theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේ

3 අවම කියවීම
ළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේ

දරුවාට දිව යුතු එන්නත් නිසි කලට වෙලාවට ලබා දීම වැදගත් වන්නේ මේ නිසයි.

නිසි කලට ළදරු එන්නත් (child vaccinations) ලබා දීම දෙමාපියන් සතු ඉතාමත්ම වැදගත් වගකීමක්.

නිවැරදි වෙලාවට එනනත් ලබා දීමේ කාල වකවානු පහසු කිරීමට ඔබට දරුවා උපන් රෝහලෙන්, දරුවාගේ වෛද්‍යවරයාගෙන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් නොයෙකුත් ගොනු පත්‍රිකාවන් ලබා දෙනවා. මේවා ප්‍රයෝජනයට  ගෙන, නියමිත කාලයට අදාළ එන්නත් ලබා දිම කල හැකියි.

මිනිසාට වැළදෙන වයිරසයන් මගින් ඇති වන බෝවන රෝග සමඟ සටන් කරන්න අප සිරුරේ ප්‍රතිදේහ ඇති වනවා. අලුත උපන් බිලිඳාට උපන් මොහොතේ සිටම මවු කිරි වලින් මෙසේ අවශ්‍ය ප්‍රතිදේහ සමහරක් ලැබෙනවා.

ළදරු එන්නත් (vaccinations) මගින් කෙරෙන්නේ සමහරක් වෛරස් රෝග මැඩලීම සඳහා නිෂ්ක්‍රිය කරන ලද සුළු වයිරස් ප්‍රමාණයක් සිරුරට ඇතුල් කිරීමයි.

ළදරු අවධියේ පටන්ම එන්නත් ලබා දීමෙන් දරුවාට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය මුල් අවධියේ සිටම දරුවාට ලැබෙනවා.

වයිරස් මගින් අසාදනය වන බෝවන රෝග වැළඳීම වැලැක්වීමට මෙම එන්නත් ලබා දෙන්නේ ඉතා කුඩා දරුවන්ට මේ රෝග වැළඳීමෙන් ඇති වන තත්වය තරමක් අවධානම් සහිත වීමයි.

රටක ජාතික සෞඛ්‍ය සේවා සංවිධානය මගින් මෙම ප්‍රතිශක්තීකරණ ලගුව කලින් කලට පරික්ෂාවට ලක් වෙනවා. එසේ යාවත්කාලින කල ජාතික ප්‍රතිශක්තීකරණ  කාල සටහන (Sri Lanka child vaccination schedule) දැන් නිකුත් වී තිබෙනවා. එය පහතින් ලබා ගන්නට පුළුවන්.

මෙය මුද්‍රණය කර ආරක්‍ෂිත ස්ථානයක ලේඛනගත කර තබන්න.

ළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේ

 

 

ළදරු එන්නත් සම්බන්ධයෙන් දැන ගත යුතු විශේෂ කරුණු කිහිපයක් පහත දක්වමු.

1. එන්නත් ලබා දීම දරුවාගේ ජිවිතයම ආරක්ෂා කරයි.

නිසි කලට එන්නත් ලබා දීම තුළින් දරුවාගේ ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වනවා. එමගින් ඇතැම් මාරාන්තික රෝග වලින් පවා දරුවාව ආරක්ෂා කෙරෙනවා.

දරුවාගේ එන්නත් සටහනට අනුව සියළු එන්නත් වාර සංඛ්‍යාවම ලබා දී දරුවාගේ ප්‍රතිශක්තිකරණය සම්පූර්ණ කිරීම වැදගත් වන්නේ මේ නිසයි.

2. එන්නත් ලබා දීම සෞක්‍යයට හිතකරයි.

එන්නත් ලබා දීමෙන් අහිතකර ප්‍රතිපල ඇති වේයැයි මතයක් ඇතැමුන් හට තිබෙන මුත්, එන්නත් ලබා ගැනීම ඉතා යෝග්‍ය මෙන්ම අත්‍යවශ්‍ය වන අතර ඉන් අහිතකර ප්‍රතිපල අත් වන්නේ නැහැ.

3. එන්නතින් පවුව එන උණ ගතිය

එන්නත් දීමකින් පසුව ඇතැම් දරුවන්ට උණ හට ගන්නට පුළුවන්. මේ ගැන බියක් ඇති කර ගන්නට අවශ්‍ය නැහැ. උණ ගැනීමෙන් එන්නත ක්‍රියාකාරී වන බව ප්‍රත්‍යක්ෂ වන අතර දිනක් හෝ දෙකක් යනතුරු උණ පාලනය කර ගැනීම ප්‍රමාණවත්.

4. එන්නත් ලබා දීමෙන් අනාගත පරපුරම සුරැකෙනවා.

එන්නත් ලබා දීම තුළින් බෝවන රෝග පැතිරීම විශාල ලෙස පාලනය වනවා. මෙසේ පරම්පරා කිහිපයක් දිගු කාලීනව එන්නත් කිරීමෙන් ඇතැම් බෝවන රෝග මුලිනුපුටා දමන්නට පුළුවන්. ක්ෂය රෝගය, කක්කල් කැස්ස, පෝලියෝ යනාදී රෝග මෙසේ මුළුමනින්ම පාලනය කල රෝග කිහිපයක් වනවා.

එන්නත් සටහන් ලේඛනගත කිරීම

දරුවාට දෙන එන්නත් සටහන සුපරික්ෂාකාරීව ලේඛනගත කර තබා ගැනීමේ වටිනාකම මෙතෙකැයි කියන්නට බැහැ.

මෙය දරුවාගේ උප්පැන්න සහතිකය තරම් වටිනා සහතිකයක් වන්නේ දරුවාගේ පාසැලට හා වෛධ්‍යවරුන්ට පහසුවෙන් යොමු කල හැකි නිසා. මෙයින් දරුවාට නිතරම ලැබෙන්නේ දරුවාට අදාල නිවැරදි එන්නත් පද්ධතිය බව නිරතුරුවම ප්‍රත්‍යක්ෂ කරගත හැකි වනවා.

කුඩා කල මෙන්ම දරුවා වැඩි මහල් වන තුරුම එන්නත් පද්ධතිය අනුගමනය කල යුතු වනවා. බොහෝ දෙමාපියන්ට වසර කිහිපයකින් දිව යුතු එන්නත් මග හැරෙනවා. එබැවින් සුදුසු උපාංග භාවිතා කර දරුවා වර්ධනය වන අතරතුරු දෙන එන්නත් වර්ගද නිසි වෙලාවට ලබා දීම ඉත වැදගත්.

ඔබේ දරුවාගේ එන්නත් පිළිබඳව ප්‍රශ්න තිබේ නම 1919 දුරකථන අංකයට කතා කරන්න. 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේ
බෙදාගන්න :
  • බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

    බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

  • Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

    Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

  • බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

    බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

  • Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

    Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it