theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක්

5 අවම කියවීම
අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක්අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක්

දැරියන්ට සිදුවෙන ලිංගික අපචාර යලිත් මතක් කරමින් තහංචි වැව ග‌මේ සිදුවෙන්න ගිය තවත් එක් අවාසනාවන්ත සිදුවීමක්

දැරියන්ට සිදුවෙන ලිංගික අපචාර එදා අපි ‌කොතරම් කෑගැසුවද අසරණ ‌සේයා ‌ගෙන් අවසන් වුයේ නැත.

තවමත් සිදුවෙමින් හා ඉදිරියට සිදුවීමට නියමිත ‌තවත් ‌‌ඛේදවාචක ගණනක් ඇසීමට තරම් ඔබ මා තවත් අවාසනාවන්ත ‌වෙනු ඇති.

එවන් කතා දහස් ගණනකට ඔබේ මගේ ඇස් සාක්ෂි දරනු ඇත.

එය එසේ තිබියදි තවත් කදුලු කතාවක් කදුලකින් නිම වෙන්න ඉඩ නොතියා පුංචි මල් කැකුලක් පුංචි වීරයෙක් පසුගිය දවසක බේරාගත්තා.

නිදල්ලේ සිටින සල්ලාල කාමතුරයින් ගැන ඔබට යලිත් අනතුරු අගවමින් මේ පුංචි පුතාගේ විර ක්‍රියාව ඇගයීමට අපි මෙලෙස සටහනක් තබන්නෙමු.

දැරියන්ට සිදුවෙන ලිංගික අපචාර දරුවන් ආරක්ෂා කර ගනිමු.

දැරියන්ට සිදුවෙන ලිංගික අපචාර යලිත් මතක් කරමින් තහංචි වැව ගමින් නැගුන අනතුරු ඇගවීම

Hiru FM වාර්තා වලට අනුව, දෙසැම්බර් 2019 17 වැනිදා තංගල්ලේ කදුරුපොකුණ තහංචිවැව ගම්මානයට හිරු උදාවුයේ සිදුවෙන්න යන ව්‍යසනයක ඉගියක් වත් නොදෙමින්.

අවුරුදු දහයක් වු පුංචි දුවනියක් තම නැදෑ නිවසකට පිය නගන්න හිතුවේ සෙල්ලම් කරන අදහසින් විය හැකියි.

ඒත් මේ පුංචි හිත් වල තියෙන නොකිළිටි අදහස් හිතකින් වත් නෙැතැකූ කාමුකයෙකුගේ දෑසක් ඇය පසුපස වු බව ඇය හීනයකින් වත් නොසිතන්නට ඇත. 

ඒ නිසාම නිවසේ සිට එතරම් දුරකින් නොවු තම සෙල්ලම් සගයාගේ නිවසට ඇය පිය නැගුවේ බියක සේයාවක් වත් නොතිබුන සැහැල්ලු සිතිනි.

නමුත් ඇයගේ ඒ සැහැල්ලුව වැඩි වේලාවක් රුදුනේ නැහැ.

එකපාරටම ඇය වෙත පැන්න කාමතුර මිනිසෙක් සිත්පිත් නැති සේ කැලය දෙසට ඇදගෙන යන්න වුයේ ඊලග නිමේෂයේ මේ කැකුළු මල තලා පොඩි කර දමන්නටය.

මේ දේවල් ගැන අදහසක් නොතිබුනද මේ දියණිය අම්මාට හඩ ගා කෑගැසුවාය.

අම්මා ඇසෙන මානයක නොවු නමුත්  ඇය හිතූ තරම් අවාසනාවන්ත වුයේ නැහැ.

ඒ මොහොතේ බඩු ගෙන ඒමට කඩයට යමින් සිටි වයස අවුරුදු දා හතරක් තරම් වු පිරිමි දරුවන් දෙදෙනෙකුට මේ වේදනාත්මක විලාපය ඇසිනි.

එතැනින්  ඉවතට දිව ගොස් ප්‍රශ්නයෙන් ගැලවෙනවා වෙනුවට ඔවුන් හඩ ආ දෙසට දිව ගියා. ඔවුන් දුටුවේ ඇග කිලි පොලා යන දසුනකි.

ඒ අහිංසක දැරියක් කැලයට ඇදගෙන යමින්  සිටි කාමතුර මිනිසෙකි. තව මොහොතකින් පරව යන්නට නියමිත සමහර විට දිවියද අහිමි වන්නට නියමිත මේ පුංචි ගැහැණු දරුවා දුටු එක් පිරිමි දරු‌ෙවෙකුට සිහිවුයේ සිය සොයුරියයි.

ඔහු ක්ෂයකින් ඒ තිරිසනා මතට පැන ඔහුට පහර දෙන්නට විය. ඔහුව සූරන්නට විය.

තම වියරු වැටුනු අරමුණට බාධා කරන පිරිමි දරුවාව එකවරම ඒ කාමතුරයා ඔසවා විසි කලේ දරුවාට තුවාල සිදුවෙන ලෙසය.

එහෙත් ඒ පිරිමි දරුවා එයින් නොනැවතී බිම තිබු ගල් කැට වලින් කාමතුර මිනිසා වෙත පහර දෙන්නට විය.

දරුවා විසි කල දෙවැනි ගලේ පහර සමග ඒ තිරිසනා පසුබැස ගියේ සිය ගොදුර අතහරිමිනි.

අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක් අදුරු ‌වෙන්න තිබු ජිවිතයක් ඉරණම ‌වෙනස් ‌වෙයි.

සල්ලාලයා අතින් පුංචි මල් කැකුළ ගිලිහෙයි

ඉන් නොනැවතුන මේ පිරිමි දරුවා ඒ සල්ලාලයාට යලිත් සිය ගොදුර වෙත යලිත්  එන්නට ඉඩ නොතබමින් පුංචි දියණිය රැගෙන ගොස්  දැරියගේ මිත්තණියට භාර කලේය.

පසුව ඔවුන් පොලිස් ස්ථානය වෙත ගොස් ඇති අතර ඒ වන විටත් දියණියගේ නාසයෙන් හා මුවෙන් ලේ ගලමින් තිබු බව වාර්තා වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දියණිය රෝහල් ගත කර ඇති අතර ඇය දැන් මදක් සුවයෙන් පසුවෙනවා. නමුත් ඒ තැලුන පුංචි හිත හැදෙන්න තව කාලයක් යාවි නේද?

පසුව කල මෙහෙයුමකින් සැග වී සිටි මෙම සල්ලාලයා අත්ඩංගුවට ගෙන තිබෙනවා.

අත්ඩංගුවට පත් සැකකරුගේ මව පවසන්නේ ඔහු මානසික රෝගී තත්වයකින් පෙලෙන බවයි. දැන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

තවද ඒ මිනිසාගේ නැදැයින් දියණිය බේරාගත් පිරිමි දරුවාටද තර්ජනය කර ඇති බවටත් වාර්තා වෙනවා.  කෙසේ නමුත් අවසානය සියල්ල හොද ලෙසින් විසදිනි.

ඒ පුංචි දියණියට නොතැලී ඉන්නට අයිතිය ලැබුනි. ඒ දියණියට ජිවත් වෙන්නට අයිතිය ලැබුනි. ඉතින් මේ කදුලකින් නිමවෙන්න තිබු කතාවක් යන්තමින් ගලවා ගත් පුංචි වීරයා ගැන කතා කල යුතුමය.

ඔහු නමින් හදුන්නෙත්තිගේ ඉසුරු නිම්සරය. තවම පහලොස් වෙනි විය ඉක්මවා නොමැති ඔහු යෞවනයේ එළිපත්තේ සිටින දරුවෙකි.

මෙම සිදුවීමට මැදි වීමට බියක් දැනුනේ නැතිදැයි පොලිස් නිළධාරින් විමසු විට ඔහු කියා ඇත්තේ ඒ මොහොතේදි ඔහුට සිය නැගණිය මතක් වු බවය.

ආදරණිය ඉසුරු පුතේ නුඹ කල සේවය අගය කල යුතු වන්නේය. නුඹ වන් පුතෙකු ලද ලක් අම්මා නිසැකවම ආඩම්බර වනු ඇත.

අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක් ඉසුරු පුතේ නුඹ අපිට ආඩම්බරයක්
Photo Credit - Silumina

ඒ වගේම ‌මේ සම්බන්ධව යුසුළුව ක්‍රියා කරමින් සැකකරු අත්ඩංගුවට ගත් තංගල්ල ‌‌පොලිස් නිළධාරි මහත්ම මහත්මින්ගේ ‌සේවයද ‌මෙහිදි අගය කල යුතුමය. ‌

එසේ් ‌නොවු‌ෙයේ නම් ‌මේ සල්ලාලයා තවත් ‌ගොදුරක් ‌වෙත නිසැකවම ඉව අල්ලනු ඇත.

දැරියන්ට සිදුවෙන ලිංගික අපචාර අනතුරු අගවන අපේ දියණියන්ගේ හෙට දවස

දැරියන්ට සිදුවෙන ලිංගික අපචාර දරුවන් අපේ සම්පතයි. ඔවුන් ආරක්ෂා කර ගනිමු.

දිනෙන් දින ‌ඇසෙන මෙවන් සිදුවීම් සමග අපට අපේ දරුවන්  මොහොතක් හෝ තනිකරන්නට නොහැකි අවකාශයක් නිර්මාණය වී අවසන්.

මේ සදහා කලයුත්ත මොකද්ද ?

නැතිනම් සිදුවුයේ කුමක්ද යන්න සොයමින් ලතැවෙනවාට වඩා ඔබේ නිවසේ සිටින මිණිපහන වන් වු දරුවන් ආරාක්ෂා කිරීමට කල යුතු දේවල් බොහෝය. 

මේ සිදුවීම් බලන විට මානසික රෝගීන් නිදැල්ලේය. ඔබේ දරුවන් අනතුරේය. දරුවා තලා පෙලා මරා දැමුවද ඒ තිරිසන් මිනිසුන් නිදහස් වෙනවා.

කිමෙද ඔවුන් මානසික රෝගින් නිසා හෝ එවැනි සිදුවීමකින් පසු එලෙස දක්වන නිසා.

අම්මේ තාත්තේ මේ ඉසුරු පුතා අපේ රටට ලද වාසනාවක්. නිසැකවම ඔහු මතු දවසක හිතහොද මිනිසෙකු ලෙසින් අනාගත ලොවට පිය නගාවි.

ඒත් මේ කතාවේ සැගවුන තිත්ත ඇත්ත මොහොතක් හිතුවාද? ඔබේ දියණිය අද ලෝකය තුල අනාරක්ෂිතයි. එපමණක් නොවෙයි ඔබේ පුතුත් අද ලෝකය තුල අනාරක්ෂිතයි.

පුංචි ළදැරියන් තලා පෙලා අතවර කර මරා දමන රටක පුංචි පුතුන් ලිංගික අතවරයට ලක් කර මරා දමන රටක අපි අද අපේ දරුවෝ එක්ක ජිවත් වෙනවා.

දෙමව්පියනි ඔබේ දරුවන් මොහොතක් හෝ අනාරක්ෂිත නොකරන්න. ඔවුන් ගැන විමසිලිමත් වෙන්න.

ඔබේ දරුවා සෑම මොහොතකම සෑම ස්ථානයකම අනාරක්ෂිත විය හැකි බැවින් ඔබ ඔවුන්ගේ හුස්ම පොද මෙන් ලගින්ම සිටින්න. ‌

දෙමව්පියන් වශයෙන් එය අපේ මහගු වගකීම ‌වේවි.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක්
බෙදාගන්න :
  • දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

    දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

  • පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?

    පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?

  • දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

    දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

  • පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?

    පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it