theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වැඩෙන දරුවාට පිරිසිඳු යට ඇඳුම් පැළඳවිය යුත්තේ ඇයි?

3 අවම කියවීම
වැඩෙන දරුවාට පිරිසිඳු යට ඇඳුම් පැළඳවිය යුත්තේ ඇයි?වැඩෙන දරුවාට පිරිසිඳු යට ඇඳුම් පැළඳවිය යුත්තේ ඇයි?

වැඩිය ප්‍රසිද්ධියේ කතා නොකරන කාරණාවක් වන, බාල මහළු කාටත්ද පිරිසිඳු යට ඇඳුම් පාවිච්චි කිරීමේ වැදගත් කම කියවෙන වටිනා කාරණා කිහිපයක්.

මම ලඟදී ප්‍රසිද්ද ඇඳුම් සාප්පුවකට ගොස් මගේ අවුරුදු දෙකේ පුංචි දියණියට යට ඇඳුම් හෙව්වා.  මට උවමනා වුනේ ඇඟට සනීප, තනි සුදු පැහැති සරල යට ඇඳුම් (underwear). සාප්පුව තට්ටු හතරකින් සමන්විතයි. එක තට්ටුවක් පුංචි දරුවන්ගේ ඇඳුම් සඳහා වෙන් වුනා. මෙම සංකීර්ණයේ පුංචි රාක්කෙක තනි තට්ටුවක මම සෙවූ ආකාරයේ යට කලිසම්  පහක් පමණ තිබුනා. ඒත් තනි සුදු තිබුනේ නැහැ.

ලස්සනට අඳින්නත්, අපේ දරුවන් විවිධ විලාසිතා වලින් හැඩ ගන්වන්නත් අපි ගොඩක් උනන්දු වනවා. අනේකවිධ අලුත් අලුත් ඇඳුම් කඩ සාප්පු දිනපතා ඉදි වන්නේ අපගේ ඒ මහජන ඉල්ලීමට සැපයුම ඉටු කරමින්. අපි පිටස්තර මෝස්තරයට කොපමණ තැන දුන්නත් යට ඇඳුම් වලට මේ හා සැම තැනක් ලැබෙනවාද යන්න ප්‍රශ්නයක්.

යට ඇඳුම් ගැන කුඩා කල පටන්ම සැලකිලිමත් වීමට දරුවන් යොමු කල යුත්තේ මේ නිසයි.

1. සනීපාරක්ෂාව

සිරුරේ බහිශ්‍රාවී අවයව මුලින්ම ආවරණය වන්නේ යට ඇඳුම් වලින්. ඒ නිසා මේ ප්‍රදේශ සිරුර මතුපිට වැඩිපුරම ක්ෂුද්‍ර ජීවීන් හා අනෙකුත් බැක්ටීරියා වර්ග ක්‍රියා කරන ප්‍රදේශ වනවා. Underwear නිතර මාරු නොකිරීමෙන් හා පිරිසින්දුව තබා නොගැනීමෙන් දුර්ඝන්දය හා සමේ කැසීම් ආදිය ඇති වන්නට පුළුවන් අතර එම ප්‍රදේශ වල බැක්ටීරියා අසාදන පවා ඇති වන්නට පුළුවන්. සනීපාරක්ෂාව හා පිරිසිදුකම පවත්වාගැනීම සඳහා නැවුම් යට ඇඳුම් නිසි පරිදි මාරු කිරීමත් නැවුම් යට ඇඳුම් වැඩිපුර මිලදීගෙන පාවිච්චි  කිරීමත් අත්‍යවශ්‍ය වනවා.

2. සෞඛ්‍යය

දිගු කාලයක් එකම underwear පරිශීලනයකිරීම සෞඛ්යයට දරුණු ප්‍රතිවිපාක ඇති කරනවා. ඉහත සඳහන් කළ ක්ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා දිගු කාලයක සිට සමෙහි රැඳී සිටීමෙන් අනතුරුදායක ආසාදන ඇති විය හැකි අතර මෙයින් වඩාත් බරපතල වකුගඩු අක්‍රීය වීම්, මුත්‍රාශය ආශ්‍රිත අසාදන ආදිය ඇති වන්නට පුළුවන්. දරුවන්ට පිරිසිදු underwear පාවිච්චි කිරීමට යොමු කල යුතු අතර සැම මාස තුනකටම වරක් පරණ යට ඇඳුම් ඉවත් කර අලුත් underwear පාවිච්චි කිරීමට පටන් ගැන්ම ඉතාම සුදුසුයි.

3. ප්‍රබෝධය

විශේෂයෙන් නිවර්තන රටක් වන ලංකාවේ දේශගුණය මෙන්ම නාගරීකරණය නිසා ශීත රටවල මෙන් නොව අපගේ සිරුරු නිතර මහන්සියට හා දහදිය දැමීමට ලක් වනවා. මේ නිසා දිනකට දෙවරක් නැතහොත් තුන් වරක්වත් ඇඟපත සෝදා පවිත්‍ර කරගැනීමට දරුවන් යොමු කිරීම ඉතාම වැදගත් බව මෙහිදී සඳහන් කරන්නට කැමතියි. මේ සැම විටකම නැවුම් underwear කට්ටලයක් පාවිච්චි කරවීමටත් අමතක කරන්නට හොඳ නැහැ.

4. නැවුම් පෙනුම

Underwear වල පිරිසිඳු බව මෙන්ම නැවුම් පෙනුමක්ද පවත්වාගෙන යාම ඉතාම වැදගත්. මේවා භාහිරට නොපෙනෙන නිසා අව පැහැ ගැන්වුණු හෝ දිරා පත් වූ නැතහොත් ඉරුණු ඇදී ගිය යට ඇඳුම් පවා පාවිච්චි කිරීමට ඇතැම් අය පැකිලෙන්නේ නැහැ. නමුත් පිරිසිඳු underwear පාවිච්චියෙන් සිතටත් ප්‍රබෝධයක් ඇති වන අතර අපට ඇති විය හැකි අපහසුතා වලින් හෝ ලජ්ජාවෙන් වලින් අප මුදා ගන්නවා. මගේ අම්මා, මගේ ආච්චිගෙන් උගෙන මට කියා දුන් දෙයක් තමා “මට හදිස්සියක් හෝ අනතුරක් වී හදිසියෙන් වෙන කෙනෙක් මා රෝහල්ගත කළහොත්, මගේ යට ඇඳුම් ඒ මොහොතේ පිරිසිඳුව, නැවුම්ව තිබේද?” අප දරුවන්ටත් මේ වදන් හැම මොහොතකම සිතෙහි රඳවා ගැනීමට කියා දීමෙන් හැම මොහොතේම පිරිසිඳු නැවුම් underwear පාවිච්චි කිරීමට ඔවුන්ව නිරායාසයෙන්ම හුරු කරවන්නට පුලුවන්.

5. ආත්ම විශ්වාසය

අපිරිසිදු මෙන්ම දුර්ඝන්ධ underwear පාවිච්චි කිරීම නිසා සෞඛ්යයට මෙන්ම මානසිකව පවා අහිතකර ඇති විය හැකි අතර එය දරුවාගේ සමාජය තුළ අන්තර්-ක්‍රියාකාරිත්වයට,  ආත්ම-ගරුත්වයට හා සිතේ සැනසිල්ලට බලපෑම් ඇති කරන්නට පුළුවන්. පිරිසිදු ඇඳුම් කට්ටලයක් නිතර පරිශීලනය කරන දරුවකුට සමාජය තුල සාර්ථක සම්බන්ධතා සහ සමාජ අන්තර්ක්‍රියා ඇති කර ගැනීමට අවශ්ය විශ්වාසය ලබා දෙයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඉතින් නිතර කතා බහට ලක් නොවන මේ කාරණාව ගැන ඔබ දැනුවත් කලේ මෙයත් දරුවාගේ පෞරුෂය වර්ධනය කිරීමට වැදගත් කාරණාවක් වන නිසයි. දරුවාගේ ශාරීරික සුව සෙත මෙන්ම මානසික අභිමානය ගොඩ නැගීමටද පිරිසිඳු ඇඳුම් මෙන්ම පිරිසිඳු underwear භාවිතයත් වැදගත් වන බවට පසක් කර ගනිමු.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • වැඩෙන දරුවාට පිරිසිඳු යට ඇඳුම් පැළඳවිය යුත්තේ ඇයි?
බෙදාගන්න :
  • අපිරිසිඳු යට ඇඳුම් නිසා කාන්තාවගේ ලිංගේන්ද්‍රියේ තුවාල ඇති වේ

    අපිරිසිඳු යට ඇඳුම් නිසා කාන්තාවගේ ලිංගේන්ද්‍රියේ තුවාල ඇති වේ

  • කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

    කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

  • අපිරිසිඳු යට ඇඳුම් නිසා කාන්තාවගේ ලිංගේන්ද්‍රියේ තුවාල ඇති වේ

    අපිරිසිඳු යට ඇඳුම් නිසා කාන්තාවගේ ලිංගේන්ද්‍රියේ තුවාල ඇති වේ

  • කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

    කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it