theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාව ගොදුරට ගන්නා අලුත්ම මාරයා

4 අවම කියවීම
ඔබේ දරුවාව ගොදුරට ගන්නා අලුත්ම මාරයාඔබේ දරුවාව ගොදුරට ගන්නා අලුත්ම මාරයා

මේ දිනවල දරුවන් මපමණක් නොව වැඩිහිටියන් පවා ගොදුරු විය හැකි භයානක රෝගය

යම් යම් දෑ ඉල්ලමින්, හඬමින්, මොරදෙමින්, කරදර කරන දරුවන් නළවන්නට අද වන විට මවුවරුන් භාවිත කරන පහසුම ක්‍රම වේදයක් වශයෙන් ජංගම දුරකථනයක් දරුවා අත‍ට දිගු කිරීම දැක ගත හැකි යි. ඇනිමේෂන් තාක්ෂණයේ දියුණු වීමත් සමගම දෑසට අතිශයින්ම රසවත් දර්ශනයන් මවන කාටූන් කතන්දර, රසවත් ළමා ගීත අන්තර්ජාලය පුරා බහුලව දක්නට ලැබෙනවා. සැබැවින්ම මෙකී වර්ණවත් දුරකථන තිරවලින් දරුවාට ලැබෙන්නේ වින්දනයක් බව සැබෑවකි. මේ දේවලින් දරුවන් දුරකථනයට ඇබ්බැහි වීම අරුමයක් නොවේ. 

දරුවා මෙකී තිර මත දර්ශනය වන සියලු රූප සහ ඒවායෙන් නිකුත් වන ශබ්ද මහත් අභිරුචියකින් රසවිඳී. දරුවා මෙකී මෙවලම්වල ඇලී ගැලී සිටින තුරු දෙමාපියන්ට කිසිදු කරදරයක් නැත.

එහෙයින් දෙමාපියන් ද දරුවන් වෙතින් මෙකී මෙවලම් උදුරා ගැනීමට කිසිදු උත්සාහයක් නොදරයි. දරුවන් දැඟලීමෙන් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීමට ද දෙමාපියන්ට බැලූ බැල්මට මෙය මහෝපකාරී වේ.

ඔබේ දරුවාව ගොදුරට ගන්නා අලුත්ම මාරයා
දරුවන් තාක්ෂණික මෙවලම්වලට ඇබ්බැහි වීම. (TheStorypedia)

පැය ගණනක් යන තුරු දරුවා එක තැනෙකට කර, නිහඬ කර තබාගැනීමට තමන් විසින් දරුවා අතට ලබාදෙන ජංගම දුරකථන, ටැබ්ලට් යනාදිය දරුවන්ව ක්‍රමයෙන් ගොදුරු කරගන්නා අයුරු ආරම්භයේ දී දෙමාපියන් දකින්නේ නැත.

එහෙත් කාලයක් ගත වීමත් සමග දරුවාව මේ කරා යොමු කළ දෙමාපියන්ම දරුවන් වෙත දොස් නගමින් දරුවන්ගේ ඇඟට කඩා පැනීම ආරම්භ කරයි.

නවතම පර්යේෂණයන්ට අනුව වාර්තා වන්නේ මෙසේ තාක්ෂණික තිර වෙතට දෑස් යොමු කරගෙන සිටීමට ඇබ්බැහි වීම කායික මෙන්ම මානසික රෝගාබාධ ගණනාවකට හේතු වන බව යි.

නින්ද නොයෑම, කොන්ද කැක්කුම, බෙල්ලේ කැක්කුම, ශරීරයෙහි බර වැඩිවීම, ශරීරයෙහි බර අඩුවීම, ඇස් පෙනී‍ම දුර්වල වීම, හිසරදය ඇතිවීම යනා දී රෝගාබාධ ගණනාවක් මෙම ඇබ්බැහිය හේතුවෙන් ළමයින්ට වැළ‍ඳෙන බව පර්යේෂකයන් දක්වයි.

ඊට අමතරව සමාජ ඇසුර නොහඳුනන තත්ත්වයට පත්වීම, හීනමානය ඇති වීම, මානසිකව හුදෙකලාභාවයට පත්වීම, මානසික ආතතිය තීව්‍ර වීම වැනි මානසික වියවුල් සහගත තත්ත්වයන් ද Screen Dependency Disorder හේතුවෙන් ඇති වේ.

දරුවන් දුරකථනයට ඇබ්බැහි වීම
දරුවන් පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම. (The Hindu)

Screen Dependency Disorder හෙවත් තිරයක් මතට සීමා වී ඒ මතම යැපීමේ තත්ත්වයට පත්වීම කෙතරම් භයානක තත්ත්වයක් දැයි දුරකථනයක් දරුවා අතට දීමට පෙර සියලුම දෙමාපියන් දැනගත යුතුව ඇත.

ආචාර්ය ඇරික් සිග්මන් ඔහුගේ පර්යේෂණ ලිපියක දක්වා ඇත්තේ Screen Dependency Disorders (SDD) සහ Internet Addiction Disorder අතර සහසම්බන්ධයක් පවත්නා බව යි. බොහෝ විට අද වන විට ස්මාර්ට් වර්ගයේ ඕනෑම ජංගම දුරකථනයකින් අන්තර්ජාලය හා සම්බන්ධ විය හැකි අතර, අන්තර්ජාල භාවිතයේ දී සිදුවන්නේ ද තිරයක් දෙස ඇසිපිය නොහෙලා බලා සිටීම වන බැවින් මෙකී ඇබ්බැහිවීම් ද්විත්වය අතර සහසම්බන්ධයක් පවත්නා බව පැහැදිලිය.

Screen Dependency Disorders (SDD) හේතුවෙන් ස්නායුවල ක්‍රියාකාරීත්වය දුර්වල වීම, ස්නායුවල විකෘතිතා ඇති වීම, අසාමාන්‍ය ස්නායු පටක වර්ධනය වීම යනා දී තත්ත්වයන් ඇති වේ.

විශේෂයෙන්ම කුඩා දරුවන් සිටින්නේ ඔවුන්ගේ මොළයේ සහ ස්නායුවල වර්ධනීය අවධියෙහි වන බැවින්, එවන් අවධියක දී මෙවන් විනාශකාරී අවියක් ඔවුන් අතට පත්වීම ඔවුන්ගේ සමස්ත ස්නායු පද්ධතියටම හානිකර වන බව ආචාර්ය ඇරික් සිග්මන් තවදුරටත් අවධාරණය කරයි.

ඔබේ දරුවාව ගොදුරට ගන්නා අලුත්ම මාරයා
දරුවන්ව තාක්ෂණික මෙවලම්වලින් ගලවා ගත යුතු වීම. (TheStorypedia)

වර්ධිත පුද්ගලයෙකුව මෙන් නොව කුඩා දරුවෙකුව ඕනෑම දෙයකට පහසුවෙන් පුහුණු කළ හැකි අතර ඇබ්බැහි කරවිය හැක. තමාට හානිකර වන්නේ මොනවාද නැත්තේ මොනවාදැ යි හඳුනාගැනීමට තරම් විචාර බුද්ධියක් කුඩා දරුවෙකුට නැත.

වර්ධනය වන දරුව‍ෙකු අතට මෙවන් මෙවලම් පත් කිරීමෙන් දරුවා දීර්ඝ කාලීනව අහිතකර ප්‍රතිඵලයන්ට මුහුණ දෙයි. දරුවාගේ මොළය පවා මින් හානියට ලක් විය හැක.

දරුවන්ගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනයට බලපෑම් ඇති කරන දුරකථන තිර සහ පරිගණක තිරවල කටයුතු කිරීමට ඔවුන් දෛනිකව යොමු කරන කාලය පිළිබඳව වැඩිහිටියන් නිරන්තර අවධානයෙන් පසු විය යුත ය.

වර්තමාන අධ්‍යාපන රටාවට අනුව මෙකී මෙවලම් සහමුලින්ම දරුවන්ගේ ජීවිතවලින් ඉවත් කර තැබීම අපහසු කටයුත්තකි. නමුත් ඒ පිළිබඳව කිසියම් පාලනයක් ඇති කිරීමට නිරන්තරයෙන් ඇප කැප වීම දෙමාපියන් සතු කාර්යභාරයකි.

දරුවන් දුරකථනයට ඇබ්බැහි වීම
දරුවන් රෝගාබාධයන්ට ලක්වීම. (news.utexas.edu)

දරුවන් දුරකථනයට ඇබ්බැහි වීම නිසා දරුවන්ව මෙවන් රෝගාබාධයන්ගෙන් මුදා ගැනීමට නම් දෙමාපියන්ට ගත හැකි උපාය මාර්ග කිහිපයක් පවතී.

කුඩා අවධියේ දී ස්වභාවයෙන්ම ක්‍රියාශීලී ජීවීන් කොට්ඨාසයක් වන දරුවන්ව, ක්‍රීඩා භාණ්ඩ භාවිත කිරීමට සහ විනෝද ක්‍රීඩාවල නිරතවීමට යොමු කරවීම ඔවුන්ව පැතලි තිර වෙතින් දුරස් කර තැබීමට ඉතාමත් හොඳ ක්‍රමවේදයකි.

මාස 18ට අඩු කුඩා දරුවන්ව කිසිදු ජංගම තාක්ෂණික මෙවලමකට නිරාවරණය නොකිරීම ද තවත් ක්‍රමෝපායකි. එසේ කිරීම මගින් කුඩා දරුවන්ගේ මොළයට හානි සිදුවීම වළක්වාගත හැකි ය.

දරුවන්ට අන්තර්ජාලය හරහා විවිධ දෑ නැරඹීමට ඉඩ ලබාදීමේ දී ගුණාත්මකභාවයෙන් ඉහළ වැඩසටහන් නැරඹිමට සැලැස්විය යුතු අතර, දරුවා අන්තර්ජාලයෙහි සැරිසරන අවස්ථාවන්හි දී යම් වැඩිහිටියෙකු නිරන්තරයෙන් දරුවා අසල රැඳී ඔහු හෝ ඇය නරඹන්නේ කුමන ආකාරයේ දෙයක්දැ යි විමර්ශනය කිරීම අතිශයින් වැදගත් ය.

දරුවන් දුරකථනයට ඇබ්බැහි වීම
දරුවන්ට නුසුදුසු දර්ශනයන් බැලීමෙන් ඔවුන්ව වළක්වාලීම. (thecybersafetylady.com.au)

අන්තර්ජාලය තුළ ඉබේ ක්‍රියාත්මක වන නොමනා ආකාරයේ විවිධ වෙබ් අඩවි සහ ඒවාට සම්බන්ධිත දැන්වීම්, දුරකථන හෝ පරිගණක තිරය මත හිටිහැටියේ දර්ශනය විය හැකි බැවින්, දරුවා දුරකථනයක් හෝ පරිගණකයක් භාවිතා කිරීමේ දී වැඩිහිටියෙකු ඒ අසලින් රැඳී සිටිමින් අධීක්ෂණයෙහි නිරතවීම බෙහෙවින්ම වැදගත්ය.

දරුවා දිනකට මෙවන් තාක්ෂණික මෙවලමක් භාවිත කරන කාල සීමාව දෙමව්පියන් විසින් තීරණය කිරීමත්, එය පැය කිහිපයකට පමණක් සීමා කිරීමත් දරුවාගේ ආරක්ෂාව උදෙසා හේතු වේ.

එසේ විවිධ ක්‍රමෝපායන් අනුගමනය කිරීම මඟින් දරුවාව Screen Dependency Disorders (SDD) වෙතින් මුදවා ගැනීම බුද්ධිමත් දෙමාපියන් සතු වගකීමකි.

රචනය: Ishara De Silva

කවරයේ පින්තූරය: (Huffington Post)

මෙම මුල් ලිපිය  Roar Media විසින් නිර්මාණය කර පළ කල ලිපියකි. ඔවුන්ගේ අනුදැනුම ඇතිව මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනවා.

https://roar.global/roar-media/about/

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔබේ දරුවාව ගොදුරට ගන්නා අලුත්ම මාරයා
බෙදාගන්න :
  • දරුවා තිර වලට ඇබ්බැහි වීම බරපතල ප්‍රතිවිපාක ගෙන දේවි

    දරුවා තිර වලට ඇබ්බැහි වීම බරපතල ප්‍රතිවිපාක ගෙන දේවි

  • නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

    නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

  • ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

    ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

  • ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

    ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

  • දරුවා තිර වලට ඇබ්බැහි වීම බරපතල ප්‍රතිවිපාක ගෙන දේවි

    දරුවා තිර වලට ඇබ්බැහි වීම බරපතල ප්‍රතිවිපාක ගෙන දේවි

  • නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

    නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

  • ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

    ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

  • ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

    ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it