චිකන් සුප් කැට ගෙදර හදන්න පුළුවන්ද?

චිකන් සුප් කැට ගෙදර හදන්න පුළුවන්ද?

චිකන් සුප් කැට ගෙදර හදමුද? අනූෂා ජිවනී මහත්මියග‌ේ ර‌ෙසපියක්

චිකන් සුප් කැට ගෙදර හදන්න පුළුවන්ද? ඔව්, බබාගේ කෑම රස කරන්න ආදරණීය අම්මා කෙනෙක් ගෙදරදීම සුප් කැට හැදුවා. ඒවා කඩේ තියෙන අහිතකර දේ අඩංගු සුප් කැට වගේ නෙමෙයි රසෙනුත් ගුණෙනුත් ඉහලයි. ඒ වගේම පිරිසිදු ඔබටම හදා ගන්න පුළුවන්. ඔන්න එහෙනම් ගෙදර හදන්න චිකන් සුප් කැට රෙසපිය.
චිකන් සුප් කැට සදහා අවශ්‍ය දේ
  • කටු නැති චිකන් 150 g
  • සාමන්‍ය කැරට්  ලයක්
  • ලීක්ස් ගසක්
  • ලොකු ලූණු බාගයක්
  • කොත්තමල්ලි කොල ටිකක්
  • සුදුලූනු බික් 5/6 වගෙ
  • කහකුඩු ස්වල්පයක්
  • ලුනුකුඩු ස්වල්පයක්
  • සොයාසෝස් මේස හැඳි1
  • සීනි තේ හැඳි 1
  • තෙල් මේස හැඳි 1
සාදන ක්‍රමය 
  • මුලින්ම චිකන් ටික සාමන්‍ය ලොකු කෑලි වලට කපා ගන්න . 
  • එලවලු ටික පොඩියට කපාගන්න. රාස්පානයකට මස් එලවලු දාලා වතුර කප් බාගයක් වගෙ දාලා කහකුඩු එකත් දාලා තැම්බෙන්න තියන්න.
  • තරමක් තැම්බිලා වතුර ගතිය අඩු වෙනකොට සෝස්,සීනි ,තෙල් සහ ලුනුකුඩු දාලා  හිඳෙනකන් තැම්බෙන්න තියන්න.
  • අතින් අල්ලලා බලනකොට බෙරි වෙලානම් ලිප නිමලා මෙ එලවලු මිශ්‍රණය පෙරා ගන්න.
  • එතකොට ඉතුරු වෙලා තියෙන චිකන් ස්ටොක් එක වෙනම ගන්න පුලුවන්.
  • පොරාගත් එලවලු ටික ඉතුරු සුප් වතුරින් හැන්දක් දෙකක් දාන ගමන් ක්‍රිම් එකක් වෙන්න බ්ලෙන්ඩර් කරගන්න.
  • සුප් වතුර වැඩියෙ දාන්න එපා බ්ලෙන්ඩර් කරගන්න අමාරැනම් විතරයි දාන්න.
  • ක්‍රිම් එකක් විදියට හදපු මිශ්‍රණය අයිස් කියුබ් දාල ට්‍රෙ එකකට දාන්න .( උරයකට දාලා කොන කපලා වත් කරන්න පුළුවන්) ඉන්පස්සේ වහලා ෆ්‍රිසර් කරන්න.
  • පැය දොළහක් විතර එහෙම  තියලා සුප් කැට ට්‍රේ එක එලියට ගන්න.
  • දැන් ෆොයිල් වල එකින්නෙක ඔතන්න.  ඊටපස්සේ ආපහු ෆ්‍රිසර් කරලා කෑමට ගන්න.
  • ෆ්‍රිසර් කරද්දී Zip lock බෑග් හරි ෆ්‍රිසර් වලට ඔරොත්තු දෙන බාජනයකට දාන්න.
  • කල් තියාගන්න කිසිම දෙයක් එකතු කරලා නැති නිසා ෆ්‍රිසර් කරලා මාස එකාමාරක් දෙකක් වගෙ තමයි තියගන්න පුලුවන්. 

චිකන් සුප් කැට ගෙදර හදන්න පුළුවන්ද?

අද අපිට මේ රසම රස සුප් කැට හදන්න අපට කියා දෙන්නේ අනූෂා ජිවනී මහත්මියයි. ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් රසම රස කෑම වට්ටෝරු බලාපොරොත්තු වෙමු