සාමාන්‍යයෙන් කඩල (chickpea) පෝෂණය අතින් ඉහල ආහාරයක්, එහි පෝෂ්‍ය ගුණය ඉහල නංවන්න පුලුවන්. අපි chickpea තෙම්පරාදුවට එළවළු ටිකක් එකතු කරලා බලමුද ?
අවශ්‍ය ද්‍රව්‍ය:
තම්බාගත් කඩල කෝප්පයක්
සිහින්ව ලියාගත් කැරට් මේස හැදි දෙකක්
සිහින්ව ලියාගත් බෝංචි මේස හැදි දෙකක්
සිහින්ව ලියාගත් ගෝවා මේස හැදි දෙකක්
සිහින්ව ලියාගත් ලීක්ස් මේස හැදි දෙකක්
සිහින්ව ලියාගත් ලූණු හා කරපිංචා
අබ ස්වල්පයක් ( දරුවාට ඔබ ලබා දෙන්නේ නම් පමණක්
රස අනුව ලූණු
පොල්තෙල්
සාදන ක්‍රමය
• තෙල් ටිකක් ලිප තබා රත් වු පසු එයට අබ යොදා එය පුපුරන විට ලූණු හා කරපිංචා එකතු කරන්න.
• ලූණු හා කරපිංචා රන්වන් පාට වෙන විට එයට එළවළු ටික එකතු කර හොදින් තැම්බෙන්න හරින්න.
• ඉන්පසු කඩල එකතු කර රස අනුව ලුණු එකතු කර ගන්න.
මේ සුවදවත් රසවත් ආහාරය ඔබේ පොඩ්ඩාට පිළිගන්වන්න.