theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම

3 අවම කියවීම
මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීමමව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම

මවගේ මව් කිරි වල බොහෝ ප්‍රතිශක්තිකරණ සාධක ඇති නිසා තනපුඩු අවට බැක්ටීරියා හෝ යීස්ට් වල වර්ධනය අධෛර්යමත් කිරීම සුබ ආරංචියකි.

මාතෘත්වයේ මුලික අවධියේ ඔබේ දරුවාට මව්කිරි දීම වඩා විශේෂ අවස්ථාවන්ගෙන් එකකි. ඔබේ දරුවා ඔහුගේ වර්ධනයට අවශ්‍ය නිවැරදි පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නා බවට සහතික කිරීමට මෙය හොඳම ක්‍රමයකි. මව සහ දරුවා අතර හැගීම්බර බැඳීමක් ඇති කරයි. බොහෝ කාන්තාවන් මිල අධික බ්‍රා මිල දී ගැනීම සහ පියයුරු පොම්ප සඳහා මුදල් වියදම් කරනවා. නමුත්, බොහෝ විට දරුවා පෝෂණය කරන විට, පියයුරු වල සනීපාරක්ෂාව පවත්වාගෙන යාම විශේෂයෙන් මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම ගැන කිසිවක් සිතන්නේ නැත.

අපි මිල අධික රැකවරණ උපකරණ නිර්දේශ කිරීමට යනවා යයි ඔබ සිතන්නටත් පෙර, සැහැල්ලු වන්න.

පියයුරු සනීපාරක්ෂාව යනු මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම සඳහා සරල නීති අනුගමනය කිරීම වෙයි.

තනපුඩු පිරිසිදු කිරීම

මව්කිරි දීමේදී ඔබේ තනපුඩු පිරිසිදු කිරීම

1. සැහැල්ලු කපු රෙදි කිහිපයක් අත ලගින් තබා ගන්න.

ඔබේ දරුවා මව්කිරි දෙන සෑම විටම නිරෝගීව සතුටින් පෝෂණය වන බව සහතික කිරීම සඳහා ඔබට කළ යුතු සියලුම දේ මෙය විය හැකිය.

ඔබේ මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම සඳහා ඔබ අනුගමනය කළ යුතු නීති නැත. නමුත් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවක් ලෙස සෑම මව්කිරි ලබා දීමෙන් පසු  තෙත් පිරිසිදු කපු රෙදි වලින් ඔබේ පියයුරු පිස දමන්න.

පිස දැමීමෙන් පසු බ්‍රා ඒක ඇදීමට පෙර පියයුරු වියළි ඇති බව සහතික කිරීම සඳහා මිනිත්තුවක් ඉවසන්න. මෙය ඇතුලත තෙත් බවක් නොමැති බව සහතික කරනු ඇත.

මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම

2. වැඩිපුර පිරිසිදු කරන්න එපා

මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම වැඩිපුර කිරීම ගැන  වෛද්‍යවරුන්  අනතුරු අඟවයි. මවගේ මව් කිරි වල බොහෝ ප්‍රතිශක්තිකරණ සාධක ඇති නිසා තනපුඩු අවට බැක්ටීරියා හෝ යීස්ට් වල  වර්ධනය අධෛර්යමත් කිරීම සුබ ආරංචියකි. වැඩිපුර පියයුරු පිරිසිදු කිරීම හෝ සේදීම වියළි බවක් ඇති කරනවා පමණි.

3. සිරුරට සුවද විලවුන් විදීමෙන් වලකින්න

එහෙත්, පියයුරු ප්‍රදේශය අසල කිසියම්  සුවද විලවුන් වර්ගයක් විදීමෙන් වලකින්න. ස්නානය කිරීමේදී සාමාන්‍ය පිරිසිදු ජලය සහ මෘදු සබන් යොදා පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් පවත්වා ගන්න.

අතිරේක ලෝෂන් හෝ සුවඳ වර්ග භාවිත කිරීම නිර්දේශ නොකරයි.

4. කපු බ්‍රා භාවිතා කරන්න

පියයුරු පුඩු හා මව්කිරි දීම වැනි ඔවුන්ගේ ජීවිතයේ නව යථාර්ථයන් සමඟ සමහර මව්වරුන් පොරබදමින් සිටිය හැකි අතර ඔවුන්ගේ හැගීම් ඉහළ නැංවීමට මිල අධික යට ඇදුම් මිලදී ගැනීමට ඔවුන් කැමති වෙනවා.

එහෙත් බැක්ටීරියා වලට  ඇතුලුවීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ආවරණ සහිත කපු රෙදි වර්ග  මිල දී ගැනීමට උපදෙස් දෙනු ලැබේ.

මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම

5. තනපුඩු පිරිසිදු කිරීම: නිතර පියයුරු වලට තබන පෑඩ් මාරු කරන්න

ඔබ පියයුරු වලට තබන පෑඩ් භාවිතා කරන්නේ නම්, ඔබ එය නිතර මාරු කළ යුතු ය. තෙත් පියයුරු වලට තබන පෑඩ් මගින් ආසාදනය හෝ තණ පුඩු ප්‍රදාහය ඇති වෙන බැක්ටීරියා සඳහා සාරවත් ප්‍රදේශයක් සපයයි.

6. පිපිරි ගිය තන පුඩු වලට ප්‍රතිකාර කරන්න

පිපිරි ගිය තන පුඩු වල වේදනාව අලුත් මව්වරු දන්නවා. නමුත් බොහෝ විට පිපිරි ගිය තන පුඩු වල ඔලිව් තෙල් හෝ පොල් තෙල් ආලේප කිරීමෙන් සුවය ලැබෙයි.

වෛද්‍යවරු දරුවන්ට ආරක්ෂිත හා ස්වාභාවික ආලේපන භාවිතය නිර්දේශ කිරීමයි. නමුත් සෞඛ්‍ය පුරුද්දක් වශයෙන් ඔබ පියයුරු පිපිරීමට පෙර තෙල් සුළු ප්‍රමානයක් භාවිතා කළහොත් එය ඔබේ පියයුරු සජීවිව දිගුකල් තබා ගැනීමට හේතු විය හැකිය. මව්කිරි දීමට පෙර පියයුරු වල තැවරු තෙල් කපු රෙදි වලින් පිස දමන්න.

ඔබ මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම සදහා අඩු වියදමෙන් කල හැකි මේ පියවර ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම
බෙදාගන්න :
  • මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

    මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

  • වේදනාත්මක පුපුරා ඇති පියයුරු පුඩු සදහා පිළියම්

    වේදනාත්මක පුපුරා ඇති පියයුරු පුඩු සදහා පිළියම්

  • මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

    මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

  • වේදනාත්මක පුපුරා ඇති පියයුරු පුඩු සදහා පිළියම්

    වේදනාත්මක පුපුරා ඇති පියයුරු පුඩු සදහා පිළියම්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it