උස අපේ ජාන අනුව තීරණය වන දෙයක්. එත් අපේ උනන්දුවෙන් දරුවාගේ උපරිම උස ලඟා කරගන්න යොදා ගත හැකි පිළියම් තියෙනවා.
මේ ඉඟි මගින් ඔබටත් දරුවාගේ උපරිම උස ලඟා කරගන්න පහසු කර ගන්න පුළුවන් වේවි.
දරුවෝ ලොකු වෙලා වැඩෙත්ම ඔවුන්ගේ ශරීරයේ පෙනුම ගැන උනන්දු වෙනවා. ඔවුන්ගේ උස වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලා ඔවුන් අහන සුලබ ප්‍රශ්නයක්.
කෙසේ වෙතත් දරුවන්ගේ වර්ධනය ගැන කුඩා කාලය සිටම පරික්ෂා කරන විට උස බැලීමටත් ප්‍රමුඛ ස්ථානයක් ලැබෙනවා. ඒ නිසා තරුණ වියට එළඹෙද්දී වර්ධනය සමග උස වැඩි වීම ගැන ඔවුන් දැනුවත්.
බොහෝ විට දරුවන් තමන්ගේ උස ගැන සැලකිලිමත් වෙන්නේ ඊට අදාල දේවල් වල ඔවුන් නිරත වෙන්න ලැබුනහමයි.
විටෙක සමහර ක්‍රීඩාවන්ට උස අවශ්‍යයි. ඉතින් ඔහුට නියමිත උස නැත්නම් ඔහු කනගාටු වෙනවා. නැතිනම් නියමිත උස ලැබෙන තුරු බලාගෙන ඉන්න වෙනවා.
පිහිනීම ඉගෙන ගන්න දරුවනුත් ඔවුන්ගේ උස අනුව නාන තටාකයේ ගැඹුර දැනගන්න නිසා ඔවුන්ගේ තමන්ගේ උස ගැන දැනුවත්.
මේ නිසා තමන්ගේ උස වැඩි කර ගැනීමෙන් වතුර යටට යන්න, වතුර යට කිමිදෙන්න ඔවුන්ට හැකි බව දැනගන්නවා.
මේ නිසා දරුවන් ඔවුන්ගේ උස වැඩි කරගන්න ආස වෙනවා. ඔවුන් ඒ ගැන හිතන්න ගන්නවා.

1. නින්දේ උදවුවෙන් දරුවාගේ උපරිම උස ලඟා කරගන්නේ කොහොමද?
නින්ද, දරුවෙකුගේ කායික හා මානසික සෞක්‍යට බෙහෙවින්ම බලපානවා. නින්ද නිසා දරුවෝ උස යනවද? ඔබට පුදුම හිතෙන්න පුළුවන්. නමුත් දරුවන්ගේ වර්ධනය සිදු කිරීමට සම්බන්ධ වන හෝර්මෝන වැඩීම නින්දේදී සිදුවෙන කාර්යයක්.
ඉතින් නිසි විවේකය නොලැබුන විට දරුවන්ගේ උස, වර්ධනයට අනුව ක්‍රියාත්මක වෙන්න සිරුර අසමත් වෙනවා.
අවුරුදු 3-5 දක්වා දරුවන්ට පැය 11-13 දක්වා නින්දක් අවශ්‍යයි. වයස 5-10 දක්වා දරුවන්ට පැය 10-11 දක්වාත් නව යෞවනයට එළඹෙන හෝ යෞවනතත්වයේ සිටින දරුවන්ට එනම් වයස 10-17 දක්වා පැය 8-9 ½ පමණ අවශ්‍ය වෙනවා.

2. උස යන්න පෝෂණය අවශ්‍යයි
හොඳ ආහාර වේලකින් දරුවන්ට පෝෂණය, ශක්තිය පවත්වා ගන්නවා වගේම ශරීරයට තම වර්ධන වේගය වැඩි කර ගැනීමටත් අපි ගන්න ආහාර ඉවහල් වෙනවා. ප්‍රමාණවත් ප්‍රෝටීන ප්‍රමාණයන් හෝ නැත්නම් ‘වර්ධන ආහාර’ මගින්ද මේ වෙනස ඇති කරනවා.
ඒ වගේම ශරීරයට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ලබාගන්න පළතුරු හා එළවළු ලබාදීමත් හරිම වැදගත්.

3. ව්‍යායාම වලිනුත් උස යන්න උදවු ලැබෙනවා
ව්‍යායාම මගින් ශරීරයේ ශක්තිය රැකගැනීමට හා වැඩි කර ගැනීමට උදවු වෙනවා. එමගින් ශරීරයේ මාංශ පේශීන් ශක්තිමත් වෙනවා.
ඒ වගේම ශරීරයේ වර්ධනයට ඉවහල් වන හෝර්මෝන වල ක්‍රියාකාරිත්වය වැඩි වීම නිසා අස්ථින් දිගු වීමට එය බලපානවා.
ශරීරය විහිදීම, ඇදෙන සුළු ව්‍යායාම මගින්ද මස් පිඬු ශක්තිමත් වීම නිසා උස යාමට උදවු ලැබෙනවා.
දෙමාපියන්ට දරුවන්ට උස යන්න උදවු වෙන්න වටිනා කාර්යභාරයක් ඇති බව දැන් ඔබට වැටහෙනවා නේද?
ඒ නිසා දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න ඔවුන්ට උස යන්න උදවු වෙන්න ඔබට පුළුවන්.
theAsianparent Sri Lanka මේ කරුණු මතක් කළේ ඔබේ හොඳම මිතුරිය ලෙසින් ඔබේ දරුවන් සතුටින් ඉන්න අයුරු බලන්න අපි හුඟක් ආස නිසයි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ