නවසීලන්තයේ මාස 8 ක් වයසැති පුංචි බබෙක් බැටරියක් ගිලීම නිසා සදාකාලික අබාධිත තත්වයට පත් වුණා. මෙම බැටරිය බොත්තමක් තරම් ප්‍රමාණක් විය (button battery).
නවසීලන්තයේ වාර්තාවකට අනුව බැටරියක් ගිලීම නිසා පුංචි ඩෙවෝන් බබා ළදරුවන් සඳහා වන විශේෂ රෝහලක දැඩිසත්කාර ඒකකයේ දින 4 ක් ප්‍රතිකාර ලබා දුන්නා.
බබාගේ අම්මා ඔහු තුළින් මතුවූ රෝගී ලක්ෂණ සඳහන් කර තිබුණා. නාසයෙන් සොටු දියර ගැලීම හා මෘදු ඇදුම තත්වයක් දරුවන්ගෙන් මතුවෙලා තිබුණා.
වෛද්‍යවරුන් මුලින්ම මෙය bronchiolitis තත්වය බවටත් ස්වසන මාර්ගයන් අවහිර වීමක් ලෙසත් සැක කළා. නමුත් බබාගේ තත්වය බරපතල වුණා. නමුත් එක්ස් රේ කිරණ මගින් අන්නස්‍රෝතය හි මෙම බැටරිය රැඳී ඇති බව සොයා ගත්තා.
"මගේ පැටියාගේ ඇඟ ඇතුලේ මෙම බැටරිය විකාදනයට ලක්වීමත් සමග දරුවාගේ ශරීරයට එය ඉතා අහිතකර වුණා", කියා බබාගේ අම්මා පැවසුවා. ඇයට තවත් දරුවන් දෙදෙනෙක් සිටිනවා. එක්කෙනෙක් වයස අවුරුදු 5 ක් සහ අනෙක් දරුවාට වයස අවුරුදු 15 ක්.

අති සූක්‍ෂම ප්‍රතිකාර
එදිනම ඉතා සාර්ථක ලෙස බැටරිය ඉවත්කර තිබුණු අතර තවදුරටත් පරීක්ෂණ පැවැත්වුනා. මෙම බැටරිය දරුවාගේ ශරීරයේ තැන්පත්වූ කොටසේ සිට ඇතුලට සෙ.මි. 10 ක් පමණ බැටරියෙන් වු පිළිස්සුම් තිබු අතර සෙ.මි. 5 ක පමණ සිදුරක් ඇතිවී තිබුණා. ඔහුගේ ශ්වසන නාලයද පිළිස්සී තිබුණා. ඒ වගේම කතාව ක්‍රියාත්මක වන නාලය හා ස්නායු වලටද තදින් හානි සිදුවී තිබුණා.
මේ සියලු දේ අවසානයේ ඩෙවෝන්ට ශල්‍යකර්ම පහක් සිදුකර තිබුණා. පැය 8 ක් පුරා පැවතී එක් ශල්‍යකර්මයකදී දරුවාගේ හදවත හා පෙනහළු වල ක්‍රියාකාරිත්වය නැවතී තිබූ අතර ඔහු කෘතිම හෘද ශ්වසන මැෂිමක් ආධාරයෙන් ජිවත් වුණා.

වෛද්‍ය මතය
වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මෙවැනි ඉතා කුඩා අංග ගිලීමට හෝ විකීමට ඇති අවධානම වැඩියි. ඒ නිසා මෙවැනි කුඩා කැබලි හෝ අංග නිවාස තුළ තබාගැනීම ගැන වැඩිහිටියන් හා දරුවා බලාගන්නා අය බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුයි.

මෙවැනි අවස්ථාවන් ගැන දැනුවත් විය යුතු ආකාර.
- බැටරියෙන් ක්‍රියා කරන සෙල්ලම් බඩු වල එම කොටස ලොක්වී ඇතිදැයි නිතර බලන්න.
- කාසි ප්‍රමාණයේ අංග දරුවාගෙන් ඈත් කර තබන්න.
- තැන තැන නොදමා කල් ඉකුත් වූ බැටරි ඉවත දමන්න.
- දරුවා මෙවැනි දෙයක් ගිල ඇති බව සැක සිතේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගෙන යන්න.
ආරක්ෂාව සියල්ලටම වඩා වැදගත් බව මතක් කරන්නටත් එහි අවධානමක් ගැනීම කිසිසේත්ම සුදුසු නොවන බවත් මතක් කර දෙන්නට Asianparent Sri Lanka මේ ලිපිය සුදානම් කළා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ