theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මිය යන්න කලින් අලුත උපන් සහොදරියගේ ආදරය විදි සහොදරයෙක්

3 අවම කියවීම
මිය යන්න කලින් අලුත උපන් සහොදරියගේ ආදරය විදි සහොදරයෙක්මිය යන්න කලින් අලුත උපන් සහොදරියගේ ආදරය විදි සහොදරයෙක්

ළමා වියේ පිළිකාව එක්ක අවුරුද්දක් විතර සටන් කරපු බෙලී කූපර් මිය ගියා. ඒ්ත් අවසාන සුසුම හෙලන්න  කලින් ඔහු තම අලුත උපන් සොහොයුරියගේ ආදරය විදින්න ඔහු වාසනාවන්ත වුනා.

එංගලන්තයේ බේලී කූපර් මිය යන්නට පෙර ලොකු අයියා කෙනෙක් වුනා.

ඔහුගේ මව වන වයස 28 වු  රාචෙල් කූපර්  නත්තල් කාලයේදි  සිය වැඩිමහල් පුතා මිය යන්න සතියකට පෙර ඇයගේ තුන්වන දරුවා බිහි කළා.

මරණය පෙනී පෙනී  අලුත උපන් සොහොයුරිය හමු  වු සොහොයුරෙක්

"බේලී අලුත් සොයුරිය හමුවෙන්න දැඩි උනන්දුවක් තිබුනා. " ඔහුගේ පියා වන ලී කූපර්  ඉන්සයිඩ් එඩිෂන් වෙත පැවසුවා. " ඔවුන් හොඳ මිතුරන් මෙන්ම සහෝදර සහෝදරියන් වෙන්න තිබුන අතර ඔවුන් කිසිදා වෙන් කල නොහැකි වන්න තිබුනා."

මිය යන්න පෙර දවස ඔහුගේ ආදරණීය පුංචි නංගිට  ආදරය දක්වන්න ගතකලා.

"බේලී, මිලී සමග ආදරයෙන් වෙලී සති තුනක ආදරය උපරිමයෙන් වින්දා," ඔහුගේ තාත්තා පැවසුවා.

ඔවුන් එකට ජීවත් වු කෙටි කාලයක දී බේලී විසින්  සිය ශාරිරික ශක්තිය හීන වන තුරුම සිය සහොදරිය පෝෂණය කරමින්, ඇයගේ ඩයපර්ස් මාරු කරමින්, නැලවිලි ගී ගායනා කරමින් නිදිකරවමින් ඇයව සුරතල් කලා.

බේලී සිය මව ගර්භණී බව දැන ගන්නත් පෙර නන් හොඩ්කින් ලිම්ෆෝමාව නැමති රොගයට ගොදුරුව ඇති බව සොයා ගත්තා.

බේලී ප්‍රථම වරට 2016 වසරේ මැද භාගයේදී නන් හොඩ්කින් ලිම්ෆෝමාව රෝගයෙන් (ළමා වියේ පිළිකාව ) 3 වන අදියරේ තත්වයකින් පෙළෙමින් සිට හමුවී ඇත. ඔහු දෙවරක් ප්‍රතිකාර ලබා ගත්තත් 2017 අගෝස්තු මාසයේදී පිළිකාව නැවත වර්ධනය වී ඇති බව වෛද්‍යවරු දුටුවා.

"ගැබ්ගැනීමේදී මමත් , මගේ බිරිඳත්, ඔහුගේ වෛද්‍යවරුත් ඔහු සිය බාල සොහොයුරිය මුණ ගැසේවි යැයි සිතුවේ නැහැ" බෙලීගේ පියා සිහිපත් කලා.

මේ නිර්භීත පිරිමි දරුවා  තම දෙමාපියන්ට පවසා ඇත්තේ තම මරණයෙන් පසුව ඔවුන්ට හැඩීමට අවසර ලැබෙන්නේ විනාඩි විස්සක් පමනක් බවය.

අපේ හද පිරි කණගාටුව මේ පුංචි පුතාගේ පවුල වෙත පිරි නමන අතර මේ  අසීරු සමය ගත කිරීමට ඔවුනට ශක්තිය ලැබේවා.

දරුවන් තුල නන් හොඩ්කින් ලිම්ෆෝමාව ළමා වියේ පිළිකාව): දෙමාපියන් දැන ගත යුතු සලකුණු

නන් හොඩ්කින් ලිම්ෆෝමාව (Non-hogkins lymphoma) යනු පිළිකා වර්ගයකි. මෙය අපේ සිරුරේ රොග හා ආසාදන වලට එරෙහිව  සටන් කරන වසා පද්ධතියට පහර දෙයි. මෙය පිළිකාව වර්ධනයට අත් වැලක් වන අතර සිරුරේ අනෙක් අවයව වලටද පැතිර යයි.

දරුවන් තුල මේ රෝග ලක්ෂණ නොපෙන්වීම කණගාටුවට කරුණකි. එය ඉක්මනින්ම වර්ධනය වන අතර බොහෝ  විට හදුනා ගත හැක්කේ දරුවා 3 හො 4 අදියරේ සිටියදි පමණි.

ඒ්වා එකවර හෝ එකම ආකාරයකින් නොපෙනුනත් සැලකිලිමත් විය යුතු රොග ලක්ෂණ ඇත.

•වසා ගැටිති වේදනාව (බෙල්ල, පපුව, කිහිලි , ඉකිලි )

•උදරය වැඩිවීම හො  වේදනාව

•උණ රෝගය

•මළබද්ධය

•අඩු ආහාර රුචිය

•හදිසි බර අඩු වීම

•ශ්වසනය දුෂ්කරතා හෝ ඇදුම

•හිස සහ අත් වල නිල් පාට වෙනස්කම්

•උගුර වණ වීම

•රාත්‍රියේ දහඩිය දැමීම

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

•ඇටකටු හා සන්ධිවල වේදනාව

•පහසුවෙන් විඩාපත් වීම

•සම  කැසීම

• නිරන්තර හා දිගු කාලීන ආසාදන

ඉහත සඳහන් කළ ලක්ෂණ හා රෝග ලක්ෂණ ගැන ඔබට කිසියම් ගැටලුවක් තිබේ නම්, හැකි ඉක්මනින් ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

ඔබ වැඩිපුර නොදත් ළමා වියේ පිළිකාව  ගැන මේ දැනුවත් කිරීම theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • මිය යන්න කලින් අලුත උපන් සහොදරියගේ ආදරය විදි සහොදරයෙක්
බෙදාගන්න :
  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it