theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාව වඩාගෙන ඉන්න එකෙන් එයාව නරක් කරනවද?

2 අවම කියවීම
බබාව වඩාගෙන ඉන්න එකෙන් එයාව නරක් කරනවද?බබාව වඩාගෙන ඉන්න එකෙන් එයාව නරක් කරනවද?

පුංචි කිරිකැටියාගේ සුරතල් විඳීම තරම් හොඳ කාලයක් දෙමාපියන්ට නැති තරම්. එහි ගෙවෙන හැම තප්පරයක්ම නැවුම් වෙන්නේ ඒ නිසයි. ඒ නැවුම් බව විඳින්න

අලුතෙන් දෙමාපියන් වුන අයට එහෙන් මෙහෙන් ඇහෙන අවවාද වල ඉවරයක් නැහැ. ඒ වගේ ඇසු අදහසක් තමයි “ඕනෑවට වඩා බබාව වඩාගැනීම කරන එකෙන් එයාව නරක් වෙනවා”.

මගේ දුව ඉපදුනාම මගේ නෑයන් යාලුවෝ මට විවිධ උපදෙස් දුන්නා. ඊට පස්සේ සූප්පුව දරුවට හුරු කරන එක ගැන කියන්න ගත්තා. පස්සේ දරුවාව ඕනෑවට වඩා වඩාගෙන ඉඳලා නිකං නරක් කර ගන්නවා කියලා කිව්වා. මේ පැටියව දැක්කහම වඩාගන්නෙ නැතුව ඉන්න පුළුවන්ද? ඒත් අම්මා කෙනෙක්ගේ ස්පර්ශය දරුවෙකුට නරකක් වෙනවද? නමුත් ඔවුන්ට ඒ හැම එකටම උත්තර තියෙනවා.

බබාව වඩාගෙන ඉන්න එකෙන් එයාව නරක් කරනවද?

මම ඇයව වඩාගෙන ඉන්නවට වඩා ඒ වෙලාවේ විවේක ගන්න එක හොඳයි. ඇය අඬනකොට ඇයව වඩාගන්න යෑමෙන් මේක පුරුද්දක් කරගෙන හැම වෙලාවේම එයා ඒක කරන්න ගන්නවා. ඒ වගේම අම්මා හැම වෙලාවෙම එයා ළඟ නැති බවත් මම ප්‍රසූත නිවාඩු අවසන් වෙලා සේවයට යනකොට ඇය හුඟක් පෙරලි කරන්න ඉඩ තියෙනවලු.

ඉතින් මට මේකට තර්ක කරන්න තරම් කරුණු තිබුණේ නැහැ. මේ මොහොත හැමදාම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ හැම මොහොතක්ම වටිනවා. දැන් අවුරුදු 8 ක්ම ගතවෙලා. තාමත් මගේ කම්මුල් සිඹිමින් දුවන පනින දුව දැක්කහම මට ඇගේ වරදක් පෙන්නේ නැහැ.හුඟක් අම්මලා මාත් එක්ක එකඟ වෙයි කියලා මට හිතෙනවා.

බබාව වඩාගෙන ඉන්න එකෙන් එයාව නරක් කරනවද?

ඔබ දන්නවද? මෑතකදී කළ පර්යේෂණ වලට අනුව මේ අම්මගේ ක්‍රමය ඉතා සාර්ථක බවත් විශේෂයෙන් අඩු මාසයෙන් ඉපදෙන දරුවන්ට සමට සම ස්පර්ශ වීම මගින් අධික්‍රියාකාරිත්වය හා නුරුස්සන ගති ඇති වෙන්නේ නැහැ කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේම තවත් අධ්‍යනයකදී දරුවන්ගේ මුල් කාලයේදී සම්පූර්ණ කාලය සමට සම ගැටෙන සේ හා පපුවේ උණුසුම ළඟ වැඩීම නිසා හා මව්කිරි ලබාදීම නිසා දරුවාගේ හැඬීම අඩුවන අතර ඉතා යහපත් ප්‍රතිඵල ගෙනදෙන බව කියවෙනවා.

ඒ වගේ දරුවාව තමන් ළඟම වඩාගෙන තියාගැනීම නිසා නිතර දරුවට කිරි දීමත් කරන්න පුළුවන්. දරුවා වඩාගැනීම, සිපගැනීම, තුරුල් කර ගැනීම, උණුසුම්ව තැබීම වැනි හැම දෙයකින්ම ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බවයි. මේ අතරට

  • දෙමාපියන්ගේ ස්පර්ශය , ආදරය පිළිගැනීම හා ආරක්ෂාව දනවනවා.
  • වැඩිය කරදර කරන්නේ නැහැ වගේම පහසුවෙන් ඉන්නවා.
  • මොලයේ වර්ධනය හොඳින් සිදුවෙනවා.
  • අඩු මාසයෙන් ඉපදුන දරුවන් හා අනෙක් දරුවන්ගේ වර්ධනය වේගවත් කරනවා.
  • දෙමපියන්වත් සැහැල්ලු කරන අතර ප්‍රසූත පසු විශාදය ඇතිවීම වළකනවා.

දරුවාගේ සෞඛ්‍යය

ඉතින් ඊළඟ දවසේ ටිකක් කරුණු දන්නවා කියලා හිතලා කතා කරන නැන්දා හරි අක්කා කෙනෙක් හරි බබාව වඩාගැනීම ගැන ඔබට ඇඟිල්ල දික් කරනවා නම් දැන් දෙපාරක් හිතන්න දෙයක් නැහැ.

පුංචි කිරිකැටියාගේ සුරතල් විඳීම තරම් හොඳ කාලයක් දෙමාපියන්ට නැති තරම්. එහි ගෙවෙන හැම තප්පරයක්ම නැවුම් වෙන්නේ ඒ නිසයි. ඒ නැවුම් බව විඳින්න මේ ආදරය ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka වෙතිනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවන්
  • /
  • බබාව වඩාගෙන ඉන්න එකෙන් එයාව නරක් කරනවද?
බෙදාගන්න :
  • ගොඩාක් බබාලා පියාට වඩා මවට  කැමති ඇයි?

    ගොඩාක් බබාලා පියාට වඩා මවට කැමති ඇයි?

  • අඬන පැටියා වඩා ගන්න එක එයාව නරක් කිරීමක් නෙමෙයි

    අඬන පැටියා වඩා ගන්න එක එයාව නරක් කිරීමක් නෙමෙයි

  • ගොඩාක් බබාලා පියාට වඩා මවට  කැමති ඇයි?

    ගොඩාක් බබාලා පියාට වඩා මවට කැමති ඇයි?

  • අඬන පැටියා වඩා ගන්න එක එයාව නරක් කිරීමක් නෙමෙයි

    අඬන පැටියා වඩා ගන්න එක එයාව නරක් කිරීමක් නෙමෙයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it