theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළඟ එන නත්තල වෙනුවෙන් නත්තල් කේක් රෙසිපියක්

2 අවම කියවීම
ළඟ එන නත්තල වෙනුවෙන් නත්තල් කේක් රෙසිපියක්ළඟ එන නත්තල වෙනුවෙන් නත්තල් කේක් රෙසිපියක්

නත්තල් මේසයට නැතිවම බැරි රසම රස නත්තල් කේක් එක කල් තියා සාදා තබාගැනීමට හොඳම කාලයයි මේ. පවුලේ සැවොම එක් කරගෙන මෙම රසවත් කේක් එක සාදා ගනිමු.

නත්තල් කේක් කල් ඇතිව සදා තැබීමෙන් නත්තල් ලං වන විට තවත් හොඳින් රසවත් වනවා. ඉතින් අද ඔබ වෙත ගෙන එන්නේ රසට රසේ හදාගන්න පුළුවන් නත්තල් කේක් රෙසිපියක්.

නත්තල් කේක්: අවශ්‍ය ද්‍රව්‍ය

මෙහි දැක්වෙන්නේ කේක් කෑලි 25 ක් පමණ සාදා ගැනීමට අවශ්‍ය වන ප්‍රමාණයයි.

රේසින්ස් ග්‍රෑම් 50 යි

කරන්ට්ස් ග්‍රෑම් 37 යි

සුල්තානා ග්‍රෑම් 50 යි

චව් චව් ග්‍රෑම් 37 යි

ඉඟුරු දෝසි ග්‍රෑම් 37 යි

කජු ග්‍රෑම් 50 යි

කැන්ඩිට් ෆීල් ග්‍රෑම් 12 යි

පුහුල් දෝසි ග්‍රෑම් 50 යි

ගෝල්ඩන් සිරප් මේස හැඳි 01 යි

මීපැණි මේස හැඳි 01 යි

වැනිලා මේස හැඳි 01 යි

බ්‍රැන්ඩි මේස හැඳි 01 යි

මෙහි දෙවැනි පියවර සඳහා :

බටර් ග්‍රෑම් 37 යි

සීනි ග්‍රෑම් 75 යි

රුලං ග්‍රෑම් 75 යි

බිත්තර 03 යි

ආමන්ඩ් එසන්ස් මේස හැඳි 01 යි

සුවඳ කුඩු තේ හැඳි 01 යි

නත්තල් කේක් සාදාගන්නා අකාරය.

පලතුරු සියල්ල තරමක කැබලි වලට කපා එයට ගෝල්ඩන් සිරප්, මී පැණි, වැනිලා, බ්‍රැන්ඩි, සුවඳ කුඩු, ආමන්ඩ් එසන්ස් එක්කර හොඳින් වසා දවස් 3 ක් තබන්න

.ළඟ එන නත්තල වෙනුවෙන් නත්තල් කේක් රෙසිපියක්

ළඟ එන නත්තල වෙනුවෙන් නත්තල් කේක් රෙසිපියක්

දින 3 හොදින් වසා තබා සාදා ගත් ඉහත මිශ්‍රණය ගෙන මඳක් රත් කර ගත් රුලං සමඟ කළවම් කරගන්න.

බිත්තර කහමද වෙන්කර ගන්න.

මුලින්ම බිත්තර සුදු මද බීට්කර එයද මෙම මිශ්‍රණය එක්කර ගන්න. ඉන්පසු බිත්තර කහමද, බටර් සහ සීනි බීට් කර එයද පළමු මිශ්‍රණයට දමා කළවම් කර ගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

පත්තර පිටු 8 ක් පමණ අතුරා එයට උඩින් තෙල් කඩදාසි දමා සූදානම් කරගත් තැටියට මිශ්‍රණය දමාගන්න.

ෆැරන්හයිට් අංශක 100 - 125 උෂ්ණත්වය යටතේ පැය 2 ක් 2 1/2 ක් පමණ බේක් කරගන්න.

බේක් කර ගත් කේක් එක කැබලි වලට කඩා ගන්න. මෙම මිශ්‍රණය සිසිල් වූ පසු පදම් වූ පලතුරු සමඟ මිශ්‍ර කොට හොඳින් කලවම් කරගත  යුතුයි.

දැන් මෙය පැතලි මේසයක් මත තෙල් කොළ දමා එක් මට්ටමකට පැතලි කළ යුතුයි.

මීළඟට අවශ්‍ය ප්‍රමාණ වලට කපාගෙන අලංකාර නත්තල් තෑගි කොළ වලින් හෝ වෙනත් නිර්මාණශීලි ක්‍රමයකට ඔතා අමුත්තන්ට පිළිගැන්විය හැකියි.

සැ. යු: වෙඩින් කේක් සෑදිමටද මෙම රෙසිපිය එලෙසින්ම යොදාගත හැක.

වෙනසකට සිදු වන්නේ නත්තල් කේක් මත ආමන්ඩ් පේස්ට් ස්තරයක් නොදැමීමයි.

මූලාශ්‍රය: ප්‍රවීණ ශිල්පිනි දුශාන්ති මදනායකගේ උපදෙස් අනුව තරුණි පුවත්පතේ පල වූ ලිපියක් ඇසුරෙනි.  

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • ළඟ එන නත්තල වෙනුවෙන් නත්තල් කේක් රෙසිපියක්
බෙදාගන්න :
  • සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

    සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

  • නත්තල තුළ ඇති සැබෑ අරුත තුළින් සාමය සතුට පිරි නැවුම් නත්තලක් සමරමු!

    නත්තල තුළ ඇති සැබෑ අරුත තුළින් සාමය සතුට පිරි නැවුම් නත්තලක් සමරමු!

  • සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

    සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

  • නත්තල තුළ ඇති සැබෑ අරුත තුළින් සාමය සතුට පිරි නැවුම් නත්තලක් සමරමු!

    නත්තල තුළ ඇති සැබෑ අරුත තුළින් සාමය සතුට පිරි නැවුම් නත්තලක් සමරමු!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it