දරුවාගේ ආරක්ෂාව හීන කරන ඔබේ පැටියාට මේක නම් කරන්න ඉඩක් තියන්න එපා

මේ බබා කරන දේ දැක්කම අම්මලා ගේ ඇඟේ ලේ සීතල වෙලා යයි...
දරුවාගේ ආරක්ෂාව ගැන කතා කරනකොට එයාලගේ මේ දඟ සංධිස්ඨාන ගැන කතා නොකරම බැහැ.
වයස මස 8 ක් වෙනකොට පැටව් නිදහසේ එහෙට මෙහෙට පෙරලෙන්න හරිම ආසයි.
මේ පැටියාත් ලොක්කෙක් වගේ එයාගේ දකුණු කකුල තියල එහි උදවුවෙන් ඇඳෙන් පහලටම බැහැ ගත්තා.
එයා හරිම හොඳින් බෙඩ් ෂිට් එකේ වාරුවෙන් වාසනාවකට වගේ කකුල් දෙක මුලින්ම බිමට තියාගත්තා.
ඇති යන්තම් පැටියට කරදරයක් වුනේ නෑ.
දරුවා නිදි කරවන විට පැටියාගේ දරුවාගේ ආරක්ෂාව ගැන සිතන්න ඉඟි කිහිපයක්.
ඉතින් අම්මලා දන්නව ද? ඔබේ පැටියා සමහර විටෙක ඔබේ ඇඳේ බෙඩ් ෂීට් එකේ වාරුවෙන් දරුවාගේ ආරක්ෂාව ලබාගන්න පුළුවන්. එත් කිසි විටෙකත් ඔහු ළඟ කිසි කෙනෙක් තබා නැතිව පැටියා නිදි අතර තුර ඈතකට යන එක නම් නුවණට හුරු නෑ. දැක්කනෙ දැන් අර හපනා කරපු දේ.
ඒ වගේම එයා ඇඳේ පෙරලෙමින් දඟ වැඩ කරන කොට මේ වීඩියෝ එකේ වගේ බිමට මෘදු නොලිස්සන පපිස්සක් හරි පැදුරක් හරි නතරම අතුරලා තියන්න අමතක කරන්න එපා.
පැටියා ඇඳ අයිනට දණ ගාමින් හෝ පෙරලිලා එන එක වළක්වන්න මැද හරියෙන් බාධකයක් ලෙස කොට්ට අතුරන්න ඔබට පුළුවන්.
දැක්ක නේද මේ වීඩියෝ එකේ ඉන්න පුංචි පැටියා කරන වැඩේ. වැටුණා නම් එහෙම ඒ අම්මා මොනවා කියලා කරන්නද? එත් වාසනාවකට පැටියට කරදරයක් වුනේ නැහැ.
ඇසිල්ලකින් පුංචි පැටියාට අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් අපි එයාගේ ආරක්ෂාව ගැන මුලුන්ම හිතන්න ඕනේ ඒකයි. theAsianparent Sri Lanka අපි මෙවැනි සුවිශේෂී අවස්ථාවන් ඔබට පෙන්වන්න උත්සහ කරන්නෙත් ඒකයි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ