීම සඳහා ඔබට කාමර උෂ්ණත්වයේ ජලයෙන් (අයිස් කළ ජලය නොවේ) තැවිය හැකිය.
  • ඔබේ දරුවා තෙහෙට්ටු ගතියකින් පෙලේ නම් ආහාර රුචිය නැති වී නම් ඉවසිලිවන්තව සිට ඔහුව සනසන්න.

මෙහි මුල් ලිපිය තායි භාෂාවෙන් ලියනු ලැබුවේ ජෑස් ටුලියා විසිනි. එය පරිවර්තනය කොට තවදුරටත් සංස්කරණය කරන ලද්දේ කෙවින් විජය ඔයි විසිනි. පසුව එය theAsianparent Thailand. අවසරය ඇතිව නැවත ප්‍රකාශයට පත් කරන ලදී.

යොමුව: American Lung Association

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Got a parenting concern? Read articles or ask away and get instant answers on our app. Download theAsianparent Community on iOS or Android now!

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • ෆෑන් පාවිච්චිය නිසා දරුවෙකුට නියුමෝනියාව වැළඳිය හැකිද?
Share:
  • දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්

    දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්

  • බබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්න

    බබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්න

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්

    දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්

  • බබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්න

    බබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්න

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

Get advice on your pregnancy and growing baby. Sign up for our newsletter
  • Parent
    • Pregnancy
    • Pregnancy
    • Breastfeeding
  • Child's age and milestones
    • Infancy (under 12 months)
    • Early Childhood (between 1 and 3 years)
    • Preschool years (3 to 5 years)
    • Adolescence (between 12 and 19 years)
  • Education
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • Year 5
  • Health
    • Diseases and allergies
    • Local medicine
    • Vaccination
    • Mental problems
    • Food and nutrition
  • Lifestyle
    • Marriage and family life
    • Sexual knowledge
    • Recipes
    • Finance
    • Fashion and Beauty
    • Famous Stars
    • Leisure and travel
  • More
    • TAP Community
    • Advertise With Us
    • Contact Us
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
About Us|Team|Privacy Policy|Terms of Use |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it