මවකගෙන් ලිපියක්: පොඩිත්තාට පාසැල් ගෙනියන්න රසම රස මාළු සමඟ චීස් සැන්ඩ්විච් එකක්

රසවත් ගුණවත් මාළු සහ චීස් සැන්ඩ්විච් රෙසිපියක් ගෙදරදීම පහසුවෙන් පොඩි අය සමඟ එකතු වී හදා ගන්න.
අද ඔබ වෙත ගෙනහැර පාන දරුවන්ට ආහාර වට්ටෝරු ව අනුෂා සමරකෝන් විසින් අප වෙත ලබා දුන් රසවත් sandwich රෙසිපි එකක්. පොදිත්තාට රසවත් මෙන්ම ගුණවත් මේ සැන්ඩ්විච් එක හදිසියේ නිවසට එන අමුත්තන්ට තේ වලට පිලිගන්වන්නත් කදිමයි.
මාළු සමඟ චීස් සැන්ඩ්විච්
අවශ්‍ය ද්‍රව්‍ය:
පාන් පෙති කිහිපයක්
කටු රහිත මාලු වර්ගයක් (තම්බා ගන්න)
අල ගෙඩියක්
කැරට් අලයක්
කැමති චීස් වර්ගයක්
ලුනු රස අනුව
ගම්මිරිස් රස අනුව
වතුර අඩු කෝප්ප 3/4ක් පමණ
මාළු සමඟ චීස් සැන්ඩ්විච් සාදන ක්‍රමය:
1. මුලින්ම අල, කැරට් ඉතා කුඩා කැබලි වලට කපා ගන්න.
2. මාලු හොඳින් පොඩිකර ගන්න.
3. භාජනයක් ලිපේ තබා ගන්න.
4. එයට කපාගත් කැරට්, අල, මාලූ දමා වතුර කොප්ප 3/4ක් පමන දමන්න.
5. මද වේලාවක් තැම්බෙන ව්ට ලුනු, ගම්මිරිස්, චීස් දමන්න.
6. අල කැරට් හොදින් මෘදු වෙන තුරු උයා ගන්න (තෙත ගතිය අඩු වෙනතුරු).
7. ලිපෙන් බා මදක් නිවුනු පසු පාන් පෙති වල මිශ්‍රණය හොඳින් තවරගන්න.
8. වාටි කපා පොඩ්ඩ්න්ට පිලිගන්වන්න.
නිර්මාණශිලිත්වය අනුව කැමති එලවලු වර්ග භාවිතා කල හැක.
මාළු වල ගුණ කිහිපයක්
අපේ පවුලේ ආහාර වේලට එකතු කිරීම සඳහා මාළු නිරතුරුවම සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකකි. මාළු වල සන්තෘප්ත මේද අඩු අතර ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් ද ඔමෙගා-3 හා
මේද අම්ල ශරීරයේ සහ මොළයේ ක්‍රියාකාරිත්වයට හා සංවර්ධනයට අත්‍යාවශ්‍ය වේ. ඔමෙගා 3 බහුල ලෙස අඩංගු සැමන්, හා මාළු වර්ග ඇතුළු ආහාර ගැබිනි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට තම ආහාර වේලට එකතු කරගන්නා ලෙස උපදෙස් ලැබෙන්නේ අන්න ඒ නිසයි.
කෙසේ වෙතත්, මතක තබා ගැනීමට වැදගත් පූර්ව ආරක්ෂිත පියවර ඇත.
- නිර්දේශිත මත්ශ්‍ය පරිභෝජනය සතියකට ග්රෑම් 340 හෝ අවුන්ස 12 ක් වේ.
- සමහර මාළු වැඩි රසදිය අන්තර්ගත අතර ඒ මගින් මොළයේ සංකූලතා ඇති විය හැක.
- දරුවන් අපේක්ෂා කරන මව්වරුන් අමු හා නොපිසු ආහාර නොගත යුතුය.
එය මතකයේ තබාගෙන , මාළු ඔබේ පවුලේ ආහාරයේ කොටසක් කරගැනීමට වෙහෙසවන්න.
අතීතයේ අධ්‍යනය සොයාගෙන ඇත්තේ නිතිපතා මාළු ආහාරයට ගැනීම මානසික සෞඛ්‍යය කෙරෙහි හොඳ බලපෑමක් ඇති කරන බවයි.
ඇල්සයිමර් වැනි වයස සම්බන්ධ රෝග වලින් ඔබේ මොළය ආරක්ෂා කර ගැනීමට සහ මානසික පීඩනය අවදානම අඩු කර ගැනීමට එයට ඔබට උදව් කල හැකිය.
මාළු වල විටමින් ඩී සහ බී 2 (රයිබෝෆ්ලැ්වින්) අඩංගු වේ.
මේ රසවත් දරුවන්ට ආහාර වට්ටෝරු සැන්ඩ්විච් රෙසිපිය අප හා බෙදා ගත අනුෂා සමරකෝන් වෙත නැවතත් අපගේ ආදර ස්තුතිය පුද කරනවා. යලිත් මෙවැනි නිර්මාණාත්මක විශේෂාංගයක් සමඟ ඉදිරි දිනකදී හමු වෙමු.