චපල පිරිමින් මුහුණේ මෙම හැඩයෙන් හඳුනාගන්නට පුළුවන්

චපල පිරිමින් මුහුණේ මෙම හැඩයෙන් හඳුනාගන්නට පුළුවන්

චපල පිරිමින් ගැන කියන අපූරු අධ්‍යයනයක් ගැනයි ‌මේ.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

මේ චපල පිරිමින් හා ඔවුන්ගේ මුහු‌‌ණේ ස්භාවය ගැන කියන අපූරු අධ්‍යයනයක් ගැනයි.

කෙනෙකුගේ මුහුණින් බොහෝ දේවල් පිළිබිඹු වනවා. පුද්ගලයකුගේ වයස මෙන්ම යම් අවස්ථාවක ඔහු හෝ ඇය සිටින මානසික තත්වය පවා මුහුණින් හඳුනාගන්නට බොහෝ පිට හැකි වනවා.

මුහුණ, හැඟීම් ප්රකාශ කිරීම හා සන්නිවේදන මෙවලමක් ලෙසද ක්‍රියා කරනවා.

කෙසේ නමුත් මෑතකදී කල අධ්‍යයනයකින් කියැවෙන්නේ පුද්ගලයෙකුගේ මුහුණ දෙස බැලීමෙන් අපට ලබාගත හැකි අවබෝධයෙන් ඔබ්බට යා හැකි කාරනාවක් ගැනය.

මෙම අධ්‍යයනයෙන් පෙනී ගියේ විශාල මුහුණු නැතහොත් මුහුණේ උස හා පලලෙහි විශාල අනුපාතයක් ඇති පිරිමින් සාපේක්ෂව වැඩිපුර ලිංගික ක්‍රියා වලට ලොල් බවත් එම හේතුව නිසා ඔවුනට වැඩිපුර චපල ගති ඇති බවත් ලිංගික විවිෂත්වයකට කැමති බවත්ය.

ලිංගික හැසිරීම් පිළිබඳ ලේඛනාගාරයේ ප්රකාශයට පත් කළ අධ්යයනය අනුව, පුළුල් මුහුණු සහිත පුද්ගලයන් හෝ විශාල Facial Width-to-Height අනුපාතය සහිත (FWHR) සහිත පිරිමි-ඉහළ ලිංගික ධාවකයන් ඇති වීමට හා එම නිසා, බොහෝ විට කොපි කිරීමට ඉඩ ඇත පුදුමාකාර සබඳතා වලින් ඈත්වී.

කැනේඩියානු විශ්ව විද්යාල දෙකක සිසුන් 459 දෙනෙක් සමඟ කල සමීක්ෂණයක් අනුව පර්යේෂකයන් පෙන්වා දෙන්නේ පුළුල් අධ්යයනයකට පෙර ගත් ඡායාරූප අනුව පුළුල් මුහුණක් ඇති සිසුන් වැඩි ලිංගික ධාවනයක් වාර්තා කර ඇති බවයි.

මීට අමතරව පුළුල් මුහුණු සහිත පුද්ගලයින්ට අනියම් ලිංගික හැසිරීම් සම්බන්ධයෙන් වඩා විවෘත අදහස් දැක්වූ බවත් ඔවුන් එක් පුද්ගලයෙකු සමඟ පමණක් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ගැන වැඩි මනාපයක් නොදැක්වූ බවත්ය.

1

 

ඉතින් මෙම සොයා ගැනීම් හුදෙක් අහඹු සිදුවීමක් පමණක් බව පර්යේෂකයන් නොසිතන්නේ ඇයි?

මෙම අධ්‍යයනයේ කතෘවරුන් මුහුණේ දිග-පළල සම්බන්ධ කලේ මුල් අවධියේ කුස තුළ වර්ධනය කලලයටයි.

මුල් භ්රෑණ සංවර්ධනය තුළ නොයෙක් හෝමෝන වලට නිරාවරනය වීමත් සමඟ පුද්ගලයාගේ මුහුණේ පැතිකඩ ඒ ඒ හෝර්මෝන ශ්‍රාවයන් අනුව තීරණය වුනු බව සොයා ගැනුනා.

වැඩි ලිංගික හෝමෝන නොහොත් ඇන්ඩ්රොගීන් හා ටෙස්ටොස්ටෝන් වලට නිරාවරණය වූවන්ට ඔවුන්ගේ මුහුණු වඩාත් "පුරුෂමය" ලෙසින් හැඩගැසෙනවා.

2

ඉතින් මෙම සොයා ගැනීම් වල එකතුවක් ලෙස දක්නට ලැබෙන්නේ මුහුණේ ලක්ෂණ පුද්ගලයෙකුගේ ලිංගික අභිප්‍රේරණයන් පිළිබඳව වැදගත් තොරතුරු ගොනු කරගත හැකි බවයි.

මෙම සොයා ගැනීම් සිත්ගන්නාසුලු වුවද, මෙම ප්‍රකාශයන් සම්පූර්ණයෙන් තීව්ර කර ගැනීම සඳහා විෂයයන් බොහොමයක් පුළුල් පරාසයක් පුරාවට තවදුරටත් අධ්යයනය කලයුතු බව සිහි තබාගත යුතුය.

පිටින් දක්නා පෙනුමක් අනුව පමණක් තක්සේරු කිරීමෙන් කෙනෙකු ගැන අනාවැකි පළ කළ නොහැකියි.

ඒ අතර විශේෂයෙන්ම ලිංගිකත්වය හා සම්බන්ධ සමීක්ෂණ වලදී සමීක්ෂකයින් සියලු දෙනාම අවංක වන බවත් නිගමනය කල නොහැකි බව සිහි තබාගත යුතුය.

ඉතින් මෙම අධ්යයනය ගැන ඔබ සිතන්නේ කුමක්ද?

මිනිසෙක් වංචා කරනවාද නැද්ද යන්න ගැන අනාවැකි පල කිරීම විද්‍යාවට කල හැකිද? ඔබේ අදහස් අපට කියන්න.

චපල පිරිමින් හා අනියම් සබඳතා  ගැන පුංචි සටහනක්

3

  1. චපල පිරිමින්‌ගේ කලක්‍රියාව හා හැදියාව

දෙකඩ වුනු පවුල් වලින් පැමිණෙන දරුවන්, හැදෙන වැඩෙන විට ඔවුන්ගේ සහකරුවන්ට වංචා කිරීමට වැඩි ප්‍රවණතාවක් ඇති බව 2015 වසරේ කල අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඒ හා සමානවම, කරදරකාරී ළමා වියක් ගෙවූ අයද වැඩි අවධානයක් ලබාගැනීමට ඇති උවමනාවේ ප්‍රතිඵලයක් ලෙස අනියම් සබඳතා වලට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වනවා.

විධිමත් හෝ දැඩි අනසක යටතේ හැදුනු වැඩුනු දරුවන්ගේ ලිංගික කුතුහලය වැඩි නිසා ලිංගික ගවේෂණයට යොමු වන්නට උත්සාහ කෙරෙනවා. මෙය අනියම් සබඳතා ඇතිකරගැනීමට තුඩු දිය හැකියි. 

නව යොවුන් වියේ ලිංගිකත්වය වර්ධනය වීම කෙරෙහි සමාජ සාධක හා පාරිසරික සාධක ද ඉතා ​​වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව 2015 අධ්‍යයනයකින් සනාථ වනවා.

ලිංගිකත්වය කෙරෙහි කුඩා කල පටන් ඇති ආකල්ප, ලිංගිකත්වය කෙරෙහි දෙමාපියන්ගේ ආකල්ප, සම වයසේ මිතුරන්ගේ ආකල්ප බලපානවා.

එමෙන්ම, සංස්කෘතික බලපෑම් කෙරෙහි දෙමාපියන්ගේ ආකල්පය ආදී බොහොමයක් සාධක මගින් නව යොවුන් වියේ දන්ගේ ලිංගික ආකල්පය තීරණය කරන්නට පාදක වනවා.

කෙසේ වෙතත්, අයිවර්ස් යෝජනා කරන්නේ මෙම සාධක කිසිවක් හෝ තනි සාධක ලෙස වරදට යොමු කිරීමට බල නොපාන බවයි.

නමුත් මෙම සාධක බොහොමයක සංකලනයක් ලෙස සහකරුවාට වංචා කිරීමට කෙනෙක් යොමු විය හැකියි. 

  1. චපල පිරිමින් හා පෙර හැසිරීම 

අයිවර්ස්ගේ දෙවන හෙළිදරව්වෙන්, ඇය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ විවාහ වීමට පෙර ඔවුන්ගේ සහකරුවන්ගේ හැසිරීම ගැන ගැඹුරින් සොයා බලන ලෙසයි.

ඔහුට මීට පෙර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇත්දැයි ඔබ ඔබගෙන්ම විමසන්න.

ඔහු ලිංගික හෝ ඩේටින්ග් ඇප් වලට ඇබ්බැහි වී සිටි කෙනෙක්ද? ඔහු බොහෝ විට ලිංගික සම්බාහන වලට ගිය කෙනෙක්ද?

නැතහොත් කාමුක දර්ශන වලට වැඩිපුර නැඹුරු වූවෙක්ද? 

ඔහු ලිංගිකව හැසිරීමට ඇබ්බැහි වී සිට ඇත්ද? නැතහොත් ඔහුට නිදන කාමරයේ සුවිශේෂී ලිංගික අංගෝපාංග තිබේද?

ඇය යෝජනා කරන්නේ මේවායින කිහිපයක් හෝ තිබීම සහකරු ඇයට වංචා කිරීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි.

ඊට අමතරව, ඔහුගේ සමාජ කවය ​​තුළ හෝඩුවාවක් ද ඔබට සොයාගත හැකියි.

ඔහුට සමීප මිතුරන් සිටී නම්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට කාන්තාවන් මුලා කිරීමේ නැඹුරුතාවක් සහිත ඉතිහාසයක් තිබේද?

එ‌සේ නම් ඔහුද එය සාමාන්‍ය දෙයක් ලෙස සලකනු ඇත.

ඔහුගේ මිතුරන්ගේ සල්ලාල කමට ඔහු දැක්වූ සාමාන්‍ය ප්‍රතිචාරය ද මේ බව නිණය කිරීමේ දර්ශකයක් විය හැකිය.

  1. චපල පිරිමින් හා වර්තමාන ජීවිතය

බොහෝ විට කෙනෙකුගේ අවිශ්වාසවන්ත කම, ලිංගික සම්බන්ධකම් වලට වඩා කෙනෙකුගේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ සමඟ වැඩි සම්බන්ධයක් තිබෙනවා.

ඔබ ඔබෙන්ම මෙසේ අසන්න: ඔබේ සහකරුට මෑතකදී උසස්වීමක් ලබා දී තිබෙනාවාද? නැතිනම් ඔහු සේවයෙන් පහ කර තිබෙනවාද?

අයිවර්ස් යෝජනා කරන්නේ ආත්ම විශ්වාසයේ වෙනස්වීම් නිසා ලිංගික සබඳතා ගවේෂණය සඳහා ඇති ආශාව වැඩි විය හැකි බවයි.

හදිසි දැඩි මානසික ආතතිය, කාමාශා වර්ධනය කරන්නක් ලෙස ක්‍රියා කළ හැකිය.

අධ්‍යයනවලින් (Studies)පෙනී යන්නේ පවුලේ සාමාජිකයෙකු හෝ කිට්ටු මිතුරෙකු අහිමි වීම වැනි අත්දැකීම් අනියම් ලිංගික ඇසුරක් සඳහා ඇති ආශාව වැඩි කළ හැකි බවයි.

 මනෝ විද්‍යාව පිළිබඳ අධිකාරියක් වන එස්තර් පෙරෙල්  daily සඟරාවට කියා සිටියේ අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට වඩාත්ම පොදු හේතුවක් වන්නේ එමගින් ඔවුන්ට “ජීවයෙන් පිරුණු බවක්”  දැනෙන්නට එය ඔවුන්ට උපකාර වන නිසා බවයි. 

පෙරෙල් තවදුරටත් පැවවුවේ “මලානික බව අභිමුඛයේ ප්‍රේම සම්බන්ධයක ප්‍රබෝධමත් බව, මිනිසෙකුට දෝතින්ම ජීවිතය ග්‍රහණය කරගන්නට පෙළඹෙන බවයි” 

  1. චපල පිරිමින් හා ඔහුගේ හැසිරීමේ වෙනස්වීම

තවත් දර්ශකයක් වන්නේ නිවස තුළ ඔහුගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් පෙන්වීමයි.

“තහනම්” සම්බන්ධතාවයක ආරම්භයේ දී කෙනෙකුට දැනෙන උද්දීපනය පුද්ගලයෙකුගේ හැසිරීම වෙනස් කළ හැකිය.

එවැනි අවස්ථාවකදී, ඔබේ සහකරු ඔහුගේ පෙනුම ගැන වැඩි අවධානයක් හා කාලයක් ගත කිරීමට පටන් ගනී.

ඇඳුම් පැළඳුම් හා විලාසිතාව, විලවුන් භාවිතය, මීට පෙර නොසළකා හැරි ව්‍යායාම වලට යොමු වීම, ඇතුළු ජීවන රටාවේ වෙනසක් සිදු විය හැකිය.

සම්බන්ධතාවයක් සඳහා සැලසුම් කිරීමක් අවශ්‍ය බව මතක තබා ගන්න.

එබැවින් ඔහු වෙනත් කාමරයකට ගොස් දුරකතන ඇමතුම් ලබා ගැනීම හෝ සමාජ මාධ්‍යවල දැඩි ලෙස සම්බන්ධ වී සිටිනු ඔබට දැකගත හැකි වේවි.

මේවා නිශ්චිත අනතුරු ඇඟවීමේ සංඥා වේ.

ඊට අමතරව, ඔහු තම සමාජ කවයේ යමෙකු ගැන ඕනෑවට වඩා කතා කරන්නේ නම්, ඒ ඔහු ඔවුන් ගැන වැඩි ආකර්ෂණයක් ඇති කරගෙන සිටින බවට සළකුණකි.

ඔබේ සම්බන්ධතාවයේ මුල් අවධියේදී, ඔහු අනියම් ප්‍රේම සම්බන්ධයක් සැලසුම් නොකරනු ඇත.

එවිට ඔහු ඔබ සමඟ එවැනි දේ සාකච්ඡා කරනු ඇත.

මෙය ඔබට ඇති අවස්ථාවයි. අයිවර්ස් උපදෙස් දෙන්නේ, සුපරීක්ෂාකාරී වී ඔහුව ඉන් මුදාගන්නා ලෙසයි.

නියපොත්තෙන් කඩන්නට පුළුවන් දේ කඩන ලෙසයි. 

අනෙක් අතට, ඔබේ සම්බන්ධතාවය කෙසේ හෝ වෙනස් යැයි හැඟෙන්නේ දැයි ඔබගෙන්ම විමසන්න.

ඔහු ඔබට වැඩිපුර තෑගි බෝග දෙන්නේ නම්, වැඩි අවධානයක් යොමු කරමින් ඔබ නගන සංවේදී ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් පලා යනවාද?

එසේ නම් බොහෝ විට ඒ ඔබට අවිශ්වාසවන්ත වීම නිසා ඔබට මුහුණ දීමට ඇති නොහැකියාව නිසයි.   

  1. චපල පිරිමින් සමඟ ඔබේ සබඳතාවය හෝ ජීවිතයේ යමක් වෙනස් වීම

ඔබේ සැමියා ඔබට වංචා කිරීමට හේතුව ඔබ නොවේ. ඇත්තවශ්‍යෙන්ම කිවහොත්, ඇතැම් අවස්ථා වලදී හැර, ඒ ඔබ ගැන නොවිය හැක. 

හොඳයි, සෑම විටම නොවේ. නමුත් සමහර විට, සමහර විට, එය විය හැකිය. ඇතැම් විට හේතුව ඔබ විය හැක.

ඔබගේ ජීවිතයේ සිදුව ඇති වෙනස්කම් මොනවාද?- පුද්ගලික හෝ වෘත්තීය හෝ වේවා – මෙම හැසිරීම ඔබේ සහකරු තුළ ඔහු අවුලුවාලිය හැකිය.

බොහෝ විට අවිශ්වාසවන්ත වීමට හේතුව, කෙනෙකුට ඔහුව අවශ්‍ය යැයි හැඟීමට ඇති ආශාවයි.

ඔබ වැඩි කාලයක් කාර්යාලයේ හෝ ඔබේ දරුවන් සමඟ හෝ ගත කරන්නේ නම්, ඔබ ඔබේ නිවස කෙරෙහි අවධානය යොමු කළත්, ඔබේ විවාහය සඳහා යොමු කරන අවධානය ප්‍රමාණවත් නොවන්නේ නම්, ඉන් ඔබේ සහකරුට ඔහු නොසලකා හැර ඇති බවක් දැනෙනු ඇත.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා