theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොච්චර උත්සාහ කලත් දරුවා පාඩම් කරන්න උනන්දු නැද්ද?

9 අවම කියවීම
කොච්චර උත්සාහ කලත් දරුවා පාඩම් කරන්න උනන්දු නැද්ද?කොච්චර උත්සාහ කලත් දරුවා පාඩම් කරන්න උනන්දු නැද්ද?

දරුවෙක්ට පාඩම් කරන්නට හොඳ පරිසරයක් තිබිය යුතුයි. එවිට දරුවාට නිදහස් මනසින් එය කරන්නට පුලුවන් වේවි.

අද අපි කතා කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්. සමහර වෙලාවට ඔබ දැකලා ඇති සමහර දරුවෝ සමහර වෙලාවට අධ්‍යාපනය සම්බන්ධයෙන් ඌනතා දක්වනවා. යම් නොකැකියාවන් දක්වනවා සමහර දරුවෝ පාසල් යන්නත් අදි මදි කරනවා. ගණිතය, විද්‍යාව වගේ විෂයන් වලටත් අකමැත්තක්, දුර්වලතාවයක් දක්වනවා. දිවිතික භාශා වලටත් නොහැකියාවක් දක්වනවා. විභාග වලට ලකුණුත් අඩු බවක් දක්නට ලැබෙනවා. දරුවා ඉගෙනීමට උනන්දු කිරීම සම්බන්ධයෙන් අද අපි ඔබ සමඟ කතා කරන්නට සිතුවා.

අද දරුවන් හෙට වැඩිහිටියන් - දරුවා ඉගෙනීමට උනන්දු කිරීම වැදගත් ඇයි ?

දරුවන් විෂයයන්ට මේ විදියට දුර්වල කමක් දක්වන්නෙ ඇයිද යන්න සොයා බැලීම ඉතාම වැදගත් වෙනවා. මොකද අද දරුවෝ තමයි හෙට දිනයේදී තරුණ වියට පා තබලා රටේ අනාගත පුරවැසියන් වන්නේ.

අද ඉන්න ඉහල තනතුරු දරන්නන්, සේවකයන්, ආයතන ප්‍රධානීන් වගේම සැමියෙක් බිරිඳක් බවට පත් වෙලා ඉන්නේ කලකට ඉහතදී දරුවන් වෙලා ඉඳපු අය.

අද දවසේ ඉන්න වැඩිහිටියා කියන්නෙ කලකට පෙර හිටපු දරුවෙක්. ඔබේ අවධානය යොමු විය යුතුයු අද දවසේ ඉන්න දරුවා තමයි හෙට දවසේ වැඩිහිටියෙක්, තරුණයෙක්, තරුණියෙක් වෙන්නේ.

ගුණවත් නැණවත් දරුවන්

රටට ලෝකෙට ඉතා හොඳ, උගත්, බුද්ධිමත්, නිහතමානී, ගුණගරුක , විශ්වාසනීය පුද්ගලයින් අවශ්‍ය නම් අද දවසේ ඉන්න දරුවාට හොඳින් උගන්වලා, ගුණදහම් උගන්වලා නිසි මානසික සමබරතාවයකින් සමාජයට යැව්වොත් අපි ප්‍රාර්තනා කරන දරුවාව අපිට දැක බලා ගන්නට පුලුවන් වෙනවා.

දරුවෙක්ගේ අධ්‍යාපන ගැටලු ඇති වෙන්නේ ඇයි? - දරුවා ඉගෙනීමට උනන්දු කිරීම

අපි බලමු ඇයි දරුවන්ගේ අධ්‍යාපන ගැටලු ඇති වෙන්නේ කියලා. ඒ වගේම ඒ සඳහා අපිට නිවසේදී කළ හැකි උපකාර, පිළියම් මොනවාද යන්නත් සොයා බලමු. නැත්නම් යම් විද්වත් මැදිහත් කමක් අවශ්‍ය නම් කා ගාවටද යන්න පුලුවන් කියලාත් අපි බලමු

දරුවෙක්ට අධ්‍යාපනය එපා වෙන්නේ ඇයි? -  දරුවා ඉගෙනීමට උනන්දු කිරීම

ඇයි අපි කොයි තරම් උත්සහ කලත් දරුවා විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වගේ විෂයන් වලට අඩු කුසලතාවයක් දක්වන්ගේ ඇයි?

ඒකට හේතු ගණනාවක් තියෙන්න පුලුවන්.

1. දරුවෙක්ට හොඳ ඉගෙනුම් පරිසරයක් අවශ්‍යයි. එය දරුවා ඉගෙනීමට උනන්දු කිරීම සඳහා ඇති හොඳම විදියයි.

පාසලේදී හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නත් ගෙදරදීත් ඒවා ගැන යම් ආවර්ජනයක් කිරීම අවශ්‍යයි. පාසලේදී දරුවාට හොඳ ඉගෙනුම් පරිසරයක් ලැබෙනවා.

නමුත් ගෙදරදී දරුවාට පාඩම් කිරීමට හොඳ ඉගෙනුම් පරිසරයක් ලැබෙන්නේ නැත්නම් එය දරුවාගේ ඉගෙනීමට තදින්ම බලපානවා.

ගෙදර අම්මයි තාත්තයි විවිධ හැල හැප්පීම් නම්, රණ්ඩු සරුවල් කර ගන්නවා නම්, අහල පහල නෑදෑ සොයුරු සොයුරියන්ගෙන් නිරතුරුව බාධා පැමිණෙනවා නම් දරුවාට හොඳ මානසික.ඒකාග්‍රතාවයකින් පාඩම් කිරීමට නොහැකි වෙනවා.

දරුවා ඉගෙනීමට උනන්දු කිරීම

2. ගුරුවරුන්ගේ ආකල්ප

සමහර වෙලාවට බොහෝ හොඳ ගුරුවරුන් අතර ගුරු වෘත්තියට නොගැලපෙන පුද්ගලයනුත් ඉන්නවා.

ඒ අය හිතනවා මේ ළම්‍යින්ට එච්චර උගන්වලා වැඩක් නෑ. දඟයි. අපි කියන එක අහන්නේ නෑ. ඔය කොහොම හරි පාස් වෙයි නේ.

මේ අවුරුද්දේ බැරි උනොත් ඊළඟ අවුරුද්දේ හරි පාස් වෙන්නේ නැතැයි. අනික මේ පැත්තේ ළමයි එච්චර ඉගන ගන්න අය නෙමෙයි.

මේ අය ඒ තරම් ඇහුම්කන් දෙන්නේ නෑ. ආදී වශයෙන් සහ ගුරුවරයාගේ තිබෙන වෙනත් ගැටලු, රටේ තියෙන වාතාවරණය, වගේ ඕනෑම දෙයක් බලපෑම නිසා පාසල් පද්ධතිය තුල, ගුරුවරයා තුල, දරුවාට නිවැරදි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි වූ තැන, දරුවාගේ අධ්‍යාපනය බිඳ වැටෙනවා.

3. අමතර පංති වල උගන්වන ගුරුවරු

අද වන විට දරුවන් අනිවාර්යයෙන්ම සහභාගි වන දෙයක් තමයි අමතර පංති කියන්නේ.

අමතර පංති හොඳ නෑ කියලා කියන්නට නෙමෙයි මේ යන්නේ. අමතර පංති වලින් දරුවන්ට අධ්‍යාපනයට විශාල උදව්වක් ලැබෙනවා. ඒත් සමහර වෙලාවට මේ අමතර පංතිය කරන ගුරුවරයා සැබෑ ගුරුවරයෙක්ද?

සැබෑ ගුරුවරයෙක් යනු? දරුවා ඉගෙනීමට උනන්දු කිරීම සිදු කරන්න පුලුවන් අයෙක් ද?

උගන්වන්නට පුලුවන් කියන එකෙන් වත්, මේ පුද්ගලයාට අධ්‍යාපනික සුදුසුකමක්, උපාධියක් තිබීමෙන් පමණක් හොඳ ගුරුවරයෙක් වීමට බලපාන්නේ නෑ.

ඒ මොකද කියනවා නම් සැබෑ ගුරුවරයෙක් කියලා කියන්නේ දරුවාට මොනවා හරි කියලා දෙන කෙනා නෙමෙයි.

කොහොම හරි විභාගය සමත් කරවන කෙනත් නෙමෙයි. මේ දෙක අතරේ දරුවාට ජීවිතය කියලා දෙන කෙනෙක්, දරුවාව නිවැරදිව මෙහෙයවන කෙනෙක් තමයි අපි ගුරුවරයෙක් කියලා කියන්නේ.

දරුවා ඉගෙනීමට උනන්දු කිරීම සිදු කරන්නෙක් සැබෑ ගුරුවරයෙකි

දරුවෙක්ගේ මනස අනවශ්‍ය දේවල් වලට ඇදී යාමෙන් වළක්වලා, අධ්‍යාපනය තුල තබා ගැනීමට තරම් දක්ෂයෙකු තමයි ගුරුවරයෙක් කියලා කියන්නේ.

සමහර අමතර පංති ගුරුවරු කරන ලාබ වැඩ

යම් වෙලාවල් වලදී, සමහර අමතර පංති වල ගුරුවරු දරුවන් රඳවා ගැනීම සඳහා, කට්ටිය වැඩි කර ගැනීම සඳහා, ඇතැම් අවස්ථා වලදී නුසුදුසු වචන පාවිච්චි කරනවා.

සුදුසු නොවන කතා කීම, දරුවාගේ මනසට අනවශ්‍ය සහ නොගැලපෙන දේවල් ඕනෑවටත් වඩා දරුවන් සමඟ කතා බහ කිරීම කරනවා.

දෙපිට කැපෙන වචන භාවිතා කරලා, දරුවන්ව උද්දීපනය කරලා තබා ගන්නට මහන්සි වෙනවා.

මේක නිසාත් දරුවෙක්ගේ මනසේ ඇති වෙන විකෘතිතා අනාගතයේදී ඔහුගේ අධ්‍යාපනයට බරපතල ලෙස බාධාවක් ඇති කරන්නට පුලුවන්.

වැරදි අදහස් දරුවන්ගේ ඔලුවට දැමීම

ඒ වගේම රට ගැන, වෙනත් දේවල් ගැන ඇති කරන වැරදි අදහස්, වගේ දේවලුත් දරුවෙකුගේ අධ්‍යාපනයට අහිතකර ලෙස බලපාන්නට පුලුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දරුවන්ගේ අනවශ්‍ය සම්බන්ධතා වලට උදව් කිරීම

අහිතකරම තත්ව වලින් එකක් තමයි මේ ගුරුවරුන් යැයි කියා ගන්නා පිරිස් දරුවන්ගේ අනවශ්‍ය සම්බන්ධතා වලට උදව් කිරීම.

ඒ දරුවන්ව දෙමව්පියන්ගෙන් ආරක්ෂා කරනවා. පංතිය තුල අනවශ්‍ය යහළු මිත්‍ර කම් ඇති කර ගැනීමට ඉඩ සලස්වා දීලා තියනවා.

කොච්චර උත්සාහ කලත් දරුවා පාඩම් කරන්න උනන්දු නැද්ද?

ඒ තුලින් ඔවුන් බලාපොරොත්තු වෙනවා ළමයින්ව යහළුවෙක් වගේ තබා ගන්නට වගේම තමන්ගේ පංති වලට ගෙන්වා ගන්නට.

මතක තබා ගන්න

හැබැයි ඔබ මතක තබා ගත යුතු දේ තමයි දෙමව්පියන් විදියටත්, සැබෑ ගුරුවරුන් විදියටත්,දරුවන් ලෙසත්, එවැනි දේ නිසා දරුවන්ට හානියක් වෙන බව.

ඒ නිසා එවැනි දේවල් වලින් මිදෙන්නටත්, දරුවන්ව මුදවා ගන්නටත් අපිට ලොකු වගකීමක් තිබෙනවා.

4. වෙනත් පාරිසරික බලපෑම්

දරුවෙකුගේ යන එන මාර්ගය, දරුවා ආරක්ෂිතව යනවා එනවාද?

දරුවාගේ පෝෂණය, ඒ වගේම දරුවාට ලැබෙන නින්ද කියන දේවල් දරුවෙක්ට අධ්‍යාපනය හොඳින් සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් වෙනවා.

දරුවා ඉගෙනීමට උනන්දු කිරීම සඳහා මේ දේවල්ද වැදගත්.

පෝෂණය

සමහර අවස්ථා වලදී අපි දරුවාට තියෙන ආදරේට ඉතාම පෝෂ්‍යයි කියලා හිතලා, නම ගිය, මිල අධික ආහාර සමහර වෙලාවල් වලදි වැඩිපුර අරන් දෙන්නට අපි පෙළඹෙනවා.

මේකෙන් වෙන්නේ දරුවාට අවශ්‍ය කරන නිසි පෝෂණය නොලැබී යාම නිසාවෙන් දරුවාගේ බුද්ධිඵලයට යම් හානි වීමක් වෙන්නට පුලුවන් වීමයි.

කොළ පැහැති ආහාර වලින් දරුවා ඉගෙනීමට උනන්දු කිරීම වැඩි කරන්න පුලුවන්

ඒ නිසා දරුවෙක්ට කොළ පැහැති ආහාර ලබා දීම ඉතා වැදගත්.

පලා වර්ග, විශේෂයෙන් ගොටුකොළ වගේ ඒවා, නිවිති, තම්පලා, කතුරුමුරුංගා කොළ වලින් දරුවෙක්ගේ බුද්ධි වර්ධනයට අදාල වල දේවල් විශාල ලෙස ලැබෙනවා.

නැවුම් එලවලු සහ පලතුරු

නැවුම් එළවලු සහ නැවුම් පලතුරු, දේශීයව තිබෙන දේවල් ඉතාමත්ම ගුණදායකයි.

දරුවෙක්ගේ ස්නායූ පද්ධතිය සහ මොළය වර්ධනයට ඒවා බලපෑමක් ඇති කරනවා. දරුවා ඉගෙනීමට උනන්දු කිරීම කෙරෙහි වැදගත් වේ.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම

ඒ වගේම ප්‍රමාණවත් ලෙස දරුවන් ජලය පානය කිරීමත් ඉතා වැදගත්. ඒ මක් නිසාද සුළු හෝ විජලන තත්වයක් තිබීම දරුවෙක්ව අකර්මණ්‍ය කිරීමට බලපාන්නට පුලුවන්.

නින්ද

ඊළඟ කාරණය තමයි නින්ද. ගොඩාක් දෙමව්පියනුත්, සමහර ගුරුවරුනුත් දරුවන්ට වැඩිපුර පාඩම් කිරීමට, වැඩිපුර බුද්ධියට යැවීම සඳහා කියලා ඉතාම අඩු නින්දක් ඇති වන ආකාරයට තමයි කාලසටහන හදන්නේ.

හැම වෙලාවේම පාඩම් කරන්න..පාඩම් කරන්න කියලා පමණට වඩා දරුවෙකුව උනන්දු කිරීම තුලත් සිදු වන්නේ දරුවාට අහිතකර දෙයක්.

දරුවා ඉගෙනීමට උනන්දු කිරීම සඳහා පාසැල් දරුවෙක් අවම වශයෙන් ලබා ගත යුතු නින්ද

පාසැල් දරුවෙකු අවම වශයෙන් පැය 6-7 ක නින්දක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. නින්ද, පැය 6ට වඩා අඩු වීමත් පැය 7කට වඩා වැඩි වීමත් සුදුසු වන්නේ නැහැ.

ඔබේ දරුවා පැය 6ට වඩා අඩු නින්දක් ලබා ගන්නවා නම්, දරුවාට සහය වෙන්න පැය 6-7 අතර නින්දක් ලබා ගන්න. දරුවා ඉගෙනීමට උනන්දු කිරීම අවැසිි නම් මේ විදියට ඔබ ඔබේ දරුවාට නින්ද ලබා දෙන්න.

ඒ වගේම සාධාරණ හේතුවකින් තොරව ඔබේ දරුවා මහ රෑ අනවශ්‍ය ලෙස නැගිටගෙන සිටිනවා නම් දෙමාපියන් විදියට එය වළක්වන්න.

දරුවෙක්ට නින්දට යාමට හොඳම වේලාව

දරුවෙක්ට නින්දට යාමට හොඳම වෙලාව වන්නේ රාත්‍රී 11ට පෙර එනම් රාත්‍රී 10.30 පමණ වන විට නින්දට යාමයි.

නින්දට යාමට අවම වශයෙන් පැය 2කට වත් කලින් රාත්‍රී ආහාර වේල ගෙන නිම කර තියෙන්නට ඕනි.

පාන්දර 4ට කලින් අවදි වෙන්න හොඳයිද?

ඒ වගේම පාන්දර 4ට කලින් අවදි වීම මනෝ විද්‍යාව අනුව එතරම් සුදුසු වන්නේ නැහැ.

වැඩක් තිබ්බත් නැතත් උදේ 6න් පසුව නිදාගෙන සිටිනවා නම් ඒකත් සුදුසු ක්‍රියාවක් නෙමෙයි.

ඒ නිසා රාත්‍රී 10.30 - 11.00 සිට පාන්දර 6 වන තෙක් අවම වශයෙන් පැය 6ක සාධාරණ නින්දකට කාලය ලබා ගැනීම ලබා ගත යුතු වෙනවා.

පාඩම් කරන දේ මොළයේ තැම්පත් වීම

මතක තබා ගත යුතු දෙය නම් පාඩම් කරන දේ මොළයේ තැම්පත් වීම සහ ස්ථීරව එය මොළය තුල පටිගත වීම සිදු වන්නේ නින්දේදී බවයි. නින්ද අඩු උනොත් එයට බාධාවක් වනවා.

දරුවාගේ ඇතැම් මානසික ගැටලු

සමහර අවස්ථාවන් වලදී දරුවාගේ ඇතැම් මානසික ගැටලු නිසා සහ යම් යම් අක්‍රමිකතා නිසා දරුවෙකුගේ අධ්‍යාපනික තත්වය බරපතල ලෙස වෙනස් කරන්නට පුලුවන් වෙනවා.

ඇස, කණ, නාසයේ බලපෑම සහ  දරුවා ඉගෙනීමට උනන්දු කිරීම

ඇස, කණ, නාසය සම්බන්ධ ගැටලු නිසා දරුවෙකුට බරපතල බලපෑමක් වෙන්නට පුලුවන්.

උදාහරණයක් විදියට කණ සම්බන්ධව ගත්තොත් ඇසීමේ ගැටලු තිබුනොත් එය අධ්‍යාපනයට බරපතල ලෙස බලපාන්නට පුලුවන්. දරුවා ඉගෙනීමට උනන්දු කිරීම ට එය වැදගත් .

නූතනයේ ලෙඩ රෝග

අවාසනාවන්ත ලෙස අද වන විට දරුවන්ගේ රුධිරගත සීනි ප්‍රමාණයේ වෙනස් කම් තිබෙනවා.

හිමොග්ලොබින් වල වෙනස්කම් හට ගන්නවා. ඒ වගේම තයිරොක්සින් හෝමෝනයේ ඇතැම් ගැටලු හට ගන්නවා. මේ රසායන ද්‍රව්‍ය පද්ධතීන්ගේ වෙනස් වීමත් දරුවාගේ අධ්‍යාපනයට බලපානවා.

අධ්‍යාපනය නරක බලපෑම් එල්ල කරන රෝග තුන

දරුවා ඉගෙනීමට උනන්දු කිරීම

ඒ වගේම ඩිස්කල්කූලියාව කියන රෝගී තත්වය, ඩිස්ග්‍රැෆියා කියන රෝගී තත්වය, ඩිස්ලෙක්ශියා කියන රෝගී තත්වය දරුවෙක්ගේ අධ්‍යාපනයට නරක බලපෑමක් ඇති කරනවා.

ඒ රෝග වලින් සිදු වන දේ

මේ වගේ අක්‍රමිකතාවයක් තිබුනොත් විශේෂයෙන්ම ගණිතයට, භාෂාවකට බරපතල ලෙස දරුවෙක් ඌණතා දක්වන්නට පුලුවන්.

නිවැරදිව, පැහැදිලිව ලිවීමේ හැකියාව නැති වෙනවා මේ රෝගී තත්වයන් නිසා. ඒ වගේම මනෝමයෙන් ගණන් සෑදීම සහ ආදේශ කිරීම් වලට, යම් තරමක තිරතුරක් මතක තියා ගෙන එය අධ්‍යාපනින වැඩකට යොදා ගැනීම අසීරු වෙනවා.

මේ වගේ අවස්ථාවක නම් ඔබට සිදු වෙනවා ඔබේ දරුවාගේ අනාගත යහපත උදෙසා සුදුසු මනෝ උපදේශකවරයෙක් වෙත දරුවාව යොමු කරන්නට.

මේ පණිවිඩය විශේෂයෙන් ගුරුවරුන්ටයි. - දරුවා ඉගෙනීමට උනන්දු කිරීම

  • කොයිම වෙලාවකවත් ඔබේ පංතියේ දරුවෙක්ගේ අධ්‍යාපන ඌණතාවය අන් දරුවන් ඉදිරියේ අනවශ්‍ය ලෙස කතා කරන්නට එපා.
  • අනිත් දරුවන් සහ දෙමාපියන් ඉදිරියේ දඑඋවෙකුගේ දුර්වලතා,දරුවෙකුගේ නොහැකියා අපහාසයට උපහාසයට ලක් කරමින් කතා කිරීමෙන් වළකින්න.
  • පොදු කාරණා කතා කරන්න. උදාහරණයක් විදියට හොඳ ගැන හැමෝම ඉදිරියේ කතා කරන්න.
  • ඒ වගේම එක දරුවෙක්ව උලුප්පමින් එයාගේ විශේෂ දක්ෂතා අනවශ්‍ය විදියට අගය කරමින් අනිත්  දරුවන්ට වේදනාවක් ඇති කරන්නට එපා. එය ඒ දරුවාට අධ්‍යාපනය, පාසල, ඔබව ,සමහරවිට සමස්ථ ජීවිතයම පවා එපා කරවීමට හැකියාවක් තියෙනවා.
  • දරුවෙක්ගේ අඩුපාඩුවක් දැක්කොත් දෙමව්පියන්ට හොඳ විදියට අඬගහලා, නිදහසේ අන් අයට නොහැඟෙන ආකාරයට පැහැදිලි කරලා දෙන්න.
  • අඩුම තරමේ අම්මා තාත්තා ඉස්සරහවත් දරුවෙකුගේ අඩුපාඩු අනවශ්‍ය ලෙස කතා කරලා හෑල්ලුවට ලක් කිරීම සුදුසු නොවන ක්‍රියාවක්.

දෙමව්පියන් මේ කරුණු මතක තබා ගත යුතුයි.

  • දරුවෙක්ගේ අඩු කුසලතාවයදී මොනම හේතුවක් නිසා වත් දැඩි ලෙස බැන වැදීම,සංසංදනය කිරීම,හෙලා දැකීම නොකරන්න.

කොච්චර උත්සාහ කලත් දරුවා පාඩම් කරන්න උනන්දු නැද්ද?

  • අවශ්‍ය නම් ගුරුවරයා සමඟ කතා කරන්න. පොතක සටහන් කරගෙන එන්න.
  • අවශ්‍යම නම් මනෝ වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගන්න. මෙතනදී මතක තබා ගත යුතු දෙය නම් මනෝ වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගන්නේ බරපතල මානසික ගැටලුවක් නිසා නොවෙයි කියන දේ. ගොඩක් අය හිතන දෙයක් තමයි මනෝ වෛද්‍යවරුන් හමු වන්නේ පිස්සු ඇති විටයි කියලා. ඒක හරිම වැරදි අදහසක් බව මතක තියා ගන්න.

මේ උපදෙස් පිළිපැද්දොත් ඔබේ දරුවා ඔහුගේ දුර්වලතා මඟ හැර ඉතා දක්ෂ දරුවෙක් ලෙස සමාජ ගත වෙනවා නිසැකයි.

මෙම ලිපිය සකස් කරගැනීම සඳහා වෛද්‍ය කමල් ජයසේකරගේ පහත වීඩියෝවද පාදක කරගන්නා ලදී.

 

මූලාශ්‍ර :- www.youtube.com  : වෛද්‍ය, කමල් එස්. ජයසේකර සාම විනිසුරු (මුළු දිවයිනටම) මනෝවෛද්‍ය (ආයුර්වේද / විශේෂ) මනෝවිද්‍යා උපදේශක සෞඛ්‍ය ප්‍රවර්ධක පුහුණු උපදේශක (Dr. Kamal S. Jayasekara Justice of the Peace (Whole Island) Psychiatrist (Ayurveda / Special) Psychological Counselor Health Promoter Training Consultant)

 

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • කොච්චර උත්සාහ කලත් දරුවා පාඩම් කරන්න උනන්දු නැද්ද?
බෙදාගන්න :
  • අපේ අතීතයෙන් දරුවන්ට පාඩම්: රටේ ඉපැරණි තැන් ගැන දරුවන්ට කියා දෙන්න

    අපේ අතීතයෙන් දරුවන්ට පාඩම්: රටේ ඉපැරණි තැන් ගැන දරුවන්ට කියා දෙන්න

  • පර්යේෂණ වලින් සනාථ කළ පාඩම් වැඩ ප්‍රතිඵලදායක ලෙස ඉටු කර ගත හැකි උපක්‍රම 8ක්

    පර්යේෂණ වලින් සනාථ කළ පාඩම් වැඩ ප්‍රතිඵලදායක ලෙස ඉටු කර ගත හැකි උපක්‍රම 8ක්

  • අපේ අතීතයෙන් දරුවන්ට පාඩම්: රටේ ඉපැරණි තැන් ගැන දරුවන්ට කියා දෙන්න

    අපේ අතීතයෙන් දරුවන්ට පාඩම්: රටේ ඉපැරණි තැන් ගැන දරුවන්ට කියා දෙන්න

  • පර්යේෂණ වලින් සනාථ කළ පාඩම් වැඩ ප්‍රතිඵලදායක ලෙස ඉටු කර ගත හැකි උපක්‍රම 8ක්

    පර්යේෂණ වලින් සනාථ කළ පාඩම් වැඩ ප්‍රතිඵලදායක ලෙස ඉටු කර ගත හැකි උපක්‍රම 8ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it