theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

4 අවම කියවීම
ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණාශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

දරුවෙක් කියන්නේ හදවතින්ම භාරගත යුතු වගකීමක්. දරුවෙක් අරන් හදාගන්න ‌පෙර මතක තබාගන්න.

අරන් හදාගන්න දරුවන් (adopted children) අප සමාජය තුල සිටිනවා. ඒත් මෙලෙස දරුවෙකු අරන් හදා ගැනීම සුපර් මාර්කට් එකකින් දෙයක් ගන්නවා තරම් පහසු නැහැ.

දරුවෙක් කියන්නේ හදවතින්ම භාරගත යුතු වගකීමක්.

දරුවෙකු අරන් හදා ගැනීම නැත්නම් දරුවෙකු කුල වද්දා ගැනීම අවශ්‍ය නම් සුදුසුකම් ලත් ‌දෙමව්පිය යුවලකට කරන්න පුළුවන්. ‌මේ ඒ සදහා වු මග ‌පෙන්වීමක්.

ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

දරුවන් අරන් හදා ගැනීම හා සම්බන්ධව සැලකිලිමත් විය යුතු සියලු කාරණා අද අපි දැනුවත් වෙමු.

සාමාන්‍යයෙන් අපි විවාහය තුල දරුවන් ලැබීමෙන් පරිපුරණත්වය ලබනවා. නමුත් දෛවය සෑම විටම සැමටම එක හා සමානව සලකන්නේ නැහැ. ඒ නිසා සමහර පවුල් තුල දරුවන් උපදින්නේ නැහැ. මෙයට වෛද්‍ය හේතුන් ඇතුලු විවිධ හේතුන් හේතු වෙන්න පුළුවන්. සමහර අය වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර නිසා දරු සම්පත ලබන නමුත් සමහරුන්ට එය සදාකාලික හීනයක් පමණක් වෙනවා.

එවන් අයට විසදුමක් නැතිද?

දෙමාපියන් අහිමි දරුවන්

ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

අපේ සමාජය තුල ළමා නිවාස පුරවලා දරුවන් සිටිනවා. සමහර දරුවන් දෙමව්පියන් අහිමි වුවන් සමහර දරුවන් දෙමව්පියන් ප්‍රතික්ෂේප කර දැමුවන්. කෙසේ වෙතත් ඔවුන් සමාජය තුල තනි වන්නේ ඔවුන්ගේ වරදින් නම් නොවේ. ඔබට දරුවන් ලබා ගත නොහැකි නම් හෝ ඔබ මෙවන් දරුවෙකුට දෙමව්පියන් වෙන්න කැමති නම් ඔබට නිත්‍යානුකූලව දරුවෙකු අරන් හදාගන්න හැකියාව තියෙනවා. එනම් ඔබට එම දරුවාගේ සියලු වගකීම් භාර අරගෙන ඔවුන්ට දෙමව්පියන් වීමේ වගකීම භාරගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ දරුවන් අරන් හදා ගැනීම සම්බන්ධව සියලු කාරණා 1979 දරුවන් අරන් හදා ගැනීමේ පනත යටතේ  සිවිල් නීතිය තුල ක්‍රියාත්මක වෙනවා.  

දරුවන් අරන් හදා ගැනීමේ ප්‍රධාන ක්‍රම ‌දෙකකි.

ජාත්‍යන්තර ක්‍රමය

 මෙහිදි අයදුම්කරුවන් විදේශිකයන් හෝ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් වන අතර මේ සම්බන්ධව කටයුතු කරන්නේ පරිවාස හා ළමාරක්ෂක සේවා සඳහා වන මධ්‍යම දෙපාර්තමේන්තුවයි. 

දේශීය ක්‍රමය 

ශ්‍රිලංකාව තුල වෙසෙන දෙමව්පියන් යුගලකට අයදුම් කල හැකි අතර  පළාත් පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව කටයුතු කරයි.

දරුවෙකු අරන් හදා ගන්නා ‌දෙමව්පිය යුවලකට භාර දීමේදී දරුවා සම්බන්ධයෙන් සලකා බලන කාරණා

  • දරුවාගේ කායික යහපත
  • එම දරුවාගේ මානසික යහපත
  • දරුවාගේ මූල්‍යමය තත්වයට අදාළ යහපත
  • එම දරුවාගේ සදාචාරාත්මක වර්ධනයට අදාළ යහපත
  • දරුවාගේ ආගමික හැදියාවට අදාළ යහපත
  • එම දරුවාගේ සෞඛ්‍යමය යහපත 

අරන් හදාගන්න දරුවන්: දරුවෙකු අරන් හදා ගැනීමේදි ශ්‍රී ලංකාව තුල  සපුරාලිය යුතු අවශ්‍යතා

ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

දරුවන් හදාවඩා ගැනීම සම්බන්ධව ඉල්ලුම් කරන්නා සැපිරිය යුතු යම් අවශ්‍යතා ‌මෙන්ම ඉදිරිපත් කල යුතු ලිපි ‌ලේඛන තියෙනවා. 

  • ඉල්ලුම්කරු විසින් සපුරාලිය යුතු අවශ්‍යතා,
    1. ඉල්ලුම්කරුගේ වයස  අවුරුදු 25ට වැඩි විය යුතූය.
    2. දරුවා හදා ගැනීමට ඉල්ලුම්කරන්නා සහ අදාළ දරුවා අතර වයස පරතරය අවම වශයෙන් අවුරුදු 21ක් වත් විය යුතූය.
    3. අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් පැවත එන්නකු නම්, ඉල්ලුම්කරුගේ සහෝදරයකුගේ/ සහෝදරියකගේ හෝ ඔවුන්ගෙන් පැවත එන දරුවකු නම් හෝ ඒ අයගේ විවාහක පාර්ශවකරුගේ දරුවකු නම් ඉහත තත්ත්වය අදාළ නොවේ.
  • දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 10ට වැඩි නම් දරුවාගේ කැමැත්ත අවශ්‍ය වේ.
  • විවාහක පාර්ශව විසින්(ස්වාමියා සහ භාර්යාව) ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතූය.
  • දරුකමට හදා ගැනීමේ ආඥාවක් නිකුත් කරනු ලබන්නේ දිසා අධිකරණය විසිනි.
  • එම ආඥාව රෙජිස්ට්‍රාර ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.
  • දරුකමට හදාගන්නා ළමයාගේ උපත නැවත ලියාපදිංචි කරවා ගත හැකිය.
  • උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
    1. උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
    2. මව්පියන්ගේ විවාහ සහතිකය
    3. මවගේ සහ පියාගේ උප්පැන්න සහතික
    4. දරුකමට ගැනීම පිළිබඳ සහතිකය
  • උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය දරුවා උපන් ස්ථානය අයත්වන ප්‍රදේශයට අදාළ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.
  • දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 14ට වැඩි නොවිය යුතුය.

ඉහත සදහන් වන්නේ රජයේ මේ හා සම්බන්ධ ආයතන දරුවන් අරන් හදාවඩා ගැනීම තුල ඉදිපත්කර තිබෙන කාරණායි.

මෙම අවශ්‍යතා සපුරන විටදී ඉල්ලුම්කරුවන්ගේ ආර්ථික සහ දරුවා නඩත්තු කිරීමේ හැකියාවද සලකා බලා කුලවැද්දුම් ආඥාවක් දිසා අධිකරණය මගින් නිකුත් කරනවා . එහිදී පරිවාස නිලධාරි මගින් ද වාර්තා කැදවනු ලබන අතර එයද සැලකිල්ලට ගනු ලබනවා.

මේ සම්බන්ධ වැඩිදුර විස්තර ලබාගත හැකි ආයතන

ආයතනයේ තොරතුරු

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,

ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,

බත්තරමුල්ල

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ශ්‍රී ලංකාව

දුරකථන:+94-11-2889488 / +94-11-2889489

ෆැක්ස් අංක:+94-11-2889491

විද්‍යුත් තැපෑල:[email protected]

වෙබ් අඩවිය: www.rgd.gov.lk

අරන් හදාගන්න දරුවන් නීත්‍යාන්කූලව පමණක් භාර ගැනීම ප්‍රමාණවත්ද?

අරන් හදාගන්න දරුවන්

අරන් හදාගන්න දරුවන් නීත්‍යාන්කූලව පමණක් භාර ගැනීම ප්‍රමාණවත් නැහැ. ඒ දරුවන් ඔබ හදවතින්ද වැළදගත යුතුයි. දරුවෙකු ඔබ ලබාගන්නේ ඔබේ පවුල තුල ඇති ඒ හිස්තැන පිරවීමටම පමණක් නොවේ. ඒ දරුවාගේ ජිවිතයේ ඇති දෙමව්පියන් කියන හිස්තැනත් පිරවිම සදහායි.

ඔබ මෙම දරුවන්ට ආදරය කරන්න. ඔවුන් ආරක්ෂා කරන්න. ඔවුන්ගේ කටයුතු සොයා බලා කරන්න. ඒ දරුවන්ට වෙනස්කම් කරන්න එපා. ඔවුන් දෙස වෙනත් ඇසකින් බලන්න එපා. නිත්‍යානුකූලව ඔබ වෙත එන දරුවා ඔබේ ගැබෙන් නොව හදවතින් බිහිවෙන දරුවෙකි. ඒ ඔබේ ලෙයින් නොව ඔබේ මනුසත් කමින් බිහිවෙන දරුවෙකි. ඒ  නිසාම ඔබේ ගැබෙන් බිහිවෙන දරුවෙකුට නැතිනම් ඔබේ ලෙයින් බිහිවෙන දරුවෙකුට හිමි ස්ථානයම මේ දරුවන්ටද ලබාදෙන්න. දෙමව්පියන් නැති දරුවෙකුට දෙමව්පියන් වීමත් මහත් පුණ්‍යකර්මයකි.

මුලාශ්‍ර  -  gic.gov.lk

roar.media

life.dailymirror.lk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා
බෙදාගන්න :
  • නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට

    නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට

  • වසර 26කට පසු තමාගේ වැදූ මව හමු වූ ඒ හැඟුම්බර මොහොත: ෂෙරීගේ කතාව

    වසර 26කට පසු තමාගේ වැදූ මව හමු වූ ඒ හැඟුම්බර මොහොත: ෂෙරීගේ කතාව

  • නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට

    නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට

  • වසර 26කට පසු තමාගේ වැදූ මව හමු වූ ඒ හැඟුම්බර මොහොත: ෂෙරීගේ කතාව

    වසර 26කට පසු තමාගේ වැදූ මව හමු වූ ඒ හැඟුම්බර මොහොත: ෂෙරීගේ කතාව

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it