මස්තිෂ්ක ආඝාතයට (Cerebral Palsy) ගොදුරු වුවත් දිරිමත් හදැති පුංචි වීරයින් දෙදෙනා

මස්තිෂ්ක ආඝාතයට (Cerebral Palsy) ගොදුරු වුවත් දිරිමත් හදැති පුංචි වීරයින් දෙදෙනා

ජනාධිපතිවරණය වෙනුවෙන් පෙනී සිටින Cerebral Palsy සහිත මේ පුංචි වීරයින් දෙදෙනා ඉමල්ශ සහ ධනූශ් දෙරණ-Talk with Chathura වැඩසටහනට ඉදිරිපත් වී කළ කතාව ඔබේ හද සසල කරාවි. ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඔබ දිරිමත් කරාවි.

ළඟ එන ජනාධිපතිවරණය වෙනුවන් තරඟ වදින්නට බලාපොරොත්තු වන අද්විතීය අපේක්ෂකයින් දෙදෙනෙක් දෙරණ නාලිකාවේ චතුර විසින් Talk with Chathura හරහා අපට හඳුන්වා දෙනවා.

ජනාධිපතිවරණය වෙනුවෙන් මනාපය බලාපොරොත්තු වන ආදරණීය අමුත්තන් දෙදෙනා

ඉමල්ශ සහ ධනූශ් ස්වේච්ඡාවෙන් දෙරණ-Talk with Chathura වැඩසටහනට ඉදිරිපත් වී ඇත්තේ ඔවුන් වැනි 40,000ක් දෙනා වෙනුවෙන් හඬක් නගන්නයි. අවධානය ගන්නයි.

ඉතින් ඔවුන්ගේ කථාවට පමණක් නොව, ඔවුන්ගේ මේ වීඩියෝව නරඹන්න. ඔවුන්ගේ ලෝකයට අවතීර්ණය වන්නට උත්සාහ ගන්න.

ඔවුන්ගේ හඬට සංවේදී වන්න. මේ ඔවුනට අවධනය දෙන්නට අප දරනා පුංචි උත්සාහයක් පමණයි.

මස්තිෂ්ක ආඝාතය නැතහොත් Cerebral Palsy (CP) යනු කුමක්ද? ජනාධිපතිවරණය

Cerebral Palsy (CP) යනුවෙන් හඳුන්වනුයේ මස්තිෂ්ක ආඝාතය තත්වයයි.

දෙරණ තොරතුරු වලට අනුව සෑම පුද්ගලයන් 1000කටම 4ක් ලෙසින් මෙම ආබාධිත තත්වය ඇති පුද්ගලයන් සමාජයේදී අපට මුණ ගැසෙනවා.

මුළු ලෝකයේම මෙම ආබාධිත තත්ත්වය ඇති පුද්ගලයින් මිලියන 17ක් සිටින බව කියැවෙනවා.

ශ්‍රී ලංකාවේ මස්තිෂ්ක ආඝාතයට (Cerebral Palsy)ට ගොදුරු වූවන්  40, 000ක් පමණ සිටියත් ලංකාව වැනි රටක අපගේ මහජනයා අතර මේ සම්බන්ධව ඇති දැනුම ඉතාමත්ම අල්පයි.

එබැවින් නිසි උපකාර ලබා ගන්නා පිරිස 3000ක් තරම් අවම මට්ටමක පවතින බව කියවෙනවා.

මස්තිෂ්ක ආඝාතය නැතහොත් CP ඇතිවන්නේ දරුවාගේ මොළයට හෝ ස්නායු පද්ධතියේ සිදුවන හානියක් හේතු කොටගෙනයි. 

එය පුද්ගලයාඅගේ චලනයට මෙන්ම ඉරියව්වටද බලපානවා.

මෙම තත්වය ඇති වීමට හේතු ගණනාවක් පවතින බව කියැවෙනවා.

මස්තිෂ්ක ආඝාතයට (Cerebral Palsy) තත්වය ඇති වීමට හේතු
  1. මවගේ ගර්භනී අවස්ථාවේ සිදු වන යම් දෙයක් නිසා
  2. දරුවා ඉපදෙන අවස්ථාවේ සිදුවන යම් සිදුවීමක් නිසා
  3. දරුවා ඉපදී අවුරුදු දෙකක් පමණ වනතුරු සිදු වූ යම් සිදුවීමක් හෝ සිදුවීම් සමුදයක් නිසා
මස්තිෂ්ක ආඝාතයට (Cerebral Palsy) තත්වය වලක්වාගත හැකිද?

මස්තිෂ්ක ආඝාතය Cerebral Palsy (CP) ආබාධිත තත්වය වලක්වා ගැනීමට අසීරු වන්වා. එමෙන්ම මෙම ආබාදිත තත්වය ඇති පුද්ගලයන් හඳුනාගැනීමට හා නිසි මඟ පෙන්වීමක් ලබා දීමට අවැසි වට පිටාව නිර්මාණය කිරීම අනිවාර්යයෙන් සිදු විය යුත්තක් කියා හඳුනාගෙන  තිබෙනවා.

ඔක්තෝබර් 06 වන දිනට යෙදෙන ලෝක CP දිනයට සමගාමීව සිදු කෙරුනු ලංකාවේ CP පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට සහයක් ලෙස මෙම වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබුවා.

CP තත්ත්වය ඇති ඔබ දන්නා අඳුනන කෙනෙකු සිටී නම්, ඔහුට/ඇයට අවැසි සේවාවන් ලබා ගැනීම සඳහා කරුණාකර cerebral palsy Lanka foundation ( 0777 116 116 ) අමතන්න.

මූලාශ්‍රය හා චායාරූප: දෙරණ-Talk with Chathura

Written by

Niloufer Perera