theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළදරු කාර් සීට් (Car Seat) භාවිතයෙන් ලැබෙන ඔබේ දරුවාගේ ආරක්ෂාව

3 අවම කියවීම
ළදරු කාර් සීට් (Car Seat) භාවිතයෙන් ලැබෙන ඔබේ දරුවාගේ ආරක්ෂාවළදරු කාර් සීට් (Car Seat) භාවිතයෙන් ලැබෙන ඔබේ දරුවාගේ ආරක්ෂාව

දරුවා උපන් මොහොතේ පටන් වාහනේ ගමන් කරන විට කාර් සීට් එකක් පාවිච්චි කිරීම ඉතාමත්ම වැදගත්.

2017 නුවරඑළිය ප්‍රදේශයේ මෝටර් රථයක ඉදිරිපස අසුනේ වැඩිමහල් අයෙකුගේ ඔඩොක්කුවේ ගමන් ගත අට හැවිරිදි දරුවකු මෝටර් රථ ගැටීමකදී වීසි වී  මිය යාමේ අනුවේදනීය පුවතක් Sunday Times පුවත් පතින් වාර්තා වනවා. මෙම පුවතෙහි සඳහන් වුයේ අසුනේ සිටි කෙනා ආසන පටි පැළඳ සිටියද, දරුවා අසන පටි පැලඳ නොසිටි බැවින් වීසි වී ඉදිරිපස වීදුරුවේ ගැටී මිය ගිය බවයි. ළදරු කාර් සීට් එකක දරුවා සිටියා නම් තාමත් ජීවිතුන් අතර කියා අපි සිතනවා.

රට පුරා විශේෂයෙන්ම කොළඹ නගරයේ වාහන තදබදය ඉතාම උත්සන්නයි. මෙයින් රට තුල කෙතරම් වාහන ප්‍රමාණයක් සංසරණය වනවාදැයි හිත ගන්නට පුළුවන්. අප දැන් පොදු ප්‍රවාහන සේවයන් පාවිච්චි කරන දරුවන්ට වඩා මෝටර රථ වල ගමන් කරන දරුවන් වැඩිද මන්දා.

ළදරු කාර් සීට් (Car Seat) භාවිතයෙන් ලැබෙන ඔබේ දරුවාගේ ආරක්ෂාව

බටහිර රට වල ඉදිරිපස අසුන් වල පමණක් නොවේ, පසු පස අසුන් වල ගමන් ගන්නා මගීන්ද ආසන පටි පැළඳවීම අනිවාර්ය වන අලුත උපන් බිලිඳාගේ පටන් සියළුම දරුවන් ළදරු කාර් සීට් (car seat) එකක් භාවිතා කිරීම අනිවාර්ය වනවා.

දෙමාපියන් හැටියට රටේ නීති පනවන තුරු නොසිට ආසන පටි භාවිතා කිරීමට උත්සුක වී ඒ ගැන දන්නා හැමෝම දැනුවත් කර ආසන පටි පැළඳවීමටත් දරුවන් ගමන් ගන්නා විට car seat භාවිතය අනිවාර්ය කිරීමටත් ඔවුන් දිරි ගැන්විය යුතුයි.

ළදරු කාර් සීට් (Car Seat) භාවිතයෙන් ලැබෙන ඔබේ දරුවාගේ ආරක්ෂාව

දරුවන්ට ළදරු කාර් සීට් (Car Seat) භාවිතා කිරීමේදී දැනගත යුතු කරුණු

Car seat එකක් තෝරා ගන්නේ කෙසේද?

දරුවාගේ වයසට හා බරට සරිලන car seat එකක් මිලදී ගත හැකි නම් වඩාත් සුදුසුයි. දැන් ලංකාව පුරා ළමා භාණ්ඩ අලෙවිසැල් වලින් මෙම ළදරු මෝටර් සීට්   මිලදී ගත හැකි වන අතර එසේ නොමැති නම් Amazon.com වැනි වෙබ් අඩවි ඔස්සේද මේවා මිලදී ගත හැකියි. සංකුල නොමැති සරල නමුත් ශක්තිමත් ප්‍රමිතියෙන් යුතු එකක් තෝරා ගැනීම වැදගත්. වඩාත් යෝග්‍ය වන්නේ යමෙක් කලින් පාවිච්චි කල car seat එකක් පරිහරණය කිරීමයි. මෙයින් මුදල් හා පරිසරය දෙකම සුරැකෙනවා.

Car seat එකක් භාවිතා කිරීම ඇරඹිය යුත්තේ කුමන වයසේදීද?

Car seat) භාවිතය දරුවා උපන් මොහොතේ පටන්ම කල යුතුයි. ඇතැම් බටහිර මෙන්ම මැද පෙරදිග රට වලද දරුවා ඉපදී රෝහලෙන් පිටව යන මොහොතේ පටන් car seat එක මත දරුවා ගෙන යාම අනිවාර්ය කරනවා. ඒ උපන් මොහොතේ පටන් ආසන පටි පැළඳවීමේ නිතිය ක්‍රියාත්මක කරමින්.

කුමන වයස දක්වා ළදරු කාර් සීට් භාවිතා කල යුතුද?

  • වයස 0 සිට 2 දක්වා car seat එක පසුපස අතට හරවා පාවිච්චි කල යුතුයි.
  • වයස 2 සිට 7 දක්වා car seat එක සාමාන්‍ය දිශාවට හරවා පාවිච්චි කල යුතුයි.
  • වයස 4 සිට 12 දක්වා car seat එක වෙනුවට Booster සීට් එකක් පාවිච්චි කල හැකියි.
  • වයස අවුරුදු 8න් ඉහළ දරුවන් බොහෝ විට උසෙන් වැඩි ඇති අතර සාමාන්‍ය පසුපස අසුනේ  ආසන පටි පළඳවා ගමන් කල හැක.

ළදරු car seat වාහනයට සවි කරන්නේ කෙසේද?

බිළිඳෙකු රැඳවිම සඳහා ළදරු කාර් සීට් (car seat) එක සාමාන්‍යයෙන් සවි කරනුයේ ආසනයේ විරුද්ධ දිශාවට. Car Seat එකේ එන උපදෙස් නිවැරදිව කියවා බලා නිසි ලෙස ළදරු කාර් සීට් (car seat) එක වාහනයට සවි කිරීම ඉතාමත්ම වැදගත්.

ළදරු කාර් සීට් (Car Seat) භාවිතයෙන් ලැබෙන ඔබේ දරුවාගේ ආරක්ෂාව

 

ලංකාවේ Car seat භාවිතයේදී ඇති විය හැකි අභියෝග

ලංකාවේ ඇති විය හැකි ලොකුම අභියෝගය වන්නේ මේ භාවිතය තවම ලංකාවේ ප්‍රචලිත නොමැති බැවින් ළදරු කාර් සීට් (car seat) එක පාවිච්චිය සම්බන්ධයෙන් ඔබව ඔබේ යහළු මිතුරන් ඔබව දිරිමත් නොකළ හැකියි.

විශේෂයෙන් ආච්චිලා සීයලා මෙය හෙලා දැකීමට ඉඩ ඇත්තේ “දරුවා  පවු” “දරුවා හිර කරලා දාල” වැනි දේ පවසමින් ඔබව අධර්යමත් කල හැකියි. මේවයින් නොසැලී මෙයින් වන ආරක්ෂාව ගැන අනෙක් අයවත් දැනුවත් කර ක්‍රියාත්මක කිරීම වැදගත්.

ඔබේ දරුවා උපන් මොහොතේ පටන් ළදරු කාර් සීට් (car seat) එකට හුරු කිරීමෙන් දරුවා එයට සතුටින් හුරු වන අතර පසු කාලීනව වෙනවා ඒවාට හුරු කිරීම අවශ්‍ය වන්නේ නෑ. එම හොඳ පුරුදු දරුවන්ගේ දරුවන්ටත් පවත්වාගෙන යා හැක්කේ අපි ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන්. ඔබට කිසි සේත්ම ළදරු කාර් සීට් (car seat) එකක් පාවිච්චි කිරීමට නොහැකි කෑමක් තිබේ නම් පමණක් දරුවා පසු පස අසුනේම පමණක් ගෙන යන්න.

කොයිම මොහොතකවත් දරුවා ඉදිරිපස අසුනේ ගෙන යන්නට එපා!

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • ළදරු කාර් සීට් (Car Seat) භාවිතයෙන් ලැබෙන ඔබේ දරුවාගේ ආරක්ෂාව
බෙදාගන්න :
  • මවගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය තුල අවසන් ගමන් ගිය ළදරු සහෝදරියෝ

    මවගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය තුල අවසන් ගමන් ගිය ළදරු සහෝදරියෝ

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • මවගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය තුල අවසන් ගමන් ගිය ළදරු සහෝදරියෝ

    මවගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය තුල අවසන් ගමන් ගිය ළදරු සහෝදරියෝ

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it