"අම්මි මම තව ටිකක් ඇහැරිලා ඉන්නද?" ඔබ මීට "එපා" කිව යුතු ඇයි?

"අම්මි මම තව ටිකක් ඇහැරිලා ඉන්නද?" ඔබ මීට "එපා" කිව යුතු ඇයි?

නිසි ප්‍රමාණයට නින්ද නොලැබීම (sleep deprivation) මගින් දරුවන්ගේ නිරෝගී බව හා වර්ධනයට විශාල ලෙස බලපෑම් ඇති කරන්න සමත් වෙනවා. ඒ නිසාම මේ ලිපිය දෙමාපියන් කියවිය යුතුම ලිපියක් ලෙස හඳුන්වන්න පුළුවන්.

අනේ අම්මි මම තව ටිකක් ඇහැරිලා ඉන්නද? දැන්ම මට නිදාගන්න බැහැ. ඔබට මෙවැනි ඉල්ලීම් කොතෙකුත් අහන්න ලැබෙනවා නේද? ඉන් පැයකට විතර පසු ඔහු නින්දට ගියොත් ඇත්තටම ඉන් ඔහුට බලපෑමක් තියෙනවද? දරුවන්ගේ නින්ද ගැන මෙවන් අත්දැකීම් ඔබටත් තිබෙනවද?

ඉතින් ඔබේ දරුවාට හරි නින්දක් නොලබුනහම වෙන්නේ මොකක්ද? ඉන් ශරීරයට අවශ්‍ය නිදහස අහිමි වෙනවා. හොඳ නින්දක් නොලැබූ විට ඕනෙම අයෙකුට මෙය ඇති වෙනවා.

නමුත් ඔබ මෙමගින් ඔබේ දරුවන්ට ඇති කළ හැකි බලපෑම් ඇසුවොත් සමහර විට පුදුමයට පත් වෙන්න පුළුවන්.

දරුවන්ගේ නින්ද හා සෞක්‍ය අතර ඇති සම්බන්ධය

ශරීරයේ හොඳ ක්‍රියාකාරිත්වයක් දීර්ඝ බාධා නැති නින්දක් දරුවාට අවශ්‍යයි. එය ශරීරයේ සියලුම අංශයන්ට තදින්ම බලපානවා. මේ ගැන වැඩිදුර අදහස් දැනගන්න සිංගප්පූරුවේ  Paediatric Pulmonary and Sleep, National University Hospital හි අංශයෙහි උපදේශක වෛද්‍ය මයිකල් ලිම් ට කතා කළා.

නින්ද හා ශාරීරික සුවතාවය

වෛද්‍ය ලීම් ට අනුව හොඳ නින්දක් මගින් දරුවාගේ මානසික මෙන්ම කායික සංවර්ධනයට ලොකු බලපෑමක් කරනවා. විශේෂයෙන් මොලයේ වර්ධනයට හොඳ නින්දක් නැතිවම බැහැ.

දරුවෙකුගේ ශාරීරික සුවතාවයට නින්ද බලගතු හේතුවක් වෙනවා

දරුවාගේ ශ්‍රවණ හැකියාව, හදවත හා රුධිර ක්‍රියාකාරිත්වයට අඩු නින්දක් ලැබීම, හදවත් හා වකුගඩු රෝග වලට බලපාන බව සොයාගෙන තියෙනවා. ඒ වගේම දරුවන් වැඩිහිටියන් වූ පසු දියවැඩියාව හා රුධිර පීඩනය වැනි රෝග වලට භාජනය වීමට ඉඩ තියෙනවා.

නින්ද නිසා දරුවන්ගේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය සමතුලිත කරන අතර ඒ සමගම ඔහුට බඩගින්න ඇති කරනවා. හොඳ නින්දක් ලැබීමෙන් දරුවාට හොඳින් බඩගිනි දැනෙනවා. මේ නිසා අඩු නින්දක් ලැබීමෙන් අනාගතයේ ඔහුට ආහාර සම්බන්ධ ගැටළු වලට මුහුණ දීමට සිදුවේවි.

දරුවාගේ නින්ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගීව තබන්න උදවු වෙනවා

අඩු නින්දක් ලැබීම ප්‍රතිශක්තිය හීන කරන්න සමත් වෙනවා. වෛද්‍ය ලීම් සඳහන් කළේ හොඳ නින්දක් මගින් දරුවන් පාසලේ කළ කී දෑ ගැන ඔවුන්ගේ ජීවිතය මනා ලෙස කළමනාකරණය කරගැනීමට, ඉක්මණින් ක්‍රියාත්මක වීමට පන්ති කාමරය තුළදී මෙන්ම පිටතදීත් ක්‍රියාකාරී ලෙස හැසිරීමට ඔවුන්ට උදවු වෙනවා.

sleepbaby

දරුවන්ගේ නින්ද: කොතරම් අවශ්‍යද?

පහතින් අප වයස අනුව දරුවන්ට නිදාගත යුතු කාල පරාසයන් දක්වනවා. මධ්‍යස්ථයක් ලෙස නින්ද ලැබිය යුතු කාලය දවසකට පැය 12-14 දක්වා අවුරුද්දක් වයස දරුවන්ට නිර්දේශ වන අතර අලුත උපන් බිළිඳුන් එය පැය 13 සිට 14 ½ දක්වා විහිදෙනවා.

අලුත උපන් නව බිළිඳුන්

සාමාන්‍යයෙන් ඔවුන්ට දිනකට පැය 13-14 ½  කාලයක් නිදන්න අවශ්‍ය වෙනවා. සමහර විට එය පැය 10-19 දක්වාත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය දිනකට පැය 12-14 වශයෙන් දක්වන්න පුළුවන්.

බිළිඳු දරුවන්

අවුරුදු 3 සිට 3 ට වැඩි දරුවන් දහවල් කාලය ඇතුළුව දවසකට සාමාන්‍යයෙන් පැය 11-13 දක්වා නින්දක් අවශ්‍ය වෙනවා.

පෙර පාසල් වයසේ දරුවන්

අවුරුදු 3-5 වයස දරුවන් දිනකට පැය 12 ක් පමණ නිදාගැනීම අවශ්‍ය වන අතර මොවුන් ක්‍රමයෙන් දහවල් කාලයේ නින්ද අඩු කිරීම හෝ සම්පුර්ණයෙන් නතර කිරීමක් සිදු වෙනවා.

 ප්‍රථමක අංශයේ දරුවන්

වයස අවුරුදු 6-12 දක්වා දරුවන්ට සාමාන්‍යයෙන් පැය 9-10 ක කාලයක් නින්ද අවශ්‍ය වෙනවා.

දරුවන්ගේ නින්ද: ඔබේ දරුවාට අවශ්‍ය පමණට නින්ද නොලැබුනොත්

වෛද්‍ය ලීම් පවසන ආකාරයට අඩු නින්ද නිසා දරුවන්ගේ පාසල් කටයුතු හා බාහිර කටයුතු වල ක්‍රියාශීලිත්වයට බලපෑම් ඇති කරනවා. මෙය දිගින් දිගටම සිදුවීම මානසික ව්‍යාකූල තත්වයන් ඇතිවීමට පාර කපන බව පවසනවා.

අධ්‍යනයන්ට අනුව සාමාන්‍ය නින්දට වඩා අඩු කාලයක් වුවත් නින්ද නොලැබීම දරුවාට බලපෑම් ඇතිකළ හැකි වන බව කියවෙනවා.

එමගින් පසු දින පාසලේ ක්‍රියාකාරකම් වලට ඔවුන්ට ක්‍රියාශීලි ලෙස මුහුණ දීමට නොහැකි වී යනවා. මෙහිදී අවධානය, මතකය හා ඉගෙනීමේ අඩුපාඩු දකින්න පුළුවන්.

එමෙන්ම වෛද්‍ය ලීම් ට අනුව දීර්ඝ කාලීනව නිදහස් සුව නින්දක් නොලැබීමෙන් දරුවන් විවිධ රෝගාබාධ ඇතිවේ. තවද තරබාරුකම වැනි ගැටළු වලට ද මුහුණ දීමට සිදුවෙනවා.

මේ හේතුවෙන් දැනට ලොව පුරා දෙවන කාණ්ඩයේ දියවැඩියාව ලෙස හඳුනාගෙන ඇත. මෙම දියවැඩියා වර්ගය තරුණ දරුවන් අතර වර්ධනයක් පෙන්වනවා.

නිදහස් නින්දක් නොලබන දරුවන් තුළින් මේ ලක්ෂණ දකින්න පුළුවන්.

  • දහවල් කාලයේ කම්මැලි කුසීත අයුරින් හැසිරීම.
  • ක්‍රියාකාරකම් වලදී ක්‍රියාශීලි නොවීම හා ඉතා මන්දගාමී වීම.
  • දුර්වල විනිශ්චයන් කිරීම.
  • උද්යෝගිමත් නොවීම.
  • තීරණ ගැනීමට ඇති හැකියාවන් අඩු වීම.
  • දහවල් කාලය තුළ හැසිරීමේ ව්‍යකූලතාව.
  • ඉගෙනීමේ කටයුතු වල ගැටළු.

ඔබේ දරුවාට නිසි නින්දක් ලැබෙන්නේ දැයි හරියටම දැනගන්නේ කොහොමද?  

වෛද්‍ය ලීම් ට අනුව සෑම රාත්‍රියකම දරුවා හොඳ නින්දක් ලබා ගැනීමට ඉඩ සැලසීමට,

  • දරුවා නින්දට යන පරිසරයේ ඇඳ හා අවට හොඳ වාතාශ්‍රයක්, නිශ්ශබ්දතාවයක් හා මද අඳුර ඔහුගේ නින්දට බාධා ඇති වන්නේ නැහැ.
  • පරිගණකය හා රූපවාහිනිය කාමරයෙන් පිටත තබන්න.
  • නින්දට පෙර දරුවාට කියවීමට පුරුද්දක් ඇති කරන්න.
  • සෑමදාම එකම වෙලාවකට නින්දට යන්න පුරුදු කරන්න. මෙය දිගටම පවත්වා ගනිමින් උදෑසන අවදිවෙන්න පුරුදු කරන්න. ( සති අග හා නිවාඩු දින වලදීත්)
  • දවසේ පුංචි වෙලාවක් නිදන්නට පුරුදු වී ඇත්නම් දවස ගෙවන්නට ආස විට නිදි කරවීමෙන් වළකින්න.

ඔබට ඔබේ දරුවා නින්දට යන පුරුදු පිළිබඳ කනස්සල්ලක් ඇත්නම් ළමා වෛද්‍යවරයෙකු හෝ නින්ද පිළිබඳ මනෝවෛද්‍යවරයෙකු (නින්ද පිලිබඳ විශේෂ සුදුසුකම් ලත් )  හමුවන්න.

දරුවන්ට නින්ද අවශ්‍ය වුවත් ඒ ගැන මෙතරම් වැදගත් කරුණු රැසක් මීට පෙර ඔබ දැන සිටියේ නැති වන්නට පුළුවන්. theAsianparent Sri Lanka අපි ඔබ දැනුවත් කළේ ඔබේ දරුවා ගැන වැඩියෙන් සැලකිලිමත් ව ඔහුගේ ශාරීරික හා මානසික සංවර්ධනය ගැන ඔබේ දැනුම වැඩි කරගන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

කතන්දර ලිපි