theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විදුලි පඩිපෙළෙන් වැටුන දරුවාට ජීවිතය අහිමි වුනේ මෙහෙමයි

5 අවම කියවීම
විදුලි පඩිපෙළෙන් වැටුන දරුවාට ජීවිතය අහිමි වුනේ මෙහෙමයිවිදුලි පඩිපෙළෙන් වැටුන දරුවාට ජීවිතය අහිමි වුනේ මෙහෙමයි

මාස 10 කි දියණිය ජිවිතයෙන් වන්දි ‌ගෙවු මාරක ‌සෙල්ෆිය ගත්තේ ‌මෙහෙමයි

විදුලි පඩිපෙළ අපේ රටේ නම් ඒ තරම් භාවිතා නොවුනත් එය අප රටට අලුත් දෙයක් නම් නොවෙයි. ඔබ මෙවන් පඩි පෙළවල් දැකලා තියෙනවා, ඒවායේ ගිහිනුත් ඇති.

මෙවන් විදුලි පඩිපෙළකින් වැටී අපේ අසල්වැසි රට ඉන්දියාවේදි තවත් හදකම්පිත කරන සිදුවීමක් සිදුවුනා.

අම්මායි තාත්තායි බබාත් එක්ක සෙල්ෆි ගන්න උත්සහ කරන කොට බබා විදුලි පඩිපෙළින් වැටුනා. මෙසේ දිවි අහිමි වුනේ වයස මාස 10 ක් වු පුංචි පැටික්කියකටයි.

ඇත්තටම ඇය මවගේ අතින් ගිලිහි ගොස් විදුලි පඩිපෙළෙන් වැටුනා. ‌

විදුලි පඩිපෙළෙන් වැටුන දරුවාට ජීවිතය අහිමි වුනේ මෙහෙමයි

විදුලි පඩි ‌පෙළක්

නොහිතූ ‌මොහොත සිදු වු ‌මේ අහිමි වීම මේ ‌දෙමව්පියන් ‌දෙදෙනාව ‌කොතරම් ‌වේදනාවට පත් කරන්න ඇතිද? දරුවෙකු අහිමි වීම දරාගන්න බැහැ තමයි ඒකත් තමාගේ අතින් වු අතපසු වීමකින් සිදු වු වීට ඒ අම්මා එය ‌කොහොම දරා ගන්න ඇතිද?

නමුත් දැන් සියල්ල සිදු වී හමාරයි. පුංචි දියණිය සදහටම සිය දෑස් පියා ගත්තේ සමස්ථ ‌දෙමව්පියන් පරපුරටම පාඩමක් උගන්වමිනි.

දරුවන් ‌පොදු ස්ථාන වලදී අනාරක්ෂිත ‌නොකරමින් ආරක්ෂිතව හසුරවා ගන්නට ඔබ වග බලා ගත යුතුයි.

අපේ දරුවන්ගේ ජිවිත රැකගැනීම හා ආරක්ෂා කරගැනීමට අවැසි සියලු විධි විධාන ගන්න.

නිරන්තරයෙන් විමසිලමත් ‌වෙන්න. ‌සෙල්ෆියක් ‌නොගැනීමෙන් අහිමි වන්නේ ‌සොදුරු ‌මොහොතක් පමණයි. නමුත් අනාරක්ෂිත වීමෙන් ඔබට ඔබේ වටිනා සම්පත අහිමි විය හැකීයි.

දරුවා විදුලි පඩිපෙළ උඩින් වැටුනේ කොහොමද?

ඉන්දියාවේ රාජස්ථානයේ දෙමව්පියන් දෙපලක් තම මාස දහයක් වු දියණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා එකක ගෙන ගියා.

ඉන්පසු අසල තිබු වෙළද සංකීරණයකටද ගොස් ඇතිබව The New Straits Times සහ The New Paper පුවත් පත් වාර්තා කරනවා.

ලිපිය අවසානයේ ඇති වීඩියෝ පටියෙන් හරියටම සිදුවුයේ කුමක්ද? දරුවා විදුලි පඩිපෙළෙන් වැටෙන ශෝචනීය මොහොත නරඹන්න පුළුවන්.

 ඒ අනුව පළමුවෙන්ම, මෙම යුවළ දරුවා සමග විදුලි පඩිපෙළ මත සෙල්ෆි ගනිමින් සිටිනවා. 

විදුලි පඩිපෙළෙන් වැටුන දරුවාට ජීවිතය අහිමි වුනේ මෙහෙමයි

‌‌ඛේදවාචකයට ‌මොහොතකට ‌පෙර

තැඹිලි පාට ඇදුමකින් සැරසී සිටින මව දරුවා ඔසවා ගෙන සිටින අයුරු දකින්න පුළුවන්.

ඉන්පසු ඔවුන් එම වීඩියෝවෙන් ඉවත් වී යන අතර විදුලි පඩිපෙළේ සීසීටීවී කැමරා වලින් යලිත් මතු වෙනවා. 

සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව සැමියා බිරිදට සෙල්ෆි එකක් ගන්න කතා කර තියෙනවා. මව අත්වැට පැත්තේ සිට ඇති අතර ඇයගේ සමබරතාවය නැතිවී අවාසනාවන්ත ලෙස ඇයගේ අතින් මේ පුංචි දියණිය ගිලිහි යනවා.

දරුවා අත්වැට අසල ඇති හිඩැස තුලින් විසි වී ගොස් තට්ටු තුනකින් පහළට වැටුනේ එක් නිමේෂයකින්. 

දරුවා විදුලි පඩිපෙළින් වැටුන පසු භීතියට පත් දෙමව්පියන් දෙදෙනා අත්වැටට උඩින් පහල බලනු වීඩියෝ දර්ශනයේ දකින්නට ලැබෙනවා.

ඔවුන් දරුවා සොයා පහළට දිව ගියා. නමුත් ඒ පුංචි දියණිය පොළවේ වැදීම නිසා ක්ෂණිකව මිය ගොස් තිබු බව වාර්තා වෙනවා.

 පොලීසිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙය හදිසි අනතුරක් පිළිබඳ පැහැදිලි සිද්ධියක් බවයි.

ඒ නිසා දෙමව්පියන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගනු ඇත.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මේ පුංචි දියණිය ඔබේ ඇස් ඉදිරියේ නැති වෙනු දුටු අම්මේ තාත්තේ ඔබට දැන් දැනෙන වේදනාව අපට සිතාගන්නවත් බැහැ. අපගේ හද පතුලෙන්ම නැග එන ශෝකය අපි ඔබට ප්‍රකාශ කරනවා.

මෙවන් විදුලි පිය ගැට පෙළක් දරුවන්ට ආරක්ෂිතවීම අනිවාර්යයි. ඒ සම්බන්ධව ඔබ දැන සිටිය යුතු ආරක්ෂිත ඉගි කිහිපයක් මෙන්න.

දරුවන්ගේ සුරක්ෂිතතාවය ගැන සෑමවිටම දැනුවත් වීමේ පැහැදිලි අවශ්‍යතාවය

විදුලි පඩිපෙළෙන් වැටුන දරුවාට ජීවිතය අහිමි වුනේ මෙහෙමයි

විදුලි පඩි ‌පෙළ මත ඔබේ දරුවාගේ ආරක්ෂාව තහවුරු කරගන්න.

මතකද මීට පෙර අපි ගෙන ආ මෙවැනිම ඛේදනීය කථාව? එහිදි අම්මාගේ උස් අඩි පාවහන් ලිස්සා ගොස් සිදුවුන ඛේදවාචකයත් ඔබට මතක ඇතැයි සිතනවා. ඒ දරුවාත් අවාසනාවනත විදියට බැල්කනියෙන් වැටි මිය ගියා. මෙවැනි දේවල් වළක්වාගන්න නම් සෑමතැනකදීම දරුවන් වෙනුවෙන් පිළිපැදිය හැකි ආරක්ෂිත උපදෙස් ගැන අප හා අනෙක් අය දැනුවත් වීමයි.

නිවසින් පිට ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ කාරණා මතක තබා ගන්න

  • සෑම විටම ඔබේ වටපිටාව ගැන සැලකිලිමත් වන්න, ඔබේ දරුවා කරන්නේ කුමක්ද යන්න ගැන විමසිලිමත් වන්න. අපේ කුඩා දරුවන් සමඟ සෙල්ෆි ගන්න අපි කොයිකවුරුත් ආසයි. නමුත් විදුලි පඩි පෙළ , දුම්රිය මාර්ග මෙන්ම අනෙකුත් අනාරක්ෂිත ස්ථාන ඒ සදහා තෝරාගන්න එපා.
  • ඒ වගේම, වැඩිහිටියෙකුගේ ඉණ මට්ටමින් අවසන් වන අත්වැට වල් ඇති ඕනෑම ස්ථානයකදී ඔබේ දරුවා හා සෙල්ෆි ගැසීමට යෑම අනාරක්ෂිතයි. බබාලා දගලන නිසා ඔබේ අවධානය ගිලිහි ගිය විට නිමේෂයකින් ඔබේ දරුවා ලිස්සා යන්න පුළුවන්. 
  • දර්ශනීය ස්ථාන වල ඇති වැට රේල් පීලි අතරින් කුඩා දරුවන් ලිස්සා යාමට තරම් කුඩා වෙන්න පුළුවන්.
  • විදුලි පඩිපෙළ, සංචාරක සෝපාන(ගුවන්තොටුපලවල, උදාහරණයක් ලෙස) හෝ සෝපාන අසල දරුවන්ට සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න එපා..

  • විද්‍යුත් පඩිපෙළෙහි පඩියේ මැද සිටගෙන යාමට වැඩිහිටි දරුවන්ට උපදෙස් දෙන්න. විදුලි සෝපානයෙන් බසින තුරු ඔවුන්ගේ අත අල්ලා ගන්න.
  • විදුලි පඩිපෙළෙහි ඉහළට හෝ පහළට ගමන් කරන්න එපා. ඒ වෙනුවට සෝපානය භාවිතා කරන්න.
  • ඔබ වැඩිහිටි දරුවන් සමඟ සාප්පු යනවා නම්, ඔවුන් අතරමං වුවහොත් කුමක් කළ යුතුද යන්න පිළිබඳව ඔවුන්ට උපදෙස් දෙන්න. උදාහරණයක් ලෙස ඔවුන්ට ලොබිය වෙත යාමට හෝ ආරක්ෂක නිලධාරියෙකුට දැනුම් දිමට කියාදෙන්න. ඔබගේ දුරකථන අංකය මතක තබා ගැනීමට ඔවුන්ට උදව් කරන්න. 
  • ඔබේ සේවකයා හෝ වෙනත් රැකබලා ගන්නෙකු ඔබේ දරුවන් නිතර නිතර පිටතට ගෙන යන්නේ නම්, ඔබේ දරුවන් කෙරෙහි සැමවිටම අවධානය යොමු කිරීම කොතරම් වැදගත්ද යන්න ඔවුන්ට වටහා දෙන්න. ඒවේලාවේදි  ඔවුන්ගේ දුරකථන භාවිතා කිරිමෙන් හෝ වෙනත් යමක් කිරීමෙන් වළකින ලෙස ඔවුන්ට උප‌දෙස් දෙන්න.

දරුවන් ඔබගේ සම්පතයි. ඇසිල්ලකින් ඔබේ දරුවා නොසිතු අනතුරකට අත පොවන්න පුළුවන්.

නැතිනම් ඔබේ නොසැලකිල්ල හෝ අවධානය අඩු කම නිසා ඔවුන් අනතුරු වල වැටෙන්න පුළුවන්.

සමහර දරුවන්ට මෙවැනි අනතුරු වලින් බරපතළ අනතුරු මෙන්ම ජීවිතයද අහිමි වෙන අවස්ථා තියෙනවා. 

මේ කථාවේ මාස දහයේ බබාටත් අත්වුනේ එවැනි අවාසනාවන්ත ඉරණමක්. ඔබ ඔබේ දරුවාගේ ආරක්ෂාවට පළමු තැන දෙන්න. ‌

දෙමව්පියන් විදියට ඔබේ වගකීම එයයි.

ඔබට මේ සම්බන්ධව ගැටලුවක් ඇතිනම් නැතිනම් අදහස් දැක්වීමට අවශ්‍ය නම් පහතින් ඇති කමෙන්ට් තීරුව භාවිතා කරන්න.

අනතුරට අදාල වීඩියෝව – සං‌වේදී දර්ශන සහිතයි

https://youtu.be/HodqrM3CzJI

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • විදුලි පඩිපෙළෙන් වැටුන දරුවාට ජීවිතය අහිමි වුනේ මෙහෙමයි
බෙදාගන්න :
  • විදුලි පියගැට පෙළට හිසකෙස් සිරවී අනතුරට පත් වු පුංචි දැරිය

    විදුලි පියගැට පෙළට හිසකෙස් සිරවී අනතුරට පත් වු පුංචි දැරිය

  • ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

    ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

  • විදුලි පියගැට පෙළට හිසකෙස් සිරවී අනතුරට පත් වු පුංචි දැරිය

    විදුලි පියගැට පෙළට හිසකෙස් සිරවී අනතුරට පත් වු පුංචි දැරිය

  • ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

    ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it