theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ වැඩුනු දරුවා තවමත් පුංචි දරුවෙකු සේ කතා කරයි නම් කල යුත්තේ කුමක්ද?

6 අවම කියවීම
ඔබේ වැඩුනු දරුවා තවමත් පුංචි දරුවෙකු සේ කතා කරයි නම් කල යුත්තේ කුමක්ද?ඔබේ වැඩුනු දරුවා තවමත් පුංචි දරුවෙකු සේ කතා කරයි නම් කල යුත්තේ කුමක්ද?

ඔබේ පෙර පාසල් දරුවා පුංචි බබෙක් සේ කතා කරන බැවින් ඔබ කනස්සල්ලෙන්ද? ඊට හේතුව සොයා බලා ඉන් මිදෙන්නට දරුවාට උදව් කල හැකි අකාරය මෙතනින්.

දැන් ඉතින් පෙර පාසල් යන පැටියා දෙස බලා ඔබ පුංචි සුසුමක් හෙලන්නේ යම් අස්වැසිල්ලකින් වෙන්නටත් පුළුවන්. දරුවා කෙමෙන් පැම්පස් වලින් මිදී ඇති අතර බෝතල් තම්බ තම්බා කිරි දුන් කාලයත් දැන් ඉවරනේ. නමුත් දරුවාගේ කථනය තවම චුටි බබෙක්ගේ වගේ නම් හෝ චූටි බබෙක් වගේ කතා කරන්නට යළි පටන් ගත්තේ නම් ඔබට එය ගැටළුවක් වන්නට පුළුවන්.

 දරුවාගේ කථනය සම්පුර්ණ වාක්‍යයක් කතා කරනවාට වඩා කැඩී වචනයෙන් උවමනා දේ ඉල්ලනවාද?  නැතිනම් පැහැදිළිව කීමට පුළුවන් වචනයක් බබාලාගේ භාෂාවෙන් කතා කරනවද? “මට සෙල්ලම් කරන්න ඕනේ” වෙනුවට “මට තෙල්ලම් කලන්න ඕනේ” කියනවාද?

මෙය බොහොම හුරතල් මෙන්ම හුරුබුහුටි භාෂාවක් වුවත් දරුවා වඩුනු පසු මෙවන් වදන් දොඩනවා නම් ඊට දරුවා තව තවත් උනන්දු කිරීම එතරම් යෝග්‍ය නැහැ.

ඉතින් අම්මේ තාත්තේ දරුවාගේ කථනය මෙසේ නම් ඔබ කලබල විය යුතුද?

දරුවාගේ කථනය: වැඩුනු දරුවා පුංචි බබෙක් වගේ කතා කරන්නේ ඇයි?

ඔබේ දරුවා හිටිහැටියේ තමන්ගේ වයසට වඩා ලාබාල ලෙස හැසිරෙන්නේද? නිදසුනක් ලෙස දරුවා ඇඟිලි උරන්නට පටන්ගෙනද? පුංචි බබෙක් මෙන් යමක් ඉල්ලා හඬා වැටෙනවාද?

මෙය දරුවන් අතර අසාමාන්‍ය දෙයක් නොවන මුත් regression නැතහොත් ‘පසුබෑමක්’ ලෙස හැඳින්විය හැකි අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට ඉන් යම් බලපෑමක් ඇති විය හැකි හෙයින් ඒ ගැන මදක් සැලකිලිමත් විය යුතු වනවා.

ඉතින් ඔබේ දරුවා ළදරුවකු සේ හැසිරෙන්නට අරගෙන ඇත්නම් ඊට තුඩු දුන් හේතු කාරක මොනවාදැයි සොයා බැලිය යුතු වනවා. මෙම තත්වය ඇති වීමට තුඩු දිය හැකි සුලභ හේතුකාරක කිහිපයක් පහත දක්වා ඇත.

1. අන් අයගෙන් ඇති වන බලපෑම

දරුවන් බොහෝ විට යම් යම් දේ උකහාගන්නේ අන් අය දෙස සුපරික්ෂාකාරිව බලා සිටීමෙන් සහ ඔවුන් අනුකරණය කිරීමෙන්ය. විශේෂයෙන්ම දරුවන් අවට සිටින දෙමාපියන්, ගුරු දෙගුරුන් හා ඔවුන් බලාකියාගැනීමට සිටින වැඩිහිටියන්  අනුකරණය කිරීමෙනි.

ඉතින් මෙම ලාබාල ලෙස හැසිරීමේ පුරුද්ද දරුවා එම වැඩිහිටියන්ගේ මිතුරෙකුගෙන් හෝ කාටුන් චරිතයකින් හෝ ලාබාල සොයුරෙකු හෝ ඥාති දරුවකුගෙන් හෝ ඔබේම කතා බහකින් පුරුදු වූවා විය හැක.  

2. මානසික ආතතිය

දරුවා මෑතකදී ජිවිතයේ ලොකු වෙනසකට මුහුණ දුන්නාද? අලුත් පරිසරයකට පිවිසුනාද, මිතුරන්ගේ වෙනසක්, පාසලේ වෙනසක් නැතහොත් පාසැල් විභාගයක් නිසා දරුවා පීඩාවෙන්ද? එසේත් නැතිනම් හදිසි අනතුරක් හෝ පවුලේ කෙනෙකු හෝ ඥාතියෙකුගේ වියෝවක් සිදු වුනේද?

මෙවන් කුමක් හෝ ආතතියක් හෝ පීඩනයක් දරා ගැනීමෙහි ලා දරුවා පසුබෑම් ලක්ෂණ දිස් කරන්නේ පුංචි කාලයේ කෙලිලොල් කාලයේ අත්දුටු සතුට සහ නිදහස් සිතිවිලි අත්දැකීමේ යටි අරමුණකින් වන්නට පුළුවන්.    

3. අවධානයට ලක් වීමට

දරුවන් දෙමාපිය අවධානය ලබාගෙන දෙමාපියන් ලවා හුරතල් වන්නට සහ වෙනත් අවශ්‍යතා සපුරාගන්නටත් මෙවන් ක්‍රියාවන් වල යෙදෙන්නට පුළුවන්.

වැඩුනු දරුවා දැන් බොහෝ දේ තනිවම කරගන්න බැවින් ඔබේ අතින් කවා පොවාගැනීම, සෝදා පිහා ඇඳුම් ඇන්දවීම ආදිය සිදුවන්නේ අඩුවෙන්. දරුවාට ඔබෙන් යැපුණු මේ කාලය ගිලිහී ගොසින් යම් හිස් බවක් දැනෙනවා වන්නට පුළුවන්.

එමෙන්ම දරුවා ළදරුවෙකු සේ හැසිරෙන අවස්ථා වල සැනකින් අන් අයගේ අවධානය ලැබෙන අයුරු දරුවා අත්දකිනවා වන්නට පුළුවන්.

4. සාමාන්‍ය වර්ධනය අඩාල වීම

දරුවා ළදරුවකු ලෙස හැසිරීමට තවත් හේතුවක් විය හැක්කේ දරුවාගේ සාමාන්‍ය වර්ධනයට ඇති වූ යම් බාධාවක් වනන්ට පුළුවන්.

මෙවන් බාධාවන් කිහිපයක් පහත දැක්වෙනවා

  • සාමාන්ය කථන භාෂා ප්‍රමාදය (General speech-language delay)
  • අධිමාශ්ව හෝ පිළිගැනීමේ භාෂා ගැටළු (Expressive or Receptive language problems)
  • කථන නැතිවීම (Hearing loss)
  • ඔටිසම් (Autism)
  • මස්තිෂ්ක පැල්සි (Cerebral Palsy)
  • සංජානන සීමාවන් (Cognitive limitations)
  • ඩිස්ආර්ටියා (Dysarthia)
  • කථාවේ ළමා ආක්රක්ෂාව (Childhood Apraxia of Speech)

දරුවාගේ ක්‍රමානුකුල වර්ධන හෝ වර්ධන වේගය ගැන ඔබට ගැටළුවක් වේ නම් වහාම වෛද්‍ය සහය පැතීම සුදුසුය.

දරුවා ළදරුවෙක් මෙන් හැසිරීම වැලක්වීමට ඔබට කල හැක්කේ මොනවාද?

ඉතින් දරුවාගේ වර්ධනය සාමාන්‍ය නම්, දරුවා කථන චිකිත්සාවකට (speech therapy) යොමු කල යුතු නම් මෙවන් ක්‍රියා අනුගමනය කිරීමෙන් දරුවා ළදරුවෙකු සේ හැසිරීම වලක්වාගැනීමට ඔබට පුළුවන්.

1. ළදරු හැසිරීමට ප්‍රතිචාර දක්වන්න එපා

ඔබ කෙතරම් කාර්යබහුල වුවත් දරුවා ළදරුවෙකු ලෙස හැසිරුණු විට ඊට ප්‍රතිචාර නොදක්වන්නට වගබලා ගත යුතුයි. ළදරු භාෂාව ඔබට නොතේරෙන බව දරුවට කියන්න. දරුවා සම්පුර්ණ වාක්‍ය වලින් වයසට සුදුසු ලෙස කතා කළහොත්, හැසිරුනොත් පමණක් දරුවාට ප්‍රතිචාර දක්වන බව ඔහුට කියන්න.

2. දෛනික දින චර්යාවක් පවත්වාගෙන යන්න

දෛනික චර්යාවකට හුරු වූ දරුවන් ඇත්තවශයෙන්ම බොහෝ සාර්ථක වනවා. එයින් ඔවුන්ට ආරක්ෂාව පිළිබඳ හැඟීමක්, ආත්ම විශ්වාසය වැඩි වීම, ස්වාධීනත්වය දිරිමත් කිරීම, වගකීම් උත්පාදනය සහ බල අරගලයන් අවම කිරීම වැනි වාසි රැසක් ලැබෙනවා.

දරුවා දෛනික දින චර්යාවකට හුරු වීමෙන් දවසේ කටයුතු කෙරෙහි මනාව හුරු වන අතර එම කර්තවයන් කෙරෙහි වගකීමෙන් කටයුතු කිරීමට කුඩා කල පටන්ම හැකියාවක් ලැබෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඉදිරි කර්තවයන් ගැන දැනුවත් නිසා මීළඟට සිදු විය යුතු සහ සිදුවන්නාවූ ක්‍රියාදාම ගැන දරුවා අපේක්ෂාවෙන් සිටිනවා. මේ දැනුවත් කමත් අවබෝධයත් නිසා දරුවාගේ ජීවිතය මනාව පාලනය කිරීමට සමත් වෙනවා.

මෙම අවබෝධය තවත් වැදගත් වන්නේ දරුවට ඇති විය හැකි හදිසි කම්පනයන් හෝ නව පාසැලකට පිවිසීමට, නව ගෘහස්ථ උපකාරකයෙකු හෝ දෙමාපිය දික්කසාදය  වැනි වෙනත් විපර්යාස හමුවේය.

3. සුමුදු ආදරය සහ කරුණාව වැඩි කරන්න

දරුවා ළදරුවෙකු සේ හැසිරෙන කිසි විටෙක දරුවාට තරවටු කිරීම හෝ ගුටිබැට දීම සිදු නොකළ යුතුය. මිට හේතුව දරුවට ඔබේ අවධානය අවශ්‍ය වී තිබීම වන්නටත් පුළුවන්.

නිවසට තව දරුවෙක් එක වුනා වැනි දෙයකදී දරුවාට ඉර්ශ්‍යාව ඇති විය හැකි අතර අලුත් පැටියාට ඔබේ වැඩි අවධානය යොමු වනවා විය හැක.

තවත් විටෙක ඔබේ කාර්යබහුලත්වය නිසා දරුවා පෙර සේ හුරතල් කිරීමට ඉඩක් නැතිවා වන්නට පුළුවන්... මෙය දරුවාට කාන්සියක් සේ තදින් බලපානු ඇත.

දරුවා සමඟ ගත කිරීමට දිනපතා කාලයක් වෙන් කරගන්න. හැකි තරම් හුරතල් කරන්න. ළදරුවෙකු සේ කතා කිරීම ඉබේටම මඟ හැරේවි.

4. අමතර ක්‍රීඩා හෝ නිර්මාණාත්මක දේ වලට හෝ අලුත් දේවල් දරුවාට උගන්වන්න    

දරුවාට පහසුවෙන්ම ඒකාකාරී ක්‍රියා නිසා උද්යෝගය  හීන වෙනවා නම් මෙසේ ළදරුවෙක් ලෙස හැසිරීමෙන් දරුවා වෙනත් ක්‍රියාවකට යොමු වනවා විය හැක.

දරුවා ආශා කරන අලුත් යමක් ඉගැන්වීම තුලින් දරුවාගේ උද්යෝගය ඉහළ නැංවෙන අතර දරුවාගේ ක්කාලය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම නිසා දරුවාට අනවශ්‍ය ලෙස කාලය නාස්ති නොකර සතුටින් සිටිය හැකි වනවා,

දරුවාට වයසට සුදුසු නිපුණතා ඉගැන්වීම තුලින් නවක විනෝදාංශයක් ලබා ගැනීමට දරුවන් දිරිගන්වනු ඇත.

මිට අමතරව දරුවාව ගේදොර වැඩටද සම්බන්ධ කර ගැනීම තවත් සාර්ථක ක්‍රියාවකි.

ඔබ පවුලේ ආහාර වේලක් ආහාරයට ගැනීම හෝ වැඩිහිටි සහෝදර සහෝදරියක රැකබලා ගැනීම සඳහා උපකාර කිරීම වැනි වඩා වගකීමෙන් යුතුව කටයුතු කිරීමට ඔබත් ඇයට හැකිය.

5. දරුවාගේ ළමා කාලය සමරන්න

අපි හැම විටම අපගේ ජීවිතයේ කවදා හෝ දිනෙක පසුපස හැරී බලා අපගේ ළමා කාලය සිහියට නංවාගන්නේ ඉමහත් ආදරයෙන්. දරුවා සමඟ පිලිසන්දරේ යෙදෙන්න. දැන් පුංචි කාලේ වගේ නොවන බවත් ලොකු දරුවෙක් හැටියට මේ කාලයේ කල හැකි දෑ අගය කරන්න.

තව තවත් ඒවා කිරීමට උනන්දු කරවන්න. දැන් වැඩිපුර උදව් අවශ්‍ය නැති ස්වාධින දරුවෙක් වීම ගැන ඔබ ආඩම්බර වන බවත් දරුවාගේ හැකියා ගැනත් දරුවාට අවධාරණය කරන්න. නිදසුනක් ලෙස, ඉස්සර වගේ නොව දැන් දරුවා විනෝද උද්‍යානයේ ඔන්චිල්ලාවට නැගීමට උස ඇති බව හුවා දැක්වීම.

කුඩා ළමයෙක් වීමට ලැබීම සතුටක් බව දරුවට පවසන අතර ලොකු ළමයින්ද විශිෂ්ට බව අවධාරණය කර ඉරිදියේ ඇති විනෝදය මුසු ත්‍රාසජනක අත්දැකීම් කෙරෙහි බලාපොරොත්තු ඇති කරන්න.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ඔබේ වැඩුනු දරුවා තවමත් පුංචි දරුවෙකු සේ කතා කරයි නම් කල යුත්තේ කුමක්ද?
බෙදාගන්න :
  • බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

    බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

  • ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

    ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

    බබා‌‌ගේ කතාව පටන් ගැන්ම ගැන අපි ‌නොදත් විශ්මිත තතු දැනගනිමුද?

  • ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

    ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it