theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

3 අවම කියවීම
ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

මේ පුංචි පුංචි දේවල් දරුවන්ට පෙන්වීමෙන් ඔබ දරුවා ගැන හිතන ආකාරය හා ඔහුට ඔබ ආදරය කරන අයුරු ගැන හුඟක් සතුටු වෙනවා.

දරුවන්ට නිරන්තරයෙන් දෙමාපිය ආදරය හා සහයෝගය අවශ්‍යයි. මොනදේ වුවත් ඔබ ඔවුන් පිටුපස ඔවුන් වෙනුවෙන් සිටිම ඉතාම වැදගත්.

මේ පුංචි ආදරය කාරණා කිහිපය ඔබත් දරුවාත් අතර ඇති බැඳීම වැඩි කරන්නත් එය ශක්තිමත් කරන්නත් උදවු වේවි.

දරුවා සමග එකට එක්ව කාලයක් ගත කරන්න

කෙටි කාලයක් වුවත් ඔබ ඔවුන් සමග රැඳෙන කාලය ඔවුන්ට හරිම වැදගත්. ඔබේ දවසෙන් කෙටි කාලයක් ඔවුන් සමග ගත කිරීම නිසා ඔවුන්ව ඔබට හුඟක් වැදගත් බව දරුවන් වටහා ගන්නවා.

ඔබේ දුරකථනය විසන්ධි කරන්න

දරුවන් සමග සිටින විට දුරකතනයට මුල්තැන නොදීමට දෙමාපියන් වගබලා ගැනීම වැදගත්. එය දරුවන්ට හොඳ ආදර්ශයක් ලබා දෙන්නේ නැහැ. ඉතින් පරිගණකය, දුරකථනය වසා තැබීමෙන් ඔබ ඔවුන් වෙනුවෙන්ම කාලය වෙන කරන බව ඔවුන් වටහා ගනීවි.

ඔවුන්ගේ සිත් බැඳගන්න ආකාරයට ඉන්න

ඔබ දරුවන්ට වගේම පවුලේ අනෙක් වැඩටත් ආකර්ෂණීය ලෙස සිටිනු දකින්න දරුවන් හුඟක් කැමතියි. ඉන් ආදරය පවුලක ප්‍රමුඛත්වය ගන්න බව වැටහෙනවා. ඉන් ඔවුන් වටා ඉන්න අයට ආදරය කරුණාව දක්වන්නත් ඔවුන් ඉගෙන ගන්නවා.

ඇහුම්කන් දෙන්න

දරුවන් තමන්ගේ අත්දැකීම්, සිදුවීම් විස්තර කරන විට තරමක් අතිශෝක්තියෙන් කතා කරනවා. එය ඔබට දහස් වරක් කියා ඇතැයි හැඟුනත් ඔබ එයට ඇහුම්කන් දීම ඉතා වැදගත්. ඔවුන්ගේ කුඩා වයස අනුව ඔහුට ඇහුම්කන් දෙන, ඔහුව විශ්වාස කරන එකම පුද්ගලයා ඔබයි. ඒ නිසා ඔබට ඔවුන්ට උවමනා ඕනෑම මොහොතක ඇහුම්කන් දෙන්න සුදානම් බවත් විශේෂයෙන් ඔවුන්ගේ ඕනෑම ගැටළුවකදීත් ඔබ ඉන්න බව පෙන්වන්න.

විනය

දෙමාපියන් තමන්ගේ දරුවන් දුකෙන් හා හිත්රිදවිමෙන් ඉන්නවා දකින්න කැමති නැහැ. නමුත් සමහර වේලාවන් වල සමහර හැසිරීම් වල ප්‍රතිඵල දැනගැනීමට ඔවුන්ට විනයක් හා පාලනයක් අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට ආදරයේ තද බව ඔබට ආරුඪ කරගන්න වෙන්නේ ඒකයි. ඔවුන් නිසි මගට ගන්න සමහර විට දැඩි නීති පනවන්න සිදුවෙනවා. ඔබ නිතර තදින් සිටියත් ඒවා සාධාරණ වියයුතු බව මතක තබාගන්න.

දරුවාගේ හැදියාව

දරුවාට නිතර ආදරය, උදවු හා ඔබේ අවබෝධය වැදගත්. ඒ මගින් ඔවුන් හොඳින් හැදී වැඩෙනු දකින්නට අන් යට කරදරයක් නැති දරුවන් වනවාත් බලන්න දකින්න පුළුවන්.

ඔබේ දරුවන් සමග සිනහ වෙන්න

සිනහව ලෙඩ සඳහා ඔසුවක් ලෙස හඳුන්වනවා. ඔබ කෙතරම් පීඩනයෙන් සිටියත් ඔබේ දරුවන් දුකෙන් ඉන්නවා නම් ඔවුන් සිනහ ගැන්විමට විහිලු තහළු කිරීම කතන්දර කීම වැනි දේවල් කියා ඔවුන්ව සතුටින් තබන්න. සතුටින් පිරි හැඟීම් ඔබේ නිවසේ ජීවත් වෙන්න හොඳම දෙය බවට පත් කරනවා. 

“මං ඔයාට ආදරෙයි” කියලා කියන්න

මෙය ඔබට කළහැකි සරලම දෙයක්. ඔබ ඔවුන්ට ආදරය පෙන්වන අතර තුර ආදරය කරන බව වචනයෙනුත් කියන්න. එය ඔබ ඔවුන් ආදරය කරන බව ප්‍රකාශ කිරීමෙන් ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගෙනවා. පුංචි වචන දෙකකට දරුවෙකුගේ හිතේ සතුට ගෙනෙන්න පුළුවන් අපූරුව ඔබත් අත්දකින්න.

දරුවන්ට ආදරය පෙන්වන්න දෙමාපියන් හුඟක් ලොකු දේවල් කළයුතු නැතත් අපි නොසිතන දේවල් ඉටු කිරීමෙන් දරුවන්ට අපේ ආදරය දැනෙනවා වැඩියි. ඒ ආදරය වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්
බෙදාගන්න :
  • අපි නොසිතන පුංචි දේවල් වලින් දරුවෝ හුඟක් සතුටට පත්වෙනවා

    අපි නොසිතන පුංචි දේවල් වලින් දරුවෝ හුඟක් සතුටට පත්වෙනවා

  • දරුවාට ඔබ හුඟක් ආදරය කරන බව දැන්වීමට මේ ඉඟි 9 අත්හදා බලන්න

    දරුවාට ඔබ හුඟක් ආදරය කරන බව දැන්වීමට මේ ඉඟි 9 අත්හදා බලන්න

  • අපි නොසිතන පුංචි දේවල් වලින් දරුවෝ හුඟක් සතුටට පත්වෙනවා

    අපි නොසිතන පුංචි දේවල් වලින් දරුවෝ හුඟක් සතුටට පත්වෙනවා

  • දරුවාට ඔබ හුඟක් ආදරය කරන බව දැන්වීමට මේ ඉඟි 9 අත්හදා බලන්න

    දරුවාට ඔබ හුඟක් ආදරය කරන බව දැන්වීමට මේ ඉඟි 9 අත්හදා බලන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it