අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට බනින්නම් "

lead image

ඔබ ඔබේ දරුවා විනයානුකූලව  හසුරුවන වන විටදී ආච්චිලා සීයලා ඔබේ ක්‍රමයට ළමයා ඉස්සරහා විරුද්ධ වෙන කොට  ඔබ කරන්නේ කුමක්ද?

ඔබ ඔබේ දරුවා විනයානුකූලව  හසුරුවන වන විටදී ආච්චිලා සීයලා ඔබේ ක්‍රමයට ළමයා ඉස්සරහා විරුද්ධ වෙන කොට  ඔබ කරන්නේ කුමක්ද?

මෙය මම ලගදී මගේ හිතේ උපන් මේ සිතුවිල්ල සාකච්ඡා කලා. මගේ යාළුවා කිව්ව එයාගේ පුංචි පුතා රූපවාහිනියක් බලාගෙන ඉන්නවා . සෙල්ලම් කරන වේලාවට එලියට ගිහින් සෙල්ලම් කරනවා.

මම සති අන්තයේ සැන්දෑවක ඇයව බැහැදැකීමට ගියා. පියා සහ ආච්චිලා සීයලා ද සිටියා. මෙය සිදු වු අවස්ථාව වන විට මගේ යාළුවා සහ මම අපේ නොනවතින කතාබහේ යෙදී සිටියා.

තුන් හැවිරිදි  දරුවා සවන් දීමට සූදානමින් සිටියේ නැත.  මගේ මිතුරිය නැඟිට, දුරස්ථ පාලකයෙන් රූපවාහිනියෙන් ක්‍රියා විරහිත කල විට ඉක්මනින් කුඩා උද්වේගකාරී හැසිරීමක් අනුගමනය කලා. අපේක්ෂා කළ පරිදි කුඩා දරුවා නෙත් කඳුළින් පිරී ගියා.

එතකොට ඒ දරුවාගේ ආච්චි  ආවා.ඔහුව සැනසීමට කෙනෙකුව සොයා ගැනීමට කැමති වූ  ඒ දරුවා ඇයගේ දෑතින් ඔසවා ගත්තා. මොකද වුනේ කියා විමසුවා. ඇත්ත වශයෙන්ම, කුඩා දරුවා, ඒ මොහොතේ "වැරදිකාරිය" ලෙස මව වෙත ඇගිල්ල යොමු කලා.

"ඔයාගේ අම්මා ඔයාට බැන්නද? ඉන්න, මම දැන් ඔයාගේ අම්මට බනින්නම්" ආච්චි කිව්වා.

අපි හැමෝම ඇය කියු දේ ඇහුම්කන් දුන්නා. නමුත්  කිසිවකු ප්‍රතිචාර දැක්වුයේ නැත. මම කිසිවක් නොකියා සිටියත්, ගණන් කළ නොහැකි තරම් වාර ගණනක් මා වැරදිකාරිය බවට පත්කල  මගේ පවුලේ සමාජිකයින්  ගැන කල්පනා කිරීම මට නතර කරගත නොහැකි වුනා.සමහර පවුල් සාමාජිකයින් මගේ කුඩා දරුවන්ට පවසා ඇත්තේ මා විසින් ලෝකයේ ඉතාම භයානක දේ කර ඇති හෙයින්,ඔවුන් ආපසු බනින බවයි.

ඔබ හිතන්නේ එය හරිද?

සියළුම මව්වරුන් එසේ කරන්න උත්සහ කරන්නේ  ඇයගේ පුතා අධික ලෙස රූපවාහිනිය බැලීම  නිසා ඔහුගේ ඇස්වලට යහපතක් නොවන අතර මුළු දවසම රූපවාහිනිය ඉදිරිපිට වාඩිවී සිටීමට වෙනුවට දරුවා එලියේ සෙල්ල්ම් කල යුතු බැවිනි. ඒ අවස්ථාවේ දරුවා හික්මවා ගැනීමේ වගකීම වෙන කිසිවෙකු විසින් පවරා ගන්නේ නැති වු විට පුංචි පුතා ඇහුම්කන් දුන්නේ නැති නිසා ඇය ඒක කළා.

ඒ සඳහා නිවැරදි දේ දෙමාපියන් දෙදෙනාම එම  තීරණය කිරීමට එකඟ වීම වන අතර, ආච්චිලා සීයලා හෝ වෙනත් පවුලේ සාමාජිකයන් එම ස්ථානයට පැමිණ සිටින විට මවට සහය දැක්වීම  හෝ නිශ්ශබ්දව සිටීමට සුදුසු වේ.

එහෙත් බොහෝ ආසියානු  නිවාස තුළ පුදුමයට කාරණයක් වන්නේ දරුවා කරන හා ඉගෙන ගන්නා සියලු දේ සඳහා මව වගකිව යුතු වීමයි. දරුවා ගත යුතු පළමු වචනයේ පළමු පියවරේ සිට සමස්ත හැසිරීම හා අධ්‍යාපන ශ්‍රේණි සහ සෞඛ්‍ය  අධ්‍යනය කිරීම සඳහා, සියල්ලම මවගේ වගකීම් වේ.

" එයා එයාගේ තාත්තා වගේමයි "

දරුවෙකු හොඳින් කටයුතු කළොත්, මුළු පවුලම ආඩම්බරයට පත් වන අතර, ඔහු ඔහුගේ පියා මෙන් යැයි පවසයි . නමුත් දරුවාගේ කිසියම් සෘණාත්මක ගති ලක්ෂණ තිබේ නම්, නොසැලකිලිමත් වීම නිසා හා දරුවාට සුදුසු සාරධර්ම ඉගැන්වීම නොසලකා හරිනු ලැබ ඇති බවට මව චෝදනා ලබයි.

එම කාරණයදී දරුවාට ඉගෙන ගැන්වීමට   පවුලේ සෑම  සාමාජිකයෙකුටම මවට සහය නොදිය  හැක්කේ මන්ද? ඇය දරුවන්ට හොඳම දේ කුමක්ද කියා  නිශ්චිතවම දන්නා නිසා පවුලේ සමාජිකයින් ඇයගේ තීරණවලට සහයෝගය නොදෙන්නේ මන්ද?

මේ වගේ දෙයක්, සැහැල්ලු ලෙස කියනු ලැබුවද, දරුවා කෙරෙහි ඉතා අහිතකර බලපෑම් ඇති කරන්න පුලුවන්. මව පවසන දේ නොසලකා හැරීමටත් ඒ වෙනුවට නීති රීති අනුගමනය කරන වෙනත් මාර්ග සොයා බලනු ඇත. මවට තම දරුවන්ට පාඩම් ඉගැන්වීමට උපකාර කිරීම සාර්ථක කිරීමට  මුළු පවුලෙන්ම ලැබෙන  කුඩා අවබෝධයක් සහ උපකාරයක් වේ.

අපි ඇයට සහාය ලබා දෙමු නේද ?

දරුවන්ට හරි මග කියාදෙන අම්මාට සවියක් වෙන්න පවුලටම පුලුවන් බව මේ මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී