theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ ආරක්ෂාව සඳහා නිවාස තුළ ආරක්ෂාව ඇති කරගන්න ක්‍රම 18 ක්

3 අවම කියවීම
දරුවන්ගේ ආරක්ෂාව සඳහා නිවාස තුළ ආරක්ෂාව ඇති කරගන්න ක්‍රම 18 ක්දරුවන්ගේ ආරක්ෂාව සඳහා නිවාස තුළ ආරක්ෂාව ඇති කරගන්න ක්‍රම 18 ක්

ඔබේ පැටියා මේ ලෝකෙට ආපු දවසේ ඉඳන් ඔහුගේ ආරක්ෂාව ගැන ඔබට සිතන්න වෙනවා. මේ උපායන් ඔබට ඒ වෙනුවෙන් යොදන්න පුළුවන්.

තවමත් බබා පොඩියි කියලා ඔබ මේ ගැන නොසිතා හිටියත් ඕනෑම මොහොතක හදිසි අවස්ථා ඇතිවිය හැකි නිසා නිවසේ ආරක්ෂාව තහවුරු කිරීම ඉතාම වැදගත් බව දෙමාපියන් අවබෝධ කරගත යුතුයි. 

ගෙදර වෝකර් එකක් ඇත්නම් ඒ හා සමගම දරුවාගේ ආරක්ෂාව ගැන හිතන්න. පඩිපෙල්, අනාරක්ෂිත බැල්කනි වැනි ස්ථානයන් ගැන හැම විටම සිතීම වැදගත්.

බෙහෙත් ගබඩා කිරීම

නිවසේ ආරක්ෂාව තහවුරු කිරීම කළ යුත්තේ කොයි කාලයේද?

දරුවා ඉපදුන පසු හැකිතරම් ඉක්මනට එම ආරක්ෂාව සැලසීම වුනත් epsyclinc.com හි හුස්නා මතාන් හා වෛද්‍ය ස්මිරිති ස්වෙනි පවසන ආකාරයට දරුවන් නිතර කුතුහලයෙන් සෙවිල්ලෙන් ඉන්න නිසා ඔවුන් ඇවිදින්න උත්සාහ කරන කාලයේදී නිවාස ආරක්‍ෂිත නොකළොත් නිවාස ඉතා අනාරක්ෂිත තැනක් වෙන්න පුළුවන්.

වෛද්‍ය මනුලොචන් සින්ග් නම් ළමා රෝග වෛද්‍යවරයා ප්ලස්ලර් ළමා රෝග හා ළමා ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානයේ සේවය කරනවා.

ඔහු පවසන කරුණු අනුව විශේෂයෙන් මුළුතැන්ගෙය, සෙල්ලම් බඩු, පඩිපෙළවල්, නාන කාමර, බාත් රූම්, බාත් ටබ්, ලී බඩු, සුරතල් සතුන්, ජනේල, ගස් වර්ග ආදී හැමදෙයක්ම ආරක්‍ෂිත දැයි සිතීම වැදගත් බව පෙන්වා දෙනවා.

දරුවන් මොන වයසක පසු වුණත් ඔවුන්ගේ ආරක්ෂාව වැදගත් බව ඔහු පවසනවා. බොහෝ රටවල දෙමාපියන්ගේ පැහැර හැරීම, අතපසු වීම නිසා දරුවන්ට තම ජීවිත අහිමි වූ අවස්ථා තියෙනවා.

දරුවන්ගේ ආරක්ෂාව සඳහා නිවාස තුළ ආරක්ෂාව ඇති කරගන්න ක්‍රම 18 ක්

නිවසේ ආරක්ෂාව තහවුරු කිරීම කළහැකි ක්‍රම

ක්‍රමානුකූලව කාමරයෙන් කාමරයට ඔබේ නිවාස ආරක්‍ෂිත කරන්න.

  • නිදන කාමරය - දරුවන්ගේ කාමර පිරිසිදුව තබන්න. බම්පර්ස්, බ්ලැන්කට්, කොට්ට හා දරුවන්ගේ තොටිල්ලේ ඉන්න සෙල්ලම් සතුන් දරුවාට සිරවීමට, නහය තදවීමට ඉඩ තියෙනවා.
  • ඉතා කුඩා උපාංග ඇති සෙල්ලම් බඩු වැනි දේවල් ගැන සැලකිලිමත් වීම වැදගත් බව වෛද්‍ය අධ්‍යක්ෂක රාගිනී අග්‍රබාල් පවසනවා.
  • නාන කාමර - මතුපිට තෙත සහිත බව නිසා දරුවන් ලිස්සා යාම, බාත් ටබ් එක ගැනත්, දරුවන් ඒවා තුළ වැඩිහිටියන් නැතිව හැසිරීමත් ගැන සුපරික්ෂාකාරී වන්න යැයි වෛද්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් පවසනවා.
  • මුළුතැන්ගෙය - ලිප්, ගිනිදැල් හා කුස්සියේදී භාවිත කරන උපකරණ හා ආගමික කටයුතු සිදුකරන තැන් ගැන සැලකිලිමත් වෙන්න.
  • ආලින්දය - දොරවල් වැසෙන සේ තැබීමත් නිදැල්ලේ සතුන් තැබීමත් කරන්න එපා.
  • පඩිපෙළ - උඩුමහලක් ඇත්නම් ඊට ගේට්ටුවක් යෙදීම අනිවාර්යයි. මේ නිසා දරුවා අනාරක්ෂිත වීම වළකනවා ඒ වගේම හැම කාමරයකම ආරක්ෂාව ගැන සිතීමත් වැදගත්.
  • තොටිල්ල - දරුවා වැටෙන්න හැකි යැයි තැන් ආරක්‍ෂිත කර තැබීමටත් සැලකිලිමත් වෙන්න.
  • එහි උස, ආරක්‍ෂිත වැට, දරුවා වැටීමට ඇති ඉඩකඩ ගැන නැවත සිතා බලන්න.
  • කැබිනට් - බෙහෙත් වර්ග ආදිය දමා ඇති කැබිනට් ලොක්කර ඇතිදැයි බලන්න. ඒවා දරුවාගේ අත් මානයේ වසා තැබීමට සැලකිලිමත් වෙන්න.
  • ලාච්චු - හැමවිටම ලාච්චු වසා තබන්න. අනෙක් අතට ඒවායේ හැඬල වලට දරුවාට නැගීමට නොහැකි වන ලෙස ආරක්‍ෂිත ආකාරයෙන් තබන්න.
  • පොළව - පොළව නිතරම පිරිසිදුව තබන්න. අනෙක් අතට පොළව මත ඇති කුඩා සෙල්ලම් බඩු කැබලි ආදිය ගැන සැලකිලිමත් වෙන්න.
  • විදුලිය ගෙනයන වයර් - නිතරම දරුවන්ට ළඟාවිය නොහැකි ලෙස ආරක්‍ෂිතව ආවරණය කර තබන්න.
  • විදුලි උපාංග - ලැප්ටොප්, ඩ්‍රිල්, මිටි වැනි උපකරණ හා දරුවා ඒවා භාවිතයට අත්හදා බැලීමට කැමති නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.
  • රූපවාහිනිය - රූපවාහිනිය , CD ප්ලේයර් වැනිදේ බිත්තියට සිටින ලෙස රඳවා තබන්න.
  • හදිසි අවස්ථාවන් සඳහා ප්‍රථමාධාර - නිතර කැපීම්, තුවාල, පිළිස්සුම්, තැලීම් ආදියට සුදුසු ප්‍රතිකාර ගබඩා කර තබන්න.
  • කෘමින්ගෙන් ඈත්කර තබන්න - නිතර කෘමින්ගෙන් ඈත්කර තබන්න.
  • විෂ රසායන භාවිතයෙන් තොරව කෘමින් පලවා හරිය හැකි ක්‍රම ගැන දැනුවත් වෙන්න.

නිවසේ ආරක්ෂාව

මානසිකව දරුවන්ට නිවසේ ආරක්ෂාව සලසන්නේ කොහොමද?

ශාරීරිකව වගේම මානසිකවත් දරුවන්ට නිවාස ප්‍රියමනාප වීම වැදගත්. මේ ඉඟි මතක තියාගන්න.

  • නිතර සතුටින් තබන්න: තරහව හා අසතුට නැති තැන දරුවන් සතුටින් ඉන්නවා. ඒ සඳහා ඔවුන්ට වටපිටාව සකසා දෙන්න. 
  • ගෙදරට එන අමුත්තන්නට දරුවන් දක්වන ප්‍රතිචාර ගැන සැලකිලිමත් වෙන්න: ගෙදරට එන සමහර අයට දරුවන් අකමැති වීමට හේතු තිබෙන්න පුළුවන්. ඒ වගේම ආගන්තුක පුද්ගලයන් සමග දරුවන් තනිව තබන්න එපා.
  • අවශ්‍ය දේවල් ඔවුන්ට ළඟාවිය හැකි තැන්වල තබන්න: ඔවුන්ගේ කතන්දර පොත්, සෙල්ලම් බඩු ආරක්‍ෂිත එහෙත් සුදුසු තැන්වල තබන්න.
  • දරුවා බලාගන්න සෙල්ලම් බඩු, දුරකථන ආදිය වැඩි වෙලාවක් ලබා දෙන්න එපා

මේ සියලු ආරක්ෂාව අතර වුවත් දරුවාට නිදහසේ හැසිරෙන්න ඉඩදීම ඔවුන්ගේ වර්ධනයට ඉතා වැදගත්.

නිවැරදි අධීක්ෂණය හා දැනුම සටහන් මේ හැමදේම සමබර ලෙස කිරීම වැදගත්. theAsianparent Sri Lanka පණිවිඩය එයයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Deepshikha Punj

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • දරුවන්ගේ ආරක්ෂාව සඳහා නිවාස තුළ ආරක්ෂාව ඇති කරගන්න ක්‍රම 18 ක්
බෙදාගන්න :
  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it