theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ හිසට ඇතිවිය හැකි අනතුරු වළකා ගන්නේ කොහොමද?

4 අවම කියවීම
දරුවන්ගේ හිසට ඇතිවිය හැකි අනතුරු වළකා ගන්නේ කොහොමද?දරුවන්ගේ හිසට ඇතිවිය හැකි අනතුරු වළකා ගන්නේ කොහොමද?

ඔබේ දරුවාගේ හිසට හදිසි අනතුරක් වුවහොත් කළ යුත්තේ කුමක්ද? හිසට අනතුරක් වූ විට සැලකිය යුතු කාරණා හා දකින්නට ලැබෙන ලක්ෂණ ගැන ඔබ දැනුවත්ද?

දරුවන්ගේ ආරක්ෂාව ගැන ඔබ කෙතරම් සිතුවත් සමහර අනතුරු ඉතාම අනපේක්ෂිතයි. ඉඳහිට වැටීමකින් ඇතිවෙන අනතුරකින් වන ඔලුව ගෙඩි ගැසීම වැනි දෙයකට වඩා අනතුරක් සිදුවුවහොත් හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කළයුත්තේ කුමන අනතුරකදී දැයි දැනගැනීම වැදගත්.

තරමක් ලොකු දරුවන්ගේ ඔලුවට ඇතිවිය හැකි අනතුරු

වෛද්‍ය චොන්ග් ෂු ලින්ග් සර්වාංග වෛද්‍යවරයෙකු වන අතර සිංගප්පූරුවේ KK ළමා හා කාන්තා රෝහලේ සේවය කරනවා. මෙම රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වාර්තාවන් වලට අනුව වසරකට දරුවන් හදිසි අනතුරු නිසා වසරකට 28,700 ක් පමණ ඇතුලත් වන බව පැවසෙනවා.

මෙය ප්‍රතිකාර සඳහා යොමු වන ළමයින්ගෙන් 15%-17% ක ප්‍රතිශතයක් වෙනවා.

මේ අතර අවුරුදු දෙක හා ඊට අඩු දරුවන්ගේ හිසට ඇතිවූ තුවාල නිසා රෝහල්ගත වන අතර එම අනතුර බොහෝ විට සිදුවන්නේ නිවාස තුළ හා ඉන් අඩක්ම නිදන කාමරයේදී සිදුවෙනවා. හුඟක් අනතුරු සුළු ඒවා වන අතර ප්‍රථමාධාර  හා වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවය ලැබෙනවා.

සමහර අනතුරු ඉතා දරුණු ඒවා වන අතර ඒවා ජීවිත කාලයටම බලපාන ඒවා වන්නට පුළුවන්. සමහර අවස්ථාවල මරණය පවා වන අවස්ථා තිබෙනවා. මාස 8 ක් වයසැති පාරිස් රිස් නමැති බිළිඳා ප්රූම් එකෙන් වැටී මරණයට පත්වීම එවැනි අවස්ථාවක්.

ඔබ කළ යුත්තේ කුමක්ද?

දරුවාට හිසට අනතුරක් වූ විට ඉක්මනින් දරුවා සන්සුන් කර ඔහුගේ හැසිරීම අනුව වෛද්‍යවරයා වෙත රැගෙන යා යුතු දැයි සොයා බලන්න.

ලේ වහනයක් වේ නම්

ලේ වහනය වන තැනට රෙදි කැබැල්ලක් හෝ බැන්ඩේජ් කැබැල්ලක් තබා තදකර මිනිත්තු කිහිපයක් තබාගන්න. මුහුණේ හා හිස වටා ඇති රුධිරය සපයන නාලිකා හරහා ලේ වහනය විය හැකි නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.

හිසේ ගැටිත්තක් ඇතිවීම

සම යටින් ඇති කේශනාලිකා වලට හානිවීම නිසා ඉදිමුමක් සමග ගැටිත්තක් ඇතිවෙනවා. තරමක් තදින් අයිස් පැක් එකක් තබාගෙන සිටීමෙන් මෙය ඉක්මනින් ඉවත්වී යනවා.

තැලීම් හා සිරීම්

අසාදනය වීම වැළකීමට ළමයින්ට මෘදු සබන් ද්‍රාවනයකින් හා උණුසුම් වතුරින් ඒ ප්‍රදේශය සෝදා හැර විෂබීජ නාශක ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

වමනය

ඇතිවූ ගැස්සීම හා පීඩනය නිසා සමහර විට දරුවා වමනය කරන්න පුළුවන්. මෙය සාමාන්‍ය වුවත් ඉදිරි පැය 6 සිට 24 ක් වන විටත් නැවත නැවත වමනය කළහොත් ඒ ගැන සැලකිලිමත්ව වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්න.

සිහිය නැතිවීමක් වුවහොත්

ඔබේ දරුවාගේ හිස දරුණු ලෙස වැදීමට ලක්ව සිහිය හා දැනීම නැතිනම්, එය මොහොතකට හෝ සිදුවුණි නම් ඉන් දරුවාට නිදිමත ඇතිවෙන්න පුළුවන්. ගෙවෙන පළමු පැය තුළ දරුවා නින්දට නොයවා තබා ඔහුගේ චර්යාවන් සාමාන්‍ය දැයි බලන්න. ඔහු අඬමින් සාමාන්‍ය ලෙස හැසිරෙන්නේ නැත්නම් ඔහුට කරකැවිල්ල හා ව්‍යාකූල බවක් දැනෙන්නට පුළුවන්. ඔහු නින්දට වැටුනොත් ඔහුගේ හුස්ම ගන්න රටාව හා සමේ පැහැය ගැන අවධානයෙන් ඉන්න. එය සාමාන්‍ය නම් දරුවා අවදි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් සම සුදුමැලි වී, හුස්ම ගන්න ආකාරයේ වෙනසක් නැත්නම් ඔහු හෙමින් සැරේ ඇහැරවන්න හැදුවත් ඔහුට නින්දට යන්නට අවැසි බව අඟවයි නම් තත්වය සාමාන්‍ය බව වටහා ගන්න. නමුත් ඔහුව අවදි කළ නොහැකි නම් වහාම හදිසි අනතුරු ඒකකයට ගෙන යන්න.

ඔබ කලබල විය යුතු අවස්ථා

ඔබේ දරුවාට වේදනාවන් ප්‍රකාශ කර ගත නොහැකි වයසක පසුවන නිසා නිතර ඔහු ගැන අවධානයෙන් පසුවෙන්න.

KK ළමා හා කාන්තා රෝහලේ හා එහි ප්‍රවීණයන්ගේ මතයට අනුව ඔබේ දරුවා පහත සඳහන් එකක් හෝ ලක්ෂණ පෙන්වනවා නම් වහාම රෝහල් ගත කළයුතු බව පැවසෙනවා.

  • දරුවාගේ සාමාන්‍ය හැසිරීමට වෙනස් හැසිරීම් පෙන්වනවා.
  • දරුවා සිහිමුර්ජා වීම, ෆිට් එක වැළඳීම.
  • නිදිබර බවක් හා නිතරම නිදාගන්නට උත්සාහ කිරීම.
  • නින්දෙන් අවදි කිරීමට නොහැකි වීම.
  • දිගටම වමනය කිරීම.
  • ලේ වහනය හා ඇස් හා කන් වලින් වතුර වැනි ද්‍රවයක් පිටවීම.
  • විවර වූ කැපුමක් ඇත්නම් මැහුම් දැමීමට අවශ්‍ය බව.
  • තුවාලයට පීඩනයක් දී රෙදි කැබැල්ලකින් වසා තබාවත් රුධිර වාහනයේ නැවතීමක් නැත්නම්.
  • හැඬීම නවත්වන්නේ නැත්නම්.
  • දරුවා උඩක සිට පහළට වැටුණා නම්.
  • ඇස් වල ක්‍රියාකාරිත්වයේ වෙනසක්.
  • එක් ඇසක කළු ඉංගිරියාව අනෙකට වඩා විශාලව පෙනේ නම්.
  • ඉඳගෙන, දණගාන විට හෝ ඇවිදින විට සමබරතාවය ගිලිහේ නම්.

හිසට ඇතිවන තුවාල වලින් වැළකෙන්නේ කෙසේද?

අනතුරු සිදුවිය හැකි වුනත් ඒවා වළකා ගන්නට පුළුවන් නම් ඉතා වැදගත්. හිසට තුවාලයක් හෝ හදිසි අනතුරක් ඇතිවීමෙන් දරුවා ආරක්ෂා කරගන්නේ කොහොමද?

  1. ඔබේ දරුවා තප්පරයක්වත් තනිව තබා යන්න එපා. විශේෂයෙන් පුටුව උඩ, තොටිල්ල මත විශේෂයි.
  2. දරුවා නැලවිමට රෙදි කැබලි වලින් හදන නැලවිලි තොටිලි වල තැබීමෙන් වළකින්න.
  3. බේබි වෝකර් එකට දරුවා හුරු කිරීම නොකර සිටින්න. ලොව පුරා මේ නිසා අනතුරු සිදුවී ඇති බවට වාර්තා නැහැ.
  4. ඔබ කේන්තියට හෝ කලකිරීමට පත්ව ඇති විට දරුවා වේගයෙන් හොලවන්න එපා.
  5. දරුවාට කෑම ගැනීම වෙනුවෙන් සකසා ඇති උස පුටු වල තැබීමෙන් සැලකිලිමත් වෙන්න.
  6. දරුවාට සරිලන කාර් සීට් එකක් මිලදී ගන්න. එහි ආරක්‍ෂිත පටි දැමීමට අමතක නොකරන්න.
  7. බිත්ති වලට ග්‍රිල් දැමීම හා පඩිපෙල් වලට බාධක යෙදීම වැනි දේ කරන්න.
  8. හැම විටම ස්ට්‍රෝලර් එකක ඉන්නවා නම් දරුවාට ආරක්‍ෂිත පටි දමන්න.
  9. ජනෙල් අසල ගෘහ භාණ්ඩ තැබීමෙන් වළකින්න. ඉන් දරුවාට ඊට ළඟා වීමට නොහැකි වෙනවා.
  10. දරුවා සෙල්ලම් කරන තැන මෘදු පැදුරක් හෝ මෙට්ටයක් අතුරන්න.

දරුවාට මෙවැනි අනතුරක් වූ විට වහාම වෛද්‍ය උපදෙස් පැතීමට ඔබ දැනුවත්ව සිටීම ඉතා වැදගත්. හදිසි අනතුරු අපට දන්වා එන්නේ නැහැ. theAsianparent Sri Lanka ඔබට ඒ වැදගත් ලිපිය ඒ වෙනුවෙන් සකස් කළා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Dew M. Chaiyanara

  • Home
  • /
  • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
  • /
  • දරුවන්ගේ හිසට ඇතිවිය හැකි අනතුරු වළකා ගන්නේ කොහොමද?
බෙදාගන්න :
  • හිතුවක්කාර පුංචි ගවේෂකයා: ඔලුව වැදිලා ප්‍රශ්න ගොඩයි

    හිතුවක්කාර පුංචි ගවේෂකයා: ඔලුව වැදිලා ප්‍රශ්න ගොඩයි

  • දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

    දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

  • හිතුවක්කාර පුංචි ගවේෂකයා: ඔලුව වැදිලා ප්‍රශ්න ගොඩයි

    හිතුවක්කාර පුංචි ගවේෂකයා: ඔලුව වැදිලා ප්‍රශ්න ගොඩයි

  • දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

    දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it