theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ බුද්ධි වර්ධනයට මනෝ විද්‍යාත්මක සහ ප්‍රායෝගික ක්‍රමවේදයක්

5 අවම කියවීම
බබාගේ බුද්ධි වර්ධනයට මනෝ විද්‍යාත්මක සහ ප්‍රායෝගික ක්‍රමවේදයක්බබාගේ බුද්ධි වර්ධනයට මනෝ විද්‍යාත්මක සහ ප්‍රායෝගික ක්‍රමවේදයක්

බබාගේ බුද්ධි වර්ධනය හා භාශා හැකියාව දියුණු කරගත් ආකාරය ප්‍රායෝගිකව අථදා බලා පට කියා දෙන මවක්.

මව්වරුන් හැම කෙනෙක්ම වාගේ තම කිරිකැටියා මෙලොව එළිය දුටු මොහොතේ පටන් හීන ගොඩාක් දකිනවා. පැටියා හැම අතින්ම උපරිමය දෙන්න මුළු ජීවිතයම කැප කරනවා. ඒ අතුරින් ලොකුම හීනයක් තමා බබාගේ බුද්ධි වර්ධනය. 
 
ළදරු මොළයේ සෛල සම්බන්ධතා (උපාගම) අධික ලෙස අන්තර්ගත වනවා. උපාගම අධික ලෙස නිෂ්පාදනය කිරීම මුල් අවදියේ සිට ලබාගත් තොරතුරු මොළයට පදනමක් ගොඩනඟා ගැනීමට ඉඩ සලසයි.
 
මේ පසුබිම තුළ ළදරු මොළය වර්ධනය කළ හැකි ක්‍රමවේඩහ් ගණනාවක් තිබෙනවා. ආහාර පාන තුළින්, චර්‍යා තුළින්, දෙමාපියකරණ ක්‍රමවේද තුළින්, සෙල්ලම් කිරීම තුළින් ආදී නොයෙකුත් ක්‍රම හරහා බබාගේ බුද්ධි වර්ධනය වැඩි කළ හැකි ආකාර තිබෙනවා. මේවා බොහොමයක්ම විද්‍යාත්මකව හා සමීක්ෂණ ආදිය හරහා තහවුරු කරගත් ක්‍රමවේද වනවා.
 
ඒවා අතර මනෝ විද්‍යාත්මක ක්‍රමවේද තේරුම් ගෙන, ඒ හරහා දරුවාගේ බුද්ධි වර්ධනයට කටයුතු කළ හැකි ආකාරය ගැන කියවෙන අගනා ලිපියක් අපට ශානි රණසිංහ මහත්මිය ඇගේ මුහුණු පොත හරහා ඵල කළ ලිපියක් හමුවුණා. 
 
එම වටිනා ලිපිය ඇගේ අනුදැනුම යටතේ අනෙකුත් මවුවරුන් හා බෙදාගන්නට අදහස් කළා. ඉතින් ගුරුවරියක් හැටියට ඇගේ දරුවාගේ බුද්ධි වර්දනය හා භාෂා හැකියාව දියුණු කළ ආකාරය ඇගේ අත්දැකීම් අනුව පහතින් විස්තර කරනවා. 

බබාගේ බුද්ධි වර්ධනය හා භාෂා හැකියාව දියුණු කිරීම

බබාගේ බුද්ධි වර්ධනය ආශ්‍රිත ළමා මනෝ විද්‍යාත්මක (child psychology) සංකල්ප

මෙහිදී child psychology ගැන කතා කරද්දී ඒ ඒසදහා විශාල දායකත්වක් දැක්වු දෙන්නෙක් තමයි  Psychologist Jean Piaget සහ  Sigmund Freud (neurologist and the founder of psychoanalysis) යන අය
 
මේ අයගේ අධ්‍යයන වලට අනුව දරුවෙකුවේ කුඩා කාලය තමයි ඉතාම වැදගත් වෙන්නේ. අම්මා කෙනෙක්ගේ ගර්භණී  අවදියේ පටන් මේ ලමා සංවර්ධනය සිද්ධ වෙනවා.
බබාගේ බුද්ධි වර්ධනය
 
මවගේ කටහඩේ තාලයට බබා නැලවෙනකොට  මවගේ පියගේ සෙනෙහස ආදරය දරුවා විසින් ග්‍රහනය කර ගන්නවා සේම මවගේ විවිධාකාර වූ හැගීම්, දුක, කෝපය, ආදී සෘණාත්මක සිතුවිලිද ඔවුන් නිරයාසයෙන්ම ග්‍රහනය කර ගන්නවා.
 
ඒනිසා ළමා සංවර්ධනයෙදී දෙමාපියන්ගේ හැටියට බුද්ධිමත්ව  ළමයින් සමග ගනුදෙනු කිරීම වැදගත් වෙනවා
 
ඒක හරියට නිකන් ගේකට foundation එක දානව වගේ ශක්තිමත් විය යුතුයි..  මේහිදී cognitive development (ඥානාත්මක සංවර්ධනය)  ගැන කතා කරොත් Jean Pieget ගේ  ඉගැන්වීම් වලට අනුව ( Piaget's theory of cognitive development) අර මං කිව්ව ආකාරයට කුඩා අවදියේ සිට  දරුවගේ බුද්ධි පලය නිර්මාණය වෙනවා.

දරුවාගේ භාෂා හැකියා සංවර්ධනය

ඒ වගේම තමයි දරුවෙක්ගේ භාෂා හැකියාව සදහා වැදගත්  සංධිස්ථානයක් ගන්නවා අවු 1-3 දක්වා වු කාලය. 
 
(Bilingual child) ද්ව් භාෂා හැකියාවක් ඇති දරුවෙකු නිර්මාණය කිරීමේදී මේ සංඩිස්තානය ඉතා වැදගත් වෙනවා. මෙහිදී අපට දරුවා මවු කුස තුල සිටියදීම ද ක්‍රියාත්මක විය හැකියි.
බබාගේ බුද්ධි වර්ධනය
 
කියාකාරකම් මගින් ලමයින්ගේ භාෂා හැකියාව හා බුද්ධි  වර්දනය කර ගනිම මෙහිදි සුවිශාල අත්වැලක් වෙනවා
 
ඇත්තටම  මං කතා කරොත් මගේ බබා ගැන එයාට මේ වෙනකොට. අවු 2 ලැබුවා පමනයි. 

නමුත් එයා අවු 1 මාස 10 වනවිට සම්පූර්නයෙන්ම වගේ; 

  • 1-20 දක්වා අංක  නිවැරැදිව  හදුන ගන්නත් ගනනය කිරිමටත් 
  • A-Z දක්වා කීමටත්.. අකුරු නිවැරැදිව  හදුනා ගැනීමටත්
  • මූලික වර්න නිල්,‍රතු,සුදු, කලු, කහ, කොල, අලු, දුබුරු, රෝස , දම් යන මුලික වර්න නිවැරැදිව හදුන ගන්න
  • වර්න එකතුවකදි වෙන් වෙන්ව වර්න හදුනා ගැනීම 
  • මූලික හැඩතල circle , triangle , rectangle, square , trapicium, semi circle, pentagon, hexagon, star, heart, diamond  යන හැඩ තලයන් නිවැරදිව හදුනා ගන්න 
  • සතුන්ගේ නම් ඔවුන්ගේ ශබ්දයන් පුතාට කියන්න පුලුවන්.. 

අපේ පුතා 1-20 දක්වා ගනන්කරනවා බලන්න 

https://youtu.be/vPGDkKUlwSo
 
හැබයි මේ හැමදේම එක රැකින් කල දේවල් නෙවෙයි. එයා පොඩි කාලේ ඉදන්ම අපි එයාට ලස්සන සෙල්ලම් කරන්න පුලුවන් පරිසරයක් හදලා දුන්නා. එයා එක්ක නටනවා සිංදු කියන්වා පෙරලෙනවා කතා කියනවා.
 
විශේෂයෙන් අපි මේ ඉගැන්වීම් කරේ ලමයට කිසිම ආකාරයක පීඩනයට පත් නොකර.
 
මුලින් අපි එයා එක්ක පොඩි පොඩි කියාකාරකම් කරන්න ගත්තම එයාම අපිව එක්ක යනවා එයා එක්ක කියාකාරකම් කරන්න කියලා. 
බබාගේ බුද්ධි වර්ධනයට මනෝ විද්‍යාත්මක සහ ප්‍රායෝගික ක්‍රමවේදයක්
 
දැන් නම් එයා නිතරම ගවේෂණශීලියි. මොකක් හරි දැක්කොත් ඒකේ පාට කියනවා. නැත්නම් ඒකේ හැඩේ කියනවා. ඔය වගේ එයාම හැමදේම අදයනය කරනවා.
 
ඒ වගේම ඇවිත් අපිටත් ඒ දේ පෙන්වනවා. ඒ වගේම මේ වෙනකොට ගොඩක් හොද ශබ්ද කෝෂයක් පුතා සතුව තියෙනවා. 
 
අපි බබාට පොත පත දැනුම විතරක් නෙවෙයි. සිරිත් විරිත් යහපත් ගතිපැවතුම් මේ වගේ දේවල් පවා මේ වෙනකොට එයා දන්නවා. 

අවුරුදු දෙකේ පුතා පුරුදු පුහුණු වූ වෙනත් සිරිත් විරිත් හා යහපත් ගතිපැවතුම්

  • බුදුන් වදිනවා මාත් එක්ක
  • ගේ අතු ගාන්න උදව් වෙනවා. ( ඒ වගේම හැඩි කරනවා ර්‍ර්ටත් වඩා)
  • Wet tissue දුන්නම එයා ගිහින් එයගේ සෙල්ලම් බඩු, බෝල පිහිදානවා 
  • බිම මොනව හරි හිරුනාම පාපිස්ස දානවා
  • හරිටටම සෙරෙප්පු දෙක දා ගන්නවා
  • කුනු රොඩු කුණු කූඩයට දානවා
මේ වගේ තව  ගොඩක් දේවල් එයා අත්දැකීමෙන් ඉගෙන ගෙන තියෙන්නේ. මේ හැමදේම පුතා ඉගෙන ගත්තේ ආදාරයෙන්. ගහලා බැනලා නම් නෙවෙයි.
 
නිදිමත වෙලවට නම් හැබයි පොඩ්ඩ බැරි උනොත් අඩන එකමයි වැඩේ. ඒ ඉතින් එයාට නිදිමත නිසා.
 
ඒ වගේ දෙමාපියන් හැටියට අපි ලමුන්ගේ situation එක තේරුන් අරගෙන එයාල එක්ක ගනුදෙනු කරන්න ඕන හරි පරිස්සමට. මොකද පුංචි හිත් මල් වගේ තැලුනොත් ආයි කලින් වගේ හදන්න බෑ.
 
විශේෂයෙන් මෙලොව වෙසෙන සෑම දරුවෙක්ම බලපොරොත්තු වන්නේ ආදරය, කාලය, සෙනෙහස සහ ආරක්ෂාව යන මූලික සාදක 4යි.
 
ආදරණීය දෙමාපියන් හැටියට එයාලාට ඒ ටික දෙනකොට ඉබේටම හරිම ලස්සන දරුවෙක් නිර්මාණය වෙන එක කාටවත් වලක්වන්නට බෑ.
 
මෙම හරවත් ලිපිය අප හා බෙදාගත් ශානි රණසිංහ මහත්මියට අපගේ ස්තුතිය පුද කරනවා. ඇය ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ගුරුවරියක ලෙස සේවය කර ඇති අතර දැන් ඇගේ පවුලත් සමඟ කටාර්හි වාසය කරයි.
 

Shani Ranasinghe

ඈ එක් දරු මවක්. ඇයට දරුවන් හා සම්බන්ධව වෘත්තීමය පළපුරුද්දක් ඇත. ඈ  සර්වෝදය, Ape Pataw (ආබාධිත දරුවන් සමඟ වැඩ කිරීම), Red ball ළදරු  ආයතනයේ සේවය කර ඇති අතර මා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කරන අවදියේ ස්වේච්ඡා සේවිකාවක ලෙසද කටයුතු කර තිබෙනවා.  
 
ඇයගේ ෆේස්බුක් පිටුව හරහා ඇය හා සෘ ජුවම සම්බන්ධ වන්නට පුළුවන්. 
 
 
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය. 
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
  • /
  • බබාගේ බුද්ධි වර්ධනයට මනෝ විද්‍යාත්මක සහ ප්‍රායෝගික ක්‍රමවේදයක්
බෙදාගන්න :
  • හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

    හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

  • බබාට කතා බහක් අතරතුර හැසිරිය යුතු ආකාරය කියා දෙන්න

    බබාට කතා බහක් අතරතුර හැසිරිය යුතු ආකාරය කියා දෙන්න

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

    හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

  • බබාට කතා බහක් අතරතුර හැසිරිය යුතු ආකාරය කියා දෙන්න

    බබාට කතා බහක් අතරතුර හැසිරිය යුතු ආකාරය කියා දෙන්න

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it