theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළමා තරබාරුකමට හේතු විය හැකි මේ පුරුදු වලින් දරුවා ඈත් කරමුද?

3 අවම කියවීම
ළමා තරබාරුකමට හේතු විය හැකි මේ පුරුදු වලින් දරුවා ඈත් කරමුද?ළමා තරබාරුකමට හේතු විය හැකි මේ පුරුදු වලින් දරුවා ඈත් කරමුද?

ඔබේ පුංචි  මහත දරුවාට හුරුබුහුටි සිපගන්නට හිතෙන පෙනුමක් තිබිය හැකියි. නමුත් යථාර්ථය වන්නේ ළමා තරබාරුකම අනාගතයේ දී සෞඛ්‍ය  ගැටලු රැසකට හේතු විය හැකි බවයි.

ඔබේ පුංචි මහත දරුවාට හුරුබුහුටි සිපගන්නට හිතෙන පෙනුමක් තිබිය හැකියි. නමුත් යථාර්ථය වන්නේ ළමා තරබාරුකම අනාගතයේ දී සෞඛ්‍ය  ගැටලු රැසකට හේතු විය හැකි බවයි.

දරුවන්ට හුරුබුහුටි පෙනුමක්, ආසා හිතෙන  පෙනුමක් ලැබෙන  නිසා ඔවුන්ගේ කුඩා දරුවන් මදක් තරබාරු වෙනවාට  සමහර දෙමව්පියන් පවා කැමතියි.

යථාර්ථය නම්, ළමා තරබාරුකම සැබෑ ගැටළුවකි. එවන් කුඩා කාලයකදී තරබාරු වීම නිසා දරුවාගේ ජීවිතයේ පසුකාලීනව බොහෝ ගැටළු ඇති විය හැකිය. දරුවන්ගේ  තරබාරුකමට හේතු වන හේතු මොනවාද කියා දෙමාපියන් දැනගැනීමත් ඒවා වළක්වා ගැනීමත් වැදගත් වන්නේ ඒ නිසයි.

childhood obesity

ළමා තරබාරුකම: හේතු විය හැකි පුරුදු

1. බොහෝ රසකැවිලි ආහාරයට ගැනීම

දරුවන් පැණිරස කන්න කැමතියි   නමුත් නිතර පැණි රස  කෑම   ඇතැම් විට ගැටලු ඇති කල හැකි අතර විශේෂයෙන් සීනී ඉක්මනින් දරුවන්ගේ බර වැඩි කරයි. පැණි රස, චොක්ලට් සහ සිසිල් බීම  සාමාන්‍යයෙන්  මේ සදහා හේතු  වේ. ඔබගේ දරුවා රසකැවිලි හෝ සිසිල්  බීම  ලබා දීමෙන් වළකින්න. ඒ වෙනුවට පළතුරු සහ පළතුරු යුෂ ලබා දෙන්න.

2. සෞඛ්‍ය සම්පන්න නොවු ආහාර අනුභව කිරීම

හැකි තරම්, ඔබේ දරුවාට ක්ෂණික  නූඩ්ල්ස් හෝ වෙනත් සැකසූ ආහාර වැනි නුසුදුසු ආහාර වෙනුවට ඔබේ දරුවා නැවුම් හා සෞඛ්‍ය  සම්පන්න ආහාර ලබාදීම   වැදගත් වේ. එළවළු, පළතුරු, මාළු, කිරි සහ අනෙකුත් නැවුම් හා රසවත් ආහාර ඔබේ දරුවාගේ ආහාරයට  එකතු කරන්න.

ළමා තරබාරුකම

 

3. වැඩිපුර ආහාර ගැනීම

ඔබේ දරුවාට සෞඛ්‍ය සම්පන්න  ආහාර ලබා දෙනවා වුවද, ඔවුන් වැඩිපුර  ආහාර ගන්නවා නම් බර වැඩි කරගැනීම  වලක්වා ගත නොහැකි වනු ඇත . ඔබේ දරුවාගේ ප්‍රමාණය හා වයස සඳහා සුදුසු ප්‍රමාණ වලින් ලබා දීමට වගබලා ගන්න.

4. පවුලේ ඉතිහාසය

සමහර විට පවුල් ඉතිහාසය හා ජාන  දරුවන්ගේ බර වැඩිවීමට හෝ තරබාරු වීමට  හේතුවක්  විය  හැකිය. මෙවැනි අවස්ථාවන්හිදී,  දෙමාපියන් ඔවුන්ගේ දරුවාගේ බර පාලනය කිරීමට  උපරිමයෙන් කටයුතු කල යුතු වේ.

5. මානසික සාධක

සමහර අවස්ථාවල කාංසාව හා මානසික අවපීඩනය දෙමාපියන්ට වැනි දේවල්  දරුවන්ගේ බර  වැඩිවීමට  හේතු වන    අතර, එහි ප්‍රතිඵලයක් ලෙස  තරබාරු කම ඇති විය හැක. ඔබේ දරුවාගේ සෞඛ්‍යට  මානසික ගැටලුවකට බලපානු ඇතැයි ඔබට සිතන්නේ නම්, උපකාර  කිරීමට  මැලි නොවන්න.

ළමා තරබාරුකමට හේතු විය හැකි මේ පුරුදු වලින් දරුවා ඈත් කරමුද?

6. ව්‍යායාම නොමැති වීම

ඔබේ දරුවා ශක්තිමත්ව, නිරෝගීව තබා ගැනීමට  මෙන්ම ඔවුන්ගේ ශාරීරික සංවර්ධනයට සහය දැක්වීමට       ව්‍යායාම වැදගත් වේ. ව්‍යායාම  හිඟවීම නිසා තරබාරුකම ඇතිවීම පමණක් නොව එයට ඔබේ දරුවාගේ වර්ධනයටද  බාධා කළ හැකිය.

7. ජීවන රටාව

අවසාන වශයෙන්  ඔබේ පවුල තුල සෞඛ්‍යයට  අහිතකර ජීවන රටාවක් පැවතීම  ඔබේ පුංචි පැටියාගේ  සෞඛ්‍යයට කෙලින්ම බලපෑම් කළ හැකිය. සෞඛ්‍ය  සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඔබේ දරුවන්ව දිරිගැන්වීම සදහා  සෞඛ්‍ය  සම්පන්නව ආහාර ගැනීම , ව්‍යායාම කිරීම  හා දිරිමත් කිරීමෙන් ඔබේ දරුවාට නිදසුනක් ලබා දීමට උත්සහ කරන්න .

ළමා තරබාරුකමේ අවධානම කුමක්ද?

ළමයින්ගේ තරබාරුකම නිසා දරුවන්ට දියවැඩියාව, හෘද රෝග, ඇදුම, නින්දේ ආබාධ, සහ සන්ධි වේදනාව  වැනි දේ සැදීමට   වැඩි අවදානමක් ඇති කරයි.

බොහෝ දෙමව්පියන්  දරුවන් ප්‍රමාණය ඉක්මවා වර්ධනය වීම තරබාරු බව සිතති. ඒ වගේම තරබාරු  ළමයින්      සාමාන්‍ය  බරකින් වර්ධනය විය හැකිය.  ඇතැම් විට ළමයින්ට ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර පුරුදු  වැඩිහිටි වියටද ගෙන යා හැකිය.

දෙමාපියන් නිරතුරුවම තම දරුවාගේ සෞඛ්‍යය ගැන අවධානය යොමු කිරීම හා ඔවුන්ගේ දරුවන් සෞඛ්‍ය සම්පන්නව සහ  යෝග්‍යතාවයෙන් සිටින  බව සහතික කිරීම වැදගත් වේ.

ළමා තරබාරුකම ගැන ඔබේ දැනුම වැඩි කිරීමට මේ තොරතුරු ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ළමා තරබාරුකමට හේතු විය හැකි මේ පුරුදු වලින් දරුවා ඈත් කරමුද?
බෙදාගන්න :
  • මාස දහයේදී අවුරුදු හයක බරට ලගා වු යෝධ කෙල්ල

    මාස දහයේදී අවුරුදු හයක බරට ලගා වු යෝධ කෙල්ල

  • Are you unknowingly making your child obese?

    Are you unknowingly making your child obese?

  • මාස දහයේදී අවුරුදු හයක බරට ලගා වු යෝධ කෙල්ල

    මාස දහයේදී අවුරුදු හයක බරට ලගා වු යෝධ කෙල්ල

  • Are you unknowingly making your child obese?

    Are you unknowingly making your child obese?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it