theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

5 අවම කියවීම
Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේDr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

අද Dr. Dinu අතිරේකය තුලින් ළදරු ප්‍රතිශක්තිකරණය සහ එන්නත් සම්බන්ධයෙන් වූ වැදගත් තොරතුරු රැසකින් ඔබව දැනුවත් කරනවා.

ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන පැන වලට පිළිතුරු සපයමින් අපට දායක වන්නේ වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මියයි.  Dr. Dinu ලෙස අප බොහෝ දෙනා හඳුනන ඇය සේවය කරන්නේ කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග නිවාරණ සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේය. Dr. Dinuගේ විශේෂත්වය වන්නේ ඇය වෛද්‍යවරියක් මෙන්ම මවක්ද වීමයි. ඉතින් එදිනෙදා ජිවිතයේ මවකට පැන නගින ගැටළු වලට ඇය මෙසේ පිළිතුරු සපයන්නේ ඉමහත් සතුටින්. අප පසුගිය ලිපියෙන් දැනුම් දුන් පරිදි Dr. Dinu අද අපව දැනුවත් කරන්නේ ළදරු ප්‍රතිශක්තිකරණය හා ළදරු එන්නත්  සම්බන්ධයෙන් දෙමාපියන්ට වැදගත් වන කරුණු සමුදායක් ගැන.  

Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

1. වෛද්‍යතුමියනි, ප්‍රතිශක්තිකරණය කියන්නේ කුමක්ද?  ළදරු එන්නත් එන්නත් වැදගත් වන්නේ ඇයි?

ප්‍රතිශක්තිකරණය කියන්නේ පුද්ගලයකු රෝගයකින් ආරක්ෂා කිරීම සඳහා සිදුකරන ක්‍රියාවලියක්. ළදරු එන්නත් මගින් කරන්නේ යම් රෝගයකට එරෙහිව අපව ආරක්ෂා කිරීම සඳහා රෝගයට හේතුකාරක වන ජීවියාට එරෙහිව ශරීරය තුල ප්‍රතිශක්තියක් නිපදවීමයි. මේ සඳහා මියගිය හෝ දුර්වල වූ රෝගකාරක ජීවියාගේ කොටස් ශරීරයට ඇතුලත් කිරීම සිදුකරනවා.  මෙසේ එන්නත් කිරීම මගින් ඊට අදාල රෝග වැලඳීම නිසා ඇතිවෙන භයානක ප්‍රතිපල වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

2 නිසි කලට එන්නත් ලබා නොගත්තොත් ඇති විය හැකි බලපෑම් මොනවාද?

දරුවන් එන්නත් කිරීමට නිසි කාල සටහනක් තිබෙනවා. එම කාලසටහන සාදා තිබෙන්නේ දරුවන් යම් රෝගයකින් පීඩා විඳීමට ඇති හැකියාව අවම කරගන්නයි. එන්නත් පරක්කු කිරීමෙන් දරුවාට එම රෝගය බෝ වීමේ හැකියාවක් තිබෙනවා.

ළදරු එන්නත්

3 රජයේ සායනයෙන් දෙනු ලබන එන්නත් වලට අමතරව දරුවන්ට ලබාගත හැකි වෙනත් එන්නත් තිබේද? ඒවා ලබාගත හැක්කේ කෙසේද?

ජාතික ප්‍රතිශක්තිකරණ කාලසටහනේ අඩංගු එන්නත් වලට අමතරව ලබාගත හැකි එන්නත් වර්ග කිහිපයක් තිබෙනවා. එම එන්නත් පුද්ගලික අංශයෙන් ලබාගන්න පුළුවන්. ළමා රෝග වෛද්‍යවරයාගෙන් දරුවාට සුදුසු අතිරේක එන්නත් ගැන අසා දැනගන්න පුළුවන්.

4 ඇතැම් එන්නත් ලබා ගැනීමෙන් පසු උණ හටගන්නේ ඇයි? දරුවාට එන්නත් විදීමෙන් පසු උණ ඇති වීම ගැන කලබල විය යුතුද?

මා පෙර කියූ පරිදි එන්නතක් කියන්නේ අඩපන කරන ලද රෝගී කාරක ක්ෂුද්‍රජීවින් හෝ රෝගකාරක ද්‍රව්‍යයි. මෙම ද්‍රව්‍ය ශරීරයට ඇතුල් කල විට ශරීරය මගින් එම අඩපන ක්ෂුද්‍රජීවින් සමග සටන් කර ප්‍රතිශක්තිය නිපදවා ගත යුතුයි. මෙම ක්‍රියාවලියේදී උණ වැළඳීම මගින් අදහස් වන්නේ එන්නත ශරීරය තුල ක්‍රියා කරන බවයි. එමනිසා දරුවාට උණ ගත් විට කලබල විය යුතු නැහැ.

Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

5 ලංකාවේ උණ ඇති කරන එන්නත් වර්ග මොනවාද?

උණ ඇතිකරන එන්නත් නමින් ලැයිස්තුවක් සඳහන් කරන්න අපහසුයි. නොයෙක් දරුවන්ට ලබා දෙන එන්නත් ශරීරය තුලදී ප්‍රතික්‍රියා කරන අන්දම වෙනස්. ඒ නිසා සමහර දරුවන්ට උණ ඇති කරන එන්නත් සමහර දරුවන්ට කිසිම රෝගී ලක්ෂණයක් පහල නොකරන්න පුළුවන් .

6 එන්නත් වලින් ඇති විය හැකි අතුරුඵල මොනවාද?

සමාන්‍යයෙන් දරුවන්ට දීමට නියමිතව තිබෙන එන්නත් වලින් භයානක අතුරුපල ඇතිවන්නේ නැහැ. මද උණ ගැනීම, ඇඟේ තෙහෙට්ටු ගතිය, එන්නත් විදින ලද ස්ථානයේ වේදනාවන්, කුඩා ගැටිති ඇතිවීම, එන්නත් කල ස්ථානය රතු පැහැ ගැන්වීම වැනි අතුරුපල ඇතිවන්න පුළුවන්. නමුත් එම තත්ව දින කිහිපයකින් මගහැරී යනවා. 

7 එන්නත් සටහනක් පවත්වාගෙන යා යුත්තේ ඇයි? මෙහි වැදගත් කම කුමක්ද?

එන්නත් සටහන මගින් දරුවාට දුන් එන්නත් පිලිබඳ විස්තර දින වකවානු සහිතව සටහන් කර තිබෙනවා. දරුවා වැඩිවියට පත් වූ විට සහ වෙනත් අවස්ථා වලදී ආදිය දුන්නු එන්නත් ගැන දැනුවත් වන්නට, එන්නත් හා සම්බන්ධ තීරණ ගැනීමට ආදිය මෙම සටහන උපයෝගී වෙනවා.

8 දරුවෙකට බැරි වීමකින් එන්නතක් වැඩි වාර ගණනක් ලබා දුනහොත් ඇති විය හැක්කේ කුමක්ද? ඒ සඳහා ප්‍රතික්‍රියා කල යුත්තේ කෙසේද?

එකම එන්නත වැඩි වාර ගණනක් ලබාදීම එතරම් සුබදායක දෙයක් නෙවෙයි. ඒ සඳහා තමයි එන්නත් සටහනක් තබා ගැනීම වැදගත් වන්නේ. මෙසේ වැරදීමකින් එන්නතක් වැඩි වාර ගණනක් ලබාදීමක් සිදු වුනොත් වෛද්‍ය අවවාද ලබා ගෙනීම තමයි වඩාත් සුදුසු වන්නේ.

9 රට රට වල එන්නත් වර්ග සහ දෙන පිළිවෙළ වෙනස් විය හැකියි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

ඒ ඒ රටට අනුරූපව තමයි එන්නත් කාලසටහන් සාදන්නේ. ඒ නිසා බොහෝවිට එකම එන්නත් වර්ග දීමේ පිළිවෙල වෙනස් වන්න පුළුවන්. ඒ රටවල ජීවත් වෙනවා නම් එම රටේ අනුපිලිවෙල අනුගමනය කිරීම තමයි සුදුසු වන්නේ.

10 අපේ රටේ මෙන් නොව BCG එන්නත දරුවෙක් ඉපදුනු ගමන් වෙන රටවල් වල ලබාදෙන්නේ නැහැ. එහෙම දරුවෙක් ලංකාවට ගෙන එන විට කලයුත්තේ කුමක්ද ?

බොහෝ විට මා හට පැන නැගෙන ප්‍රශ්නයක් තමයි BCG එන්නත වෙන රටවල් වල ප්‍රමාද වී දීම පිළිබඳව ප්‍රශ්නය. ඒ රටේ වාසය කරන විට BCG එන්නත් ප්‍රමාද වීම ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාවට පැමිණි විගසම දරුවට BCG එන්නත ලබා දීම හෝ එම රටේදීම BCG එන්නත විදගෙන පැමිණීම වඩාත් සුදුසුයි.

11 දරුවාට සෙම්ප්‍රතිශ්‍යවක් හෝ කැස්සක් ඇති විට එන්නත් කිරීම නුසුදුසුද?

දරුවා එන්නත් කිරීමට පෙර වෛද්‍යවරයෙක් දරුවා පරීක්ෂා කල යුතුයි. සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව සහ සාමාන්‍ය කැස්සක් ඇතිවිට එන්නත් ලබාගැනීමට ප්‍රශ්නයක් නැහැ. උණ සහ වෙනත් උග්‍ර රෝග පමණක් වැලඳී ඇති විට පමණයි එන්නත් ලබාගැනීමට නුසුදුසු වන්නේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

12 චූටි බබාලට එන්නත් විදීමෙන් පසු එම ස්ථානය තෙමීම නුසුදුසුද? කොපමණ දිනක් නැහැවීමෙන් හෝ ඇඟ සේදීමෙන් වැළකිය යුතුද?

සාමාන්‍යයෙන් එන්නතක් විදීමෙන් පැය 24 යනතුරු දරුවා ගැන අවධානයෙන් ඉන්න කියා අපි මව්පියන් දැනුවත් කරනවා. ඒ නිසා පළමු දිනයේදී දරුවාව නොනාවා සිටියට කමක් නැහැ. එන්නත් කල ස්ථානය උණු වතුරෙන් තැවීම, සම්බාහනය කිරීම වැනි දෑ නොකළ යුතුයි. අවශ්‍ය නම් එදින දරුවගේ ඇඟපත සේදුවට වරදක් නැහැ.

ළදරු එන්නත් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසකින් අප දැනුවත් කල වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu)  වෙත නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්. 

Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

Dr. Dinu ඇතුළු තවත් සුහද මවුවරුන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන Sri Lankan Moms Facebook සමුහය ලාංකීය මවුවරුන් උදෙසා සැකසු සොඳුරු සමූහයකි. මෙතුළින් මවකට වැදගත් වන බොහෝ දෑ ගැන ඔබට දැනුවත් විය හැකි අතර ඔබ මුහුණ පාන ගැටළු ඇත්නම් ඒවා Dr. Dinu වෙත යොමු කිරීමේ අවස්ථාවද ඔබට ලැබෙනවා.

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රහයකින් වෛද්‍යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • එන්නත්
  • /
  • Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ
බෙදාගන්න :
  • ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

    ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

  • ළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේ

    ළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේ

  • ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

    ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

  • ළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේ

    ළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it